බේරී ජීවත්වීම සඳහා නිර්මල ආගම පිළිපැදීම
“දෙවි පියාණන් වහන්සේගේ ඇස් හමුවෙහි නිර්මල වූ, අව්‍යාජ වූ ආගම නම් . . . එය ම විදහා දක්වනු ඇත්තේ . . . ලෝකයෙන් තමා ව දූෂ්‍ය වන්නට නොදී ආරක්ෂා කර ගැනීම . . . වැනි දේවලින් ය.”—යාකොබ් 1:27, ෆිලිප්ස්.
1. ආගම අර්ථ දක්වා ඇත්තේ කෙසේ ද, තව ද බොරු හා සැබෑ ආගම අතර වෙනස නිශ්චය කිරීමට තර්කානුකූල ව අයිතිය ඇත්තේ කාට ද?
ආගම වනාහි, “විශ්වයේ නිර්මාතෘවර හා පාලක වශයෙන් හඳුනාගන්නා ලද මනුෂ්‍යත්වය ඉක්ම වූ බලවේගයක් කෙරෙහි මනුෂ්‍යයාගේ විශ්වාසයේ හා ගරුත්වයේ ප්රකාශනය” ලෙස අර්ථ දක්වා තිබේ. එසේ නම්, සැබෑ ආගම හා බොරු ආගම අතරේ වෙනස නිශ්චය කිරීමට තර්කානුකූල ව අයිතිය ඇත්තේ කාට ද? නිසැක ව ම ඒ වනාහි, මැවුම්කරුවාණන් වන, විශ්වාසය තබනු ලබන එමෙන් ම ගෞරවය පුදනු ලබන තැනැන්වහන්සේ විය යුතු ය. සැබෑ හා බොරු ආගම පිළිබඳ උන් වහන්සේගේ ස්ථාවරය, යෙහෝවඃ වහන්සේ ස්වකීය වචනයෙහි පැහැදිලි ව ම සටහන් කර තිබේ.
බයිබලයේ “ආගම” යන වචනය
2. “නමස්කාර ක්‍රමය” නැතහොත් “ආගම” ලෙස පරිවර්තනය කර ඇති මුල් ග්‍රීක් වදන ශබ්දකෝෂවල විස්තර කරනුයේ කෙසේ ද, තව ද එය අදාළ කළ හැක්කේ කිනම් ආකාරයේ නමස්කාරයකට ද?
2 “නමස්කාර ක්‍රමය,” නැතහොත් “ආගම” ලෙස පරිවර්තනය කර ඇති ග්‍රීක් වදන ත්රෙ·ස්කෙයිʹආ (thre·skeiʹa) ය. අ ග්‍රීක්-ඉංග්ලිෂ් ලෙක්සිකන් ඔෆ් ද න ටෙස්ටමන්ට් මෙම වචනය, “විශේෂයෙන් එය ආගමික සේවය හෝ පූජා විධි තුළින් ප්‍රකාශ වන විට, දෙවියන් වහන්සේට නමස්කාර කිරීම, ආගම” ලෙස අර්ථ දක්වා ඇත. තියලොජිකල් ඩික්ෂනරි ඔෆ් ද න ටෙස්ටමන්ට් තවදුරටත් මෙසේ තොරතුරු සපයයි: “වචනයේ ඓතිහාසික අර්ථය සම්බන්ධයෙන් මත භේදයක් පවතී . . . නූතන විශාරදයෝ තෙරප්- (therap-) යන්න (‘සේවය කිරීම’) සමඟ සම්බන්ධ කරවීමකට අනුග්‍රහ දක්වති. . . . අර්ථයේ වෙනස්කම ද සැලකිල්ලට ගන්න. හරි අර්ථය වනුයේ ‘ආගමික ජ්වලිතය’ . . . , ‘දෙවියන් වහන්සේ නමස්කාර කිරීම,’ ‘ආගම’ ය. එහෙත් නරක අර්ථයක් ඇත, එනම්, ‘ආගමික සීමාව ඉක්මවීම,’ ‘වැරදි නමස්කාරය.’ ” මේ අනුව, ත්රෙ·ස්කෙයිʹආ යන වචනය, හොඳ හෝ නරක “ආගම” නැතහොත් “නමස්කාර ක්‍රමය” යනුවෙන් පරිවර්තනය කළ හැකි ය.
3. “නමස්කාර ක්‍රමය” ලෙස පරිවර්තනය කර ඇති වදන ප්‍රේරිත පාවුල් භාවිතා කළේ කෙසේ ද, තව ද කොලොස්සි 2:18 හි පරිවර්තනය සම්බන්ධයෙන් කිනම් උනන්දු කරවන අදහස ප්‍රකාශ කර තිබේ ද?
