මිනිස් ස්වභාවයට සිදුවී ඇත්තේ කුමක් ද?
“මෙම යුගයේ ළමා කුරිරුකම අප අත්දකින්නේ මන්ද? සත්ව හිංසාව අප අත්දකින්නේ මන් ද? අපරාධ අප අත්දකින්නේ මන්ද? . . . මිනිසුන් ත්රස්තවාදීන් බවට පත් වන්නේ මන්ද? මිනිසුන් මත්ද්‍රව්‍යවලට ගොදුරු වන්නේ මන්ද? . . . ඔබ ඕනෑ ම දෙයක් ගැන සලකා බලන විට, ශිෂ්ටාචාරයේ මුළු හරය පහත හෙළන එම මූලික න්‍යායන්වලට මිනිසුන් නැඹුරු වන්නේ මන්ද?”
එම ප්‍රශ්න මහත් හඬින් අසන ලද්දේ බ්‍රිතාන්‍ය අගමැතිණිය විසිනි. සමහර විට මෙවැනි ප්‍රශ්න ඔබ බොහෝ වර අසා තිබෙනවා විය හැක. සෑහීමකට පත්විය හැකි යම් පිළිතුරු ඔබ සොයා ගෙන තිබේ ද?
බ්‍රිතාන්‍ය අගමැතිණිය ඇගේ ප්‍රශ්න තත්ත්වානුරූපීව විස්තර කරමින් පැවසුවේ: “මගේ බලාපොරොත්තු, සිහින හා අභිලාෂයන් සහිතව මා දේශපාලනයේ නියැලී සිටි මගේ යෞවන අවදියේ දී මට සහ මගේ බෙහෝ සමකාලීනයන් හට පෙනී ගියේ අපට හොඳ නිවාස, හොඳ අධ්‍යාපනය, සාධාරණ ජීවන ස්ථාවරයක් තිබෙන යුගයක් ඇති කර ගතහොත්, එවිට සියල්ල නියමිත ලෙස තිබෙන බවත් අපට සාධාරණ හා වඩාත් පහසු අනාගතයක් ඇති විය යුතු බවත් ය. එය එසේ නොවන බව අපි දනිමු. මිනිස් ස්වභාවයේ නියම ගැටඵ වලට ඵරෙහිව අපි නැගී සිටිමු.”—ඇද අකුරු අපගේ ය.
මිනිස් ස්වභාවය “මූලික චරිත ස්වභාවයන්ගේ සහ මිනිස් ගතිලක්ෂණයන්හි සම්මිශ්‍රණය” ලෙස හඳුන්වනු ලැබිය හැක. විපරිතකාරී චරිත ස්වභාවයන් සහ ගතිලක්ෂණයන් පුද්ගලිකව, ජාතිකමයව, හෝ ජාත්‍යන්තර මට්ටමෙන් පවා ගැටළු ඇති කළ හැකි බවට ප්රත්යක්ෂ ය. නමුත් අපරාධවලට, ත්රස්තවාදයට, මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට, සහ එවැනි දේවලට අද දින තිබෙන නැඹුරුවාව ගැන මිනිස් ස්වභාවයට දොස් පැවරිය හැක්කේ කොතරම් දුරට ද?
“මුළු ශිෂ්ටාචාරය පහත හෙලීමට” තර්ජනය කරන තත්ත්වයන් හේතුවෙන්, මුළුමනින් ම මිනිස් ස්වභාවයට දොස් පැවරිය යුතු ද? නැතහොත්, මිනිසුන්ට අපේක්ෂා කළ හැකි උසස්, උදාර ඉලක්කයන් තිබිය දී, ඔවුන් පිළිකුල්, ආත්මාර්ථකාමී ක්‍රියාවන්ට පහසුවෙන් ම ඇදී යන්නේ මන්ද කියා විස්තර කිරීමේ දී සලකා බැලිය යුතු වෙනත් සාධකයන් තිබේ ද? w90 11/1