දුප්පත් නමුත් පොහොසත් ඒ කෙසේද?
සියවස් ගණනාවකට කලින් ප්‍රඥාවන්ත මිනිසෙක් තමා දුප්පත් නොවන පිණිස යාච්ඤා කළා. එවැනි ඉල්ලීමක් කළේ කුමක් නිසාද? දෙවි හා ඇති ඔහුගේ සම්බන්ධයට තර්ජනය කරන්නාවූ ආකල්ප සහ ක්‍රියාවලට දිළිඳුකම ඔහුව පොලඹවයි කියන භය නිසයි. මෙය ඔහුගේ වචනවලින් සාක්ෂි දෙනවා: ‘මාගේ දෙවිගේ නාමය අගෞරව ලෙස සඳහන් නොකරන පිණිසත්, මට දිළිඳුකමවත් පොහොසත්කමවත් නොදී, මට සුදුසු කෑමවලින් මා පෝෂ්‍ය කළ මැනව.’ —හිතෝපදේශ 30:9.
දුප්පත් කෙනෙකුට දෙවිට විශ්වාසවන්තව සේවය කරන්න බැහැ කියා මෙයින් අදහස් කරනවාද? කොහෙත්ම නැහැ! ඉතිහාසය පුරා යෙහෝවා දෙවිගේ අසංඛ්‍යාත සේවකයන් දිළිඳුකම ගෙනෙන දුෂ්කරතා හමුවේ ඔහු කෙරෙහි අඛණ්ඩතාව පවත්වා තියෙනවා. ප්‍රතිඵලයක් හැටියට, යෙහෝවා ඔහු කෙරෙහි විශ්වාසය තබන අයට ප්‍රේම කරන අතර ඔවුන්ට සපයනවා.
විශ්වාසවන්ත පැරැන්නෝ
ප්‍රේරිත පාවුල් පවා අවශ්‍යතා ඇති කාලයන් අද්දැක්කා. (2 කොරින්ති 6:3, 4) විශ්වාසවන්ත පූර්ව-ක්‍රිස්තියානීන් ‘මහත් සේනාවක්’ ගැන ඔහු විස්තර කළ අතර, ඔවුන්ගෙන් සමහරෙක් “[හිඟකම, NW] . . . විඳිමින්, බැටළු හම්ද එළු හම්ද ඇඳගෙන, ඔබ මොබ ගියෝය. ඔව්හු කාන්තාරවලද කඳුවලද ගුහාවලද පොළොවේ බෙනවලද ඇවිද්දෝය.”—හෙබ්‍රෙව් 11:37, 38; 12:1.
මේ විශ්වාසවන්ත අයගෙන් කෙනෙක් තමයි අනාගතවක්තෘ එලියා. අවුරුදු තුනහමාරක නියඟ කාලයක් පුරාම යෙහෝවා නිරතුරුවම ඔහුට ආහාර සැපයුවා. මුලින්ම, දෙවි කපුටන් ලවා රොටි සහ මස් ලබා දුන්නා. (1 රාජාවලිය 17:2-6) පසුව යෙහෝවා, එලියාට ආහාර සැපයූ වැන්දඹුවගේ පිටි සහ තෙල් ආශ්චර්යවත් ලෙස නොනවත්වා සැපයෙන්න සැලැස්සුවා. (1 රාජාවලිය 17:8-16) ලැබුණු ආහාරය ඉතාම සරලයි, නමුත් එය අනාගතවක්තෘවරයාව, එම ස්ත්රියව සහ ඇගේ පුත්‍රයාව ජීවත් කෙරෙව්වා.
