විශ්වාසනීය වූ කලින් පැවසූ දෑ සොයා
“දින තුනකට කලින් කාරණා දැක ගත හැකි තැනැත්තේ වසර දහස් ගණනකට ධනවත් ව සිටිනු ඇත.” මෙසේ පවසන්නේ චීන ප්‍රස්තා පිරුළකි.
අනාගතය කොයි ආකාර වනු ඇත්දැයි දැනගැනීමට ජනයා තුළ උනන්දුවක් ඇති අතර බොහෝ දෙනෙක් විශ්වාසය තැබිය හැකි එවන් තොරතුරු උදෙසා විශාල මුදලක් සතුටින් ගෙවනු ඇත. ඔවුහු විශ්වාසනීය වූ කලින් පැවසූ දෑ සොයති. කාලගුණ අනාවැකි හෙවත් කලින් පැවසීම් සහ ආර්ථික දර්ශකවලින් දැකිය හැකි පරිදි, ඉදිරියේ දී සිදු වන්නට යන සිද්ධීන් ගැන අපට උනන්දුවක් ඇත. එපමණක් නොව, අනාගතය පිළිබඳ විශ්වාසදායක අවබෝධය අපගේ ජීවිත සැලසුම් කර හැසිර වීමට ද අපට හැකියාව ලබා දෙනු ඇත.
අනාගතයේ දී කුමක් වනු ඇත්දැයි දැනගැනීමට ඇති ආශාව බොහෝ දෙනෙකු ව ශාස්ත්‍රකාරයන්, දෛවඥයන්, ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්, හා මායාකාරයන් යනාදීන්ගෙන් අදහස් විමසීමට පොලඹවයි. පොත් සාප්පු හා සඟරා රාක්ක අනාගතය පුරෝකථනය කරන්නේ යයි පවසන පුරාතන හා නවීන ලිපිවලින් පිරී ඇත. එහෙත් මෙයාකාර කලින් පැවසීම් අනුමාන තත්ත්වයක පවතී. රෝමානු දර්ශන වාදියෙකු වන කේටො මෙසේ පැවසූ බවට වාර්තා වී ඇත: ‘එක් ශාස්ත්රකාරයෙක් තවත් ශාස්ත්‍රකාරයෙකු ව දකින ඕනෑ ම අවස්ථාවක සිනහා නොවීම මට පුදුමයකි.’
ඇත්ත වශයෙන් ම, වර්ග බොහොමයක කලින් පැවසීම ඇත. වර්ෂ 1972 දී, ක්ලබ් ඔෆ් රෝම් යනුවෙන් ප්‍රසිද්ධ වූ, ශාස්ත්‍රඥයන්ගේ හා ව්‍යාපාරිකයන්ගේ ජාත්‍යන්තර කණ්ඩායමක් යළි අලුත්වැඩියා කළ නොහැකි සම්පත්, ලෝකයෙන් ඉක්මනින් ක්ෂය වී යනු ඇතැයි කලින් පවසන ලද අධ්‍යනයක් ප්‍රකාශයට පත් කළේ ය. වර්ෂ 1981 දී රත්රන් ද, 1985 දී රසදිය ද, 1990 දී තුත්තනාගම් ද, 1992 දී පැට්රෝලියම් ද ආදිය ඊට අහිමි වනු ඇත. මෙම කලින් පැවසීම් සැබෑ නොවූ බව අපට දැන් පෙනේ.
අනාවැකි බොහොමයක් ආගමික අදහස් මත පදනම් කර ඇත. උදාහරණ වශයෙන්: 11වන ශතවර්ෂයේ මුල් භාගයේ දී ඩෙන්මාර්කය, එංගලන්තය ආක්‍රමණය කිරීම ලෝකයේ අවසානය ළඟා වී ඇති බවට ලකුණක් වී යයි සැක්සන් ප්‍රාන්තයේ බිෂොප් වුල්ෆ්ස්ටන් විශ්වාස කළේ ය. තෝමස් මුන්සර් දර්ශනයක දී දේව දූතයන් දෑකැති මුවහත් කරනු දැක එය මහත් අස්වැන්නක් නෙළීමක් වනු ඇතැයි කල්පනා කිරීම හේතුවෙන්, වර්ෂ 1525 දී, ජර්මානු ගැමියන්ගේ කැරැල්ලක් මෙහෙය වී ය. පැහැදිලි ව ම, මෙම කලින් පැවසීම් වැරදි සහගත විය.
බයිබලයේ ද කලින් පැවසීම් ඇති බව ඔබ දැනටමත් දන්නවා විය හැකි ය. එපමණක් ද නොව, බයිබල් ලේඛකයෝ තමන්ට දේවානුභාවය ලැබුණු බව ද තරයේ කියා සිටිති. ක්‍රිස්තියානි ප්‍රේරිත පේතෘස් මෙසේ පැවසී ය: “ශුද්ධ ලියවිල්ලේ කිසි අනාගත වාක්‍යයක් යම් පුද්ගලික අභිප්‍රායකින් හට නොගනී. මන්දයත් කිසි අනාගත වාක්‍යයක් මනුෂ්‍ය කැමැත්තෙන් කිසි කලක නොපැමිණි නිසා ය. නුමුත් මනුෂ්‍යයෝ ශුද්ධාත්මයෙන් පොළඹවනු ලැබ, දෙවියන් වහන්සේගෙන් ලැබූ ලෙස කථා කළෝ ය.”—2 පේතෘස් 1:20, 21, NW.
පුරෝකථනය කර ඇති විවිධ දේවල් අතුරින්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වර්ගීය රාජ්‍ය බලයෙන් යුක්ත ව පැමිණීම අත්දකින පරම්පරාව හඳුන්වා දෙන්නා වූ විවිධ සිද්ධීන් ද, බයිබලය පුරෝකථනය කළේ ය. පෙර නොදුටු විරූ යුද්ධ, සාගත, භූමිකම්පා මෙන් ම, මනුෂ්‍ය සදාචාරයේ බිඳ වැටීම, බයිබලය “අන්තිම දවස්” ලෙසට විස්තර කරන කාලයේ කැපී පෙනෙන අංග ලක්ෂණ වනු ඇත. (2 තිමෝති 3:1-5; මතෙව් 24:3-14, 34) බයිබලය පවසන පරිදි, වත්මන් දේවල පිළිවෙළ ඉවත් කිරීමෙන්, නිම නොවෙන ආශීර්වාද සහිත ව මිනිස් වර්ගයාගේ සන්තෝෂයට මාවත විවෘත වන්නේ ය.—2 පේතෘස් 3:13; එළිදරව් 21:1-4.
බයිබලයේ ඇති එවන් කලින් පැවසීම් ගැන ඔබ කල්පනා කරන්නේ කෙසේ ද? වෙනත් පුරෝකථනයන් බොහොමයක් හා සමාන ව, ඒවාත් නිකම් ම අනුමානයන් ද? අතීත සිද්ධීන් සම්බන්ධයෙන් බයිබලයේ කලින් පැවසීම් විශ්වාසනීය ව තිබුණේ දැයි නිශ්චය කිරීමෙන්, තවමත් ඉෂ්ට නොවූ බයිබල් අනාවැකිවල විශ්වාසනීයත්වය අපට පරීක්ෂා කර බලන්නට පුළුවන. මීළඟ ලිපියේ, අපි මේවායින් කීපයක් සලකා බලමු.
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Courtesy National Weather Service