පාඨකයන්ගෙන් ප්‍රශ්න
▪ ක්‍රිස්තියානි ස්ත්‍රියක ආභරණ හෝ රූප ලාවණ්‍ය කරන ද්‍රව්‍ය භාවිතා කිරීම, ඇගේ හිසකෙස්වලට සායම් දැමීම හෝ එයාකාර පුරුදු අනුගමනය කිරීම සුදුසු ද?
අතීතයේ සහ අපගේ දවසේ, බයිබලය අනුගමනය කරනවා යයි කියා සිටින සමහරු අලංකරණය සම්බන්ධයෙන්, දැඩි නමුත් අතීශයින් වෙනස් වූ මතයන් ඇති කරගෙන ඇත.a
සමහර සභාවන්වලට අයත් ස්ත්‍රීන් රූප ලාවණ්‍යය කිරීමේ ද්‍රව්‍ය භාවිතා කිරීම සහ ආභරණ පැළඳීමෙන් මුළුමනින් ම වැළකී සිටිති. නිදසුනක් වශයෙන්, ද ඒමිෂ් පීපල් යන පොත වාර්තා කරන්නේ “ඔවුන් තම ශාරීරික පෙනුම මත තහනම් පමුණුවන්නේ ලෞකික පෙනුම කෙරෙහි උනන්දුමය සැලකිල්ලක් ඇති ඕනෑ ම සාමාජිකයෙක් තර්ජනයකට ලක් වෙයි යනුවෙන් හැඟෙන නිසයි, මන්ද, එම සැලකිල්ල ශාරීරික වෙනුවට ආත්මික කාරණා මත යොමු කළ යුතු බව ඔවුන්ට හැඟෙන නිසයි. සමහරු . . . ශුද්ධ ලියවිලි පද උපුටා දක්වති.”
උපුටා දක්වන ලද ලියවිල්ල වූයේ 1 සාමුවෙල් 16:7යි: “නමුත් ස්වාමීන් [යෙහෝවඃ NW] වහන්සේ සාමුවෙල්ට කථාකොට: ‘ඔහුගේ පෙනීම දෙසවත් ශරීරයේ උස දෙසවත් නොබලන්න . . . මනුෂ්‍ය තෙමේ පිටාතර පෙනීම බලන්නේය, නුමුත් ස්වාමීන්වහන්සේ සිත [හෟදය] බලන සේක.’ ” කෙසේ වෙතත්, එම පාඨය යොමු දැක්වූයේ දාවිත්ගේ සහෝදරයා වූ එලියාබ්ගේ උසටයි. දාවිත් හෝ ඔහුගේ සහෝදරයන් තම හිසකෙස් අලංකරණය කළ බව ගැනවත් හෝ අලංකරණය සඳහා තමන්ගේ වස්ත්‍රවල යම් දේවල් භාවිතා කළ බව ගැනවත් දෙවියන් වහන්සේ අදහස් ඉදිරිපත් කරමින් නොසිටි බව මෙම පාඨ සම්බන්ධයෙන් පැහැදිලි වෙයි.—උත්පත්ති 38:18; 2 සාමුවෙල් 14:25, 26; ලූක් 15:22.
ක්‍රිස්තියානීන් කිසි ම රූප ලාවණ්‍යය කිරීමේ ද්‍රව්‍ය හෝ ආභරණ භාවිතා නොකරමින්, වෙන් කළ හැකි අන්දමකින් සරළ විය යුතු යයි කියා සිටින සමහරු, ආධාර පතන්නේ වැරදි ලෙස අදාළ කරගත් ශුද්ධ ලියවිලි පදවලින් යයි මෙයින් පැහැදිලි වෙයි. ඇත්ත වශයෙන් ම බයිබලයේ අලංකරණය සම්බන්ධයෙන් විස්තරාත්මක පැහැදිළි කිරීමක් සපයා නැත; ඒ අතර ම එය සමහර රූප ලාවණ්‍යය කිරීමේ ද්‍රව්‍යවල භාවිතය පිළිගන්නා අතර වෙනත් ඒවා තහනම් කරන්නේ ද නැත. එය දෙන්නේ සාධාරණ මගපෙන්වීම් පමණකි. අප මේවා හා ඒවා අද දින අදාළ කරගත හැක්කේ කෙසේදැයි සළකා බලමු.
