ආගම අවශ්‍ය ම ද?
ආගම ඔබට වැදගත් ද? සමහරවිට, ඔබ, ආගමික කණ්ඩායමක හෝ පල්ලියක සාමාජිකයෙක් ව සිටින්නෙහි ද? එසේ නම්, ජර්මානු දර්ශනවාදී කාල් මාර්ක්ස්: “ආගම . . . ජනයාගේ අබිං ය.” යනුවෙන් ලියූ, අතීතයේ 1844 වසරේ ජීවත් වූ ජනයාට පොදු වූ බොහෝ දෑ ඔබට ඇත. ඒ කාලයේ සෑම කෙනෙක් ම පාහේ පල්ලිවලට ගිය අතර ආගම සමාජයේ සෑම මට්ටමක් කෙරෙහි ම දැඩි බලපෑමක් ඇති කළේ ය. අද දින, එය ප්‍රබල ලෙස වෙනස් වී ඇති අතර, ආගම මිනිසුන් මිලියන සිය ගණනකගේ ජීවිත කෙරෙහි බලපෑමක් ඇති කරන්නේ ඉතා මඳ වශයෙනි, නොඑසේනම් එවැන්නක් කිසිත් නොකරයි. ඔබ පල්ලියට යන්නෙහි නම්, ඔබ බොහෝ දුරට ඔබගේ ප්‍රදේශයේ සුළුතරයකට අයත් කෙනෙකි.
එම වෙනස ඇති කළේ කුමක් ද? එක් දෙයක් නම්, කාල් මාර්ක්ස් දැඩි බලපෑම් ඇති කළා වූ ආගම් විරෝධී දර්ශනයක් ඇති කිරීම ය. පෙනෙන හැටියට ආගම මනුෂ්‍යයාගේ දියුණුවට බාධාවක් යයි මාර්ක්ස් කල්පනා කළේ ය. දෙවියන් වහන්සේට හෝ සම්ප්‍රදායික ආගම්වලට කිසි ඉඩක් නොතැබූ දර්ශනයක් වූ, ද්‍රව්‍යවාදයෙන් මනුෂ්‍ය වර්ගයාගේ අවශ්‍යතා සපුරාලිය හැකි බව ඔහු තරයේ කියා සිටියේ ය. “මනුෂ්‍යයාගේ සතුට සඳහා ප්‍රධානතම අවශ්‍යතාව ආගම් නැති කිරීම” යයි පැවසීමට මෙය ඔහු හට මඟ පෑදී ය.
ද්‍රව්‍ය වාදය පිළිබඳ මාක්ස්ගේ දර්ශනය, ජර්මන් සමාජවාදියෙක් වන ෆ්රයිඩ්රීක් එන්ගල්ස් හා රුසියානු කොමියුනිස්ට් නායක ව්ලඩිමෙයර් ලෙනින් විසින් තවදුරටත් වර්ධනය කරනු ලැබිණි. එය මාක්ස්වාදී-ලෙනින් වාදය ලෙස හඳුන්වන්නට යෙදිණ. මෑතක් වන තුරු, මනුෂ්‍ය වර්ගයාගෙන් තුනෙන් කොටසකට වැඩි සංඛ්‍යාවක් බොහෝ දුරට නොඑසේනම් යම් තරමකට මෙම අදේවවාදී දර්ශනය අනුගමනය කළා වූ දේශපාලන ආණ්ඩු යටතේ ජීවත් විය. පුරුෂයින් මෙන් ම ස්ත්‍රීන් බොහෝ දෙනෙක් තවදුරටත් එසේ ජීවත් වෙමින් ද සිටිති.
ලෞකිකත්වයේ වර්ධනය
එහෙත් ආගම මනුෂ්‍ය වර්ගයා කෙරෙහි තැබූ ග්‍රහණය දුර්වල කළේ, කොමියුනිස්ට්වාදී දර්ශනයේ ව්‍යාප්තිය පමණක් නොවේ. විද්‍යා ක්ෂේත්‍රයේ දියුණුවීම් ද යම් වැඩ කොටසක් ඉටු කළේ ය. උදාහරණයක් වශයෙන්, පරිණාම වාදය ජනප්‍රිය කරවීම බොහෝ දෙනෙකු විසින් මැවුම්කරුවෙකුගේ පැවැත්ම ප්‍රශ්න කිරීමට තුඩු දුන්නේ ය. එමෙන් ම තවත් සාධක තිබිණ.
