ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w97 6/1 3-4 පි.
  • ඇයි මෙතරම් රහස්‍යභාවයක්?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඇයි මෙතරම් රහස්‍යභාවයක්?
  • 1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • රහස්‍යභාවය අන්තරාවක සලකුණු මතු කරන විට
  • ඔවුන් දැන් මොනවද කර කර ඉන්නේ?
  • පටුන
    2018 පිබිදෙව්!
  • නොසැඟවිය යුතු රහසක්
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දැනගන්න ආසාවෙන් හිටපු රහසක්
    දූපුතුන්ට කියා දෙන්න
  • ක්‍රිස්තියානීන් සඟවා නොගත යුතු රහසක්!
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w97 6/1 3-4 පි.

ඇයි මෙතරම් රහස්‍යභාවයක්?

“රහසක් රැකගෙන ඉන්න එක තරම් අමාරු දෙයක් තවත් නැහැ.” එහෙම නැතත්, අඩුම තරමින් ප්‍රංශ ආප්තෝපදේශයක් එහෙම කියා සිටිනවා. අපි රහසක් දැනගෙන ඉන්න කොට සන්තෝෂයෙන් ඉන්නෙත්, ඒ ගැන කතා කරන්න බැරි වුණහම සමහරවිට අධෛර්යය වෙන්නෙත් ඇයි කියලා මෙයින් පැහැදිලි වෙනවාද? ඒත්, ගෙවී ගිය සියවස් ගණනාව පුරා, පොදු ඉලක්කයක් ලුහුබැඳීමේ අටියෙන් එකට එකතු වී රහස්‍ය කණ්ඩායම් වශයෙන් හැදිලා ඉන්න බොහෝදෙනෙක් රහස්‍යභාවයට අත වනලා තියෙනවා.

මිසරයේ, ග්‍රීසියේ සහ රෝමයේ තිබුණු අභිරහස් ලබ්ධීන්, මේ වගේ රහස් සංගම්වල මුල්ම ඒවා අතර වුණා. පසුව මෙම කණ්ඩායම්වලින් සමහරක් ඒවායේ ආගමික පසුබිමෙන් ඉවතට ගිහිල්ලා, දේශපාලනමය, ආර්ථිකමය හෝ සමාජීය මුහුණුවරක් ගත්තා. උදාහරණයක් හැටියට, මධ්‍යකාලීන යුරෝපයේ සංගම් පිහිටුවනු ලැබූ විට, ඒවායේ සාමාජිකයන් රහස්‍යභාවය පවත්වන්න වෑයම් කළේ මූලික වශයෙන් ආර්ථිකමය වශයෙන් තමුන්ටම ආරක්ෂාවක් සලසාගන්නයි.

නවීන කාලයේ රහස්‍ය කණ්ඩායම් බොහෝදුරට සෑහෙන ගෞරවනීය හේතු සඳහා පිහිටුවලා තියෙනවා; එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකාට අනුව, ඇතැම්විට ඒවා පිහිටුවලා තියෙන්නේ “සමාජීය සහ හිතකාමී අරමුණු” සඳහාත් “පුණ්‍ය සහ අධ්‍යාපනික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම” සඳහාත්ය. ඇතැම් සහෝදර සංවිධාන, යෞවන සමාජ, සුහද සමාජ සහ වෙනත් කණ්ඩායම් රහස්‍යයි, නැත්නං යම් දුරකට රහස්‍යයි. සාමාන්‍යයෙන් මේ කණ්ඩායම්වලින් අනතුරක් එල්ල වෙන්නේ නැති අතර, ඒවායේ සාමාජිකයන්ට රහස්‍යභාවයෙන් වෙන්නේ යම් ත්‍රාසය මුසු වින්දනයක් ගෙන දෙන එක විතරයි. ඇතුල් කිරීමේ රහස්‍ය වත්පිළිවෙත් හැඟීම්වලට ප්‍රබල ආකාරයකින් බලපෑම් කරන අතර, මිත්‍රත්වයේ සහ සමඟියේ බැඳුම් ශක්තිමත් කරවනවා. තමුන් යමකට අයිති බවේ හැඟීමක් සහ අරමුණුසහගතබවක් සාමාජිකයන්ට දැනෙනවා. මේ වර්ගයේ රහස්‍ය සංගම් සාමාන්‍යයෙන් සාමාජිකයන් නොවන අයට තර්ජනයක් එල්ල කරන්නේ නැහැ. පිට අය රහස් නොදැන සිටියත්, ඔවුන්ට එයින් අවාසියක් ඇති වෙන්නේ නැහැ.