ප්‍රේරිත පාවුල් දේවානුභාවය ලත් මෙම උපදේශය ඉදිරිපත් කළේ ය: “එසේම ස්ත්‍රීන් ලජ්ජාවෙන් සහ විනීත භාවයෙන් යුක්තව, ඔබින වස්ත්‍ර ඇඳ, ඉසකේ ගෙතීමෙන්වත් රනින්වත් මුතුවලින්වත් අනර්ග වස්ත්‍රවලින්වත් නොව . . . යහපත් ක්‍රියාවලින් සැරසෙනවාට කැමැත්තෙමි.” (1 තිමෝති 2:9) පේතෘස් ද ඒයාකාරයෙන් ම ලීවේ ය: “නුඹලාගේ අලංකාරවීම හිසකේ ගෙතීමද ස්වර්ණාභරණ පැළඳීමද නොහොත් වස්ත්‍ර හැඳීමද යන පිටත අලංකාරය නොව, දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඉතා අනර්ගව තිබෙන මෘදුවූ නිශ්චලවූ ගතියක් නමැති දිරා නොයන සැරසීමෙන් යුක්ත වූ සිතේ ඇතුල් මනුෂ්‍යයා වේවා.”—1 පේතෘස් 3:3, 4.
එහි “අලංකාරවීම,” සහ “ඔබින” යන වදන්වල ග්‍රීක පරිවර්තනය කොස්මොස්හි රූපයක් වන අතර මෙය “කොස්මටික්” (අංග රාගය) යන වචනයේ මූලය වේ; එහි අර්ථය වනුයේ “විශේෂයෙන් පැහැය අලංකාර කිරීම,” යන්නයි. එබැවින් එම පාඨයන් අංග රාගය හෝ රූප ලාවණ්‍යය කිරීමේ ද්‍රව්‍ය, ආභරණ, හා ස්ත්‍රී අලංකරණයේ වෙනත් පාර්ශ්වයන් භාවිතා කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට අපට උපකාර කරයි.
ක්‍රිස්තියානීන් තම හිසකෙස් ගෙතීම, මුතු හා රන් ආභරණ පැළඳීම, හෝ, ඊටත් වැඩියෙන් අංග රාගයන් භාවිතා කිරීමෙන් වැළකී සිටිය යුතු යයි පාවුල් හා පේතෘස් අදහස් කළා ද? නැත. ඔවුන්ගේ අදහස වූයේ එය යයි කියා සිටීම ක්‍රිස්තියානි සහෝදරියන් ‘පිට කබාය සළු ඇඳීමේන්’ වැළකී සිටීම අවශ්‍ය කරවයි. එසේ වූවද, පේතෘස් නැවත නැගිටෙවූ දොර්කස්, ප්‍රිය වූ පුද්ගලයෙකු වූයේ ඇය අනිත් සහෝදරියන්ට ‘පිට කබායන්’ සෑදූ හෙයිනි. (ක්‍රියා 9:39) එබැවින් 2 තිමෝති 2:9 සහ 1 පේතෘස් 3:3, 4හි සහෝදරීන් කොණ්ඩය ගෙතීම, මුතු, හෝ වස්ත්‍ර පැළඳීම වැන්නෙන් වැළකී සිටිය යුතු යයි අදහස් කරන්නේ නැත. ඒ වෙනුවට, ස්ත්‍රී අලංකරණයේ විනීත භාවයේ හා සිහියෙන් යුක්ත ව සිටීමේ අවශ්‍යතාවය ගැන පාවුල් අවධාරණය කළේ ය. පේතෘස් පෙන්නුම් කළේ, ස්ත්‍රීන් භාහිර පෙනුම හෝ රූපාලංකාරය කෙරෙහි අවධානය යොමු කිරීමට වඩා, ඇදහිල්ලේ නොසිටින තමන්ගේ පුරුෂයන් ව ඇදහිල්ලට දිනා ගැනීම සඳහා තමන්ගේ ඇතුළාන්ත ස්වභාවය ගැන වැඩි අවධානයක් යොමු කිරීම අවශ්‍ය බවයි.