ඒ හා සමානව, දුෂ්කර ආර්ථික කාලවලදී විශ්වාසවන්ත අනාගතවක්තෘ යෙරෙමියාට යෙහෝවා සැපයුවා. බබිලෝනිවරුන් යෙරුසලම අල්ලාගනිද්දී යෙරෙමියා බේරුණා. එහිදී සෙනඟට “කෑම කිරා පිරිමසාගන කන්[න]” සිද්ධ වුණා. (එසකියෙල් 4:17) පසුකාලයේදී, නගරයේ සාගතය කොපමණ දරුණු වුණාද කිව්වොත්, සමහර ස්ත්‍රීන් තමන්ගේ අත දරුවන්ගේ මස් කෑවා. (විලාප ගී 2:20) නිර්භීත ලෙස දේශනා කිරීම නිසා යෙරෙමියාට හිරගෙයි ලගින්න සිදු වුණත්, “රොටි සියල්ලම නුවරින් කම්මුතුවී යන තුරු” දවස්පතාම ඔහුට “රොටියක්” ලබා දෙන්න යෙහෝවා වගබලා ගත්තා.—යෙරෙමියා 37:21.
ඉතින් යෙරෙමියාටත්, එලියාට හා සමානව, කන්න තිබුණේ ස්වල්පයයි. යෙරුසලමේ රොටි අවසන් වූ විට යෙරෙමියා කීවතාවක් කෑවාද, කෑවේ මොනවද කියා ශුද්ධ ලියවිල්ල අපිට කියන්නේ නැහැ. ඒත්, යෙහෝවා ඔහුට සැපයූ බවත් ඒ දරුණු සාගත කාලයෙන් ඔහුව ආරක්ෂා කළ බවත් අපි දන්නවා.
අදදින, දිළිඳුකම ලෝකයේ සෑම කොටසකම පවතිනවා. එක්සත් ජාතීන්ට අනුව, දිළිඳුකමේ විශාල ප්‍රමාණයක් සොයාගෙන තියෙන්නේ අප්‍රිකාවෙන්. වර්ෂ 1996දී එ.ජා. මාධ්‍යයට හෙළි කළ වාර්තාවක මෙසේ සඳහන් වෙනවා: “අඩුම තරමින් අප්‍රිකානුවන්ගෙන් අඩක්වත් හිඟමනට බැස තියෙනවා.” ඉහළ යන රුදුරු ආර්ථික තත්වයන් හමුවේ, නොකඩවාම වැඩි වෙන්නාවූ අප්‍රිකානුවන් සංඛ්‍යාවක් බයිබල් ප්‍රතිපත්ති ජීවිතවලට අදාළ කරගෙන ඇති අතර, දෙවි විසින් සපයන බවට විශ්වාසයෙන් ඔහුට විශ්වාසවන්තව සේවය කරමින් සිටිනවා. අපගේ ගැටලු සහිත ලෝකයේ එක් ප්‍රදේශයකින් එන උදාහරණ සමහරක් සලකා බලන්න.
අවංකකම පවත්වාගැනීම
නයිජීරියාවේ ජීවත් වන මයිකල්,a දරුවන් හයදෙනෙක් නඩත්තු කරන ගොවියෙක්. “තමාගේ පවුල රැකබලා ගන්න කෙනෙකුට සල්ලි නැති වෙද්දි අවංක වෙලා ඉන්න අමාරුයි” කියා ඔහු කියනවා. “කොහොමවුණත්, වංක වෙන්න පෙලඹෙනකොට, ‘සොරකම්කළාවූ අය තවත් සොරකම් නොකෙරේවා. ඒ වෙනුවට, හිඟ අයට දෙන්ට පුළුවන් වන පිණිස, තමාගේ අත්වලින් යහපත් වැඩක් කරමින් වීර්යකෙරේවා’ කියල එපීස 4:28 කියන දේ මම මතක් කරගන්නවා. ඉතිං මාව වරදට පෙලඹෙද්දී, ‘මේ සල්ලි හම්බ කරන්න මම වැඩ කළාද?’ කියල මගෙන්ම අහගන්නවා.”
“උදාහරණයක් කියනවා නං, එක දවසක් පාරේ යද්දී මම දැක්කා මෝටර් සයිකලයක පිටිපස්සෙන් හෑන්ඩ් බෑග් එකක් වැටෙනවා. මෝටර් සයිකලය පදවපු කෙනාව නවත්වගන්න මට බැරි වුණා, ඉතිං මම බෑග් එක අරගෙන බලද්දී ඒක සල්ලිවලින් පිරිලා! බෑග් එක ඇතුළේ තිබිච්ච හැඳුනුම්පත මාර්ගයෙන් මම අයිතිකාරයාව හොයාගෙන එයාට බෑග් එක භාර දුන්නා” කියා මයිකල් ඊට එකතු කරනවා.
