ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g20 අංක 3 6-7 පි.
  • දයානුකම්පාව පෙන්වන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දයානුකම්පාව පෙන්වන්න
  • 2020 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ප්‍රශ්නය
  • බයිබල් ප්‍රතිපත්තිය
  • දයානුකම්පාව පෙන්වන එකෙන් ලැබෙන ප්‍රයෝජන
  • ඔයාට කරන්න පුළුවන් මොනවාද?
  • සංවේදනය කරුණාවේ සහ දයානුකම්පාවේ මූලික රහසයි
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අවංක සැලකිල්ලක් පෙන්වන්න
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • දෙවියන්ට ඔයාගේ දුක දැනෙනවාද?
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • පවුල් බැඳීම් සහ මිතුදම්
    2019 පිබිදෙව්!
තව තොරතුරු
2020 පිබිදෙව්!
g20 අංක 3 6-7 පි.
ප්ලේන් එකක කොකේසියානු ජාතිකයෙක් සහ සික් ජාතිකයෙක් එක ළඟ ඉඳගෙන ඉන්නවා. එයාලා එකිනෙකා එක්ක සතුටින් කතාබහ කරනවා.

දයානුකම්පාව පෙන්වන්න

ප්‍රශ්නය

අපි හැම තිස්සේම අනිත් අයව අපිත් එක්ක සංසන්දනය කරලා එයාලගේ වෙනස්කම්වලට අවධානය දෙන්න ගියොත් ඒ වෙනස්කම් එයාලගේ අඩුපාඩු නැත්නම් දුර්වලකම් කියලා දකින්න ඉඩ තියෙනවා. ඒ නිසා එයාලව පහත් කරලා සලකන්නත් අපි පෙලඹෙනවා. අපි නිතරම අනිත් අය ගැන ඒ විදිහට හිතුවොත් එයාලට දයානුකම්පාවෙන් සලකන්න අපිට අමාරුයි.

බයිබල් ප්‍රතිපත්තිය

“ප්‍රීති වන අයත් සමඟ ප්‍රීති වන්න. හඬන අයත් සමඟ හඬන්න.”—රෝම 12:15.

ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? සරලවම කිව්වොත් මේ බයිබල් පදයෙන් අපිට උගන්වන්නේ දයානුකම්පාව පෙන්වන්න කියලයි. දයානුකම්පාව කියන්නේ කෙනෙක් ඉන්න තත්වයට බැහැලා එයාට හැඟෙන, දැනෙන විදිහ තේරුම්ගන්න එකටයි.

දයානුකම්පාව පෙන්වන එකෙන් ලැබෙන ප්‍රයෝජන

අපි කෙනෙක්ට දයානුකම්පාවෙන් සලකද්දී එයායි, අපියි අතර කිසි වෙනසක් නැහැ කියලා අපි තේරුම්ගන්නවා. එතකොට යම් තත්වයකට මුහුණ දෙද්දී එයා වැඩ කරන්නේ අපි වැඩ කරන විදිහටමයි කියලත් එයාට දැනෙන්නේ අපිට දැනෙන විදිහටමයි කියලත් අපි තේරුම්ගන්නවා. දයානුකම්පාවෙන් සලකන එක අපිට උදව් වෙනවා කෙනෙක් ආපු පසුබිම මොකක් වුණත් අපි හැමෝම එක පවුලකට අයිතියි කියලා තේරුම්ගන්න. හුඟක් පැතිවලින් අනිත් අය අපිට සමානයි කියලා තේරුම්ගන්න තරමට එයාලව පහත් කරන හැඟීම්වලින් ගොඩ එන්න අපිට පුළුවන් වෙනවා.

කෙනෙක්ට දයානුකම්පාව පෙන්වද්දී එයාට ගෞරවයෙන් සලකන්න අපිට පුළුවන් වෙනවා. සෙනගාලේ ජීවත් වුණු ඈන්මරී සමාජයේ අය අඩු කුලයේ කියලා සලකපු මිනිසුන්ව කාලයක් තිස්සේම පහත් කරලා සලකපු කෙනෙක්. ඒ වගේ හැඟීම්වලින් ගොඩ එන්න දයානුකම්පාව පෙන්වන එක එයාට උදව් වුණු විදිහ ගැන එයා මෙහෙම කියනවා. “අඩු කුලයේ අයට විඳින්න වුණු දුක් කරදර දකිද්දී මං ඒ තත්වයේ හිටියා නම් මට කොහොම දැනෙයිද කියලා මං හිතුවා. එහෙම හිතපු එක මට උදව් වුණා මං එයාලට වඩා උසස් කියලා හිතන්න මට කිසිම හේතුවක් නෑ කියලා තේරුම්ගන්න.” අනිත් අය මුහුණ දෙන අමාරු තත්වයන් තේරුම්ගන්න අපි උත්සාහ කරනවා නම් එයාලව පහත් කරලා සලකන්නේ නැතුව දයානුකම්පාවෙන් සලකන්න අපිට පුළුවන් වෙනවා.

