ඔබට මතක ද?
මෑතක දී පළ වූ මුරටැඹ කලාප ඔබ ප්‍රවේසමෙන් සලකා බලා තිබේ ද? එසේ නම්, පහත සඳහන් දෑ නැවත මතක් කිරීම ඔබට උනන්දු කරවනු ඇත.
▫ යේසුස් වහන්සේගේ අඩිපාර අනුගමනය කරන්නන් උදෙසා යෙහෝවඃ වහන්සේ ඇති කරවන “යහපත්කම අඟවන නිමිත්ත” කුමක් ද? (ගීතාවලිය 86:17, NW)
එය නම් තමන් මතට ආ විවිධාකාර පීඩා විඳදරා ගැනීම සඳහා මුල් ක්‍රිස්තියානින් ව ශක්තිමත් කළාවූ ‘ශුද්ධාත්මයේ ප්‍රීතිය’ ය. (1 තෙසලෝනික 1:6) අද දිනත් එසේ ම ය, තව ද ‘සෑම යහපත් දීමේ ද සෑම සම්පූර්ණ දීමනාවේ ද’ දායකයාණන් වන යෙහෝවඃ වහන්සේ, ‘තමන් වහන්සේගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මය දීමට’ සතුටින් සිටින සේක. (යාකොබ් 1:17; ලූක් 11:13) එමනිසා, යේසුස් වහන්සේගේ අනුගාමිකයන් සඳහා “යහපත්කම අඟවන නිමිත්තක්” වන්නේ ශුද්ධාත්මයේ ප්‍රීතියයි.—12⁄15, පිටු 18-19.
▫ බොරු කීම සම්බන්ධයෙන් දෙවියන් වහන්සේගේ දෘෂ්ටිය පිළිගැනීම අප හට අතිශයින් වැදගත් වන්නේ ඇයි?
දෙවියන් වහන්සේ “බොරු කියන්නන් විනාශකරන සේක” යයි ගීතාවලිය 5:6 පවසයි. එළිදරව් 21:8 හි තවදුරටත් පවසන්නේ, සියලු බොරුකාරයන්ගේ ඉරණම “දෙවෙනි මරණය” කියා ය. මෙබැවින්, බොරු කීම සම්බන්ධ දෙවියන් වහන්සේගේ දෘෂ්ටිය පිළිගැනීම, සත්‍යය කථා කිරීමට ප්‍රබල හේතුවක් අප හට දෙන අතර, එසේ උන් වහන්සේගේ ජීවනයේ දීමනාව අපි ලබා ගන්නෙමු.—12⁄15, පිටුව 23.
▫ සමරිතානුවරුන්ගේ නමස්කාර ක්‍රමය සමන්විත වූයේ කුමකින් ද? (යොහන් 4:20)
සමරිතානුවන්, තම මිශ්‍ර නමස්කාරය තුළ, මෝසෙස්ගේ පළමු පොත් පහ වන පංච පුස්තකය පමණක් ශුද්ධ ලියවිලි වශයෙන් පිළිගත්තෝ ය. පොදු යුගයට පෙර හතරවන සියවසේ දී පමණ, යෙරුසලමේ දේවමාලිගාවත් සමඟ තරඟ වදිමින්, ඔවුහු ගෙරිසිම් කන්ද මත දේවමාලිගයක් ගොඩ නැගූහ. සමරිතානුවන්ගේ දේවමාලිගාව විනාශ කරනු ලැබුවද, අද දක්වා ඔවුහු ගෙරිසිම් කන්ද මත වාර්ෂික පාස්කු උත්සවයක් පවත්වති.—1⁄1, පිටුව 25.
▫ පරිසර දූෂණයට එරෙහි ව ව්‍යාපාරයන් දියත් කිරීම හෝ පවිත්‍ර කිරීමේ සැලැස්මවලට අනුබල දීම ක්‍රිස්තියානින්ගෙන් අවශ්‍ය කෙරේ ද?
පොළොව මත සිටි විට යේසුස් වහන්සේ තමන් වහන්සේගේ දවසේ තිබූ සියලු ම සමාජීය ගැටලු විසඳීමට උත්සාහ කළේ නැත. යෙහෝවඃ වහන්සේ, ස්වකීය මෙසියානු රාජ්‍යය මගින් ස්වකීය ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති සමස්ත ලෝක පරිමාණයකින් ක්‍රියාත්මක කරවන විට, පාරිසරික ගැටලු ස්ථිර වශයෙන් ම විසඳෙනු ඇත. මෙබැවින්, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ මේ පිළිබඳ ව සමබර දෘෂ්ටියක් දරති. අසල්වාසීන් හට ඇති ප්‍රේමය, අන්‍යයන්ගේ දේපළවලට ගෞරවය පෙන්වීමට ඔවුන් ව පොලඹවයි, නමුත් ඔවුන් හරි ලෙස පළමු තැනට තබන්නේ දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිළිබඳ පණිවුඩය දේශනා කිරීම ය. (මතෙව් 6:33)—1⁄1, පිටුව 31.