“කලින් ආශ්චර්යවත් හේතු සාධකයන්ට ආරූඪ කරන ලද ස්වභාවික හෝ අද්භූත සිද්ධීන් සඳහා විද්‍යාත්මක පැහැදිලි කිරීම් සොයා ගැනීමත්,” එසේ “වෛද්‍ය විද්‍යාව, අධ්‍යාපනය හා කලාව වැනි ක්ෂේත්‍රවලින් සංවිධානාත්මක ආගම්වල බලපෑම් ඉවත් කිරීමත්” එන්සයික්ලෝපීඩියා බ්‍රිටැනිකා සඳහන් කරයි. මෙවන් වැඩි දියුණු කිරීම් ලෞකික වාදයේ වර්ධනය සඳහා මඟ පෙන්වා ඇත. ලෞකික වාදය යනු කුමක් ද? එය වනාහි “ආගම හා ආගමික අතින් සලකා බැලීම් නොසලකා හැරිය යුතු ය නැතහොත් වුවමනාවෙන් ම ඉවත් කළ යුතු ය යන තර්කාංගය මත පදනම් . . . ජීවිතය පිළිබඳ දෘෂ්ටියක්” ලෙස අර්ථ දක්වා ඇත. ලෞකික වාදය කොමියුනිස්ට්වාදී හා කොමියුනිස්ට්වාදී නොවන රටවල බලපෑම් ඇති කරයි.
එහෙත් ආගමේ බලපෑම දුර්වල කළේ ලෞකික වාදය හා මාක්ස්වාදී-ලෙනින් වාදය පමණක් නොවේ. ක්‍රිස්තියානි ලෝකයේ පල්ලි ද මෙයට සමසේ වගකිව යුතු ය. ඒ මන්ද? ඊට හේතුව ශතවර්ෂ ගණනාවකට ඔවුන් සිය ආධිපත්‍යය වැරදි ලෙස පාවිච්චි කොට තිබීම ය. එසේ ම ඔවුන් බයිබලය වෙනුවට ශුද්ධ ලියවිලිමය නොවන සම්ප්‍රදායන් හා මනුෂ්‍ය දර්ශනයන් මත පදනම් මූල ධර්මයන් උගන්වා තිබුණි. එබැවින්, ඔවුන්ගේ රැළට අයත් බොහෝ දෙනෙක් ලෞකික වාදයේ ආක්‍රමණයට එරෙහි ව නැගී සිටීමට ආත්මික වශයෙන් පමණට වැඩියෙන් දුර්වල ව සිටියහ.
වැඩිදුරටත්, අවසානයේ පල්ලි ම බොහෝ දුරට ලෞකිකත්වයට යටත් විණි. දහනව වන ශතවර්ෂයේ දී, ක්‍රිස්තියානි ලෝකයේ ආගමික විශාරදයෝ, බොහෝ දෙනෙකුට, දේවානුභාවය ලත් වචනය ලෙස බයිබලයේ විශ්වාසනීයත්වය විනාශ කළා වූ, යම් ආකාරයක ඉතා ඉහළ පරිමාණයේ විවේචනයක් ඉදිරිපත් කළෝ ය. රෝමානු කතෝලික පල්ලිය ද ඇතුළු ව, පල්ලි, පරිණාම වාදය පිළිගත්තේ ය. එසේ ය, ඔවුහු තවදුරටත් මැවීම ගැන විශ්වාස කරන බව කියා සිටිති. එහෙත් දෙවියන් වහන්සේ විසින් ආත්මය පමණක් මවන ලද මුත්, මිනිස් ශරීරය පරිණාමය වන්නට ඉඩ ඇතැයි ඔවුහු කියා සිටිති. වර්ෂ 1960 ගණන් වල, රෙපරමාදු ආගම “දෙවියන් වහන්සේගේ මරණය” ප්‍රකාශ කළා වූ දේව ධර්මයක් ඉදිරිපත් කළේ ය. රෙපරමාදු පූජකයන් බොහෝ දෙනෙක් ද්‍රව්‍යවාදී ජීවිත රටාවකට ඉඩ හැරියෝ ය. ඔවුහු පූර්ව විවාහ ලිංගික සම්බන්ධකම් හා සමලිංගික සේවනයට පවා ඉඩ හැරියෝ ය. ඇතැම් කතෝලික දේවධර්මාචාර්යවරු කතෝලික ආගම විප්ලවකාරී මාක්ස් වාදය සමඟ මිශ්‍ර කරමින්, විමුක්ති දේව ධර්ම වාදය වැඩෙන්නට සැලැස්වූහ.