කනස්සල්ල සමඟ පොරබැදීම
උතුරු අප්‍රිකාවේ සිටින මිනිසෙක් මෙහෙම නිරීක්ෂණය කරනවා: “දිළිඳුකම කියන්නේ හරියට, ආලෝකය පේන්න තියෙන ඒ වගේම අවට නිදහසේ සැරිසරන මිනිස්සුන්ව පෙනුණත් උදව් ඉල්ලලා කෑගහන්න ශක්තියක්වත්, නඟින්න ඉනිමඟක්වත් නැතිව ගැඹුරු වළක හිරවෙලා ඉන්නවා [වගෙයි].” දිළිඳුකම බොහෝවිට කනස්සල්ල සහ නිෂ්ඵලත්වය ගෙන ඒම පුදුමයක් නොවේ! දෙවිගේ සේවකයන් පවා අනිත් අයගේ ධනය දැක අඛණ්ඩතාවේ ජීවිතයක් වටින්නේ නැහැ කියල හිතන්න පුළුවන්. (ගීතාවලිය 73:2-13 සසඳන්න.) අපි එවැනි හැඟීම්වලින් ජය ගත යුත්තේ කොහොමද?
බටහිර අප්රිකානුවෙක් වන පීට’ අවුරුදු 19ක ආණ්ඩුවේ සේවයෙන් විශ්‍රාම ගත්තා. ඔහු දැන් මූලිකවම යැපෙන්නේ සුළු විශ්‍රාම වැටුපකින්. “මට අධෛර්යය ගෙන දෙන කාලයන් ආපුවහම බයිබලයෙන් සහ වොච් ටවර් සමිතියේ ප්‍රකාශනවලින් මම කියවපු දේවල් මතක් කරගන්නවා. මේ පරණ ක්‍රමය පහ වෙලා යන්න ළඟයි, අපි වඩා හොඳ ක්‍රමයක් බලාගෙන ඉන්නවා” කියා පීට’ කියනවා.
“‘ලෝකයෙහි සිටින නුඹලාගේ සහෝදරයන් කෙරෙහි එම දුක්ම පැමිණෙන බව දැන, නුඹලාගේ ඇදහිල්ලෙහි ස්ථිරව සිට, [සාතන්ට] විරුද්ධව සිටින්න’ කියල 1 පේතෘස් 5:9 තියෙන එකත් මම මතක් කරගන්නවා. ඉතිං අමාරුකම් විඳින එකම එක්කෙනා මම විතරක් නෙවෙයි. මේ වගේ මතක් කිරීම් අධෛර්යය කරන සහ කනස්සල්ල ඇති කරන සිතුවිලි අහක් කරන්න මට උදව් වෙනවා.”
“ඒකට අමතරව, යේසු මේ පොළොවේ හිටපු කාලේ ගොඩක් ප්රාතිහාර්යයන් කළත්, එයා කිසි කෙනෙක්ව ද්‍රව්‍යමය අතින් ධනවත් කළේ නැහැ. ඉතිං යේසු මාව ධනවත් කරයි කියල මං බලාපොරොත්තු වෙන්නේ මොකටද?” කියා පීට’ එකතු කරනවා.
යාච්ඤාවේ බලය
නිෂේධාත්මක සිතුවිලි සමඟ පොරබදින්න තවත් ක්‍රමයක් තමයි, යෙහෝවා දෙවිට යාච්ඤාවෙන් ළඟාවීම. වර්ෂ 1960දී මේරි යෙහෝවාගේ සාක්ෂිකාරියක් වෙද්දී ඇගේ පවුලේ අය ඇයව අත්හැරියා. දැන් වයස පනස් ගණන්වල සිටින ඇය අවිවාහකයි. දුබල තත්වයේ සිටින ඇයට ද්‍රව්‍යමයව ඇත්තේ බොහොම ටිකයි. කෙසේවෙතත්, ඇය ක්‍රිස්තියානි සේවයේ ජ්වලිතයි.
