ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lmd 8 පාඩම
  • ඉවසන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඉවසන්න
  • ගෝලයන් වෙන්න ආදරෙන් උදව් කරමු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යේසුස් කරපු දේ
  • යේසුස්ගෙන් ඉගෙනගන්නේ මොනවාද?
  • යේසුස්ව ආදර්ශයට ගන්න
  • දිගටම ඉවසන්න
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සේවයේ දක්ෂ වීමට - වීඩියෝවලින් උගන්වන්න
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යේසුස්ගේ ජීවිත පූජාවෙන් ප්‍රයෝජන ගන්න
    තවත් ලිපි
  • අනිත් අය ගැන හිතන්න
    ගෝලයන් වෙන්න ආදරෙන් උදව් කරමු
තව තොරතුරු
ගෝලයන් වෙන්න ආදරෙන් උදව් කරමු
lmd 8 පාඩම

ආයෙත් හම්බ වෙද්දී

යේසුස් වඩු මඩුවේ ඉන්න යාකොබ්ව හම්බ වෙන්න යනවා. යේසුස්ව දැකලා යාකොබ් පුදුම වෙනවා.

යොහන් 7:3-5; 1 කොරි. 15:3, 4, 7

8පාඩම

ඉවසන්න

ප්‍රතිපත්තිය: ‘ආදරේ තියෙන කෙනෙක් ඉවසීමෙන් වැඩ කරනවා.’—1 කොරි. 13:4.

යේසුස් කරපු දේ

යේසුස් වඩු මඩුවේ ඉන්න යාකොබ්ව හම්බ වෙන්න යනවා. යේසුස්ව දැකලා යාකොබ් පුදුම වෙනවා.

වීඩියෝ: ‘යේසුස් ඔහුගේ මල්ලිට ඉවසීමෙන් උදව් කරයි’

1. වීඩියෝ එක බලන්න, නැත්නම් යොහන් 7:3-5 සහ 1 කොරින්ති 15:3, 4, 7 කියවන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න ගැන හිතන්න:

  1. අ. යේසුස්ගේ මල්ලිලට මුලදී ශුභාරංචිය ගැන දැනුණේ කොහොමද?

  2. ආ. යේසුස් ඔහුගේ මල්ලි වුණ යාකොබ් ගැන බලාපොරොත්තු අත්හැරියේ නැහැ කියන්නේ ඇයි?

යේසුස්ගෙන් ඉගෙනගන්නේ මොනවාද?

2. සමහර අයට ශුභාරංචිය පිළිගන්න කාලයක් යනවා. ඒ නිසා අපි ඉවසන්න ඕනේ.

යේසුස්ව ආදර්ශයට ගන්න

3. වෙනස් ක්‍රම පාවිච්චි කරන්න. එයා මුලදී පාඩමක් කරන්න කැමති නැත්නම් බල කරන්න එපා. හොඳ වෙලාවක් බලලා බයිබල් පාඩමකදී වෙන දේ සහ ඒකෙන් ලැබෙන ප්‍රයෝජන ගැන තියෙන වීඩියෝ එකක්, ලිපියක් පෙන්නන්න.

4. සන්සන්දනය කරන්න එපා. හැමෝම එක වගේ නැහැ. පවුලේ කෙනෙක් හරි නැවත බලන්න යන කෙනෙක් හරි පාඩමක් කරන්න, බයිබලයෙන් පෙන්නපු දෙයක් පිළිගන්න අදිමදි කරන්න පුළුවන්. ඒ ඇයි කියලා තේරුම්ගන්න උත්සාහ කරන්න. එයා එහෙම කරන්නේ එයාගේ හිතට තදින්ම කාවැදිලා තියෙන ආගමික විශ්වාසයක් නිසාද? එයාගේ නෑදෑයන්, අසල්වැසියන් එයාට බලපෑම් කරන නිසාද? එයාට ඔයා කියපු දේවල් ගැන හිතන්න, බයිබල් ඉගැන්වීම් ගැන අගයක් ඇති කරගන්න කාලේ දෙන්න.

5. එයා ගැන යාච්ඤා කරන්න. බලාපොරොත්තු නැති කරගන්නේ නැතුව ඉන්නත් එයාගේ හිත දිනාගන්න පුළුවන් විදිහට කතා කරන්නත් යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න. එයා පාඩම් කරන්න ඇත්තටම කැමති නැද්ද කියලත් එයාව හම්බ වෙන්න යන එක නවත්තනවාද නැද්ද කියලත් තේරුම්ගන්න උදව් කරන්න කියලා යාච්ඤා කරන්න.—1 කොරි. 9:26.

මේ පදත් බලන්න

මාක් 4:26-28; 1 කොරි. 3:5-9; 2 පේතෘ. 3:9

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න