පුද්ගලයෙකුගේ පෙනුම වැඩි දියුණු කිරීමට හෝ වඩා ලස්සන කිරීමට වූ සියලු ම උත්සාහයන් බයිබලය තහනම් කරන්නේ නැත. දෙවියන් වහන්සේගේ සේවකයන් වූ, පුරුෂයන් හා එමෙන් ම ස්ත්‍රීන්, ආභරණ භාවිතා කළහ. (උත්පත්ති 41:42; නික්මයෑම 32:2, 3; දානියෙල් 5:29) තෛල, සුවඳ විලවුන්, හා සම්බාහන ආදියෙන් සමන්විත වූ රූපාලංකාර කිරීම සඳහා යම් කාලයක් ගත කිරීමට ඇදහිලිවන්ත එස්තර් එකඟ වූවා ය. (එස්තර් 2:7, 12, 15; දානියෙල් 1:3-8 සසඳන්න.) දෙවියන් වහන්සේ සංකේතාත්මක අන්දමකින් වළලු, මාලයක්, හා නාසාලංකාරයක් හා කුණ්ඩලාභරණ සමඟින් ඉශ්‍රායලය සැරසූ බව කී සේක. එවැනි දේවල් ඇය ‘අතිශයින් අලංකාර වීම සඳහා දායක විය.’—එසකියෙල් 16:11-13.
කෙසේ වෙතත්, එසකියෙල්හි ඇති විස්තරයෙහි, අප පෙනුම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට විරුද්ධ ව පාඩමක් ඇත. දෙවියන් වහන්සේ මෙසේ පැවසූ සේක: “නුමුත් නුඹේ ශෝභණකම කෙරේ නුඹ විශ්වාසකොට, නුඹේ කීර්තිය නිසා වේශ්‍යාකම්කරමින්, ළඟින් යන එකිනෙකාටම නුඹේ වේශ්‍යාකම් වැගිරෙවුවෙහිය.” (එසකියෙල් 16:15; යෙසායා 3:16, 19) එබැවින් පසුව පාවුල් සහ පේතෘස් භාහිර අලංකාරයට අතිශයින් අවධාණය යොමු නොකිරීම සම්බන්ධයෙන් දුන් උපදේශයේ ප්‍රඥාව එසකියෙල් 16:11-15 හුවා දක්වයි. ස්ත්‍රියක් තමා ව ආභරණවලින් අලංකාර කිරීමට තෝරාගත් නම් ප්‍රමාණය හා සැකැස්ම නිහතමානීකම හා සමඟ ගැළපිය යුතු ය. ප්‍රමාණයට ඉක්මවා යෑම හෝ බොරු ප්‍රදර්ශණය සඳහා, අධික දීප්තිමත් නොගැළපෙන වර්ණ නොවිය යුතු ය.—යාකොබ් 2:2.
තොල් පාට කිරීම, කම්මුල් පාට කිරීම, හෝ අංජන වැනි අංග රාගයන් ක්‍රිස්තියානි ස්ත්‍රියක් භාවිතා කිරීම සම්බන්ධයෙන් කුමක් කිව හැකි ද? ඉශ්‍රායලයේ හා එහි අවට ප්‍රදේශවල පුරාවිද්‍යාඥයින් රූපලාවන්‍ය කිරීමේ ද්‍රව්‍ය දැමූ භාජන මෙන් ම උපකරණ හා කණ්නාඩි ද සොයාගෙන ඇත. එසේ ය, පැරණි ප්‍රාචීනයේ ස්ත්‍රීන් අද දින නිෂ්පාදනයන්හි මූලාරම්භය වූ රූප ලාවණ්‍යය කිරීමේ ද්‍රව්‍ය භාවිතා කළහ. යෝබ්ගේ දියණියගේ නම වන කෙරෙන්-හප්පූක් යන්නෙහි අර්ථය වන්නට ඇත්තේ “කළු අංජන (තීන්ත) බඳුන,” නැතහොත් ඇස් අලංකරණය සඳහා භාජනය ය.—යෝබ් 42:13-15.