රහස්‍යභාවය අන්තරාවක සලකුණු මතු කරන විට

හැම රහස්‍ය කණ්ඩායමක්ම එකම තරමට රහස්‍ය නැහැ. ඒත්, එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා විස්තර කරන ආකාරයට “රහස් තුළ රහස්” තියාගන්න ඒවාවලින් විශේෂ අන්තරාවක් මතු කරනවා. “විශේෂ නාමයන්, පරීක්ෂණ හෝ හෙළිදරව් වීම් යොදාගැනීමෙන්,” ඉහළ පැළැන්තිවල සාමාජිකයන්ට “තමුන්ව විශේෂ කොට දක්වන්න” පුළුවන්කම ලැබෙනවා; මෙමගින් “වඩා පහත් පැළැන්තිවල අයව ඒ උත්කෘෂ්ට තත්වයන් කරා ළඟා වෙන්න” පොලඹවනවා කියලා එහි පැහැදිලි කරනවා. මෙවැනි කණ්ඩායම්වල ගැබ් වෙලා තියෙන අන්තරාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. පහළ පෙළේ ඉන්න අය දැනුමේ නියම මට්ටම කරා තවමත් දියුණු වෙලා නැති හින්දා, සංවිධානයේ නියම පරමාර්ථ සම්පූර්ණයෙන්ම වාගේ නොදන්නවා වෙන්න පුළුවන්. යම් කණ්ඩායමක ඉලක්කයන් සහ ඒවා ඉටු කරගන්න භාවිත කරන ක්‍රම මුළුමනින්ම හඳුනා නොගෙන, ඇතැම්විට තමා ඒවාට මුළුමනින්ම එකඟ වෙනවාද කියලා දන්නේ නැතුව සම්බන්ධ වීම පහසුයි. ඒත් එවැනි කණ්ඩායමකට ඇතුල් වී ඉන්න පුද්ගලයෙක්ට ඇතැම්විට පසුව තේරී යාවි එයින් නිදහස් වෙන එක අමාරුයි කියලා; ඇයි කිව්වොත් ඔහු රහස්‍යභාවයේ දම්වැල්වලින් හිර වී සිටින හින්දයි.

කණ්ඩායමක් නීතිවිරෝධී හෝ අපරාධකාරි ඉලක්ක ලුහුබඳිමින්, එය පවතින බව වසං කරන්න වෑයම් කරන විට, රහස්‍යභාවයෙන් ඊටත් වඩා අන්තරාවක් මතු කරනවා. එහෙම නැත්තං, එහි පැවැත්ම සහ සාමාන්‍ය ඉලක්කයන් දන්න යමක් නම්, එහි සාමාජිකත්වය සහ කෙටි කාලීන සැලසුම් රහසිගතව තබාගන්න එය වෑයම් කරනවා වෙන්න පුළුවන්. ත්‍රස්තවාදී ප්‍රහාරවලින් කලින් කලට ලොව කම්පිත කරවන මහත් පෙලඹීමකින් කටයුතු කරන ත්‍රස්තවාදී කණ්ඩායම් සම්බන්ධයෙන් මෙය සැබෑවක් වෙනවා.

ඔව්, පුද්ගලයන්ට මෙන්ම පොදුවේ සමාජයටම රහස්‍යභාවය අනතුරුදායක වෙන්න පුළුවන්. අහිංසක අයව ගොදුරු කරගන්නාවූ රහස්‍ය නහඹර කල්ලි, රහසින් කටයුතු කරන මාෆියා වැනි අපරාධ සංගම්, කූ ක්ලුක්ස් ක්ලෑන් වැනි සුදු මිනිසාගේ ශ්‍රේෂ්ඨත්වය වෙනුවෙන් සටන් කරන කණ්ඩායම්a මෙන්ම ලෝක සාමය සහ සුරක්ෂිතභාවය අත් කරගන්න දරන ප්‍රයත්නවලට දිගටම බාධා කරවන ලොව පුරා තියෙන ත්‍රස්තවාදී කණ්ඩායම් රාශිය ගැන සිතා බලන්න.

ඔවුන් දැන් මොනවද කර කර ඉන්නේ?

එක්දහස් නවසිය පනස්ගණන්වලදී, ශීත යුද්ධයේ අතුරු ඵලයක් වශයෙන් බටහිර යුරෝපීය රටවල් කිහිපයක රහස්‍ය කණ්ඩායම් සංවිධානය කරනු ලැබුවේ, සෝවියට් ජාතිකයන් බටහිර යුරෝපය යටපත් කරන්න වෑයම් කළොත්, ප්‍රතිරෝධක කණ්ඩායම් බිහි කිරීමට පදනමක් සපයන්නයි. උදාහරණයක් හැටියට, ෆෝකස් නම් ජර්මානු පුවත් සඟරාවට අනුව, මෙම කාලපරිච්ඡේදය තුළදී, ඔස්ට්‍රියාවේ “රහස්‍ය අවි ගබඩා 79ක්” පිහිටෙව්වා. හැම යුරෝපීය රටක්ම මෙම කණ්ඩායම් ගැන දැනගෙන හිටියේ නැහැ. එක්දහස් නවසිය අනූගණන්වල මුල් භාගයේදී, පුවත් සඟරාවක් යථාර්ථවාදීව මෙහෙම වාර්තා කළා: “අදදින මේ වගේ සංවිධාන කීයක් ක්‍රියාත්මක වෙනවාද කියන එකත්, මෑතක් වන තුරු ඔවුන් කරලා තියෙන දේවල් මොනවාද කියන එකත් තවමත් නොදන්නා කරුණක්.”

ඇත්තටම මෙය සැලකිය යුත්තක්. කවුද ඇත්තටම දන්නේ, මේ මොහොතේදීම රහස්‍ය කණ්ඩායම් කීයක් අපි කාටවත් හිතාගන්න බැරි තරමේ ලොකු තර්ජනයක් එල්ල කරනවාද කියලා?

[පාදසටහන]

a මෙම එ.ජ. කණ්ඩායම, එහි ලාංඡනය වශයෙන් පිලිස්සෙන කුරුසයක් පාවිච්චි කිරීමෙන්, කලින් පැවති රහස්‍ය සංගම්වල ආගමික අංගලක්ෂණ පවත්වාගත්තා. අතීතයේදී, එය රාත්‍රියෙහි කඩා වැදීම් සංවිධානය කළ අතර, ඔවුන් ලෝගු ඇඳ සුදු ඇතිරිලි පොරවා තමුන්ගේ උදහස, කළු ජාතිකයන්, කතෝලිකයන්, යුදෙව්වන්, විදේශිකයන් සහ කම්කරු සමිතිවලට එරෙහිව ප්‍රකාශ කළා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න