ලෞකික වාදයේ පසුබැසීම
මෙසේ, ලෞකික වාදය නිශ්චිතාකාරයෙන් වර්ෂ 1960 ගණන්වල පටන් වර්ෂ 1970 ගණන්වල මැද භාගය දක්වා පමණ විශේෂාකාර බලපෑම් ඇති කරන්නට විය. අනතුරුව දේවල් යළිත් වෙනස් විය. ආගම, බොහෝ දුරට ඒවා ප්‍රධාන පෙළේ පල්ලි නොවූව ද, යළි ඉදිරියට ඒමට වෑයමක් දරන බව පෙණින. ලෝවටා ම 1970 අග භාගයේ දී මෙන් ම 1980 ගණන්වල අලුත් ආගමික කණ්ඩායම්වල වැඩි වීමක් අත්දකිනු ලැබී ය.
ආගමේ පුනර්ජීවනය ඇති වී තිබෙන්නේ මන්ද? ප්‍රංශ ජාතික සමාජ විද්‍යාඥ ජයිල්ස් කෙපල් මෙසේ සඳහන් කළේ ය: “ලෞකික ව උගත් ගිහියෝ . . . ලෞකික සංස්කෘතිය තමන් ව නිෂ්ඵල ගමනාන්තයකට ගෙන ගොස් ඇති බවත්, දෙවියන් වහන්සේගෙන් වූ සිය විමුක්තිය ස්ථිර ලෙස ප්‍රකාශ කිරීමෙන්, මිනිසුන් තමන්ගේ උඩඟුකමෙන් හා අහංකාරත්වයෙන් වපුරා ඇති දෙය, එනම්, අපචාරී හැසිරීම, දික්කසාදය, ඒඩ්ස්, මත් ද්‍රව්‍ය අනිසි භාවිතය, හා සිය දිවි නසා ගැනීම නෙළමින් සිටින බවත් තරයේ කියා සිටිත්.”
මෑතකාලීන මාක්ස්වාදී-ලෙනින් වාදයේ පෙනෙන්නට ඇති බිඳවැටීමත් සමඟ ම ලෞකික වාදයේ පසුබැසීම නව වේග ශක්තියක් ලබා ඇත. බොහෝ දෙනෙකු හට මෙම අදේවවාදී දර්ශනය සැබෑ ආගමක් බවට පත් වී තිබුණි. එසේ නම්, ඒ කෙරෙහි සිය විශ්වාසය තබන්නා වූ අයගේ ව්‍යාකූලත්වය ගැන කල්පනා කර බලන්න! කොමියුනිස්ට් පාක්ෂික ජ්‍යේෂ්ඨ පාසලක හිටපු පාඨශාලා අධ්‍යක්ෂකවරයෙක් පවසන ලද දෙයක් මොස්කව් නුවරින් නිකුත් කරන ලද පුවතක වොෂිංටන් පෝස්ට් හි උපුටා දක්වනු ලැබූයේ මෙසේ ය: “රටක් ජීවත් වනුයේ එහි ආර්ථිකය හා ආයතන මත පමණක් නොව, නමුත් එහි දේව කථා ශාස්ත්‍රය හා ආදි පියවරුන් මතත් ය. තමන්ගේ ශ්‍රේෂ්ඨතම දේව කථා සත්‍යය මත නොව නමුත් කට කථා හා ප්‍රචාර හා මනඃකල්පිත විකාර මත පදනම් ව ඇති බව සොයා ගැනීම ඕනෑ ම සමාජයකට ව්‍යසනකාරී දෙයකි. එහෙත් දැන් අප ලෙනින් හා විප්ලවය සම්බන්ධ සිද්ධියෙන් අත්දකිනුයේ එයයි.”