ඉශ්‍රායලයේ අංග රාගය වර්ග සමහරක් භාවිතා වූ නමුත්, සීමාව ඉක්මවීමේ භයානකත්වය බයිබල් ආදර්ශ මගින් පැහැදිලි වෙයි. ඉශ්‍රායලයේ රැජින වී අවුරුදු කිහිපයකට පසු යෙසබෙල් ‘ඇගේ ඇස්වල කළු තීන්ත ගා හිස අලංකාර අයුරින් සරසා’ ගත්තා ය. (2 රාජාවලිය 9:30) පසුව ඉශ්‍රායලය මිථ්‍යා දෘෂ්ටික ජාතීන්ගේ අශික්ෂිත අවධානය සෙවූ අන්දම විස්තර කිරීමේ දී, ඇය ‘ස්වර්ණාභරණවලින් සැරසී, ඇස්වල කළු තීන්ත ගෑමෙන් ඇස් ලොකුවට පෙන්වීමට අලංකාර වූ’ බව දෙවියන් වහන්සේ පැවසූ සේක. (යෙරෙමියා 4:30; එසකියෙල් 23:40) එම පද හෝ වෙනත් ඕනෑම පද පුද්ගලයෙකුගේ පෙනුම වඩා අලංකාර කිරීම සඳහා කෘතීම දේවල් භාවිතා කිරීම වැරදි යයි පවසන්නේ නැත. එසේ නමුත්, යෙසබෙල්ගේ කථාවෙන් පැහැදිලි වන්නේ, ඇය ඇගේ නෙත් වටා එතරම් අධික ලෙස කඵ තීන්ත දැමුවා ද කියතොත්, එය ඈතින් ම, මාලිගාවෙන් පිට සිටි ජේහු විසින් පවා, දැකීමට හැකි විය. ඉන් ලැබෙන පාඩම කුමක් ද? අධික ලෙසත් ඕනෑවට වඩා වැඩියෙන් රූප ලාවණ්‍යය කිරීමේ ද්‍රව්‍ය භාවිතා නොකරන්න.b
ඇත්ත වශයෙන් ම, ආභරණ හෝ රූප ලාවන්‍ය කිරීමේ ද්‍රව්‍ය භාවිතා කරන ඕනෑම ස්ත්‍රියක් ඇගේ ක්‍රම හා ප්‍රමාණ යෝග්‍ය නොවන බව කියන්නේ නැත. කෙසේ වෙතත්, අවිශ්වාසය හෝ දක්ෂ අන්දමින් පාලනය කරනු ලබන ප්‍රචාරය නිසා, ස්ත්‍රියක් අධික ලෙස රූප ලාවණ්‍යය කිරීමේ ද්‍රව්‍ය භාවිතා කිරීමට වැටිය හැකි යයි තර්ක කළ හැක. ප්‍රතිඵලයක් වශයෙන් ලැබෙන පෙනුම සමඟ ඈ එතරම් පුරුදු ව සිටින නිසා එය බොහෝ ක්‍රිස්තියානී ස්ත්‍රීන්ගේ “විනීතභාවය හා සිහි කල්පනාව” ට විරුද්ධ වන බව වටහා ගැනීමට ඇය අසමත් වෙයි.—යාකොබ් 1:23, 24 බලන්න.
එක් එක්කෙනාගේ තේරීම වෙනස් බව සැබෑවකි; සමහර ස්ත්‍රීන් රූප ලාවණ්‍යය වර්ග හා ආභරණ ස්වල්පයක් හෝ කිසිවක් හෝ භාවිතා නොකරන අතර, තවත් සමහරු අධික ප්‍රමාණයක් භාවිතා කරති. එබැවින් රූප ලාවණ්‍යය හෝ ආභරණවල විවිධ ප්‍රමාණයන් භාවිතා කරන අය ව විනිශ්චය කිරීම ප්‍රඥාවන්ත දෙයක් නොවේ. තවත් හේතුවක් නම් පොදු සිරිත් විරිත් ය. සමහර මෝස්තර තවත් රටක පිළිගනු ලබන නිසා (හෝ පුරාතන කාලයේ සාමාන්‍ය භාවිතයක් වූ නිසා) ඒවා අද භාවිතා කිරීම සුදුසු යයි අඟවන්නේ නැත.
