පාඨකයන්ගෙන් ප්‍රශ්න
බයිබලය නිතර “පියා නැති [පිරිමි, NW] දරුවෙකු” ගැන සඳහන් කරන බැවින්, මෙය දැරියන් ගැන අඩු සැලකිල්ලක් අදහස් කරයි ද?
ස්ථීර ව ම නැත.
මව්පියෙක් නොමැති දරුවන් සඳහා දෙවියන් වහන්සේගේ සැලකිල්ල විදහා පෙන්වීමට, පද බොහොමයක “පියා නැති පිරිමි දරුවෙකු” යන වාක්‍ය ඛණ්ඩය නිව් වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් ඔෆ් ද හෝලි ස්ක්‍රිප්චර්ස් නම් බයිබල් පරිවර්තනය භාවිතා කරයි. දෙවියන් වහන්සේ ඊශ්‍රායෙලිතයන්ට දුන් ව්‍යවස්ථාවේ මෙම සැලකිල්ල පැහැදිලි කළ සේක.
උදාහරණයක් වශයෙන්, දෙවියන් වහන්සේ මෙසේ වදාළ සේක: “කිසි කනවැන්දුමියෙකුටවත් පියා නැති [පිරිමි, NW] දරුවෙකුටවත් හිංසා නොකරන්න. නුඹ යම් ආකාරයකින් ඔවුන්ට හිංසාකළොත් ඔවුන් මට හඬගැසුවාම මම සැබවින්ම ඔවුන්ගේ හඬ අසන්නෙමි; එවිට මාගේ උදහස ඇවිළෙනවා ඇත, මමද කඩුවෙන් නුඹලා මරාදමන්නෙමි; මෙසේ නුඹලාගේ භාර්යාවෝ කණවැන්දුමියෝද නුඹලාගේ [පිරිමි, NW] දරුවෝ පියා නැත්තෝද වන්නෝය.” (නික්මයාම 22:22-24) “නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ, NW] දෙවිවරුන්ගේ දෙවියන්වහන්සේය, ස්වාමීවරුන්ගේ ස්වාමීන්වහන්සේය, මහත්වූ බලසම්පන්නවූ භයංකරවූ දෙවියන්වහන්සේය, උන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් බලන්නේවත් අල්ලසක් ගන්නේවත් නැත. උන්වහන්සේ පියා නැති [පිරිමි, NW] දරුවාටද වැන්දඹුවටද යුක්තිය ඉෂ්ටකරදෙන සේක.”—ද්විතීය කථාව 10:17, 18, NW; ද්වි 14:29; 24:17; 27:19.
බොහෝ බයිබල් පරිවර්තනවල මෙම වගන්තිවල “පියා නැති දරුවා” හෝ “අනාථ දරුවා” යන වදන් සඳහන් ව ඇති අතර, එසේ ඒවා දරුවන් හා දැරියන් යන දෙපිරිස ම පියවයි. කෙසේ වෙතත්, එවන් යෙදුම් පුරුෂාකාර අර්ථයක් දෙමින් හෙබ්‍රෙව් වදනේ (යා·තොහ්ම්’) ගැබ්ව ඇති රසය නොසලකා හරී. ඒ වෙනුවට නිව් වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් ඔෆ් ද හෝලි ස්ක්‍රිප්චර්ස් නම් බයිබලය ගීතාවලිය 68:5 හි දක්නට ලැබෙන ලෙසින් “පියා නැති පිරිමි දරුව(න්)” යනුවෙන් එය යොදා නිවැරදි අදහස දක්වයි. එය අපට ගීතාවලිය 68:5 හි කියවන්නට ඇත්තේ මෙසේ ය: “ස්වකීය ශුද්ධ නිවාසයෙහි වැඩ වසන දෙවියන්වහන්සේ පියා නැති [පිරිමි, NW] දරුවන්ට පියෙක්ද වැන්දඹුවන්ට විනිශ්චයකාරයෙක්ද වන සේක.” හෙබ්‍රෙව් වදනේ පසුතල අදහසට එම සංවේදිතාවය ම පදනම් කර ගනිමින්, ගීතාවලිය 68:11 හි ක්‍රියා පදයක ස්ත්‍රී ලිංග වදන, නිර්දේශ කරන්නේ එය මෙසේ යෙදිය යුතු බව ය: “ශුභාරංචිය පතුරුවන ස්ත්‍රීහු මහත් සේනාවක්ය.”a