▫ යේසුස් වහන්සේ ආලෝකය දරන්නෙකු වශයෙන් සේවය කළේ කිනම් ආකාරවලින් ද? (යොහන් 8:12)
දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමට යේසුස් වහන්සේ තමන් වහන්සේ ව ම කැප කළ සේක. (ලූක් 4:43; යොහන් 18:37) උන් වහන්සේ ආගමික බොරුවල වෙස් මුහුණ ගලවා දැමූ අතර, මේ අයුරින් ආගමික වහල් බවේ හිර වී සිටි අයට ආත්මික නිදහස සැපයූ සේක. (මතෙව් 15:3-9) කැපීපෙනෙන ලෙස, මිදීමේ මිලයක් වශයෙන් තම පරිපූර්ණ මිනිස් ජීවිතය දානය කිරීමෙන් තමන් වහන්සේ ලෝකයේ ආලෝකය බව ඔප්පු කළ සේක. (මතෙව් 20:28; යොහන් 3:16)—1⁄15, පිටු 10-11.
▫ අප යෙහෝවඃ වහන්සේට යටත්වීමට ණය ගැති ව සිටීම සඳහා ඇති සමහරක් හේතු මොනවා ද?
යෙහෝවඃ වහන්සේ වනාහි විශ්වනීය පරමාධිපතියාණන් ය, තව ද මේ හේතුව නිසා උන් වහන්සේට යටත්වීමට අපි ණය ගැති ව සිටින්නෙමු. එමෙන් ම, යෙහෝවඃ වහන්සේ සර්වබලධාරී වන හෙයින්, උන් වහන්සේට විරුද්ධ වී සාර්ථක වන්නට කිසිවෙකුට නොහැක, එමනිසා, උන් වහන්සේට වූ අපගේ යටත්කම නොසලකා හරින්නට අපට නොහැක. සියලු බුද්ධිමත් මැවිලි මවනු ලැබුවේ, ඔවුන්ගේ මැවුම්කරුවාණන්ගේ අරමුණට සේවය කිරීමට වූ අතර, මෙය, සෑම අංගයක දී ම තමන් ව ම දෙවියන් වහන්සේට යටත්වීමේ බැඳියාව යටතට සියල්ලන් ව ම ගෙන එයි.—2⁄1, පිටු 10-11.
▫ පොතිඵර්ගේ භාර්යාව සමඟ වේශ්‍යාකම් කිරීමට එරෙහි වීමට යෝසෙප් හට උපකාරවත් වූයේ කුමක් ද?
යෝසෙප් හට තම මනස ක්‍රියාත්මක කරවන ප්‍රබල බලයක් තිබිණි. යෙහෝවඃ වහන්සේ සමඟ තිබූ තම සම්බන්ධතාවය ගැන සාවධාන ව සිටි ඔහු, වේශ්‍යාකමේ ක්‍රියාවක් ඇගේ සැමියාට එරෙහි ව කරන පාපයක් පමණක් නොව, නමුත් වඩා වැදගත් ලෙස, දෙවියන් වහන්සේට විරුද්ධ ව කරන පාපයක් ය යන කාරණය අගය කළේ ය.—2⁄15, පිටුව 21.
▫ “මම . . . සත්‍යය වෙමි” යනුවෙන් පැවසූ විට යේසුස් වහන්සේ ඉන් අදහස් කළේ කුමක් ද? (යොහන් 14:6, NW)
යේසුස් වහන්සේ නිකම් සත්‍යය කථා කර එය ඉගැන්වූවා පමණක් නොවේ; ඒ අනුව ජීවත් වූ උන් වහන්සේ, එය පුද්ගලාරෝපණය කළ සේක. මේ අනුව, ක්‍රිස්තියානි ධර්මය යනු හුදෙක් අදහසක් නොවේ; එය ජීවන මාර්ගයකි.—3⁄1, පිටුව 15.
▫ පනස් එක් වෙනි ගීතිකාවේ අඩංගු වන්නේ කුමන සැනසිලිදායක පාඩම ද?
අප බාධාවට ලක් වී පාපයට වැටෙන නමුත්, සැබෑවට ම පසුතැවිලි වන්නේ නම්, අපගේ ප්‍රේමනීය ස්වර්ගික පියාණන් අපගේ දයාව ඉල්ලා අප කරන මොර ගැසීම් අසා බලාපොරොත්තු විරහිත බවින් අප ව මුදාලන බව වටහා ගැනීමට මෙම ගීතිකාව අපට උපකාර කරයි. කෙසේ වුවද, අප ප්‍රධාන වශයෙන් සැලකිලිමත් විය යුත්තේ, යෙහෝවඃ වහන්සේගේ නාමය මත ගෙනැවිත් තිබෙන නින්දාව ගැන ය.—3⁄15, පිටුව 18.
▫ වතුර බව්තීස්මය මගින් සංකේතවත් කරන්නේ කුමක් ද?
බව්තීස්මය යනු යෙහෝවඃ දෙවියන් වහන්සේ කෙරෙහි යමෙකු කර ඇති කැප වීමේ බාහිර සංකේතයක් ය. වතුර යට ගිල්වීමෙන් පෙන්නුම් කරන්නේ, බව්තීස්මය ලබන අය, තමන් වටා ම කේන්ද්‍ර ගත වූ ජීවන මාර්ගය සම්බන්ධයෙන් මිය යන බව ය. වතුරෙන් ඉහළට පැමිණීමෙන් සංකේතවත් වන්නේ, දෙවියන් වහන්සේගේ කැමැත්ත කිරීම තම ජීවිතවල පළමු ස්ථානයේ තබමින්, එය කිරීමට දැන් ඔවුන් ජීවත් ව සිටින බව ය. (මතෙව් 16:24)—4⁄1, පිටු 5, 6.