ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w91 12/1 3 පි.
  • නව ලෝක ක්‍රමයක් සොයා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නව ලෝක ක්‍රමයක් සොයා
  • 1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • කරදරවලින් නිදහස් සෙවිල්ලක් නොවේ
  • ලෝක සාමය ක්ෂිතිජයේ පෙනෙන්නට තිබේ ද?
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නව ලොවක් අත ළඟ මය!
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යුද්ධයෙන් තොර ලොවක් ඇති විය හැකිද?
    1996 පිබිදෙව්!
  • අලුත් ලොවක් අපට අවශ්‍ය ය
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w91 12/1 3 පි.

නව ලෝක ක්‍රමයක් සොයා

“අප යන්නා වූ ස්ථානයට, අප විසින් ම මවනු ලබන මෙම නව ලොවට, අපව මගපෙන්වීමට සිතියම් නොමැත. දශක නවයක යුද්ධ, ආරවුල්, සැකසහිතභාවය, දෙස ලෝකය හැරී බලන විට, අප—අලුත් ශතවර්ෂයක් සහ සාමයේ, නිදහසේ හා සමෘද්ධියේ නව දහස් වර්ෂයක් ඕනෑකමින් බලාපොරොත්තු වෙමු.”

එක්සත් ජනපදයේ ජනාධිපති ජෝර්ජ් බුෂ් 1990 ජනවාරි 1වන දින එසේ ප්‍රකාශ කළේ ය. එයාකාර පණිවුඩයක, සෝවියට් ජනාධිපති මිකායෙල් ගොර්බචොව් 1990 ගණන්වල “ලෝකයෙන් බය හා අවිශ්වාසය, අනවශ්‍ය ආයුධ, යල්පැනපු දේශපාලන සංකල්පයන් හා යුද්ධ සම්බන්ධ මත, එමෙන් ම මනුෂ්‍යයන් හා රාජ්‍යයන් අතර තිබූ කෘත්‍රිම බාධක” වැනි දෑ තුරන් කිරීම සඳහා සහයෝගය දීමට යෝජනා ඉදිරිපත් කළේ ය. මෙසේ ජපානයේ 1990 ජනවාරි 3 වන දින මයින්නිචි ඩේලි න්‍යූස් වාර්තා කළේ ය.

නිසැක ව ම, බලාපොරොත්තු ඉහළ නගිමින් තිබිණ. වසරකට පමණ පසුවත් තත්ත්වය එසේ ම විය. 1991, ජනවාරි 29, ද ස්ටේට් ඔෆ් ද යූනියන් නැමැති පණිවුඩයෙහි, පර්සියානු ගල්ෆ් හි යුද්ධය ගැන සඳහන් කරමින් ජනාධිපති බුෂ් මෙසේ පැවසුවේ ය: “අනතුරට ලක් වී ඇත්තේ එක් කුඩා රටකට [කුවේට්] වඩා අධික දෙයකි, එය ලොකු අභිප්‍රායකි—පොදු හේතුවක් සඳහා විවිධ රටවල් එක්රැස් කරනු ලැබ මනුෂ්‍යවර්ගයාගේ සර්වලෝක අපේක්ෂාවන්: සාමය හා සුරක්ෂිතභාවය, නිදහස හා නීතියේ පාලනය—ඉෂ්ට කරගැනීම සඳහා නව ලෝක ක්‍රමයකි.”

කරදරවලින් නිදහස් සෙවිල්ලක් නොවේ

නව ලෝක ක්‍රමයක් සඳහා වූ මනුෂ්‍යයාගේ සෙවිල්ලෙහි ඔහුට බාධා කරන ගැටලු බොහෝමයක් තිබේ. අවිසටන් නිසැක ව ම බාධාවකි. ඉරාකයේ හා කුවේට් හි, ඒ කාලයේ සිදු වූ යුද්ධ සම්බන්ධයෙන් පවසමින්, 1991, ජනවාරි 28 දින ටයිම් සඟරාව මෙසේ ප්‍රකාශ කළේ ය: “බෝම්බ වැටී මිසයිල එල්ල කරනු ලබද්දී, නව ලෝකයක් සඳහා වූ බලාපොරොත්තු, හුරුපුරුදු අවුල් තත්ත්වයකට හරවනු ලැබී ය.” එම සඟරාව තවදුරටත් මෙසේ පැවසුවේ ය: “බොහෝ සේ අවශ්‍ය කරවන නව ලෝක ක්‍රමය, නියම ස්ථානයේ පවතින බවට හෝ ආසන්න බවට හෝ කවරෙකුවත් රැවටිල්ලට නොවැටිය යුතු ය.

