ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w09 4/1 31 පි.
  • පියා නැති දරුවන්ට පියෙක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පියා නැති දරුවන්ට පියෙක්
  • 2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “පියා නැත්තන්ට” ප්‍රේමණීය සැලකිල්ල දක්වන්න
    2002 අපගේ රාජ්‍ය සේවාව
  • පියෙකු නොමැති කල—පිළියමක් සොයා
    2000 පිබිදෙව්!
  • පියෙකු නොමැති පවුල්—වත්මන් උවදුරකි
    2000 පිබිදෙව්!
තව තොරතුරු
2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w09 4/1 31 පි.

දෙවිට ළං වෙන්න

පියා නැති දරුවන්ට පියෙක්

නික්මයාම 22:22-24

“ශුද්ධ වාසස්ථානයේ සිටින” යෙහෝවා දෙවිව බයිබලයේ විස්තර කර තිබෙන්නේ “පියා නැති දරුවන්ගේ පියා” ලෙසයි. (ගීතාවලිය 68:5, නවලොව පරිවර්තනය, NW) අසරණ වී සිටින අය ගැන යෙහෝවා දෙවි මොන තරම් සැලකිලිමත්ද කියා එම වදන්වලින් මනාව පැහැදිලි වෙනවා. එය තවදුරටත් තේරුම්ගැනීම සඳහා යෙහෝවා දෙවි අතීතයේ සිටි ඊශ්‍රායෙල් ජාතියට “පියා නැති දරුවන්” සම්බන්ධයෙන් පැවසූ දේ අපි දැන් සලකා බලමු. එය වාර්තා වී තිබෙන්නේ නික්මයාම 22:22-24 දක්වා ඡේදවලයි.

‘පියා නැති දරුවන්ට හිරිහැර නොකළ යුතුයි’ කියා දෙවි පැවසුවා. (නික්මයාම 22:22, NW) එය අසරණ දරුවන්ව බලාගන්නා ලෙසට දෙවි කළ ඉල්ලීමක් නොවෙයි. ඒ වෙනුවට එය දෙවි පැනවූ නියෝගයක්. පියවරුන් දරුවන්ට රැකවරණය සලසා ඔවුන්ට අවශ්‍ය දේවල් සපයන නිසා පියෙකු අහිමි වූ විට දරුවන් ඉතා අසරණ තත්වයකට පත් වෙනවා. කිසිම කෙනෙක් එවැනි අසරණ දරුවන්ට “හිරිහැර” නොකළ යුතු බව දෙවි පැවසුවේ ඒ නිසයි. ඇතැම් බයිබල් පරිවර්තනවල “හිරිහැර” යන වචනය වෙනුවට “හිංසා කිරීම” සහ “අයුතු ප්‍රයෝජන ගැනීම” වැනි වචන යොදා තිබෙනවා. පියා නැති දරුවන්ට හිංසා කිරීම දෙවි සැලකුවේ බරපතළ වරදක් ලෙසයි. දැන් අපි ඒ ගැන සලකා බලමු.

“ඔබ ඔවුන්ට හිරිහැර කළොත් ඔවුන් හැඬූ කඳුළින් මට කරන කන්නලව්වලට මම අනිවාර්යයෙන්ම සවන් දෙන්නෙමි” කියා දෙවි පැවසුවා. (නික්මයාම 22:23, NW) මෙහිදී “ඔබ” කියා දෙවි ආමන්ත්‍රණය කළේ මුළු ඊශ්‍රායෙල් ජාතියටමයි. පියා නැති දරුවන් උපකාර ඉල්ලා යෙහෝවා දෙවිට හඬ නඟන විට ඔවුන්ට පිහිට වීමට යෙහෝවා දෙවි සූදානමින් සිටිනවා.—ගීතාවලිය 10:14; හිතෝපදේශ 23:10, 11.

ඒ නිසා පියා නැති දරුවන්ට යම් කෙනෙක් හිරිහැර කළොත් යෙහෝවා දෙවි එවැනි අය කෙරෙහි “මහත් සේ උදහස් වී” ඔවුන්ව “කඩුවෙන් මරා දමන්නෙමි” කියා ඊශ්‍රායෙල්වරුන්ට පැවසුවා. (නික්මයාම 22:24, NW) එවැනි අයව විනිශ්චය කිරීමේ කාර්යය යෙහෝවා දෙවි විනිශ්චයකරුවන්ට භාර දුන්නේ නැහැ. ඒ වෙනුවට යෙහෝවා දෙවිම එවැනි අයව විනිශ්චය කරනවා.—ද්විතීය කතාව 10:17, 18.

අදටත් දෙමව්පියන් අහිමි වූ දරුවන් ගැන යෙහෝවා දෙවි විශේෂ සැලකිල්ලක් දක්වනවා. (මලාකි 3:6; යාකොබ් 1:27) පියා නැති අසරණ දරුවන්ට හිරිහැර කිරීම දෙවි ඉදිරියේ සුළුපටු කාරණයක් නොවෙයි. එසේ කරන අයට ‘යෙහෝවා දෙවිගේ දැවෙන උදහසින්’ බේරෙන්න හැකි වෙන්නේ නැහැ. (ශෙපනියා 2:2, NW) ඒ ආකාරයට දෙවිගේ අතින් දඬුවම් විඳීමට සිදු වීම දරුණු දෙයක්.—හෙබ්‍රෙව් 10:31.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න