3 මෙම වචනය ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිල්ලේ දක්නට ලැබෙන්නේ හතර වතාවක් පමණි. බොරු ආගම නම් කිරීමට ප්‍රේරිත පාවුල් එය දෙවරක් යොදා ගත්තේ ය. ක්‍රියා 26:5 [NW] හි, ක්‍රිස්තියානියෙක් වීමට පෙර, “අපේ නමස්කාර ක්රමයේ [“ආගමේ” ෆිලිප්ස්] දෘඪතර නිකායට අනුව මම ඵරිසියෙක් ව ජීවත් වූයෙමි” යයි ඔහු පැවසූ බව වාර්තා ගත ව ඇත. කොලොස්සිවරුන්ට වූ සිය ලිපියෙහි, ඔහු අනතුරු ඇඟවූයේ මෙසේ ය: “පහත්වීමටද [අව්‍යාජ යටහත්පහත්කමට ද NW] දේවදූතයන්ට නමස්කාරකිරීමටද [නමස්කාර ක්‍රමයට ද NW] කැමතිවීමෙන් දිනුම නුඹලාගෙන් පහකරන්ට කිසිවෙකුට ඉඩ නාරිල්ලා.” (කොලොස්සි 2:18) පෙනෙන හැටියට, එවන් දේව දූත නමස්කාරය ඒ කාලයේ ප්රිජියාව පුරා පැතිර පැවති නමුත්, එය බොරු ආගමේ ක්‍රමයක් හෙවත් ආකාරයක් විය.a ඇතැම් බයිබල් පරිවර්තන ත්රෙ·ස්කෙයිʹආ “ආගම” ලෙස යොදන නමුත්, බොහෝ පරිවර්තන කොලොස්සි 2:18 හි “නමස්කාරය” යන වචනය භාවිතා කරයි. න වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් ත්රෙ·ස්කෙයිʹආ “නමස්කාර ක්‍රමය” ලෙස නොවෙනස් ව පරිවර්තනය කරන අතර, ලතින් අනුවාදවල “ආගම” යන විකල්ප පරිවර්තනය භාවිතා කර ඇති එක් එක් අවස්ථාව රෙෆරන්ස් බයිබල් හි පාද සටහනේ සඳහන් වෙයි.
දෙවියන් වහන්සේ ඉදිරියෙහි ‘පිරිසිදු හා නොකිලුටු’ වීම
4, 5. (අ) යාකොබ් පවසන පරිදි, ආගම පිළිබඳ ව වඩාත් ම වැදගත් වන්නේ කවරෙකුගේ ස්ථාවරය ද? (ආ) යමෙකුගේ නමස්කාර ක්‍රමය නිරර්ථක කළ හැක්කේ කුමකට ද, එමෙන් ම “නිරර්ථක” ලෙස පරිවර්තනය කරන ලද වචනයෙන් කුමක් අදහස් වේ ද?
4 ත්රෙ·ස්කෙයිʹආ යන වචනය දකින්නට ලැබෙන අනෙක් අවස්ථා දෙක නම්, පළමු ශතවර්ෂයේ ක්‍රිස්තියානි සභාවේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වූ, ශ්‍රාවක යාකොබ් විසින් ලියන ලද ලිපියේ ය. “යමෙක් තමාගේ දිව යටත්කර නොගෙන, තමාගේ සිත [හෘදය NW] රවටාගනිමින්, තමා භක්තිවන්තයෙකැයි [“තමා ‘ආගමිකයෙක්’ යයි” ෆිලිප්ස්] සිතන්නේ නම්, ඔහුගේ භක්තිය [නමස්කාර ක්‍රමය NW] [“ආගම,” ෆිලිප්ස්] හිස්ය [නිරර්ථක ය NW]. අපගේ පියවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි පිරිසිදුවූ නොකිලුටුවූ භක්තිය [නමස්කාර ක්‍රමය NW] [“ආගම,” ෆිලිප්ස්] නම්, මවුපියන් නැති දරුවන්ද වැන්දඹු ස්ත්‍රීන්ද ඔවුන්ගේ විපත්තියේදී බලාගැනීමත්, ලෝකයෙන් කිලුටු නොවන ලෙස තමාම ආරක්ෂාකරගැනීමත්ය” යයි ඔහු ලිව්වේ ය.—යාකොබ් 1:26, 27.
5 එසේ ය, අපට යෙහෝවඃ වහන්සේගේ අනුමැතිය ලබා ගෙන, උන් වහන්සේ පොරොන්දු වූ නව ලෝකයට ඇතුල්වීමට අවශ්‍ය නම්, ආගම පිළිබඳ උන් වහන්සේගේ ස්ථාවරය නිරීක්ෂණය කිරීම වැදගත් ය. (2 පේතෘස් 3:13) තමා සැබෑ ලෙස ආගමික යයි කෙනෙකුට තමා ගැන පෙනෙන්නට හැකි නමුත්, ඔහුගේ භක්තිය නිරර්ථක විය හැකි බව යාකොබ් පෙන්වයි. මෙහි “නිරර්ථක” යනුවෙන් පරිවර්තනය කරන ලද ග්‍රීක් වදන, “අලස, හිස්, ඵල රහිත, නිෂ්ඵල, බල රහිත, සත්‍යයෙන් ඌන” යන්න ද අදහස් කරයි. ක්‍රිස්තියානි යයි කියා සිටින යමෙක් තමාගේ දිව දමනය කර නොගෙන, දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීමටත්, තම සෙසු ක්‍රිස්තියානින් ගොඩනැංවීමටත් එය පාවිච්චි නොකරන්නේ නම්, තත්ත්වය මෙය වන්නට පුළුවන. “තමාගේ සිත [හෘදය NW] රවටාගනු ඇති” ඔහු, “දෙවියන් වහන්සේගේ ඇස් හමුවෙහි නිර්මල හා සැබෑ ආගම” පිළිනොපදිනවා ඇත. (ෆිලිප්ස්) මෙහිලා සැලකිල්ලට ගත යුත්තේ යෙහෝවඃ වහන්සේ ඒ දෙස බලන ආකාරයයි.