ජාත්‍යන්තර සහයෝගය කවදාකවත් ලැබී නැත, තව ද මෙය නව ලෝක ක්‍රමයක් ඇති කිරීම සඳහා වූ මනුෂ්‍යයාගේ වෑයම් වළක්වයි. ද වර්ල්ඩ් ඇන්ඩ් අයි (1991 ජනවාරි) යන ප්‍රකාශනයේ ඉදිරිපත් වූ වාර්තාවක, “සුපිරිබලවතුන්ගේ මතුවන විදේශීය ප්‍රතිපත්ති සහ නව ලෝක ක්‍රමය කෙරෙහි ඒවායේ විය හැකි බලපෑම” විශාරදයන් විසින් සෝදිසි කරන ලදි. එහි සම්පාදක මෙසේ නිගමනය කළේ ය: “හොඳ ම කාලවල දී පවා යුද්ධයත් සාමයත් අතර මායිම බිඳෙන සුලු එකක් බව ඉතිහාසය ඉඟි දක්වයි. විශේෂයෙන් ප්‍රධාන බලවතුන් අතර, ජාත්‍යන්තර සහයෝගය, ශීත යුද්ධය සිට නව ලෝක ක්‍රමයකට සාර්ථක ව මාරුවීම කෙරෙහි තීරණාත්මක ව බලපායි.”

බොහෝ දෙනෙක් දසුන් මවන නව ලෝක ක්‍රමයට පරිසර ගැටලු ද බාධාවක් වේ. වර්ෂ 1991 ස්ටේට් ඔෆ් ද වර්ල්ඩ් හි, (වර්ල්ඩ්වොච් ආයතනයේ වාර්තාවක්) ලෙස්ටර් ආර්. බ්‍රවුන් මෙසේ පැවසුවේ ය: “නව ක්‍රමය කෙසේ වන්නේ දැයි කිසිවෙකුටවත් ස්ථිරයෙන් ම කිව නොහැකි ය. නමුත්, ඊළඟ පරම්පරාව සඳහා අපි මතු බලාපොරොත්තු සහිත අනාගතයක් හැඩගසන්නට යෙදෙමු නම්, ග්‍රහයාගේ පරිසරමය පහත වැටීම වෙනස් කිරීම සඳහා අවශ්‍ය වන අති මහත් වෑයම, දශක ගණනාවකට ලෝක වැඩ කටයුතු කෙරෙහි ප්‍රමුඛ ව බලපානු ඇත.” වාතය දූෂණය වීම නිසා, “නගර සිය ගණනක සෞඛ්‍යය හානිකර තත්ත්වයකට පත් කර තිබූ අතර, රටවල් ගණනාවක වගාව විනාශකරන තත්ත්වයකට පත් ව තිබූ” බව වාර්තාව සඳහන් කරයි. එහි තව දුරටත් මෙසේ සඳහන් විය: “ග්‍රහලෝකයේ වෙසෙන මනුෂ්‍යයන්ගේ සංඛ්‍යාව වැඩිවනවාත් සමඟ ම, ශාක හා සත්ත්ව විශේෂනවල සංඛ්‍යාව පහළ බසියි. වාසස්ථාන විනාශ වීම හා පරිසර දූෂණය පොලොවේ වාසය කරන්නා වූ ජීවීන්ගේ විවිධත්වය අඩු වීමට හේතු වේ. ඉහළ නගින උෂ්ණත්වය සහ ඕසෝන් තට්ටුව තුනී වීම, මේ විනාශයට තවත් යමක් එකතු කළ හැකි ය.”

එසේ නම්, පැහැදිලි ව ම, නව ලෝක ක්‍රමයක් සඳහා වූ මනුෂ්‍යයාගේ සෙවිල්ල ගැටලුවලින් ගහණය ය. සෙවිල්ල සාර්ථක වනු ඇත් ද? නව ලොවක් අත ළඟයි කියා කිව හැකි ද? එය එසේ නම්, එය ගෙන එනු ලබන්නේ කෙසේ ද? w91 7/15

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න