මේරි මෙහෙම කියනවා: “මම අධෛර්යයට පත් වුණාම යාච්ඤාවෙන් යෙහෝවා ගාවට යනවා. එයාට කරන්න පුළුවන් තරම්, වෙන කාටවත් මා වෙනුවෙන් කරන්න බැහැ කියල මම දන්නවා. කෙනෙක් යෙහෝවා මත විශ්වාසය තැබුවොත් එයා ඒ කෙනාට උදව් කරන බව මම ඉගෙනගෙන තියෙනවා. මම ගීතාවලිය 37:25 දාවිත් රජ කියල තියෙන වචන කොයිවෙලේත් මතක් කරනවා: ‘මම යෞවනව සිටියෙමි, දැන් මහලුව සිටිමි; එසේවී නුමුත් ධර්මිෂ්ඨයා අත්හරිනු ලැබූ බවවත්, ඔහුගේ වංශය කෑම සිඟන බවවත් නුදුටිමි.’”
“මුරටැඹ සඟරාවේ එන වයස්ගත ආත්මික සහෝදර සහෝදරියන්ගේ අද්දැකීම්වලිනුත් මම ධෛර්යය ලබාගන්නවා. යෙහෝවා දෙවි ඒගොල්ලන්ට උදව් කරල තියෙනවා, ඉතිං මං දන්නවා දෙවි දිගටම මටත් උදව් කරන බව. ඔහු මගේ පුංචි ෆුෆු [මඤ්ඤොක්කා ආහාර වේලක්] රස්සාවට ආශීර්වාද කරනවා; ඒ වගේම මගේ එදිනෙදා අවශ්‍යතා ලබාගන්න මට හැකි වෙලා තියෙනවා. සමහර වෙලාවට මං ගාව කීයක්වත් නැතුව මොනව කරන්නද කියල කල්පනා කරද්දී, යෙහෝවා කාව හරි තෑග්ගක් එක්ක එවල, ‘සිස්ට කරුණාකරල මේක තියාගන්න’ කියල කියනවා. යෙහෝවා කවදාවත් මගේ බලාපොරොත්තු කඩ කරල නැහැ.”
බයිබල් පාඩමේ වටිනාකම
යෙහෝවාගේ සාක්ෂිකාරයෝ දෙවිගේ වචනය වන බයිබලය පාඩම් කිරීමේ වටිනාකම දන්නා අතර, දුප්පත් අය අතර පවා ඒකෙ වෙනසක් නැහැ. හැට වියැති ජෝන් පුරෝගාමියෙක් (පූර්ණ-කාලීන රාජ්‍ය දේශනාකරුවෙක්) සහ සභාවේ උපස්ථායක සේවකයෙක් හැටියට සේවය කරනවා. ඔහු පවුල් 13ක් ජීවත් වන ගරාවැටුණු තට්ටු දෙකේ ගොඩනැඟිල්ලකයි ජීවත් වන්නේ. පළමු මහලේ තුනී ලෑලිවලින් වෙන් කළ ඇතුල් වන කාමරයේ කොටසක් තමයි ඔහුගේ කාමරය. ඒක ඇතුළේ පරණ පුටු දෙකක් සහ බයිබල් ආධාරක පොත් උසට ගොඩ ගහපු මේසයක් තියෙනවා. ඔහු නිදාගන්නේ පැදුරකයි.
ජෝන් පාන් විකිණීමෙන් දවසකට රුපියල් 60ක් විතර හම්බ කෙරුවත්, රටට තිරිඟු ගෙන්වීම තහනම් කළාම ඔහුගේ ජීවනෝපාය අහිමි වුණා. ඔහු මෙහෙම කියනවා: “ජීවත් වෙන්න හරිම අමාරු අවස්ථා පවා තියෙනවා, ඒත් මම දිගටම පුරෝගාමි සේවය කරනවා. යෙහෝවායි මාව උසුලන්නේ. සභාවේ සිටින සහෝදරයන් හරිම උපකාරශීලී වුණත් මාව නඩත්තු කරන්න හරි, මට කෑම සපයන්න හරි කිසිම මනුෂ්‍යයෙක් මත රැඳෙන්නේ නැති වෙන්න, මට හම්බ වෙන ඕනෑම දෙයක් මම කරනවා. සභාවේ සහෝදරයන් වැඩක් හොයාගන්න මට උදව් කරනවා, ඒ වගේම මූල්‍යමය තෑගි පවා දෙනවා.
