පාඨකයන්ගෙන් ප්‍රශ්න
◼ මතෙව් 10:21හි, සභාවේ සිටින බොහෝ සහෝදරයන් ඔවුන්ගේ ආත්මික සහෝදරයන්ට එරෙහි ව නැඟී සිටින බවක් යේසුස් වහන්සේ අපට අනතුරු අඟවමින් සිටි සේක් ද?
නැත, යේසුස් වහන්සේගේ අනතුරු ඇඟවීමේ මූලික කරුණ එය නොවන අතර, එහි මෙසේ කියවීමට තිබේ: “තවද සහෝදරයා සහෝදරයාද පියා තමාගේ දරුවාද මරණයට පාවාදෙන්නෝය. දරුවෝද මවුපියන්ට විරුද්ධව නැගිට ඔවුන් මරණයට පත්කරවන්නෝය.”—මතෙව් 10:21.
යේසුස් වහන්සේ සිය ප්‍රේරිතයන් 12ට මෙය පැවසුවේ ඔවුන් ව ඊශ්‍රායෙලයේ දේශනා චාරිකාවක යවන විට දී බව මෙහි පාඨ සම්බන්ධයන් පෙන්නුම් කරයි. උන් වහන්සේ පැවසූ දෙයෙහි බොහොමයක් මූලික ව අරුත් ගැන්වූයේ ප්‍රේරිතයන් උදෙසා ය. නිදසුනක් වශයෙන්, ප්‍රාතිහාර්යමය සුව කිරීම්වලට ද, යකුන් දුරු කිරීමට ද එමෙන් ම නැවත නැගිටුවීමට ද පවා ඔවුන් හට බලය දානය කරනු ලැබූ බව උන් වහන්සේ පැවසූ සේක. (මතෙව් 10:1, 8; 11:1) යේසුස් වහන්සේ මෙහි දී අමතමින් සිටියේ එක් නියත සබයක්—එනම් සිය ප්‍රේරිතයන් යන කරුණ තහවුරු කරමින් ඉතිහාසය ඔප්පු කරන්නේ, එවන් ප්‍රාතිහාර්යමය බලයන් සියලු ක්‍රිස්තියානින් නොලද බවයි.
එහෙත්, යේසුස් වහන්සේ පැවසූ දෙයෙහි සමහරක් දේවල් ප්‍රේරිතයන්ගේ දේශනා චාරිකාවෙන් ඔබ්බට සැබවින් ම විහිදී ගියේ ය. උන් වහන්සේ ඔවුන්ට මෙසේ පැවසූ සේක: “මනුෂ්‍යයන්ගෙන් ප්‍රවේසම්වෙයල්ලා. . . . ඔවුන්ටද අන්‍ය ජාතීන්ටද සාක්ෂියක් පිණිස නුඹලා මා නිසා ආණ්ඩුකාරයන්ද රජුන්ද ඉදිරියට ගෙනයනු ලබනවා ඇත.” (මතෙව් 10:17, 18) එම චාරිකාවේ දී, පෙනෙන හැටියට 12 දෙනා විරුද්ධවාදිකම්වලට මුහුණ දුන් නමුත්, “අන්‍ය ජාතීන්ට” සාක්ෂියක් දීම සඳහා ඔවුන් ව “ආණ්ඩුකාරයන්ද රජුන්ද” ඉදිරියට ගෙන යනු ලැබූ බවට සාක්ෂියක් නැත.a පසු වර්ෂවල දී, 1වෙනි සහ 2වෙනි හෙරෝද් අග්‍රිපා රජුන් ද, සාර්ගියස් පාවුලස්, ගලියෝ සහ නීරෝ අධිරාජ්‍යයා ඉදිරියේ ද පවා ප්‍රේරිතයෝ පෙනී සිටියහ. (ක්‍රියා 12:1, 2; 13:6, 7; 18:12; 25:8-12, 21; 26:1-3) මෙබැවින් යේසුස් වහන්සේගේ වචනවල යම් අදාළ වීමක් පසුවට තිබිණි.
