ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w94 8/1 31 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • අන්තිම කාලයේ සැබෑ නමස්කාරකයන්ව හඳුනාගැනීම
    දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න!
  • දානියෙල්ගේ අනාවැකිමය දවස් හා අපගේ ඇදහිල්ල
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දානියෙල්ට පුදුමාකාර විපාකයක් පොරොන්දු වෙයි
    දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න!
  • දානියෙල් පොත සහ ඔබ
    දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න!
තව තොරතුරු
1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w94 8/1 31 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

“මුරටැඹ” සඟරාවේ පැහැදිලි කරනු ලැබූ ආකාරයට දානියෙල්ගේ අනාවැකි අධ්‍යයනය කිරීමෙන් අපි මහත් ආස්වාදයක් ලැබුවෙමු. කෙසේවෙතත්, එළිදරව් 11:3හි කාලවල් තුනහමාර සඳහාවූ දින “එළිදරව්වේ උච්චාවස්ථාව” පොතෙන් වෙනස්වූයේ මන්ද?

එසේය වර්ෂ 1993 නොවැම්බර් 1වන දිනැති මුරටැඹ, එළිදරව් 11:3හි නවීන ඉටුවීම පිළිබඳව කාල නියමයේ සුළු නිවැරදි කිරීමක් කර ඇති බව සැබෑවකි. ඒ මන්ද?

අපි මුලින්ම එළිදරව් 11:2 කෙරෙහි අවධානය යොමු කරමු. එහි අවසානයේ “සතළිස් දෙමාසයක්” ගැන සඳහන් වේ. ඉන්පසු 3වන වගන්තියේ කියවීමට ඇත්තේ, “තවද මාගේ සාක්ෂිකාරයන් දෙදෙනාට (බලය) දෙන්නෙමි. ඔව්හු එක්දහස් දෙසිය සැට දවසක් ගෝණිරෙදි හැඳ, අනාගතවාක්‍ය කියන්නෝය” යනුවෙනි. එය අදාළ වන්නේ කුමන කාලයටද?

හොඳයි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ දිගු කලක් පුරා පිළිගෙන තිබෙන්නේ මෙම අනාවැකිය 1914 “ජාතීන්ගේ නියමකරන ලද කාලවල්” (අන්‍යජාතීන්ගේ කාලවල්) අවසන් වීමෙන් පසු ආත්මයෙන්-ආලේප ලත් ක්‍රිස්තියානින් සම්බන්ධයෙන් ඉටුවූ බවය. (ලූක් 21:24; 2 කොරින්ති 1:21, 22) මේ ගැන අදහස් දක්වමින්, එළිදරව්ව—එහි උදාර උච්චාවස්ථාව අත ළඟය!a (1988) නමැති පොත 164වන පිටුවේ පවසන්නේ මෙසේය: “මෙහි අනාවැකියෙන් සඳහන් කරන ලද සිද්ධීන්වලට ගැළපුණු දෙවියන් වහන්සේගේ ජනයාගේ දුෂ්කර අද්දැකීම් සහිත ලකුණු කරන ලද අවුරුදු තුනහමාරක කාල පරිච්ඡේදයක් තිබිණ—1914 අන්තිම භාගයෙහි පළමු ලෝක යුද්ධය හටගැනීමත් සමඟ ආරම්භ වී 1918 මුල් කාලය දක්වා පැවති කාල පරිච්ඡේදයකි.”

එහි දින නියමය “1914 අන්තිම භාගයෙහි පළමු ලෝක යුද්ධය හටගැනීමත් සමඟ ආරම්භ වී 1918 මුල් කාලය දක්වා පැවති කාල පරිච්ඡේදය” බව සැලකිල්ලට ගන්න. මෙය, දෙන් ඉස් ෆිනිෂ්ට් ද මිස්ට්‍රි ඔෆ් ගෝඩ් (1969) නම් පොතේ, 261-4 පිටුවල නිතර ඉදිරිපත් කර ඇති දින නියමයට ගැළපේ.*

කෙසේවෙතත්, මුරටැඹ සඟරාව අවධානය යොමු කළේ, පසුකාලයේ එළිදරව්වේ සඳහන් කරන ලද කාල පරිච්ඡේදයට—එනම්, වසර 3 1⁄2කට, මාස 42කට—සමාන කාල පරිච්ඡේදයක් ගැන දෙවරක් සඳහන් කරන පොතක් වන, දානියෙල් පොතේ අනාවැකි කෙරෙහිය. නියත වශයෙන් කියතොත්, “කාලයකටද කාලවලටද කාල භාගයකටද,” නොහොත් කාලවල් 3 1⁄2කට, දෙවියන්වහන්සේගේ ශුද්ධවන්තයන්ට පීඩා කරනු ලබනවා ඇතැයි දානියෙල් 7:25 පවසයි. පසුව, දානියෙල් 12:7 පුරෝකථනය කරන්නේ “ශුද්ධවන්ත සෙනගගේ බලය විසිර වීම තීන්දු” කිරීමත් සමඟ උච්චාවස්ථාවට පත්වනු ඇති “[නියම කරන ලද, NW] කාලයක්, [නියම කරන ලද, NW] කාලවල් හා කාල භාගය[ක්],” නොහොත් කාලවල් 3 1⁄2ක් ගැනය.