6. (අ) යාකොබ්ගේ ලිපියේ තේමාව කුමක් ද? (ආ) නිර්මල නමස්කාරය සඳහා යාකොබ් අවධාරණය කළ අවශ්‍යතාවය කුමක් ද, එමෙන් ම මේ සම්බන්ධයෙන් නවීන-දින පාලක මණ්ඩලය පවසා ඇත්තේ කුමක් ද?
6 නිර්මල නමස්කාරය සම්බන්ධයෙන් යෙහෝවඃ වහන්සේට අවශ්‍ය කරවන සියලු දෑ යාකොබ් එකිනෙක විස්තරාත්මක ව සඳහන් නොකරයි. ක්‍රියාවන්ගෙන් ඔප්පු වන ඇදහිල්ල හා සාතන්ගේ ලෝකය සමඟ මිත්‍රත්වයක් තබා ගැනීමෙන් වැළකීමේ අවශ්‍යතාව යනාදී, තම ලිපියේ පොදු තේමාවට එකඟ ව, ඔහු හුදෙක් අවශ්‍යතා දෙකක් ගෙනහැර දක්වයි. “මව්පියන් නැති දරුවන්ද වැන්දඹු ස්ත්‍රීන්ද ඔවුන්ගේ විපත්තියේදී බලාගැනීම” ඉන් එකකි. සැබෑ ක්‍රිස්තියානි ප්‍රේමය මීට ඇතුළත් ය. යෙහෝවඃ වහන්සේ මව්පියන් නැති දරුවන්ට හා වැන්දඹු ස්ත්රීන්ට සැමවිට ම ප්‍රේමනීය සැලකිල්ල දක්වා ඇත. (ද්විතීය කථාව 10:17, 18; මලාකි 3:5) ක්‍රිස්තියානි වැන්දඹුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වීම පළමු ශතවර්ෂයේ ක්‍රිස්තියානි සභාවේ පාලක මණ්ඩලයේ ප්රාරම්භක ක්‍රියාවන්ගෙන් එකක් විය. (ක්‍රියා 6:1-6) ගත වූ වසර ගණනාව පුරා තමන් ඇදහිලිවන්ත බව සනාථ කර ඇති එමෙන් ම තමන්ට උපකාර කිරීමට තමන්ගේ ම පවුලක් නැති, අසරණ මහලු වැන්දඹුවන් කෙරෙහි ප්‍රේමනීය සැලකිල්ලක් දැක්වීම සම්බන්ධයෙන් ප්‍රේරිත පාවුල් විස්තරාත්මක උපදෙස් දුන්නේ ය. (1 තිමෝති 5:3-16) මේ හා සමාන ව, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ නවීන-දින පාලක මණ්ඩලය, “දුප්පත් අය ව රැකබලා ගැනීම” යන තේමාව යටතේ පැහැදිලි උපදෙස් ඉදිරිපත් කොට තිබේ. එය මෙසේ ය: “ද්‍රව්‍යමය උපකාරය අවශ්‍ය ව සිටිය හැකි ඇදහිලිවන්ත හා පක්ෂපාත අය ව රැක බලා ගැනීම සැබෑ නමස්කාරයට ඇතුළත් වෙයි.” (ඔර්ගනයිස්ඩ් ටු අකම්ප්ලිෂ් අවර් මිනිස්ට්‍රි පොතේ 122-3 පිටු බලන්න.) මේ සම්බන්ධයෙන් නොසැලකිලිමත් වන වැඩිමහල්ලන්ගේ මණ්ඩල හෝ ක්‍රිස්තියානි පුද්ගලයෝ, අපගේ දෙවි පියාණන් වහන්සේ ඉදිරියේ නිර්මල හා නොකිලුටු වූ නමස්කාර ක්රමයේ වැදගත් අංශයක් අත්හරිමින් සිටිත්.
‘ලෝකයෙන් කිලුටු නොවී සිටීම’
7, 8. (අ) සැබෑ ආගම සඳහා යාකොබ් සඳහන් කළ දෙවන අවශ්‍යතාවය කුමක් ද? (ආ) පැවිදි පිරිස හා පූජකයන් මෙම අවශ්‍යතාවයට එකඟ ව ජීවත් වෙත් ද? (ඇ) යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ගැන කුමක් කිව හැකි ද?