ඔයාට කරන්න පුළුවන් මොනවාද?

ඔයා යම් කණ්ඩායමක අයව පහත් කරලා සලකනවා නම් ඒ අයගෙයි, ඔයාගෙයි තියෙන සමානකම් දකින්න උත්සාහ කරන්න. උදාහරණයකට මේ දේවල් කරද්දී එයාලට හැඟෙන්නේ කොහොමද කියලා හිතන්න.

දයානුකම්පාවෙන් සලකන එක අපිට උදව් වෙනවා අපි හැමෝම එක පවුලකට අයිතියි කියලා තේරුම්ගන්න

  • පවුලේ අයත් එක්ක එකට කෑම වේලක් ගද්දී

  • මහන්සි වෙලා වැඩ කරපු දවසක් ඉවර වෙද්දී

  • යාළුවෝ එක්ක කාලය ගත කරද්දී

  • ආසම සින්දුවකට ඇහුම්කන් දෙද්දී

ඊළඟට එයාලගේ තත්වයේ ඔයා හිටියා නම් කියලා හිතලා මේ ප්‍රශ්න ගැන හොඳට කල්පනා කරලා බලන්න.

  • ‘මම වැඩකට නැති කෙනෙක් කියලා කවුරු හරි මට දැනෙන්න සැලැස්සුවොත් මං කොහොම වැඩ කරයිද?’

  • ‘මං මොන වගේ කෙනෙක්ද කියලා හරියට දැනගන්නත් කලින්, කෙනෙක් මං ගැන වැරදි විදිහට හිතනවා නම් මට කොහොම හැඟෙයිද?’

  • ‘මමත් මං පහත් කරලා සලකන කණ්ඩායමේ කෙනෙක් නම් මම කැමති අනිත් අය මට කොහොම සලකනවාටද?’

ඒ කොකේසියානු ජාතිකයා සහ සික් ජාතිකයා එයාලගේ පවුලේ අයගේ, එයාලා ආස ක්‍රීඩාවල, එයාලා කරන වැඩවල පින්තූර එකිනෙකාට පෙන්වනවා.

ජීවිත අද්දැකිමක්: රොබට් (සිංගප්පූරුව)

“මං ඉස්සර හිතුවේ බිහිරි අය බුද්ධියෙන් අඩු, ඕනෑවට වඩා සංවේදී, හරි අමුතු කට්ටියක් කියලා. ඒක නිසා මං පුළුවන් තරම් එයාලව මඟහැරියා. මං එහෙම කරන එකෙන් කාටවත් හානියක් වුණේ නැති නිසා මං හිතුවේ නෑ මං එයාලව පහත් කරලා සලකනවා කියලා.

“බිහිරි අය ගැන මට අනුකම්පාවක් ඇති වුණා. ඒක මට උදව් වුණා එයාලව පහත් කරලා සලකන එකෙන් ගොඩ එන්න. උදාහරණෙකට මං බිහිරි අය එක්ක කතා කරද්දී එයාලා හරි අමුතු විදිහට මං දිහා බලං හිටියා. ඉතිං මට හිතුණේ එයාලට කිසිම දෙයක් තේරුම්ගන්න බෑ කියලයි. ඒ නිසා මං උත්සාහ කළා කවුරු හරි කියන දෙයක් ඇහෙන්නේ නැති වුණොත් මට කොහොම දැනෙයිද කියලා හිතලා බලන්න. ඒ වගේ වෙලාවක අනිවාර්යයෙන්ම මාත් එයාලා දිහා අමුතු විදිහට බලාගෙන ඉඳියි. කවුරු හරි කියන දෙයක් මට හරියටම ඇහෙන්නේ නැත්නම් ‘මට ඔයා කියන දේ ඇහෙන්නේ නැති වුණත් ඒක තේරුම්ගන්න මට ඕනෙ’ කියලා මං මගේ මූණෙන් පෙන්නයි.

“මං බිහිරි කෙනෙක් වුණා නම් මට හැඟෙන්නේ දැනෙන්නේ කොහොමද කියලා හිතන එක උදව් වෙනවා අනිත් අය පහත් කරලා සලකන්නේ නැතුව ඉන්න.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න