“යහපත් දේ කිරීම අත් නොහරින්න”
දෙවෙනි තෙසලෝනික පොතෙන් මූලික කරුණු
මකිදෝනිය නගරයක් වූ තෙසලෝනිකයේ විසූ ක්‍රිස්තියානින් කෙරෙහි ප්‍රේරිත පාවුල් දැක් වූ සැලකිල්ල, පො.යු. 51 දී පමණ ඔවුන් හට දෙවෙනි වරට ලිපියක් ලිවීමට ඔහුව පෙළඹවී ය. සභාවේ වූ සමහරෙක් වැරදි ලෙස පවසමින් සිටියේ, ක්‍රිස්තුස් වහන්සේගේ නැවත පැමිණ සිටීම ඉතා ආසන්න බවයි. සමහරවිට “යෙහෝවඃ වහන්සේගේ දවස” ළඟා වී ඇති බවට අඟවන්නේ යැයි පාවුල්ගෙන් ලැබුණු බවට වැරදි ලෙස වටහාගත් ලිපියක් ගෙනහැර පාමින් තිබුණා පවා විය හැක.—2 තෙසලෝනික 2:1, 2
එමනිසා සමහරක් තෙසලෝනිකවරුන්ගේ සිතිවිලි සකස් කිරීමට අවශ්‍ය ව තිබිණ. පාවුල් තම දෙවෙනි ලිපියෙහි ඔවුන්ගේ වර්ධනය වෙමින් තිබූ ඇදහිල්ල, වැඩිවෙමින් තිබුණා වූ ප්‍රේමය, සහ විශ්වාසවන්ත විඳදරාගැනීම ගැන ප්‍රශංසා කළේ ය. නමුත් යේසුස් වහන්සේගේ පැමිණ සිටීමට පෙර ධර්මභේද පැමිණෙන බව ද පාවුල් පෙන්වී ය. එම නිසා අසීරු කාලයන් ඉදිරියට තිබූ අතර, “යහපත් දේ කිරීම අත් නොහරින්න,” යන අවවාදයට කීකරු වීමට පාවුල්ගේ ලිපිය ඔවුනට උපකාරවත් වනු ඇත. (2 තෙසලෝනික 3:13) පාවුල්ගේ වචන එම ආකාරයෙන් ම අපට උපකාර කළ හැක.
ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව්වීම සහ පැමිණ සිටීම
පීඩාවන්ගෙන් සහනය ලැබීම පිළිබඳ ව පාවුල් පළමුවෙන් කථා කළේ ය. (1:1-12) මෙය සිදුවන්නේ “ස්වාමිවූ යේසුස් වහන්සේ තමන්ගේ පරාක්‍රමයේ දූතයන් සමඟ ස්වර්ගයෙන් එළිදරව් වීමත්” සමඟ ය. එවිට ශුභාරංචියට කීකරු නොවන්නන් මත සදාකාල විනාශය පැමිණෙනු ඇත. අප පීඩා කරන්නන් අතින් පීඩා ලබන විට මෙය මතක තබා ගැනීම සැනසිලිදායක ය.
ඊළඟට, යේසුස් වහන්සේගේ පැමිණ සිටීමට පෙර “නොපනත්කමේ මනුෂ්‍යයා” එළිදරව් වනු ඇතැයි පාවුල් ගෙන හැර පෑවේ ය. (2:1-17) “යෙහෝවඃ වහන්සේගේ දවස” එවිටමත් ඔවුන් මත පැමිණ ඇති බවට අඟවන යම් පණිවුඩයක් මඟින් ඔවුන් කැලඹීමට අවශ්‍ය නොවිණ. පළමුකොට, ධර්මභේද පැන නගින අතර “නොපනත්කමේ මනුෂ්‍යයා” එළිදරව් වනු ඇත. ඉන් පසු, සිය පැමිණ සිටීමේ ප්‍රකාශ වීමේ දී ඔහු ව කිසිත් නැති තත්ත්වයකට පත් කරනු ලබනවා ඇත. මේ අතරතුර, “සියලු යහපත් ක්‍රියාවල ද වචනවල ද ඔවුන් ස්ථීර කරන” ලෙසින් දෙවියන් වහන්සේ සහ ක්‍රිස්තුස් වහන්සේ ඔවුන්ගේ හෘදයන් හට සැනසිල්ල දානය කරන පිණිස පාවුල් යාච්ඤා කළේ ය.
