ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w92 11/15 31 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • යෝබ් දෙවිට ප්‍රශංසා කළා
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෝබ්ගේ පොතෙන් විශේෂාංග
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • හික්මවීමට අවනත වූ කදිම ආදර්ශයක්
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෝබ්ගේ විපාකය—බලාපොරොත්තුවේ උල්පතකි
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w92 11/15 31 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

යෝබ් ජීවත් ව සිටි කාලය තුළ, යෙහෝවඃ වහන්සේට ඇදහිලිවන්ත ව සිටි එක ම මනුෂ්‍යයා ඔහු බව යෝබ් 1:8න් අප තේරුම් ගත යුතු ද?

නැත, එම නිගමනය සුදුසු බව යෝබ් 1:8න් සනාථ නොකෙරේ. එහි මෙසේ සඳහන් වේ:

“ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ, සාතන්ට කථා කොට NW]: නුඹ මාගේ මෙහෙකරුවූ යෝබ් ගැන කල්පනාකෙළෙහිද? ඔහු මෙන් නිර්දෝෂවූ, අවංකවූ [ඍජු NW] දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැලකී සිටින්නාවූ මනුෂ්‍යයෙක් පොළොවෙහි නැත.” දෙවියන් වහන්සේ යෝබ් 2:3 හි ද සාතන්ගෙන් මෙසේ අසමින් මේ හා සමාන තක්සේරුවක් ඉදිරිපත් කළ සේක: “නුඹ මාගේ මෙහෙකරුවූ යෝබ් ගැන කල්පනා කෙළෙහිද? ඔහු මෙන් නිර්දෝෂවූ, අවංකවූ [ඍජු NW], දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැලකී සිටින්නාවූ කෙනෙක් පොළොවෙහි නැත.”

ඇදහිලිවන්ත යයි දෙවියන් වහන්සේ විසින් පිළිගත්, ජීවත් වූ එක ම මනුෂ්‍යයා යෝබ් නොවූ බව යෝබ්ගේ පොත ම සඳහන් කරයි. තිස් දෙවන පරිච්ඡේදයෙන් පටන් ගෙන, අපි එලීහු ගැන කියවන්නෙමු. යෞවනයෙක් ව සිටිය ද, එලීහු, යෝබ් කාරණා දෙස බැලූ අයුරු නිවැරදි කර සැබෑ දෙවියන් වහන්සේ ව වර්ණනා කළේ ය.—යෝබ් 32:6-33:6, 31-33; 35:1–36:2.

ඒ හේතුවෙන්, ‘යෝබ් සමාන කෙනෙක් පොළොවෙහි නැති’ බවට වූ දෙවියන් වහන්සේගේ ප්‍රකාශයෙන් අදහස් විය යුත්තේ, ඍජු මනුෂ්‍යයෙක් හැටියට යෝබ් විශේෂ අයුරකින් කැපී පෙනුණ බවයි. පෙනෙන හැටියට, යෝබ් ජීවත් වූයේ, මිසරයේ යෝසෙප්ගේ මරණයත් දෙවියන් වහන්සේගේ අනාගතවක්තෘවරයෙකු හැටියට මෝසෙස්ගේ සේවාවේ ආරම්භයත් අතර කාලය තුළ ය. එම කාලය අතරතුරේ දී ඊශ්‍රායෙල්වරු විශාල පිරිසක් මිසරයේ ජීවත් වූහ. ඔවුන් සියල්ලෝ ම දෙවියන් වහන්සේට නොඇදහිලිවන්ත ව හා පිළිගත නොහැකි තත්ත්වයක සිටි බව කල්පනා කිරීමට හේතුවක් නැත; ඇතැම් විට යෙහෝවඃ වහන්සේ කෙරෙහි විශ්වාසය තැබූ බොහෝ දෙනෙක් සිටින්නට ඇත. (නික්මයාම 2:1-10; හෙබ්‍රෙව් 11:23) එහෙත්, ඔවුන්ගෙන් කිසිවෙක් යෝසෙප් මෙන්, කැපී පෙනෙන කාර්ය භාරයක් ඉෂ්ට කළේවත්, මිසරයෙන් ඊශ්‍රායෙල් ජාතියට මඟ පෙන්වීමේ දී මෝසෙස් විසින් කරනු ඇති ආකාරයට, සැබෑ නමස්කාරය සම්බන්ධයෙන් එම නමස්කාරකයන් කැපී පෙනුනේවත් නැත.

එනමුත්, කැපී පෙනෙන අඛණ්ඩත්වයක් පැවැත්වූ මනුෂ්‍යයෙක් වෙනත් තැනක ජීවත් විය. “යෝබ් නම්වූ මනුෂ්‍යයෙක් ඌෂ් දේශයෙහි සිටියේය; ඒ මනුෂ්‍යයා වනාහි නිර්දෝෂවූ, අවංකවූ [ඍජු වූ NW], දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැලකී සිටියාවූ කෙනෙකි.”—යෝබ් 1:1.

මෙසේ, ඇදහිල්ලේ හා භක්තියේ ප්‍රකට ව පෙනෙන නැතහොත් විශිෂ්ට ආදර්ශයක් හැටියට යෝබ් ව සඳහන් කිරීමට යෙහෝවඃ වහන්සේට හැකි විය. මේ හා සමාන ව, බයිබල් ලේඛකයන් වන එසකියෙල් හා යාකොබ්, ධර්මිෂ්ඨකමේ හා විඳදරා ගැනීමේ ආදර්ශයක් තැබූ කෙනෙක් ලෙස යෝබ් ව අතීතයෙන් ගෙන හැර දක්වති.—එසකියෙල් 14:14; යාකොබ් 5:11. w92 8/1

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න