ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • th 1 පාඩම 4 පි.
  • හිතට කාවදින හැඳින්වීමක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හිතට කාවදින හැඳින්වීමක්
  • ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
  • සමාන තොරතුරු
  • බලපෑමෙන් යුත් හැදින්වීම්
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • උනන්දුව අවදි කරවන හැඳින්වීමක්
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • තොරතුරු ප්‍රයෝජනවත් වන විදිහ පෙන්වලා දෙන්න
    ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
th 1 පාඩම 4 පි.

1වෙනි පාඩම

හිතට කාවදින හැඳින්වීමක්

බයිබල් පදයක්

ක්‍රියා 17:22

සාරාංශය: ඔයාගේ හැඳින්වීමෙන් සවන් දෙන අයගේ හිතේ උනන්දුවක් ඇති කරන්න ඕනේ. විෂය හඳුන්වා දෙන්නත් ඒක ප්‍රයෝජනවත් වන විදිහ පෙන්වන්නත් ඕනේ.

ඒක කරන විදිහ:

  • උනන්දුවක් ඇති කරන්න. සවන් දෙන්නන්ගේ හිතේ උනන්දුවක් ඇති කරන ප්‍රශ්නයක්, අදහසක්, සැබෑ සිදුවීමක්, ප්‍රවෘත්තියක් තෝරාගන්න.

    අදාළ කරගන්න පුළුවන් විදිහක්

    සවන් දෙන අය උනන්දු වෙන්නේ මොන වගේ දේවල් ගැනද කියලා කලින්ම හොඳට හිතලා ඒකට ගැළපෙන විදිහට හැඳින්වීම හදාගන්න.

  • විෂය හඳුන්වා දෙන්න. කතා කරන්න යන විෂය සහ ඒ ගැන කතා කරන්නේ ඇයි කියන දේ ඔයාගේ හැඳින්වීමෙන් සවන් දෙන අයට තේරෙන්න ඕනේ.

  • විෂය වැදගත් ඇයි කියලා පෙන්වන්න. සවන් දෙන අයගේ අවශ්‍යතා ගැන හිතලා ඔයා කියන්න යන දේ ඒ අනුව සකස් කරගන්න. කතා කරන විෂය තමන්ට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලා සවන් දෙන අයට තේරෙන්න ඕනේ.

    අදාළ කරගන්න පුළුවන් විදිහක්

    දේශනයකට සූදානම් වෙද්දී ‘සභාවේ අය මුහුණ දෙන ප්‍රශ්න, අභියෝග මොනවාද’ කියලා හිතලා ඒවාට ගැළපෙන විදිහට හැඳින්වීම සකස් කරගන්න.

සේවයේදී

නිවැසියා කරන කියන දේවල් සහ වටපිටාව නිරීක්ෂණය කරලා එයා උනන්දු වෙන්නේ මොන වගේ දේවල් ගැනද කියලා තේරුම්ගන්න. එයා උනන්දු වන දෙයක් ගැන ප්‍රශ්නයක් අහලා එහෙම නැත්නම් යම් අදහසක් කියලා සාකච්ඡාව පටන්ගන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න