7 යාකොබ් විසින් සඳහන් කරන ලද සැබෑ ආගම සඳහා දෙවන අවශ්‍යතාවය නම්, “ලෝකයෙන් කිලුටු නොවන ලෙස තමාම ආරක්ෂාකරගැනීමත්ය.” “මාගේ රාජ්‍යය මේ ලෝකය සම්බන්ධව නොවේ” යයි යේසුස් වහන්සේ වදාළ සේක; මීට එකඟ ව, සිය සැබෑ අනුගාමිකයන් ‘ලෝකයෙන් කොටසක් නොවන්නාහ.’ (යොහන් 15:19; 18:36) මේ ලෝකයේ ඕනෑ ම ආගමක පැවිද්දන් හා පූජකයන් සම්බන්ධයෙන් මෙය කිව හැකි ද? ඔවුන් එක්සත් ජාතීන් ව තහවුරු කරති. ඔවුන්ගේ නායකයන්ගෙන් බොහෝ දෙනෙක්, එක්සත් ජාතීන් විසින් මෙහෙයවන “ජගත් සාම වසරේ” සාර්ථකත්වය පිණිස සිය යාච්ඤා එක් ව කිරීමට, 1986 ඔක්තෝබරයේ, ඉතාලියේ, අසීසි නුවර එක් රැස්වන මෙන් පාප් කළ ආරාධනය පිළිගත්හ. කෙසේ වෙතත් එම වසරේ හා ඉන් පසු වසරවල යුද්ධවලින් ඝාතනය කරන ලද මිලියන සංඛ්‍යාවන් අනුව නිශ්චය කරන කල, ඔවුන්ගේ වෑයම් නිෂ්ඵල විය. පැවිදි පිරිස බොහෝ විට පාලක පක්ෂය සමඟ ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කරන අතරතුරේ දී, කවරෙක් පාලනය කළත් තමන් ව “මිත්‍රයන්” ලෙස සලකනු ලැබීම සඳහා විරුද්ධ පක්ෂය සමඟ ද්‍රෝහි ලෙස රහසින් කටයුතු කරති.—යාකොබ් 4:4.
8 දේශපාලන කටයුතුවලදීත්, මේ ලෝකයේ අර්බුදවලදීත් මධ්‍යස්ථ ව සිටින ක්‍රිස්තියානින් හැටියට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් තමන් සඳහා කීර්තියක් දිනා ගෙන තිබේ. ලොවේ සියලු දෙසින් පැමිණෙන පුවත් පත් වාර්තාවලින් හා නවීන ඉතිහාසමය ලේඛනවලින් තහවුරු වන පරිදි, සියලු මහද්වීපවලත්, සියලු ජාතීන් අතරත් ඔවුහු මෙම ස්ථාවරය පවත්වා ගනිති. ඔවුහු සැබවින් ම ‘ලෝකයෙන් කිලුටු නොවී’ සිටිති. “දෙවියන් වහන්සේගේ ඇස් හමුවෙහි නිර්මල හා සැබෑ වූ ආගම” ඔවුන්ගේ ආගම ය.—යාකොබ් 1:27, ෆිලිප්ස්.
සැබෑ ආගමේ වෙනත් ලකුණු
9. සැබෑ ආගම සඳහා තුන් වන අවශ්‍යතාවය කුමක් ද, ඒ මන්ද?
9 ආගම වනාහි “විශ්වයේ නිර්මාතෘවර හා පාලක වශයෙන් හඳුනාගන්නා ලද මනුෂ්‍යත්වය ඉක්මවූ බලවේගයක් කෙරෙහි විශ්වාසයේ හා ගරුත්වයේ ප්රකාශනය,” නම් නිසැක ව ම සැබෑ ආගම එක ම සැබෑ දෙවියන් වන, යෙහෝවඃ වහන්සේ වෙත නමස්කාරය යොමු කළ යුතු ය. පියාණන් වහන්සේ වනාහි ස්වකීය සර්වබලධාරිත්වය, තේජස, හා සදාකාලිකත්වය අභිරහසක් ව පවතින ත්‍රිත්වයක තවත් දෙදෙනෙකු සමඟ හවුලේ බෙදා ගන්නා ත්‍රිත්ව දෙවිකෙනෙක් ය වැනි මිථ්‍යා දෘෂ්ටික සංකල්ප ඉගැන්වීමෙන්, එය දෙවියන් වහන්සේ පිළිබඳ ජනයාගේ අවබෝධය අඳුරු නොකළ යුතු ය. (ද්විතීය කථාව 6:4; 1 කොරින්ති 8:6) එය දෙවියන් වහන්සේගේ යෙහෝවඃ යන අසමසම නාමය ප්‍රසිද්ධ කළ යුතු අතර එම නාමයට ගෞරව ද කළ යුතු ය. ඇත්තෙන් ම සංවිධානය වූ ජනතාවක් ලෙසට දෙවියන් වහන්සේගේ නාමය දැරිය යුතු ය. (ගීතාවලිය 83:17; ක්‍රියා 15:14) මෙහි දී එහි පිළිපදින්නන් ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ ආදර්ශය අනුගමනය කළ යුතු ය. (යොහන් 17:6) යෙහෝවඃ වහන්සේගේ ක්‍රිස්තියානි සාක්ෂිකරුවන් හැරුණු කොට මෙම අවශ්‍යතාවයට එකඟ ව අද දවසේ ජීවත් වනුයේ වෙනත් කිනම් ජන කොටසක් ද?
10. ආගමක්, දෙවියන් වහන්සේගේ නව ලෝකය තුළට බේරී ජීවත්වීම ඉදිරිපත් කිරීමට නම් එය කළ යුත්තේ කුමක් ද, එමෙන් ම ඒ මක්නිසා ද?
