ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lmd 9 පාඩම
  • තේරුම්ගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • තේරුම්ගන්න
  • ගෝලයන් වෙන්න ආදරෙන් උදව් කරමු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යේසුස් කරපු දේ
  • යේසුස්ගෙන් ඉගෙනගන්නේ මොනවාද?
  • යේසුස්ව ආදර්ශයට ගන්න
  • සංවේදනය කරුණාවේ සහ දයානුකම්පාවේ මූලික රහසයි
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අවංක සැලකිල්ලක් පෙන්වන්න
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • දයානුකම්පාව පෙන්වන්න
    2020 පිබිදෙව්!
  • ඔහුගේ සිතට මහත් අනුකම්පාවක් දැනුණා
    “මගේ අනුගාමිකයෙක් වෙන්න”
තව තොරතුරු
ගෝලයන් වෙන්න ආදරෙන් උදව් කරමු
lmd 9 පාඩම

ආයෙත් හම්බ වෙද්දී

යේසුස් සහ ඔහුගේ ගෝලයෝ බෝට්ටුවෙන් බැහැලා එයාලා එන කල් වෙරළට වෙලා බලාගෙන ඉන්න සෙනඟ දිහාවට යනවා.

මාක් 6:30-34

9පාඩම

තේරුම්ගන්න

ප්‍රතිපත්තිය: “සතුටින් ඉන්න අයත් එක්ක සතුටු වෙන්න. දුකෙන් ඉන්න අයත් එක්ක අඬන්න.”—රෝම 12:15.

යේසුස් කරපු දේ

යේසුස් සහ ඔහුගේ ගෝලයෝ බෝට්ටුවෙන් බැහැලා එයාලා එන කල් වෙරළට වෙලා බලාගෙන ඉන්න සෙනඟ දිහාවට යනවා.

වීඩියෝ: ‘යේසුස්ට සෙනඟ ගැන අනුකම්පාවක් දැනුණා’

1. වීඩියෝ එක බලන්න, නැත්නම් මාක් 6:30-34 කියවන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න ගැන හිතන්න:

  1. අ. යේසුස් සහ ඔහුගේ නියෝජිතයන් “පාළු තැනකට” ගියේ ඇයි?

  2. ආ. සෙනඟට උගන්වන්න යේසුස් පෙලඹුණේ ඇයි?

යේසුස්ගෙන් ඉගෙනගන්නේ මොනවාද?

2. අපිට ඕනෙ පණිවිඩය කියන්න විතරක් නෙමෙයි, මිනිස්සු ගැන හිතලා එයාලට උදව් කරන්න. එයාලා ඉන්න තත්වය තේරුම්ගන්න උත්සාහ කරද්දී එයාලට උදව් කරන්න අපි පෙලඹෙනවා.

යේසුස්ව ආදර්ශයට ගන්න

3. හොඳින් ඇහුම්කන් දෙන්න. එයාගේ හිතේ තියෙන දේවල් කියන්න ඉඩ දෙන්න. එයාට හිතෙන විදිහ, එයාගේ ප්‍රශ්නයක් ගැන එහෙම නැත්නම් ඔයා කියපු දෙයක් පිළිගන්න බැහැ වගේ දේවල් එයා කියන්න පුළුවන්. එහෙම කියද්දී මැද්දට පැනලා කතා කරන්න එපා. එයා කියන දේ ගණන් ගන්නේ නැතුව ඉන්නත් එපා. හොඳට අහගෙන ඉද්දී ඔයා පෙන්නන්නේ එයා හිතන දේ ඔයාට වැදගත් කියලයි.

4. උනන්දුව පෙන්නන කෙනා ගැන හිතන්න. එයාත් එක්ක කතා කරපු දේවල් මතක් කරගෙන මෙහෙම හිතන්න.

  1. අ. ‘බයිබල් සත්‍යයන් එයා දැනගන්න ඕනෙමයි කියලා මට හිතෙන්නේ ඇයි?’

  2. ආ. ‘පාඩමක් පටන්ගන්න එක එයාගේ ජීවිතේට, අනාගතේට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?’

5. උදව් වෙන තොරතුරු පෙන්නන්න. පුළුවන් තරම් ඉක්මනට පාඩමක් පටන්ගන්න එකේ වැදගත්කම ගැන කියන්න. ඒක එයාගේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න උදව් වෙන විදිහයි, එයාගේ ජීවිතේට ප්‍රයෝජනවත් වෙන විදිහයි පෙන්නන්න.

මේ පදත් බලන්න

රෝම 10:13, 14; ෆිලි. 2:3, 4; 1 පේතෘ. 3:8

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න