මේ අනුව සමාන කාල පරිච්ඡේදයක් ගැන කථා කරන අනාවැකි අපට දානියෙල් 7:25, දානියෙල් 12:7, හා එළිදරව් 11:2, 3හි, මෙන්ම එළිදරව් 13:5හි අපට දක්නට ලැබේ. අපගේ ප්‍රකාශන පෙන්වා ඇත්තේ මේ සියල්ල 1914-18 කාල පරිච්ඡේදය තුළ ඉටුවූ බවය. එහෙත් මේ එක් එක් අනාවැකිය තනිව සැලකිල්ලට ගත් කල, ඒවායේ ආරම්භය හා අවසානය සඳහා නියමිත දින සුළු වශයෙන් වෙනස් විය.

කෙසේවෙතත්, 1993 නොවැම්බර් 1වන දිනැති මුරටැඹ සඟරාව ඇසුවේ, “මෙම සමාන්තර අනාවැකි සියල්ල ඉටු වූයේ කෙසේද?” යනුවෙනි. එසේය, දානියෙල් 7:25හි, දානියෙල් 12:7හි, හා එළිදරව් 11:3හි සඳහන් කරන ලද කාලවල් 3 1⁄2 පිළිබඳ අනාවැකි “සමාන්තර අනාවැකි” හැටියට පිළිගනු ලැබීය. එබැවින්, ඒවා එහි ආරම්භය හා අවසානය සම්බන්ධයෙන් අනුරූප වනු ඇත.

එහි අවසානය ගැන සඳහන් කරමින්, 1918 ජූනි මාසයේ ජේ. එෆ්. රදෆර්ඩ් මෙන්ම වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සමිතියේ වෙනත් අධ්‍යක්ෂකවරුන් “දිගු කලකට සිර භාරයට නියම” කරන ලද විට දෙවියන්වහන්සේගේ ආලේප ලත් අයවලුන්ට පීඩා සිදුකිරීම උච්චාවස්ථාවට පත්වූ ආකාරය එම සඟරාව පෙන්වා දුණි. එම සිද්ධිය, දානියෙල් 12:7හි සඳහන් කර ඇති පරිදි, ස්ථිර වශයෙන්ම “ශුද්ධවන්ත සෙනගගේ බලය විසිර වීම තීන්දු” කිරීමක් විය.

වර්ෂ 1918 ජූනි මාසයේ සිට කාලවල් 3 1⁄2 ආරම්භය දෙසට ආපස්සට ගණින විට අප පැමිණෙන්නේ 1914 දෙසැම්බර් මාසයටයි. වර්ෂ 1914 නිම වූ එම මාසයේ, පොළොව මත සිටි දෙවියන්වහන්සේගේ ආලේප ලත් අය, උදා වන වසර සඳහා තේමා බයිබල් පාඨය ඉගෙන ගත්හ: “ ‘මගේ කුසලානෙන් බොන්ට නුඹලාට පුළුවන්ද?’—මතෙව් 20:20-23.” එය නිවේදනය කළ ලිපිය මෙවන් අනතුරු ඇඟවීමක්ද දුන්නේය: “බැටළු පැටවාණන්ගේ පක්ෂපාත අනුගාමිකයන්හට 1915 තුළ, යම් විශේෂ පරීක්ෂාවක්, වේදනාවේ හෝ නින්දාවේ කුසලානක් තිබෙන්නට යන්නේදැයි දන්නේ කවරෙක්ද!” මෙම කාලවල් 3 1⁄2 සඳහා දානියෙල් 7:25 පුරෝකථනය කළ ආකාරයට, ‘මහෝත්තමයාණන්ගේ ශුද්ධවන්තයන්ට එරෙහිව පීඩා හටගෙන දිගටම පැවතුණි.’ තමන් විසින් අයුක්තිසහගත පීඩාවන් එල්ල කිරීම පහසු කරවමින්, ජාතීහු එවිට Iවන ලෝක යුද්ධයේ තිරන වෙමින් සිටියහ. මෙහි නිගමනය: සමාන්තර අනාවැකි තුනම—දානියෙල් 7:25, 12:7, හා එළිදරව් 11:3—1914 දෙසැම්බර් සිට 1918 ජූනි දක්වාවූ, වසර 3 1⁄2, නොහොත් මාස 42 තුළ ඉටු වීම ලද බවයි.

එළිදරව් 11:3හි ඉටුවීමේ සුළු ශෝධනය මෙමගින් පැහැදිලි වේ. මෙම නිවැරදි කිරීම, අනාගතයේ එළිදරව්වේ උච්චාවස්ථාව නමැති පොත අප ඉගෙන පාවිච්චියට ගනිත්ම, අපගේ මනසේ රඳවා ගත හැකි යමක් වන්නේය.

[පාදසටහන්වල]

a වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්‍රකාශිතයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න