ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lmd 5 පාඩම
  • ඥානවන්ත වෙන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඥානවන්ත වෙන්න
  • ගෝලයන් වෙන්න ආදරෙන් උදව් කරමු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • පාවුල් කරපු දේ
  • පාවුල්ගෙන් ඉගෙනගන්නේ මොනවාද?
  • පාවුල්ව ආදර්ශයට ගන්න
  • ‘දෙවියන්ව හොයාගෙන ඔහුට ළං වෙන්න’
    දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු
  • නිහතමානී වෙන්න
    ගෝලයන් වෙන්න ආදරෙන් උදව් කරමු
  • සේවයේදී හම්බ වෙන අයව ඔයා දකින්නේ කොහොමද?
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ‘උගන්වන ආකාරය ගැන නිරතුරුවම සැලකිලිමත් වන්න’
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
ගෝලයන් වෙන්න ආදරෙන් උදව් කරමු
lmd 5 පාඩම

කතාබහක් පටන්ගද්දී

පාවුල් ඇතන්ස්වල අය එක්ක තර්කානුකූලව කතා කරනවා.

ක්‍රියා 17:22, 23

5පාඩම

ඥානවන්ත වෙන්න

ප්‍රතිපත්තිය: “හැම වෙලාවෙම කාරුණිකව කතා කරන්න.”—කොලො. 4:6.

පාවුල් කරපු දේ

පාවුල් ඇතන්ස්වල අය එක්ක තර්කානුකූලව කතා කරනවා.

වීඩියෝ: ‘පාවුල් ඇතන්ස්වල දේශනා කරයි’

1. වීඩියෝ එක බලන්න, නැත්නම් ක්‍රියා 17:22, 23 කියවන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න ගැන හිතන්න:

  1. අ. ඇතන්ස්වල බොරු දෙවිවරුන්ට කරන නමස්කාරය දැක්කාම පාවුල්ට දැනුණේ කොහොමද?—ක්‍රියා 17:16 බලන්න.

  2. ආ. එයාලා කරන දේ වැරදියි කියලා කියනවා වෙනුවට එයාලාගේ විශ්වාසයන් පාවිච්චි කරලා පාවුල් ඥානවන්තව ශුභාරංචිය කිව්වේ කොහොමද?

පාවුල්ගෙන් ඉගෙනගන්නේ මොනවාද?

2. අපි කියන්න යන දේ, ඒක කියන්න ඕනෙ කොහොමද, කොයි වෙලාවෙද කියලා හිතලා බැලුවොත් පණිවිඩේ අහන්න හුඟක් අය කැමති වෙයි.

පාවුල්ව ආදර්ශයට ගන්න

3. ගැළපෙන වචන පාවිච්චි කරන්න. උදාහරණෙකට ක්‍රිස්තියානි නොවන කෙනෙක් එක්ක කතා කරද්දී එකපාරටම යේසුස්, බයිබලය වගේ වචන පාවිච්චි කරන්නේ නැතුව ඒ ගැන වෙන විදිහකට හඳුන්වලා දෙන්න.

4. නිවැරදි කරන්න ඉක්මන් වෙන්න එපා. හිතේ තියෙන දේ නිදහසේ කියන්න එයාට ඉඩ දෙන්න. බයිබලයේ කියන දේට වඩා වෙනස් දෙයක් එයා කිව්වොත් වාද කරන්න එපා. (යාකො. 1:19) එයාට ඇහුම්කන් දුන්නොත් ඔයාට පුළුවන් වෙයි එයා හිතන විදිහ තේරුම්ගන්න.—හිතෝ. 20:5.

5. පුළුවන් වෙලාවලදී එකඟ වෙන්න, අගය කරන්න. එයා අවංකවම හිතනවා ඇති එයා විශ්වාස කරන දේවල් හරියි කියලා. මුලින්ම එකඟ වෙන්න පුළුවන් දේවල් ගැන කතා කරන්න. ඊටපස්සේ බයිබලයේ තියෙන දේවල් තේරුම්ගන්න එයාට ටිකෙන් ටික උදව් කරන්න.

මේ පදත් බලන්න

හිතෝ. 25:15; 2 තිමෝ. 2:23-26; 1 පේතෘ. 3:15

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න