ප්‍රඥාවන්ත ක්‍රිස්තියානී ස්ත්‍රියක් කලින් කලට ඇගේ අලංකරණය සළකා බලා අවංක ව තමාගෙන් ම මෙසේ අසයි: ‘මගේ ප්‍රදේශයේ සිටින බොහෝ ක්‍රිස්තියානීන්ට වඩා මා සාමාන්‍යයෙන් අධික (හෝ කැපීපෙනෙන) ආභරණ හෝ රූප ලාවණ්‍යය කිරීමේ ද්‍රව්‍ය භාවිතා කරම් ද? තමන්ගේ ම ශරීරයට ප්‍රිය කරන, අනුන් හා එක් ව ගැවසීමට ලැඳි අය, හෝ ආඩම්බර චිත්‍ර පටි තාරකාවෝ මෙන්, මා මගේ ජීවිතය සකස් කරනවා ද; නැතහොත්, මා මූලික වශයෙන් 1 තිමෝති 2:9 හා 1 පේතෘස් 3:3, 4හි ඇති උපදෙස් මගින් මගපෙන්වනු ලබනවා ද; එසේ ය, මගේ අලංකරණය සැබවින් ම විනීත ද, අනුන්ගේ ආකල්ප හා හැඟීම්වලට අව්‍යාජ ගෞරවයක් දක්වන්නෙමි ද?—හිතෝපදේශ 31:30.
ක්‍රිස්තියානි පුරුෂයන් සිටින ස්ත්‍රීන්ට ඔවුන්ගෙන් අදහස් හා උපදෙස් විමසිය හැකි ය. තවද, එය අවංක ව ඉල්ලන විට, අනෙකුත් සහෝදරියන්ගෙන් ද උපකාරාත්මක උපදෙස් ලබා ගත හැකි ය. නමුත් ඔබට සමාන තේරීමක් ඇති මිතුරියෙකුගෙන් උපකාරය පැතීම වෙනුවට, ඔවුන්ගේ සමබරතාවය හා ප්‍රඥාව පිණිස ගරු කරනු ලබන වැඩිමහලු සහෝදරියන් සමඟ කථා කිරීම වඩාත් සුදුසු විය හැකි ය. (1 රාජාවලිය 12:6-8 සසඳන්න.) ගරු කළ හැකි වැඩිමහලු ස්ත්‍රීන් “දෙවියන් වහන්සේගේ වචනයට අපහාස නොපැමිණෙන පිණිස . . . යෞවන ස්ත්‍රීන් . . . සිහියෙන් යුක්ත ව, පිරිසිදු ව සිටින්ට පුරුදුකර යුතු ය,” යයි බයිබලය පවසයි. (තීතස් 2:2-5) ඇගේ විනීත නොවූ ආභරණ හෝ රූප ලාවණ්‍යය කිරීමේ ද්‍රව්‍යවල භාවිතය නිසා, දේව වචනය හෝ උන් වහන්සේගේ සෙනඟට ‘අපහාස පැමිණෙනවාට’ කිසි ම මේරූ ක්‍රිස්තියානියෙක් කැමති වන්නේ නැත.
තාමාර් සම්බන්ධයෙන් වූ බයිබල් විස්තරය ස්ත්‍රියකුගේ අලංකරණය ඇය ව වර්ග කළ හැකි බවත්, එය බලවත් පණිවිඩයක් දෙන බවත් පෙන්නුම් කරයි. (උත්පත්ති 38:14, 15) ක්‍රිස්තියානී ස්ත්‍රියකුගේ කොණ්ඩා මෝස්තරය හා හිසකෙස්වල පැහැය (සායම් යොදා ඇත් නම්) හෝ ඇගේ ආභරණ හෝ රූප ලාවණ්‍යය ද්‍රව්‍යයන්ගේ භාවිතය දෙන පණිවිඩය කුමක් ද? එය: මෙය පවිත්‍ර, විනීත, හා සමබර දේව සේවකයෙකි යන්න ද?
