පාඨකයන්ගෙන් ප්‍රශ්න
මෙල්කිසදෙක් නම් පුරාතන පූජකයා සැබෑ මනුෂ්‍යයෙක් ව සිටි බැවින්, ඔහු ‘පෙළපතක්වත් නැති ව සිටියේ’ යයි බයිබලය පවසන්නේ මන්ද?
මෙම ප්‍රකාශය සඳහන් ව ඇත්තේ හෙබ්‍රෙව් 7:3 හි ය. මෙම වගන්තිය එහි අවට පාඨ සම්බන්ධය සමඟ සලකා බලන්න.
“එසේය, සාලමේ රජවූ, මහෝත්තම දෙවියන්වහන්සේගේ පූජකයෙක්වූ, මේ මෙල්කිසදෙක් ආබ්‍රහම් රජුන් මැරීමෙන් හැරී එද්දී සමුඛව ඔහුට ආශීර්වාදකෙළේය. ආබ්‍රහම් සියල්ලෙන් දසයෙන් කොටසක් ඔහුට දුන්නේය. පළමුකොට ඔහුගේ නාමය, අර්ථයේ හැටියට, ධර්මිෂ්ඨකමේ රජය, දෙවනුව සමාදානයේ රජයයි අර්ථ ඇති සාලමේ රජ්ජුරුවෝය. තවද පියෙක්වත් මවෙක්වත් පෙළපතක්වත් දවස්වල පටන්ගැන්මක්වත් ජීවිතයේ කෙළවරක්වත් නැත්තාවූ මේ තෙමේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාට සමානකරනු ලැබ නිතරම පූජකයෙක්ව පවතින්නේය.”—හෙබ්‍රෙව් 7:1-3.
සඳහන් ව ඇති ආකාරයට, මෙල්කිසදෙක් කෙළින් ම කටයුතු කළ ආබ්‍රහම් හා සමාන ව, සැබෑ මනුෂ්‍යයෙක් වූයේ ය. (උත්පත්ති 14:17-20; හෙබ්‍රෙව් 7:4-10) එය එසේ වූ බැවින්, මෙල්කිසදෙක්ට මව්පියන්, පියෙක් හා මවක්, සිටින්නට ඇති අතර ඔහුගෙන් පැවතෙන්නන් ද සිටින්නට ඇත. එබැවින්, මනුෂ්‍යයෙක් හැටියට ඔහුට පෙළපතක්, නැතහොත් පෙළපත දක්වන සටහනක් තිබෙන්නට ඇත. ඔහුට සිය ජීවිතයේ නිමාවක් තිබෙන්නට ද ඇත. රෝම 5:12, 14 හි ප්‍රේරිත පාවුල්ගේ ප්‍රකාශයට එකඟ ව, යම් අවස්ථාවක මෙල්කිසදෙක් මිය ගියේ ය. එහෙත් මෙල්කිසදෙක් මිය ගිය හා එනයින් පූජකයෙක් හැටියට සේවය කිරීම නතර කළ අවස්ථාව අප නොදන්නා බැවින්, එය සැලකිල්ලට ගත් කල, ඔහු දන්නා ලද අවසානයක් නොදැන සේවය කළ කෙනෙකි.
හෙබ්‍රෙව් පොත තුළ, උත්තරීතර උත්තම පූජකයෙක් හැටියට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කාර්ය භාරය සාකච්ඡා කරන විට, පාවුල් මෙල්කිසදෙක් ගැන සඳහන් කළේ ය. යේසුස් වහන්සේගේ මෙම පූජක කාර්ය භාරය තුළ, මෙල්කිසදෙක් ව ආදර්ශයක්, නැතහොත් ආකෘතියක් හැටියට දක්වමින්, “යේසුස්වහන්සේ මෙල්කිසදෙක්ගේ පිළිවෙළේ හැටියට . . . උත්තම පූජකයෙක්” බවට පත් ව ඇතැයි පාවුල් පැවසී ය. (හෙබ්‍රෙව් 6:20) කොයි අර්ථයෙන් ද?
