වාර්ෂික රැස්වීම 1997 ඔක්තෝබර් 4
වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් පෙන්සිල්වේනියාහි සාමාජිකයන්ගේ වාර්ෂික රැස්වීම 1997 ඔක්තෝබර් 4වනදා, නියූ ජ’සි, ජ’සි නගරයේ, කෙනඩි බූලවාඩ් 2932 දරන ස්ථානයේ පිහිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ එක්රැස්වීම් ශාලාවේදී පැවැත්වෙයි. සාමාජිකයන්ට පමණක් වූ ප්‍රාථමික රැස්වීම පෙ.ව. 9:15ට රැස්වන අතර, ඉන්පසු පොදු වාර්ෂික රැස්වීම පෙ.ව. 10:00ට පැවැත්වෙයි.
පසුගිය වසරේදී තම තැපැල් ලිපිනවල යම් වෙනස්කම් සිදු වුණා නම්, සංස්ථාවේ සාමාජිකයන් දැන් ඒ ගැන ලේකම්ගේ කාර්යාලයට දැනුම් දිය යුතුයි; එවිට මේ පිළිබඳව දැනුම් දෙන ලිපි හා බලපත්‍ර ජූලි මාසයේදී ඔවුන්ට ලැබෙන්න සැලැස්විය හැකියි.
වාර්ෂික රැස්වීම පිළිබඳව දැනුම් දීමත් සමඟම සාමාජිකයන්ට එවනු ලබන බලපත්‍ර, අගෝස්තු 1වනදා පසු වෙන්න පෙර සමිතියේ ලේකම්ගේ කාර්යාලයට යැවිය යුතුයි. සෑම සාමාජිකයෙකුම තම බලපත්‍රය පුරවා, තමා මෙම රැස්වීමට පෞද්ගලිකව පැමිණෙනවාද නැද්ද කියා සඳහන් කොට, විගස ආපසු එවිය යුතුයි. පෞද්ගලිකව පැමිණ සිටින්ට යන්නේ කවුද කියා තීරණය කිරීමට එම තොරතුරු අවශ්‍ය නිසා, මෙම කාරණය සම්බන්ධයෙන් එක් එක් බලපත්‍රයේ සඳහන් වන තොරතුරු ස්ථිර විය යුතුයි.
විධිමත් ව්‍යාපාරික රැස්වීම සහ වාර්තා ඇතුළු සම්පූර්ණ සැසිවාරයම, ප.ව. 1:00ට හෝ ඊට ටික වෙලාවකට පසුව හෝ අවසන් වෙයි කියා අපේක්ෂා කරනවා. පස්වරු සැසිවාරයක් තිබෙන්න යන්නේ නැහැ. තිබෙන ඉඩ කඩ සීමිත නිසා, ඇතුල් වීමට හැක්කේ ප්‍රවේශ පත්‍ර සතු අයට පමණයි. මෙම වාර්ෂික රැස්වීම දූරකථන මාර්ගයෙන් වෙනත් ශ්රවණාගාරවලට සම්බන්ධ කිරීමට කිසිම විධිවිධානයක් සලසනු ලබන්නේ නැහැ.