10 ප්‍රේරිත පේතෘස් මෙසේ පැවසුවේ ය: “වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය. මක්නිසාද අපේ ගැළවීමට අවශ්‍යවූ, මනුෂ්‍යයන් අතරේ දෙනලද වෙන කිසි නාමයක් [යේසුස් ක්‍රිස්තුස් වහන්සේ] ස්වර්ගයෙන් යට නැත්තේය.” (ක්‍රියා 4:8-12) එබැවින්, දෙවියන් වහන්සේගේ නව ලෝකය තුළට බේරී ජීවත්වීම ඉදිරිපත් කරන්නා වූ නිර්මල ආගම, ක්‍රිස්තුස් වහන්සේ හා මිදීමේ මිලයේ අගය කෙරෙහි ඇදහිල්ල තැබීමට පෙලඹ විය යුතු ය. (යොහන් 3:16, 36; 17:3; එපීස 1:7) එපමණක් නොව, එය යෙහෝවඃ වහන්සේගේ පාලනය කරන්නා වූ රජු හා ආලේප ලත් උත්තම පූජකයා හැටියට ක්‍රිස්තුස් වහන්සේට යටත්වීමට සැබෑ නමස්කාරකයන්ට උපකාර කළ යුතු ය.—ගීතාවලිය 2:6-8; පිලිප්පි 2:9-11; හෙබ්‍රෙව් 4:14, 15.
11. සැබෑ ආගම පදනම් විය යුත්තේ කුමක් මත ද, එමෙන් ම මේ සම්බන්ධයෙන් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ස්ථාවරය කුමක් ද?
11 නිර්මල ආගම පදනම් විය යුත්තේ, එක ම සැබෑ දෙවියන් වහන්සේගේ එළිදරව් කරන ලද කැමැත්ත මත විනා, මනුෂ්‍යයා විසින් සාදන ලද සම්ප්‍රදායන් හෝ දර්ශනයන් මත නොවේ. බයිබලය නොතිබුණා නම්, අපට යෙහෝවඃ වහන්සේ හා උන් වහන්සේගේ මවිතාකාර අරමුණ ගැන හෝ යේසුස් වහන්සේ හා මිදීමේ මිලයේ පූජාව ගැන හෝ කිසිවක් දැනගත නොහැකි වනු ඇත. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ, ජනයා තුළ බයිබලය කෙරෙහි අචල නිසැකකම ඇති කරවති. ඔවුහු සිය දෛනික ජීවිතයෙන්, ප්‍රේරිත පාවුල්ගේ ප්රකාශනය සමඟ තමන් එකඟ වන බව ද ඔප්පු කරති, එනම්: “දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව, සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් [දේවල් හරිගැස්වීමටත් NW] . . . ප්‍රයෝජනවත්ව තිබේ.”—2 තිමෝති 3:16.
සැබෑ ආගම—ජීවිත මාර්ගයකි
12. ඇදහිල්ලට අමතර ව, නමස්කාරය සැබෑ වන්නට කුමක් අවශ්‍ය වේ ද, තව ද සැබෑ ආගම ජීවිත මාර්ගයක් වනුයේ කිනම් ආකාරයන්ගෙන් ද?
12 “දෙවියන් වහන්සේ ආත්මයක්ය. උන්වහන්සේට නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාරකළ යුතුය” යයි යේසුස් වහන්සේ ප්‍රකාශ කළ සේක. (යොහන් 4:24) එබැවින්, සැබෑ ආගම, නැතහොත් නමස්කාර ක්‍රමය, චාරිත්‍රානුකූල, වත් පිළිවෙත් සහිත, දේව භක්තියේ බාහිර විදහා පෙන්වීමක් නොවේ. නිර්මල නමස්කාරය ආත්මිකාකාර ය, ඇදහිල්ල මත පදනම් ව තිබේ. (හෙබ්‍රෙව් 11:6) කෙසේ වුවද, එම ඇදහිල්ල ක්‍රියාවන්ගෙන් අනුබල ලැබිය යුතු ය. (යාකොබ් 2:17) සැබෑ ආගම ජනප්‍රිය නැඹුරුවාවන් ප්‍රතික්ෂේප කරයි. එය සදාචාරය හා පිරිසිදු කථාබහ පිළිබඳ බයිබලයේ ප්‍රමිතීන්ට ඇලී සිටී. (1 කොරින්ති 6:9, 10; එපීස 5:3-5) එය පිළිපදින්නෝ සිය පවුල් ජීවිතයේ, සිය ලෞකික රැකියාවේ, පාසලේ, මෙන් ම තමන්ගේ විනෝදාංශවල දී පවා දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයේ ඵල නිපදවීමට අවංක ව දැඩි ප්රයත්නයක් දරති. (ගලාති 5:22, 23) යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ ප්‍රේරිත පාවුල්ගේ මෙම උපදෙස කිසිදා අමතක නොකරන්නට වෑයම් කරති. “නුඹලා කතත් බොතත් වෙන යමක් කරතත් සියල්ල දෙවියන්වහන්සේගේ ගෞරවය පිණිස කරපල්ලා.” (1 කොරින්ති 10:31) ඔවුන්ගේ ආගම නිකම් ම චාරිත්‍ර හා වත් පිළිවෙත් නොවේ. එය ජීවිත මාර්ගයකි.
