ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lmd 3 පාඩම
  • කාරුණික වෙන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කාරුණික වෙන්න
  • ගෝලයන් වෙන්න ආදරෙන් උදව් කරමු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යේසුස් කරපු දේ
  • යේසුස්ගෙන් ඉගෙනගන්නේ මොනවාද?
  • යේසුස්ව ආදර්ශයට ගන්න
  • අනිත් අය ගැන හිතන්න
    ගෝලයන් වෙන්න ආදරෙන් උදව් කරමු
  • කරුණාව පෙන්නලා හිත් ස්පර්ශ කරන්න!
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • අකරුණාවන්ත ලොවක කරුණාව පෙන්වීමට මහත් පරිශ්‍රමයක් දැරීම
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගේ ජනයා කරුණාවට ඇලුම් කළ යුතුයි
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
ගෝලයන් වෙන්න ආදරෙන් උදව් කරමු
lmd 3 පාඩම

කතාබහක් පටන්ගද්දී

යේසුස් අන්ධ කෙනාව කලබල කරන්නේ නැතුව එයාව සුව කරන්න එයා ළඟට යනවා.

යොහන් 9:1-7

3පාඩම

කාරුණික වෙන්න

ප්‍රතිපත්තිය: ‘ආදරේ තියෙන කෙනෙක් කරුණාවන්තව වැඩ කරනවා.’—1 කොරි. 13:4.

යේසුස් කරපු දේ

යේසුස් අන්ධ කෙනාව කලබල කරන්නේ නැතුව එයාව සුව කරන්න එයා ළඟට යනවා.

වීඩියෝ: ‘යේසුස් අන්ධ කෙනෙක්ව සුව කරයි’

1. වීඩියෝ එක බලන්න, නැත්නම් යොහන් 9:1-7 කියවන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න ගැන හිතන්න:

  1. අ. යේසුස් මුලින්ම කළේ අන්ධ කෙනාව සුව කරපු එකද, ශුභාරංචිය කියපු එකද?—යොහන් 9:35-38 බලන්න.

  2. ආ. යේසුස් ඒ කෙනාට සලකපු විදිහ ශුභාරංචිය පිළිගන්න එයාට උදව් වුණේ කොහොමද?

යේසුස්ගෙන් ඉගෙනගන්නේ මොනවාද?

2. අපිට කෙනෙක් ගැන අවංක සැලකිල්ලක් තියෙනවා කියලා ඒ කෙනාට දැනෙද්දී පණිවිඩය අහන්න එයා කැමති වෙයි.

යේසුස්ව ආදර්ශයට ගන්න

3. එයාගේ තත්වයට බහින්න. එයාට හැඟෙන්නේ කොහොමද කියලා තේරුම්ගන්න උත්සාහ කරන්න.

  1. අ. මේ ගැන හිතන්න. ‘එයා වධ වෙනවා ඇත්තේ මොනවා ගැනද? එයාට උදව් වෙන්නේ, එයාගේ හිතට දැනෙන්නේ මොන වගේ දෙයක් කිව්වොත්ද?’ එහෙම හිතද්දී එයාට කරුණාවෙන් සලකන්න ඔයා පෙලඹෙයි. ඔයාට එයා ගැන අවංක සැලකිල්ලක් තියෙනවා කියලත් එයාට දැනෙයි.

  2. ආ. එයාට දැනෙන විදිහ ගැන කියද්දී, එයාගේ ප්‍රශ්නයක් ගැන කියද්දී වෙන දෙයක් ගැන කතා කරන්න එපා. හොඳට ඇහුම්කන් දෙද්දී එයාගේ ප්‍රශ්නේ ගැන ඔයාත් හිතනවා කියලා එයාට තේරෙයි.

4. කාරුණිකව, ගෞරවනීයව කතා කරන්න. එයාගේ දුක ඔයාට දැනෙද්දී, එයාට උදව් කරන්න ආසාවක් ඇති වෙද්දී ඔයා කතා කරන විදිහෙන් ඒක එයාට තේරෙයි. දෙයක් කියන්න කලින් කියන දේ ගැන, ඒක කියන විදිහ ගැන හිතන්න. දුකක්, කේන්තියක් ඇති වෙන දේවල් කියන්න එපා.

5. එයාට උදව් කරන්න. උදව් කරන්න පුළුවන් පැති ගැන හිතන්න. එයාට කාරුණිකව උදව් කරද්දී හොඳ කතාබහක් පටන්ගන්න පුළුවන් වෙයි.

මේ පදත් බලන්න

රෝම 12:15, 16; ගලා. 6:10; හෙබ්‍රෙ. 13:16

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න