කොමියුනිස්ට්වාදී හා ධනවාදී ලෝකයන් දෙක ගැන ම කථා කරමින්, ප්‍රංශ ජාතික සමාජ විද්‍යාඥ හා දර්ශනවාදියා වන එඩ්ගාර් මොරැන් මෙසේ පිළිගත්තේ ය: “අපි පහත් පන්තියේ ජනයා හට ඉදිරිපත් කරන ලද දීප්තිමත් අනාගතයේ බිඳ වැටීම පමණක් නොව, විද්‍යාව, විචාර ශක්තිය, හා ප්‍රජාතන්ත්‍රවාදය යනාදිය නිරායාසයෙන් දියුණු වේ යයි කියනු ලබන, ලෞකික සමාජයේ නිරායාස හා ස්වභාවික අභිවෘද්ධියේ ද බිඳ වැටීම දැකබලා ඇත්තෙමු. . . . කිසිදු දියුණුවක් දැන් සහතික නොකෙරේ. අප බලාපොරොත්තු වූ අනාගතය බිඳ වැටී ඇත.” දෙවියන් වහන්සේ නොමැති ව වඩා හොඳ ලෝකයක් නිර්මාණය කිරීමට වූ මනුෂ්‍යයාගේ ප්‍රයත්නයන් කෙරෙහි සිය ඇදහිල්ල තැබූ බොහෝ දෙනෙකුගේ හිස් හැඟීම් මෙයාකාර ය.
ආගම කෙරෙහි උනන්දුවට නව පණක්
පවත්නා අපේක්ෂා භංගත්වය පහ කිරීමට ලෝක ව්‍යාප්ත ව පවතින මෙම හැඟීම අවංක පුද්ගලයන් ගණනාවකට සිය ජීවිතයට ආත්මික පැත්තක අවශ්‍යතාව පිළිගැනීමට සලස්වයි. ඔවුහු ආගම උදෙසා ඇති අවශ්‍යතාවය දකිති. එහෙත් ඔවුන් ප්‍රධාන පෙළේ පල්ලි පිළිබඳ ව අසතුටක් දක්වන අතර සමහරෙකුට—සුව කිරීමේ ආගමික නිකායන්, හාස්කම් සහිත ව ආගම නැවත ප්‍රකෘතිමත් කිරීමට ජ්වලිතකම දක්වන කණ්ඩායම්, ගුප්ත රහස්‍ය ආගමික නිකායන් මෙන් ම සාතන් නමස්කාර කරන කණ්ඩායම් යනාදිය ද ඇතුළු ව—නව ආගම් පිළිබඳ ව සැකයක් ඇත. ආගමික උන්මත්තක වාදය ද එහි අවලක්ෂණ හිස ඔසවමින් සිටී. මෙසේ, ඇත්තෙන් ම, ආගම ආකාර කිහිපයකින් යළි ඉදිරියට එමින් සිටී. එහෙත් ආගම වෙතට වූ එවන් හැරී ඒමක්, මනුෂ්‍යත්වයට යහපත් දෙයක් වන්නේ ද? ඇත්තෙන් ම, කිසියම් ආගමක් මනුෂ්‍ය වර්ගයාගේ ආත්මික අවශ්‍යතාවන්ට සැබවින් පිළිතුරු සපයයි ද? w91 12/1
[3වන පිටුවේ පින්තූරය]
“ආගම පීඩාවට පත් සත්ත්වයාගේ සුසුම් ලෑම ය, අනුකම්පාවක් නොමැති ලෝකයක අභිප්‍රාය ය, එමෙන් ම ආත්මයක් නොමැති තත්ත්වයක ආත්මය ය. එය ජනයාගේ අබිං ය.”
[හිමිකම් විස්තර]
Photo: New York Times, Berlin—33225115
[4වන පිටුවේ පින්තූරය]
කාල් මාර්ක්ස් හා ව්ලඩිමෙයර් ලෙනින් ආගම මනුෂ්‍යාගේ දියුණුවට බාධකයක් ලෙස දුටුවෝ ය
[හිමිකම් විස්තර]
Musée d’Histoire Contemporaine—BDIC (Universitiés de Paris)
[5වන පිටුවේ පින්තූරය]
මාක්ස්වාදී-ලෙනින්වාදී සංකල්ප පද්ධතිය මිනිසුන් මිලියන සංඛ්‍යාවකගේ හෘදයන්හි උසස් බලාපොරොත්තු නංවා තිබුණි
[හිමිකම් විස්තර]
Musée d’Histoire Contemporaine—BDIC (Universitiés de Paris)