13. සැබෑ නමස්කාරයට අන්තර්ගත වන්නේ කුමක් ද, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සැබවින් ම ආගමික අය යයි කිව හැක්කේ මන්ද?
13 ඇත්ත වශයෙන් ම, සැබෑ ආගමට ආත්මික ක්‍රියාකාරකම් සම්බන්ධ ය. මෙයට පුද්ගලික හා පවුල් යාච්ඤාව, දේව වචනය හා බයිබල් අධ්‍යයන ආධාරක අධ්‍යයනය කිරීම මෙන් ම සැබෑ ක්‍රිස්තියානි සභාවේ රැස්වීම්වලට පැමිණීම යනාදිය ඇතුළත් වේ. මෙම රැස්වීම් යෙහෝවඃ වහන්සේට වන ප්‍රශංසා ගීතිකාවලින් හා යාච්ඤාවලින් පටන් ගෙන අවසන් වේ. (මතෙව් 26:30; එපීස 5:19) කථාවන් මෙන් ම සියල්ලන්ට ම ලබා ගත හැකි මුද්‍රිත පොත් පත් ආධාරයෙන් කරන ප්‍රශ්නෝත්තර සාකච්ඡාවන් මගින් වර්ධනය ගෙන දෙන ආත්මික විෂයන් පරීක්ෂා කෙරේ. මෙවන් රැස්වීම් විශේෂයෙන් ම ආගමික අරමුණු උදෙසා: නිති පතා රැස්වීම්, විවාහයන්, සිහිකිරීමේ උත්සව, යනාදිය සඳහා සාමාන්‍යයෙන් පාවිච්චි කරනු ලබන, නිසි පිළිවෙළින් යුත් නමුත් පුහු බාහිර ආටෝපයෙන් තොර වූ රාජ්‍යය ශාලාවල පවත්වනු ලැබේ. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ තම රාජ්‍යය ශාලා හා වඩා විශාල එක්රැස්වීම් ශාලා යෙහෝවඃ වහන්සේගේ නමස්කාරයට කැප කරන ලද ස්ථාන වශයෙන් ගෞරවයෙන් සලකති. ක්‍රිස්තියානි ලෝකයේ බොහෝ පල්ලි මෙන්, රාජ්‍යය ශාලා සමාජ ශාලා නොවේ.
14. හෙබ්‍රෙව් කථා කරන ජනයාට නමස්කාරයෙන් අදහස් කළේ කුමක් ද, එමෙන් ම යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් විශේෂ ලෙස වෙන් කොට හඳුන්වා දෙනුයේ කුමන ක්‍රියාකාරකම ද?
14 විශාරදයන් “නමස්කාර ක්‍රමය” නැතහොත් “ආගම” ලෙස පරිවර්තනය කරන ලද ග්‍රීක් වදන “සේවය කිරීමට” යන ක්‍රියා පදයත් සමඟ සම්බන්ධ කර ගන්නා බව අපි ඉහත දුටුවෙමු. හෙබ්‍රෙව් සමාන පදය වන, ‛අවෝ·ඪාහ්ʹ (‛avo·dhahʹ), “සේවය” හෝ “නමස්කාරය” ලෙස පරිවර්තනය කළ හැකි වීම සිත්ගන්නා සුලු කරුණකි. (නික්මයාම 3:12 හා 10:26, NW රෙෆරන්ස් බයිබලයේ පාද සටහන් සසඳන්න.) හෙබ්‍රෙව්වරුන්ට නමස්කාරය යන්නෙන් අදහස් කළේ සේවයයි. එමෙන් ම සැබෑ නමස්කාරකයන් හට අද දින එයින් අදහස් කරන දේ ද මෙයයි. සැබෑ ආගමේ ඉතා වැදගත්, විශේෂ ලකුණක් වනුයේ, එය පිළිපදින සියල්ලන් ම, “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව [ජනාවාස පොළොව NW] මුළුල්ලේ” දේශනා කිරීමට දේව සේවයෙහි හවුල්වීම ය. (මතෙව් 24:14; ක්‍රියා 1:8; 5:42) මිනිස් වර්ගයාගේ එක ම බලාපොරොත්තුව වශයෙන් දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන ප්‍රසිද්ධියේ සාක්ෂි දැරීම සම්බන්ධයෙන් ලොව පුරා නම් දරා ඇත්තේ කුමන ආගම ද?
ඒකාන්ත, ඒකාබද්ධ කරවන බලවේගයක්
15. සැබෑ ආගමේ කැපී පෙනෙන අංග ලක්ෂණයක් වනුයේ කුමක් ද?
15 බොරු ආගම භේද කරයි. වෛරය හා ලේ වැගිර වීම සිදු කොට තිබෙන එය, තවදුරටත් එසේ ම කරමින් සිටී. මීට පටහැනි ව, සැබෑ ආගම එක්සත් කරවයි. “නුඹලා එකිනෙකාට ප්‍රේමකරනවා නම්, නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇත” යයි යේසුස් වහන්සේ වදාළ සේක. (යොහන් 13:35) යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් එක්සත් කරන්නා වූ ප්‍රේමය, ඉතිරි මිනිස් වර්ගයා ව බෙදන්නා වූ, ජාතික, සමාජයීය, ආර්ථික, හා වාර්ගික සීමාවන් අභිබවා යයි. සාක්ෂිකරුවෝ, “එකම ආත්මයෙන් ස්ථිරව, එක සිතකින් ශුභාරංචියේ ඇදහිල්ල ගැන වීර්ය්යකරමින්” සිටිති.”—පිලිප්පි 1:27.
