රාජ්‍ය-දේශනා වැඩයට ඇතමෙක් දීමනා දෙන අයුරු
◻ ලෝක ව්‍යාප්ත සේවයට සම්මාදම්: “සමිතියේ ලෝක ව්‍යාප්ත සේවයට සම්මාදම්—මතෙව් 24:14” යනුවෙන් නම් කර ඇති සම්මාදම් පෙට්ටිවලට දැමීමට බොහෝදෙනෙක් මුදලක් අයින් කරත්, නැතහොත් වෙන් කරත්. සෑම මසකම සභාවන් මෙම මුදල් නිව් යෝර්ක්, බෘක්ලින්හි ලෝක මූලස්ථානයට හෝ ළඟම ඇති ශාඛා කාර්යාලයට ඉදිරිපත් කරයි.
◻ තෑගි: ස්වේච්ඡා සම්මාදම් මුදල් කෙළින්ම වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් පෙන්සිල්වේනියා, 25 කොලොම්බියා හයිට්ස්, බෘක්ලින්, නිව් යෝර්ක් 11201-2483 ලිපිනයට හෝ සමිතියේ ස්ථානීය ශාඛා කාර්යාලයට එවන්ට පුළුවන. රන් ආභරණ මෙන්ම වෙනත් වටිනා භාණ්ඩද පරිත්‍යාග කළ හැක. මේවා සහමුලින්ම තෑග්ගක් ලෙස දී ඇති බව සඳහන් කෙටි ලිපියක්ද මෙම සම්මාදම් සමඟ එවිය යුතුය.
◻ කොන්දේසි සහිතව ප්රදානය කිරීමේ විධිවිධානය: පෞද්ගලික අවශ්‍යතාවක් ඇති වුවහොත් එය දායකයාට ආපසු දෙන බවට කොන්දේසිය සහිතව, දායකයාගේ මරණය තෙක් විශ්වාසය මත තබාගැනීමට වොච් ටවර් සමිතියට මුදල් දිය හැකිය.
◻ රක්ෂණ: ජීවිත රක්ෂණ ඔප්පුවක නැතහොත් විශ්‍රාම ගැනීම⁄විශ්‍රාම වැටුප් සැලැස්මක අර්ථලාභියා හැටියට වොච් ටවර් සමිතිය නම් කරන්ට පුළුවන. එවන් යම් විධිවිධානයක් වෙතොත් ඒවා පිළිබඳව සමිතියට දැනුම් දිය යුතුය.
◻ බැංකු ගිණුම්: ස්ථානීය බැංකු නීති අනුව බැංකු ගිණුම්, තැන්පත් සහතික නැතහොත් පෞද්ගලික විශ්‍රාම වැටුප් ගිණුම් වොච් ටවර් සමිතියේ විශ්වාසය භාරයේ නැතහොත් මරණයෙන් පසු ගෙවිය යුතු ආකාරයට තැන්පත් කළ හැක. එවන් යම් විධිවිධානයක් වෙතොත් ඒවා පිළිබඳව සමිතියට දැනුම් දිය යුතුය.
◻ ව්‍යාපාර කොටස් හා බැඳුම්කර: සම්පූර්ණ තෑග්ගක් හැටියට හෝ ලාභය දිගටම දායකයාට ලැබෙන සේ විධිවිධානයක් හැටියට ව්‍යාපාර කොටස් හෝ බැඳුම්කර වොච් ටවර් සමිතියට දානය කළ හැක.
◻ නිශ්චල දේපළ: සම්පූර්ණ තෑග්ගක් හැටියට නැතහොත් ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය පුරා තමාට වාසය කළ හැකි පදනමක් හැටියට ජීවිත බුත්තිය දායකයා වෙත තබාගෙන විකිණිය හැකි නිශ්චල දේපළ වොච් ටවර් සමිතියට පරිත්‍යාග කළ හැක. යම් නිශ්චල දේපළක් සමිතිය වෙත පවරන්ට කලින් එම තැනැත්තා සමිතියට එසේ කිරීමට වූ අදහස දැනුම් දිය යුතුය.
◻ අන්තිම කැමති පත්‍ර හා විශ්වාස භාරයන්: නීත්‍යනුකූල අන්තිම කැමති පත්‍රයකින් වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් පෙන්සිල්වේනියා වෙත දේපළ හෝ මුදල් පවරා දෙන්ට, නැතහොත් විශ්වාස ගිවිසුමක අර්ථලාභියා හැටියට සමිතිය නම් කරන්ට පුළුවන. ආගමික සංවිධානයකට ප්‍රයෝජන ගෙන දෙන විශ්වාස භාරයක් අත්වීම ඇතැම් බදු සහනයන්ටද හේතු විය හැකි ය. අන්තිම කැමති පත්‍රයේ හෝ විශ්වාස ගිවිසුමේ පිටපතක් සමිතිය වෙත එවිය යුතුය.
මෙවන් කාරණා සම්බන්ධයෙන් අමතර තොරතුරු සඳහා Treasurer’s Office, Watch Tower Bible and Tract Society of Pennsylvania, 25 Colombia Heights, Brooklyn, New York 11201-2483, හෝ වොච් ටවර්, 711 දුම්රියපොළ පාර, වත්තල යන ලිපිනයට ලියන්න.