ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 64 පාඩම 152 පි.-153 පි. 4 ¶
  • දානියෙල් සිංහ ගුහාවේ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දානියෙල් සිංහ ගුහාවේ
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • දානියෙල් සිංහ වළේ
    මගේ බයිබල් කතන්දර පොත
  • සිංහ කටෙන් ගැළවී!
    දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න!
  • දානියෙල් නොකඩවාම දෙවියන්වහන්සේට සේවය කළේය
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දාරියුස් යුක්තියේ හැඟීමකින් යුතු රජෙක්
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 64 පාඩම 152 පි.-153 පි. 4 ¶
නපුරු මිනිස්සු ජනේලය ළඟ යාච්ඤා කරමින් ඉන්න දානියෙල්ව අල්ලගනිමින්

64වෙනි පාඩම

දානියෙල් සිංහ ගුහාවේ

බැබිලෝනියේ රජ වෙලා හිටිය මේදීය ජාතික දාරියුස් දැනගෙන හිටියා දානියෙල් විශේෂ කෙනෙක් කියලා. ඒ නිසා රජ එයාව දේශයේ උසස් නිලධාරීන්ගේ නායකයා විදිහට පත් කළා. ඒ ගැන නිලධාරීන් හිටියේ ඊර්ෂ්‍යාවෙන්. දානියෙල් දවසට තුන් පාරක් යෙහෝවාට යාච්ඤා කරනවා කියලා දැනගෙන හිටිය එයාලා දාරියුස් ළඟට ගිහින් මෙහෙම කිව්වා. ‘රජතුමෙනි, ඔබ ඇරෙන්න වෙන කිසි කෙනෙක්ට යාච්ඤා කරන අයව සිංහ ගුහාවට දාන්න නීතියක් හදන්න අවසර දෙන්න කියලා අපි ඔබෙන් ඉල්ලනවා.’ රජත් ඒකට කැමති වෙලා ඒ නීතිය සඳහන් ලියවිල්ල අත්සන් කළා.

දානියෙල් ඒ ගැන දැනගත්තාම එයා වෙනදා වගේම ගෙදර ගිහින් ඇරලා තිබුණු ජනේලේ ළඟ ඉඳන් යෙහෝවාට යාච්ඤා කළා. උසස් නිලධාරීන් ඒක දැකලා රජට මෙහෙම කිව්වා. ‘රජතුමෙනි, දානියෙල් ඔබේ නීතිය කඩලා දවසට තුන් පාරක්ම එයාගේ දෙවියන්ට යාච්ඤා කරනවා.’ දාරියුස් දානියෙල්ව මරන්න කැමති වුණේ නැති නිසා එයාව බේරගන්න විදිහක් හෙව්වා. ඒත් රජ දාපු නීතියක් වෙනස් කරන්න රජටවත් අවසර තිබුණේ නැති නිසා එයාට සිද්ධ වුණා දානියෙල්ව සිංහ ගුහාවට දාන්න කියන්න.

එදා රෑ රජට නින්ද ගියෙත් නැහැ. එයා පහුවෙනිදා උදෙන්ම සිංහ ගුහාව ළඟට ගිහින් දානියෙල්ට කතා කරලා ඇහුවා ‘අනේ දානියෙල් ඔයාගේ දෙවියන් ඔයාව බේරගත්තාද’ කියලා.

එතකොටම දානියෙල් මෙහෙම කිව්වා. ‘යෙහෝවා දේවදූතයෙක්ව එවලා සිංහයන්ගේ කටවල් වැහුවා.’ දාරියුස් හුඟක් සතුටු වෙලා දානියෙල්ව ගුහාවෙන් එළියට ගන්න කියලා අණ කළා. දානියෙල්ට පොඩ්ඩක්වත් තුවාල වෙලා තිබුණේ නැහැ. ‘දානියෙල්ට චෝදනා කරපු අයව සිංහ ගුහාවට දාන්න’ කියලා රජ අණ කළා. එයාලව ගුහාවට දැම්මාම සිංහයෝ එයාලව කෑලි කෑලිවලට ඉරලා දැම්මා.

ඊටපස්සේ දාරියුස් මෙහෙම අණ කළා. ‘හැමෝම දානියෙල්ගේ දෙවියන් ගැන බයෙන් ඉන්න ඕනේ. ඔහු දානියෙල්ව සිංහයන්ගෙන් බේරගත්තා.’

දානියෙල් වගේ ඔයාත් හැමදාම යෙහෝවාට යාච්ඤා කරනවාද?

දානියෙල් සිංහ ගුහාවේ

“දෙවියන් ගැන භක්තියක් තියෙන අයව පීඩාවලින් ගලවගන්නේ කොහොමද කියලා යෙහෝවා දන්නවා.”—2 පේතෘස් 2:9

ප්‍රශ්න: දානියෙල් දවසකට තුන් පාරක් කළේ මොනවාද? යෙහෝවා දානියෙල්ව බේරගත්තේ කොහොමද?

දානියෙල් 6:1-28

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න