16. (අ) යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් දේශනා කරන්නේ කුමන “ශුභාරංචියක්” ද? (ආ) යෙහෝවඃ වහන්සේගේ ජනයා කෙරෙහි කිනම් අනාවැකි ඉෂ්ට වෙමින් පවතී ද, එමෙන් ම කිනම් ආශීර්වාදයන් ලැබී තිබේ ද?
16 ඔවුන් දේශනා කරන “ශුභාරංචිය” නම්, දෙවියන් වහන්සේගේ වෙනස් කළ නොහැකි අරමුණ කෙටි කාලයකින් ඉෂ්ට වන බව ය. උන් වහන්සේගේ කැමැත්ත, “ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද” ඉටු වන්නට නියමිත ය. (මතෙව් 6:10) යෙහෝවඃ වහන්සේගේ තේජාන්විත නාමය විශුද්ධ කරනු ඇති අතර සැබෑ නමස්කාරකයන් සදාකාලයට ජීවත් විය හැකි පාරාදීසයක් බවට පොළොව පත්වනු ඇත. (ගීතාවලිය 37:29) සියලු දේශයන්හි පදගතාර්ථයෙන් ම මිලියන සංඛ්‍යාත අය, “අපි නුඹලා සමග යන්නෙමුව, මක්නිසාද දෙවියන්වහන්සේ නුඹලා සමග සිටින බව අප විසින් අසා තිබේ” යනුවෙන් පවසන බයිබල් අනාවැකිය සම්පූර්ණ කිරීමේ ලා, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ හවුල් වෙමින් සිටිත්. (සෙකරියා 8:23) යෙහෝවඃ වහන්සේ ස්වකීය සෙනඟට ආශීර්වාද කරමින් සිටින සේක. “කුඩා තැනැත්තා” සෑම ආකාරයකින් ම—කල්පනාවෙන්, ක්‍රියාවෙන්, නමස්කාරයෙන්—සම්පූර්ණයෙන් එක්සත් ලෝක ව්‍යාප්ත සභාවක්, “බලවත් ජාතියක්” බවට සැබවින් ම පත් ව ඇත. (යෙසායා 60:22) මෙය බොරු ආගම විසින් කිසි කලෙක ඉෂ්ට කර ගැනීමට අසමත් ව ඇති දෙයකි.
නිර්මල ආගමේ විජයග්‍රහණය
17. මහා බබිලෝනිය වෙනුවෙන් ඉතිරි ව ඇත්තේ කුමක් ද, එමෙන් ම මෙය ක්‍රියාවට නැගෙනු ඇත්තේ කෙසේ ද?
17 “මහා බබිලෝනිය” ලෙස සංකේතවත් නාමයෙන් හැඳින්වෙන, බොරු ආගමේ ලෝක අධිරාජ්‍යයේ විනාශය දේව වචනයේ පුරෝකථනය කර ඇත. බයිබලය තවදුරටත් පොළොවේ “රජවරු” නොහොත් දේශපාලන පාලකයන් ව සංකේතවත් මෘගයෙකුගේ අංවලින් නියෝජනය කරයි. සාතන් නම් යක්ෂයාගේ මෙම වේශ්‍යාවක් බඳු සංවිධානය පෙරළා, සහමුලින් ම විනාශ කර දැමීමට වූ අරමුණ දෙවියන් වහන්සේ මෙම පාලකයන්ගේ හෘදයන් තුළට ඇතුල් කරනු ඇති බව එය අපට පවසයි.—එළිදරව් 17:1, 2, 5, 6, 12, 13, 15-18, බලන්න.b
18. මහා බබිලෝනිය විනාශ කරනු ලැබීම සඳහා, බයිබලය ඉදිරිපත් කරන වැදගත් හේතුව කුමක් ද, එමෙන් ම බොරු ආගම මෙම දරුණු ක්‍රියාමාර්ගය ආරම්භ කළේ කවදා ද?
18 මහා බබිලෝනිය විනාශ වීමට සුදුසු ව සිටින්නේ මන්ද? “ප්රොපේතරුන්ගේද ශුද්ධවන්තයන්ගේද පොළොවේ මරනලද සියල්ලන්ගේද ලේ ඈ තුළ සම්බවුණේය” යයි බයිබලය පිළිතුරු දෙයි. (එළිදරව් 18:24) බොරු ආගමේ මෙම ලේ වරද බබිලෝනිය පිහිටුවීමටත් පෙර දවස දක්වා දිවෙන බව පෙන්වමින්, මහා බබිලෝනියත් සමඟ සම්බන්ධකම් පැවැත්වූ, යුදෙව් ආගමේ ආගමික නායකයන් දෝෂාරෝපණයට ලක් කරමින් යේසුස් වහන්සේ මෙසේ වදාළ සේක: “සර්පයෙනි, පොළොං වංශයෙනි, නුඹලා නිරයේ [ගෙහෙන්නාවේ NW] දඬුවමින් කෙසේ ගැළවෙන්නහුද? . . . මෙසේ ධර්මිෂ්ඨවූ ආබෙල්ගේ ලේ පටන් . . . පොළොවේදී වගුරුවනලද සියලු ධර්මිෂ්ඨයන්ගේ ලේ නුඹලා පිටට පැමිණෙන්නේය.” (මතෙව් 23:33-35) එසේ ය, ඒදන් හි කැරලි ගැසූ අවස්ථාවේ දී පොළොව මත ආරම්භ වූ බොරු ආගම, එහි දරුණු ලේවරද වෙනුවෙන් වගකිව යුතු ය.