ක්‍රිස්තියානීන් ව ක්ෂේත්‍ර සේවයේ දකින, හෝ අපගේ රැස්වීම්වලට පැමිණෙන යමෙකුට, සතුටුදායක අන්දමකින් සිත ඇදී යා යුතු ය. බොහෝ විට නිරීක්ෂකයන්ට එසේ වන්නේ ය. ඔවුන් එක් අතකට, අශෝභන යයි ද, අනික් අතට, අධික ලෙස සැරසී සිටිනවා හෝ අලංකරනය කර සිටින බව පිටස්තර කෙනෙකු නිගමනය කිරීමට බොහෝ ක්‍රිස්තියානි සිත්‍රීන් ඉඩ නොදෙන අතර; ඒ වෙනුවට ඔවුන් තමන් ව අලංකරණය කරන්නේ “දේවභක්ති නාමය දරන ස්ත්‍රීන්ට සුදුසුලෙස” ය.—1 තිමෝති 2:10. w91 1/15
[පාදසටහන්වල]
a “තම සමට ඹෟෂධ වර්ග ආලේප කරන, කම්මුල් පාට කරන, [කළු] අඤ්ජන ගෑමෙන් තම නෙත් කැපී පෙනීමට සලසන” ස්ත්‍රීන් “උන් වහන්සේට විරුද්ධ ව පව් කරන බව, ක්‍රි.ව. තුන්වන ශතවර්ෂයේ දී ටර්ටූලියන් කියා සිටියේ ය. තව ද තමන්ගේ හිසකෙස්වලට සායම් යොදන අය ව ද ඔහු විවේචනය කළේ ය. මතෙව් 5:36, යේසුස් වහන්සේගේ වදන් වැරදි ලෙස අදාළ කරමින් ටර්ටූලියන් මෙසේ චෝදනා කළේ ය: “ඔවුන් ස්වාමීන් වහන්සේ ව ප්‍රතික්ෂේප කරති! ‘බලන්න!’ සුදු හෝ කළු වෙනුවට අප [අපගේ හිසකෙස්] කහ කරමු’ යයි ඔවුන් කියති.” ඔහු තව දුරටත් මෙසේ සඳහන් කළේය: “තමන් මහළු යයි ලැජ්ජා වී තම සුදු හිසකෙස් කළු කිරීමට වෑයම් කරන, අය පවා ඔබට හමු විය හැක.” එය ටර්ටූලියන්ගේ පුද්ගලික මතය විය. නමුත් ඔහු තොරතුරු වැරදි ලෙස කියමින් සිටියේ ය, මන්ද, මුළු තර්කය ම පදනම් වූයේ, මිනිස් වර්ගයාගේ සදාතනික ශාපයට හේතුව ස්ත්‍රීන් නිසා, ඔවුන් ඒව මෙන්, ‘මුල් පාපයේ නින්දිත කම නිසා ශෝකයෙන් හා පසුතැවිල්ලෙන් හැසිරිය’ යුතු ය යන ඔහුගේ ආකල්පය මතයි. බයිබලය එවැනි කිසිවක් නොකියයි; මිනිස් වර්ගයාගේ පව්කාර කම සඳහා ආදම් වගකිව යුතු යයි දෙවියන් වහන්සේ නියම කළ සේක.—රෝම 5:12-14; 1 තිමෝති 2:13, 14.
b බොහෝ කලකට පෙර රූපවාහිනී දේවගැතිවරයෙකුගේ අපචාරය එක්සත් ජනපදයේ ප්‍රවෘත්ති මාධ්‍යය මගින් ප්‍රසිද්ධ කරනු ලැබූ අතර ඔහුගේ භාර්යාව ද ඒයාකාර අවධානය ම ඇදගත්තා ය. ප්‍රවෘත්ති වාර්තාවන්ට අනුව, ඇය හැදී වැඩුනේ “රූප ලාවන්‍ය කිරීම හා චිත්‍රපටි” යන දෙක ම පව්කාර දේවල් යයි විශ්වාස කරමින් වුවත්, පසුව ඇය, ඇගේ ආකල්පය වෙනස් කර අධික ලෙස “කෙටූ ප්‍රතිමාවක් මෙන් පෙනීමට තරම් ඝන ව රූප ලාවන්‍ය කිරීමේ ද්‍රව්‍ය” භාවිතා කළ තැනැත්තියක වූවා ය.
මැද පෙරදිගින් පුරාණ වස්තු සොයා ගැනීම්:ඇත් දත් අංග රාග පෙට්ටියක්, කණ්නාඩියක්, හා රන් මාල හා ආභරණ.
තුනම: Pictorial Archive (Near Eastern History) Est.