මෙල්කිසදෙක්ගේ පවුලේ පෙළපත—ඔහුගේ මුතුන් මිත්තන් හෝ ඔහුගෙන් පැවත එන්නන්—පිළිබඳ ව බයිබල් වාර්තාව විස්තර නොදක්වන බව පාවුල් තේරුම් ගන්නට ඇත. එම තොරතුරු බයිබලයේ වාර්තා කොට නැත. එබැවින්, පාවුල් දැන සිටි නැතහොත් අප දන්නා ස්ථාවරයෙන්, මෙල්කිසදෙක් “පෙළපතක්වත් නැති ව සිටියේ” යයි (න වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් ඔෆ් ද හෝලි ස්ක්‍රිප්චර්ස්; අමෙරිකන් ස්ටෑන්ඩර්ඩ් වර්ෂන්), “පරම්පරාව පිළිබඳ ලේඛනයක් නැති ව සිටියේ” යයි (ඩබ්. ජේ. කොනිබෙයාරේ), නැතහොත් “පෙළපත දක්වන සටහනක් නැති ව” සිටියේ යයි (ජේ. බී. ෆිලිප්ස්) නිවැරදි ව පැවසිය හැකි ය.
යේසුස් වහන්සේ එයාකාර වූයේ කෙලෙස ද? යෙහෝවඃ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ පියා ව සිටි බවත්, යුදා ගෝත්‍රයේ මරියා උන් වහන්සේගේ මිනිස් මව ව සිටි බවත් අපි පිළිගනිමු. එහෙත් මෙල්කිසදෙක් හා යේසුස් වහන්සේ අතර සමානත්වයක් තිබුණි. ඒ කෙසේ ද? යේසුස් වහන්සේ ඉපදුණේ, ඊශ්‍රායෙල් ජාතියේ පූජක ගෝත්‍රය වූ ලෙවී ගෝත්‍රයේ නොවේ ය. නැත, යේසුස් වහන්සේ පූජකයෙක් වූයේ මනුෂ්‍ය පෙළපතකින් නොවේ. මෙල්කිසදෙක් පවා පූජකයෙක් බවට පත් වූයේ “මාංසයට අයිති ආඥාපනතේ හැටියට” නොවේ ය, එනම්, පූජක පෙළපතක් හා පවුලක් තුළ ඉපදීමෙන් නොවේ ය. (හෙබ්‍රෙව් 7:15, 16) තමා ම පූජකයෙක් ව සිටි මනුෂ්‍ය පියෙක් තුළින් පූජකයෙක් බවට පත් වනු වෙනුවට, යේසුස් වහන්සේ “මෙල්කිසදෙක්ගේ පිළිවෙළේ හැටියට උත්තම පූජකයෙක්ය යන නම දෙවියන්වහන්සේගෙන්” ලබන්නට විය.—හෙබ්‍රෙව් 5:10.
තවදුරටත්, තමාගේ පූජකත්වය ලැබීමට තමාගෙන් පැවතෙන්නෙක් හෝ අනුප්‍රාප්තිකයෙක් යේසුස් වහන්සේට සිටියේ නැත. මෙම අර්ථයෙන් ගත් විට පවා, උන් වහන්සේ සිටියේ පෙළපතක් නැති ව ය. උපකාරවත් උපදේශකයෙක් හැටියට උන් වහන්සේ සදාකාලයට ම තමාගේ පූජක සේවය කරගෙන යනු ඇත. පාවුල් මෙසේ පවසමින් එම නිත්‍ය සේවාව ගැන අදහස් දැක්වී ය:
“[යේසුස් වහන්සේ] සදාකාලේටම පවතින හෙයින්, උන්වහන්සේගේ පූජකකම පහවන්නේ නැත. එබැවින්, උන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නන් උදෙසා මැදහත්කම්කරන පිණිස උන්වහන්සේ නිරතුරුම ජීවත්වන හෙයින්, ඔවුන් කෙළවර දක්වාම ගළවන්ට උන්වහන්සේට පුළුවන.”—හෙබ්‍රෙව් 7:24, 25.
එබැවින් හෙබ්‍රෙව් 7:3 හි ඇති පාවුල්ගේ වදන් කෙරෙහි අප යොමු කළ සැලකිල්ල, අපගේ මතකයේ තබා ගත යුතු දැනගැන්මට වැඩි යමක් අදහස් කළ යුතු ය. එය, සදාකාලයට ම පව්වලට සමාව ලබා ගැනීම සඳහා යෙහෝවඃ වහන්සේ අප වෙනුවෙන් කර ඇත්තා වූ ප්‍රේමනීය සැපයුම කෙරෙහිත්, උපකාරය හා මඟ පෙන්වීම නිරන්තර ව ලබා ගැනීම සඳහා උන් වහන්සේ සකසා ඇති මාර්ගය කෙරෙහිත් අපගේ අගැයීම ශක්තිමත් කළ යුතු ය.