19, 20. (අ) මහා බබිලෝනිය කෙරෙහි විනිශ්චය ක්‍රියාත්මක කිරීමෙන් පසු සැබෑ නමස්කාරකයන් කුමක් කරනු ඇත් ද? (ආ) එවිට කුමක් සිදුවනු ඇත් ද, තව ද එවිට සැබෑ නමස්කාරකයන් සියල්ලන් හට කිනම් අපේක්ෂාවන් විවෘත වනු ඇත් ද?
19 මහා බබිලෝනියේ විනාශයෙන් පසු, පොළොව මත සිටින සැබෑ නමස්කාරකයන්, මෙසේ ගායනා කරන්නා වූ ස්වර්ගික සමූහයත් සමඟ, සිය හඬ ද එක් කරනු ඇත: “හලෙලූයා! [අහෝ ජනයෙනි, යාඃට ප්‍රශංසා කරව්! NW] . . . මක්නිසාද . . . මහත් වේශ්‍යාව උන්වහන්සේ විනිශ්චයකළසේක, තමන්ගේ මෙහෙකරුවන්ගේ ලේ ගැන ඈට විපාක දුන්සේක . . . ඇගේ දුම සදාකාලේටම නගින්නේය”—එළිදරව් 19:1-3.
20 අනතුරුව සාතන්ගේ දෘශ්‍යමාන සංවිධානයේ ඉතිරි සම්බන්ධී කොටස් විනාශ කරනු ලබනවා ඇත. (එළිදරව් 19:17-21) මින් පසු ව, බොරු ආගමේ ප්රාරම්භකයා වූ සාතන්, හා ඔහුගේ භූතයින් පාතාල ගත කරනු ලබනවා ඇත. තවදුරටත් යෙහෝවඃ වහන්සේගේ සැබෑ නමස්කාරකයන්ට හිංසා පීඩා කිරීමට ඔවුන් නිදහස් තත්ත්වයක නොසිටිනු ඇත. (එළිදරව් 20:1-3) නිර්මල ආගම, බොරු ආගමට එරෙහි ව විජයග්රහණයක් ලබා තිබෙනු ඇත. දැන් මහා බබිලෝනියෙන් පලා යාමට වූ දිව්‍ය අනතුරු ඇඟවීමට ඇහුම්කන් දෙන ඇදහිලිවන්ත පුරුෂයන් හා ස්ත්රීන්ට ගැලවී, දෙවියන් වහන්සේගේ නව ලෝකයට ඇතුල්වීමට ප්‍රස්තාව ලැබෙනු ඇත. එහි දී, ඔවුනට සැබෑ ආගම පිළිපදිමින්, යෙහෝවඃ වහන්සේට නමස්කාර පූර්වක ව සදාකාලයට ම සේවය කිරීමට හැකි වෙනවා ඇත. w91 12/1
[පාදසටහන්වල]
a කොලොස්සි 2:18 හි සඳහන් කර ඇති දේව දූත නමස්කාරයේ පැහැදිලි කිරීමක් ලබා ගැනීම සඳහා, ද වොච්ටවර් සඟරාවේ 1985 ජූලි 15වන කලාපයේ 12-13 පිටු බලන්න.
b මෙම අනාවැකිය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් සඳහා වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයිට් ඔෆ් න්යූ යෝක් ඉන්ක්. විසින් ප්‍රකාශයට පත් කරන ලද, රෙවලේෂන්—ඉට්ස් ග්‍රෑන්ඩ් ක්ලයිමැක්ස් ඇට් හෑන්ඩ්! හි පරිච්ඡේද 33-6 බලන්න.
ඔබගේ මතකය පරීක්ෂා කර බලන්න
◻ ආගම පිළිබඳ වඩාත් වැදගත් වන්නේ කවරෙකුගේ ස්ථාවරය ද, ඒ මන්ද?
◻ සැබෑ ආගම සඳහා යාකොබ් අවධාරණය කළ අවශ්‍යතා දෙක මොනවා ද?
◻ නිර්මල නමස්කාරය සඳහා වෙනත් අවශ්‍යතා මොනවා ද?
◻ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් දේශනා කරනුයේ කිනම් “ශුභාරංචිය” ද?
◻ සැබෑ ආගම බොරු ආගමට එරෙහි ව විජයග්‍රහණය කරනු ඇත්තේ කෙසේ ද?
[17වන පිටුවේ පින්තූරය]
වර්ෂ 1986 ඔක්තෝබර් මස, ඉතාලියේ, අසීසි නුවර එක්රැස් වූ ආගමික නායකයෝ
[19වන පිටුවේ පින්තූරය]
නමස්කාරය සඳහා එක් රැස්වීම සැබෑ ආගමට අයත් ය