සේවය හොඳින් කරන්න ඉගෙනගමු | සේවයේ සතුට තවත් වැඩි කරගන්න
අවංක සැලකිල්ලක් පෙන්වන්න
අපිට අනිත් අය ගැන අවංක සැලකිල්ලක් තියෙනවා නම් එයාලා හිතන විදිහ, එයාලට හැඟෙන විදිහ, එයාලගේ අවශ්‍යතාවන් තේරුම්ගන්නවා. අපි ඒ විදිහට කෙනෙක් ගැන සැලකිලිමත් වෙද්දී ඒක එයාට දැනෙනවා. ඒ වගේ සැලකිල්ලක් පෙන්නන්න අපි පෙලඹෙන්නේ එයාට උදව් කරන්න අපිට ආසාවක් තියෙනවා නම් විතරයි. සේවයේදී හම්බ වෙන අයට අපි ඒ වගේ සැලකිල්ලක් පෙන්නද්දී යෙහෝවා දෙවියන්ගේ ආදරය, සැලකිල්ල එයාලට දැනෙනවා. දෙවියන්ට ළං වෙන්නත් එයාලා පෙලඹෙනවා.—ෆිලි 2:4.
අවංක සැලකිල්ල මවාපාන්න බැහැ. අපි කෙනෙක්ට ඇහුම්කන් දෙන විදිහෙන්, කතා කරන විදිහෙන්, එයා ගැන හිතන විදිහෙන් සහ මුහුණේ ඉරියව්වලින් ඒක පේනවා. අපි කෙනෙක් ගැන අවංකවම උනන්දුයි නම් එයා කැමති දේවල්, එයාගේ විශ්වාසයන් සහ එයා මුහුණ දෙන දේවල් තේරුම්ගන්නවා. එයා වෙනස් කරගන්න ඕන දේවල් ගැන යෝජනා දීලා එයාට උදව් කරනවා. හැබැයි ඒ වෙනස්කම් කරන්න කියලා එයාට බල කරන්නේ නැහැ. ඒ විදිහට අපි දෙන උදව් එයා පිළිගද්දී සේවයෙන් අපිට ලැබෙන සතුට තවත් වැඩි වෙනවා.
‘යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න - තව දක්ෂ වෙන්න - අවංක සැලකිල්ලක් පෙන්වන්න’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
- ලිලී පරක්කු වුණාම නීටා එයාට සැලකිල්ල පෙන්නුවේ කොහොමද? 
- පාඩම කරන්න මහන්සියි කියලා ලිලී කිව්වාම නීටා එයා ගැන සැලකිල්ල පෙන්නුවේ කොහොමද? 
- අපි අනිත් අයට අවංක සැලකිල්ලක් පෙන්නද්දී එයාලා යෙහෝවා දෙවියන්ට ළං වෙනවා - ප්ලෑන් එකකට වැඩ කරන්න අමාරුයි කියලා ලිලී කිව්වාම නීටා එයා ගැන සැලකිල්ල පෙන්නුවේ කොහොමද?