අනතුරු ඇඟවීමක් සමඟ යේසුස් වහන්සේ තව දුරටත් මෙසේ අවවාද කළ සේක: “තවද සහෝදරයා සහෝදරයා . . . මරණයට පාවාදෙන්නෝය.” ඊළඟට උන් වහන්සේ 21වෙනි පදයේ දී “පියා තමාගේ දරුවාද මරණයට පාවාදෙන්නේය. දරුවෝද මවුපියන්ට විරුද්ධව නැගිට ඔවුන් මරණයට පත්කරවන්නෝය” යනුවෙන් පවසන විට ආත්මික පියවරුන් හෝ දරුවන් ගැන අදහස් නොකළාක් මෙන් උන් වහන්සේ මෙහි දී ද යොමු දක්වමින් සිටියේ ආත්මික සහෝදරයන් ගැන නොවේ. යේසුස් වහන්සේ අදහස් කළේ නෑදෑයන්ගෙන් පවා වෛරය හෝ විරුද්ධවාදිකම් අපේක්ෂා කිරීමට ප්‍රේරිතයන්ට සිදු වන බවයි.—මතෙව් 10:35, 36.
එම දේශනා සංචාරයේ දී ප්‍රේරිතයන්ට විඳදරා ගැනීම අවශ්‍ය වනු ඇත. යේසුස් වහන්සේ තව දුරටත් මෙසේ ප්‍රකාශ කළ සේක: “නුඹලා මාගේ නාමය නිසා සියල්ලන් විසින් වෛරකරනු ලබන්නහුය. නුමුත් අන්තිම දක්වා ස්ථිරව සිටින්නාම ගැළවෙන්නේය.”—මතෙව් 10:22.
යේසුස් වහන්සේ එම අවස්ථාවේ දී පැවසූ සමහරක් දේවල් අද දින යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් වශයෙන් අපට යම් වැදගත්කමකින් යුක්ත ය. අපගේ දේශනාවේ දී අප අවධාරණය කරන දෙය නම් රාජ්‍යයයි. අප අපගේ දේව සේවය අය කිරීමකින් තොරව කරන අතර, පණිවුඩය ගැන උනන්දුව දක්වන අය නැතහොත් එය ලැබීමට වටිනා අය ව අපි සොයා යන්නෙමු. සුපරික්ෂාකාරී වීම යෝග්‍ය ය. විරුද්ධවාදීන් බොහෝ ය. සමහර අවස්ථාවල දී නෑදෑයෝ, අසල්වාසිහු, හෝ එකට සේවය කරන අය විශේෂයෙන් සත්‍ය ක්‍රිස්තියානි මාර්ගය ලුහු බැඳීමට පටන් ගන්නා අවංක අය හට අසීරු ගැටලු ඇති කරති. යේසුස් වහන්සේ සිය පැමිණ සිටීමේ “ලකුණ” ගැන විස්තර කරද්දී, එවන් විරුද්ධවාදිකම් ගැන අනතුරු ඇඟවූ සේක. (මතෙව් 24:3, 9, 10; ලූක් 21:16, 17) ‘අන්තිමය දක්වා ස්ථීර ව සිටීම’ සඳහා අප හට ඇති අවශ්‍යතාවය ගැන ද උන් වහන්සේ යළි සඳහන් කළ සේක. එසේ ය, අපගේ වත්මන් ජීවිතයේ අවසානය දක්වා හෝ මේ දේවල පිළිවෙලේ අවසානය දක්වා විඳදරා ගැනීම අපට අවශ්‍ය ය, තව ද නව ලෝකයට ඇතුල් වීමට අපට හැක්කේ එවිට ය.—මතෙව් 24:13. w91 5/15
[පාදසටහන්වල]
a වෙනත් පරිවර්තනවල මෙය ගෙන හැර දක්වා ඇත්තේ “මිථ්‍යා දෘෂ්ටීන්” (ද ජෙරුසලෙම් බයිබල්), “අන්‍ය ජාතින්” (මොෆට් සහ ලැම්සා විසින් පළ කරන ලද අනුවාද හා න ඉන්ටනැෂනල් වර්ෂන්), සහ “ම්ලේච්ඡයන්” (ද න ඉංග්ලිෂ් බයිබල්) ලෙසින් ය.