පිළිවෙළක් නැති අය සමඟ කටයුතු කිරීම
තව දුරටත් පාවුල්ගේ වචන අතර, පිළිවෙළක් නැති පුද්ගලයන් සමඟ කටයුතු කිරීම ගැන උපදෙස් විය. (3:1-18) ස්වාමීන් වහන්සේ තෙසලෝනිකවරුන් ව ශක්තිමත් කර ඔවුන් ව දුෂ්ට සාතන් වන යක්ෂයාගෙන් වෙන් කොට තබන බවට ඔහු තම විශ්වාසය පළ කොට සිටියේ ය. නමුත් තමන් ම ආත්මික ව ප්‍රයෝජන ලැබීමට පියවර ගැනීමට ඔවුන්ට අවශ්‍ය විය. වැඩක් කිරීම ප්‍රතික්ෂේප කරමින් තමන්ට අනවශ්‍ය කාරණාවලට මැදි වෙමින් සිටි පිළිවෙළක් නැත්තවුන්ගෙන් ඔවුන් ඉවත් විය යුතු ව තිබිණ. “යමෙකුට වැඩ කරන්ට උවමනා නොවේ නම් ඔහු කෑම නොකා සිටීවා” යැයි පාවුල් පැවසී ය. එවැනි පුද්ගලයන් ලකුණු කළ යුතු ව තිබූ අතර සහෝදරයන් වශයෙන් ඔවුනට අවවාද කළ යුතු ව තිබුණ ද ඔවුන් සමඟ සමීප සමාගම් පැවැත්වීමක් නොවිය යුතු ව තිබුණි. ඇදහිලිවන්ත තෙසලෝනිකවරුන් යහපත් දෙය කිරීම අත් නොහැරිය යුතු, අතර ස්වාමි වූ යේසුස් වහන්සේගේ අපරිමිත කරුණාව ඔවුන් සමඟ වනු ඇතැයි පාවුල් ප්‍රාර්ථනා කළේ ය.
තෙසලෝනිකවරුනට ලියන ලද පාවුල්ගේ දෙවෙනි ලිපිය, ක්‍රිස්තුස් වහන්සේ සහ උන් වහන්සේගේ දේව දූතයන් ශුභාරංචියට කීකරු නොවන්නන්ට ප්‍රතිඵල ගෙන එන කල තම පීඩාවලින් සහනය ලැබෙන බවට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට ස්ථීර විශ්වාසයක් ලබා දෙයි. “නොපනත්කමේ මනුෂ්‍යයා” (ක්‍රිස්තියානි ලෝකයේ පූජක පංතිය) සහ සියලු බොරු ආගම් ඉතා ඉක්මනින් ම නිමාවකට පත් කරනු ලබන බව දැන ගැනීම ද ඇදහිල්ල ශක්තිමත් කරවන සුළු ය. මේ අතරතුර, යහපත කිරීම අත් නොහරින්න යන පාවුල්ගේ අවවාදය අපි සැලකිල්ලට ගනිමු. w91 1/15
යෙහෝවඃ වහන්සේගේ වචනය වේගයෙන් ඉදිරියට ඇදෙයි: “ඇත්තෙන් ම ඔබ අතරේ සිදුවුනාක් මෙන් යෙහෝවඃ වහන්සේගේ වචනය වේගයෙන් ඉදිරියට ඇදී යමින් [හෙවත්, “දිව යමින්”] තිබීම පිණිස අප උදෙසා යාච්ඤාවේ නියැලී සිටින්න.” යැයි පාවුල් ලීවේ ය. (2 තෙසලෝනික 3:1; NW හි කිංඩම් ඉන්ටලීනියර්) පාවුල් යොමු දක්වමින් සිටියේ ධාවනයක වේගයෙන් ඉදිරියට ඇදෙන ධාවකයෙකුට යැයි සමහරක් විශාරදයන් අදහස් පළ කොට තිබේ. මේ ගැන හරියට ම කිව නොහැකි අතර, ඔහු සහ ඔහුගේ සහයක සේවකයන් සත්‍යතාවේ වචනය හදිසිතාවයකින් යුක්ත ව සහ කිසි බාධාවකින් තොර ව පතළ කරනු පිණිස යාච්ඤා කරන මෙන් පාවුල් තෙසලෝනික ක්රිස්තියානින්ගෙන් ඉල්ලා සිටියේ ය. දෙවියන් වහන්සේ එවැනි යාච්ඤාවන්ට පිළිතුරු දෙන නිසා, මෙම අන්තිම දවස්වල දී හදිසිතාවයකින් යුක්ත ව ශුභාරංචිය දේශනා කරනු ලැබීමත් සමඟ ම උන් වහන්සේගේ වචනය “වේගයෙන් ඉදිරියට ඇදී යයි.” යෙහෝවඃ වහන්සේගේ වචනය පිළිගත් තෙසලෝනිකයන් අතර සිටි අයට “ගැලවීම පිණිස එය දෙවියන් වහන්සේගේ බලයව” තිබුණාක් මෙන් එය ඇදහිලිවන්තයන් අතර “මහිමවත් කරනු ලබයි.” (රෝම 1:16; 1 තෙසලෝනික 2:13) දෙවියන් වහන්සේ රාජ්‍යය ප්‍රචාරකයින්ට ආශිර්වාද කිරීම ගැනත්, උන් වහන්සේගේ නමස්කාරකයන්ගේ කණ්ඩායම් වේගයෙන් වැඩි කිරීම ගැනත් අප කොතරම් සතුටු විය යුතු ද!—යෙසායා 60:22.