හිංසා පීඩාවලින් පෙළෙන්නන්ට කවදා හෝ සහනය ලැබේවිද?
ඔබගේ පමණක් නොව, නමුත් මුළු මිනිස්වර්ගයාගේම දුක් වේදනාවල අවසානයක් දකින්න ඔබ කැමතියිද? මේ නිදසුන් සලකල බලන්න:
සෝන්‍ය’, ඇයට හිමි හිංසා පීඩාවලට වඩා වැඩියෙන් ලැබුවා.a මුලින්ම, ඇගේ පුරුෂයා අවුරුදු දහයක් පුරා පරදාර සේවනයේ යෙදෙමින් සිටි බව ඇය සොයාගත්තා. ඉන්පසු ඇගේ බාලම පුතා එච්අයිවී වෛරසය ඇතුල් වී ඒඩ්ස් රෝගයෙන් මියගියා. අවුරුදු දෙකකට පසුව ඇගේ අනිත් පුතාත් අසනීප වී ඒඩ්ස් රෝගයෙන් මියගියා. “එයාගෙ ජීවිතේ අන්තිම කාලෙ සෑහෙන්න විඳෙව්වා” කියා සෝන්‍ය’ මතක් කර තවදුරටත් මෙහෙම කියනවා: “එයා පුදුමාකාර කනස්සල්ලකින් හිටියේ, කොණ්ඩෙත් හැළුණා, හරියට පෙනුණෙත් නැහැ. ඒක හරිම කනගාටුදායකයි.”
විශ්වවිද්‍යාල සිසුවියක් වූ ෆාබියාන’ බ්‍රසීලයේ සමාජ අසාධාරණය ගැන කලකිරී සිටියා. ඉන්පසු දුක්මුසු සිද්ධියකින් ඇගේ ජීවිතය පහර ලැබුවා. ඇගේ සහෝදරයා කනස්සල්ලෙන් කල්ගෙවා සියදිවි නසාගත්තා. ෆාබියාන’ට ඇගේ රැකියාව නැති වූ විට පයි-ඩි-සේන්ටූ කෙනෙක් (කට්ටඬියෙක්) හමුවීමට ඇගේ මිතුරියක් යෝජනා කළා. එහෙම යෝජනා කිරීමට හේතුව වූයේ, ෆාබියාන’ මෙච්චර අවාසනාවක් විඳින්නේ, කවුරු හරි ඇයට හූනියමක් කරල හින්ද කියල හිතපු නිසයි! ඒත් පයි-ඩි-සේන්ටූ කිසි සහනයක් ගෙනාවේ නැහැ. ඒ වෙනුවට, තමන්ට කවුරු හෝ හිරිහැර කරන බවක් ඇයට හැඟුණා; ඒ වගේම මේ පීඩාකාරි තත්වය නිසා ඇයට නිදාගැනීමට පවා බැරි වුණා.
ආන’ගෙ හිංසා පීඩාව ඇරඹුණේ ඇගේ ජීවිතයේ මුල්ම අවධියේදියි. “මට වයස අවුරුද්දක් වෙද්දි මගේ අම්ම මාව දාල ගියා, මගේ ආච්චි තමයි මාව බලාගත්තේ” කියා ඇය කියනවා. ඊටපසු ආන’ට අවුරුදු තුනක් විතර වෙනකොට, ඇගේ ආච්චි මැරුණා. ආන’ව රියෝ ඩි ජ’නෙරෝහි අනත්දරු නිවාසයකට යැවූ අතර, වයස අවුරුදු 13 වන තුරු එහි රැඳුණා. “අපිට සැලකුවේ අන්තිම නරක විදිහට; ඒ වගේම මම කැරලිකාර වුණා. මම ලොකු වෙද්දි හැම දෙයකටම වගේ සණ්ඩු කෙරුවා” කියල ඇය කියනවා.
පෙනෙන විදිහට, එක් ක්‍රමයකින් හෝ තවෙකකින් පීඩිතභාවය, සෑම මිනිසෙකුගේම ජීවිතය හා බැඳී තියෙනවා. අප ප්රවෘත්ති බලද්දි, කියවද්දි නැත්නම් අහද්දි—ඇත්තවශයෙන්ම, මිනිසා හා පොරට පොර සිටින දුඃඛිත සිද්ධි නිරන්තරව අපිට හමු වෙනවා. වෛද්‍ය මේරි සයික්ස් විලි මෙහෙම කියනවා: “ව්‍යාප්ත වූ අපගේ සන්නිවේදන යුගය හේතුවෙන්, නිරන්තරව දමා ගසන නරක ආරංචිවලින් ගැළවෙන්න කොහෙත්ම පුළුවන් වෙලා නැහැ. යුද්ධ, ස්වාභාවික ආපදා, මහා කාර්මික විපත්, මාරාන්තික මාර්ග අනතුරු, අපරාධ, ත්‍රස්තවාදය, ලිංගිකව අනිසි ලෙස යොදාගැනීම, ස්ත්‍රී දූෂණ, ගෘහස්ථ සැහැසියාව නිසා ඇති වන චිත්තවේගීය පීඩනය, 20වන සියවසේ අප්‍රසන්න මෙන්ම එකම තේමාව වටා බැඳුණු දෛනිකව ගැයෙන ගීයක් වගෙයි.” ක්‍රිස්තියානි ප්‍රේරිත පාවුල්, මිනිසාගේ මේ අද්දැකීම යථාර්ථවාදීව මෙහෙම කැටි කරල දැක්වුවා: “මක්නිසාද මුළු මැවිල්ල මේ දක්වා එක්ව කෙඳිරිගාමින් ගාවිනා විඳින බව දනිමු.”—රෝම 8:22.
ඔබ ගැන මොනවද කියන්න පුළුවන්? ඔබ හිංසා පීඩා අද්දකිමින් ඉන්නවාද? ඔබට බලාපොරොත්තු විය හැක්කේ මොන සහනයක්ද? ඔබ කිසිදා සැබෑ සාමය ලබාගනීවිද? සෝන්‍ය’, ෆාබියාන’ සහ ආන’ සොයාගෙන තියෙනවා, නියම සැනසිල්ලත් ප්‍රමාණවත් සැබෑ සාමයත්! ඊළඟ ලිපිවලින් ඒ ගැන කියවන්න පුළුවන්.
[පාදසටහන]
a ලිපියේ ඇති නම් වෙනස් කරලා තියෙනවා.