යා·තොහ්ම්’ යන වදන ප්‍රධාන වශයෙන් “පියා නැති පිරිමි දරුවා” යනුවෙන් යොදා තිබුණත්, මව්පියෙක් නැති දැරියන් සඳහා සැලකිල්ල නොමැතිකමක් මෙය අදහස් කරන්නේ යයි නොසිතිය යුතු ය. උපුටා දක්වන ලද කොටස මෙන් ම වෙනත් වගන්ති ද පෙන්වන්නේ ස්ත්‍රීන්ට, වැන්දඹුවන්ට සැලකිල්ල දැක්වීමට දෙවියන් වහන්සේගේ ජනයා ව දිරිගන්වා තිබූ බව ය. (ගීතාවලිය 146:9; යෙසායා 1:17; යෙරෙමියා 22:3; සෙකරියා 7:9, 10; මලාකී 3:5) ශෙලෝඵෙහාද්ගේ පියා නැති දියණියන් සඳහා උරුමයක් සහතික කළ විනිශ්චයමය තීරණයක් පිළිබඳ වාර්තාව ද දෙවියන් වහන්සේ ව්‍යවස්ථාවට ඇතුළත් කළ සේක. එසේ පියා නැති දැරියන්ගේ අයිතිවාසිකම් ලබා දෙමින්, සමාන තත්ත්වයන් සමඟ ක්‍රියා කිරීමට එම තීරණය පනතක් බවට පත් විය.—ගණන් කථාව 27:1-8.
දරුවන්ට කරුණාව පෙන්වන විට, යේසුස් වහන්සේ ස්ත්‍රී පුරුෂභාවය අනුව වෙනස් ව කටයුතු කළේ නැත. ඒ වෙනුවට, අපට මෙසේ කියවන්නට ඇත: “ඔව්හු ළදරුවන් පිට උන්වහන්සේගේ අත තබවාගන්න පිණිස ඔවුන් උන්වහන්සේ ළඟට ගෙනාවෝය. නුමුත් ගෝලයෝ ඔවුන්ට සැරකළෝය. යේසුස්වහන්සේ ඒ දැක ඉතා අමනාපවී: ළදරුවන් මා ළඟට එන්ට හැරපල්ලා; ඔවුන් වලක්වන්ට එපා. මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය මෙබඳුවන්ගේය. සැබවක් නුඹලාට කියමි—යමෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යය ළදරුවෙකුමෙන් පිළි නොගත්තොත් ඔහු කිසිසේත් එහි ඇතුල් නොවන්නේයයි ඔවුන්ට කීසේක. උන්වහන්සේ ඔවුන් වඩාගෙන, ඔවුන් පිට අත් තබා, ඔවුන්ට ආශීර්වාදකළසේක.”—මාර්ක් 10:13-16.
මෙහි “ළදරුවන්” හැටියට පරිවර්තනය කර ඇති ග්‍රීක් වදන නපුංසක ලිංගයට අයත් ය. මෙම වදන “දරුවන් හා දැරියන් සඳහා භාවිතා කර ඇති” බව සුප්‍රකට ග්‍රීක් ශබ්ද කෝෂයක් පවසයි. යෙහෝවඃ වහන්සේ දරුවන් කෙරෙහි, එනම් පිරිමි හා ගැහැනු දරුවන් කෙරෙහි දක්වන උනන්දුවට අනුරූප උනන්දුවක් යේසුස් වහන්සේ විදහා පෙන්වමින් සිටි සේක. (හෙබ්‍රෙව් 1:3; සසඳන්න ද්විතීය කථාව 16:14; මාර්ක් 5:35, 38-42.) එබැවින් “පියා නැති [පිරිමි, NW] දරුවෙකු” සඳහා සැලකිල්ල දැක්වීම පිළිබඳ හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල ඇති උපදේශය මව්පියන්ගෙන් කෙනෙක් හෝ දෙදෙනා ම නැති සියලු දරුවන් පිළිබඳ අප සැලකිලිමත් විය යුතු ආකාරය ගැන අවවාද දෙන බව මෙසේ අප තේරුම් ගත යුතු ය.
[පාදසටහන්වල]
a යුදෙව් ටනාඛ් ග්‍රන්ථයේ එය මෙසේ කියවන්නට ඇත: “ස්වාමීන් වහන්සේ ආඥාවක් දෙන සේක; ආරංචිය ගෙනෙන්නා වූ කාන්තාවන් විශාල සේනාවක් ය.”