“බයිබලයත් වොච් ටවර් සමිතියේ ප්‍රකාශනත් කියවන්න මං කාලය හදාගන්නවා. මම උදේ පාන්දරින්ම ගෙදර නිහඬව තියෙද්දී පාඩම් කරනවා. රාත්රියේදී විදුලි බලය තියෙන ඕනෑම වෙලාවක කියවනවා. පෞද්ගලික අධ්‍යයනය දිගටම කරන්න ඕනෙ කියල මං දන්නවා.”
ජීවනය සඳහා දරුවන්ව පුහුණු කිරීම
ඩැන්යල් දරුවන් හයදෙනෙක් ඉන්න කනවැන්දුම් පුරුෂයෙක්. අවුරුදු 25ක් තිස්සේ කරගෙන ගිය ඔහුගේ රැකියාව 1985දී ඔහුට අහිමි වුණත් ගබඩා පාලකයෙක් හැටියට රැකියාවක් ඔහුට හම්බ වුණා. “ජීවත් වෙන එක ආර්ථික පැත්තෙන් හරිම අමාරුයි. දැන් අපිට කන්න පුළුවන් දවසකට එක වතාවයි. එක සැරයක්, එක දිගට දවස් තුනක් නොකා ඉන්න අපිට සිද්ධ වුණා. පණ ගැටගහගන්න අපිට වතුර විතරයි බොන්න තිබුණේ” කියා ඔහු කියනවා.
ඩැන්යල් සභාවේ වැඩිමහල්ලෙක් හැටියට සේවය කරනවා. “මම එක ක්‍රිස්තියානි රැස්වීමක්වත් අතපසු කරන්නේ නැහැ, ඒ වගේම දිව්‍යාණ්ඩු පැවරුම්වල කාර්යබහුලව ඉන්නවා” කියා කියූ ඔහු තවදුරටත් මෙහෙම කියනවා: “රාජ්‍ය ශාලාවේ ඕනෑම වැඩක් තියෙන වෙලාවක මං එතන ඉන්න වගබලා ගන්නවා. දේවල් කරන්න අමාරු වෙනකොට, යොහන් 6:68 පේතෘස් යේසුට කියපු වචන මං මතක් කරගන්නවා: ‘ස්වාමීනි, අපි කා ළඟට යමුද?’ යෙහෝවාට කරන සේවය නැවැත්තුවොත්, මම කොහාටද යන්නේ? රෝම 8:35-39 තියෙන පාවුල්ගේ වචන පවා මගේ අධිෂ්ඨානය පුරවනවා. මොකද, ඒකෙ කියල තියෙන්නේ දෙවි සහ ක්‍රිස්තුස්ගේ ප්‍රේමයෙන් අපිව වෙන් කරන්න කිසිම දෙයකට බැහැයි කියලයි. මෙන්න මේ ආකල්පය තමයි මම මගේ දරුවන්ට කවල තියෙන්නේ. මම ඔවුන්ට නිතර නිතර කියන්නේ අපි කවදාවත් යෙහෝවාව අත් නොහැරිය යුතුයි කියලයි.” ස්ථාවර පවුල් බයිබල් පාඩමත් ඩැන්යල්ගේ ජ්වලිතයත්, ඔහුගේ දරුවන් මත ඒකාන්ත බලපෑමක් ඇති කර තියෙනවා.
දීමේ ස්වභාවය
අන්ත දුගී තත්වයක ජීවත් වන කෙනෙකුට රාජ්‍ය කටයුතු සඳහා මූල්‍යමය ලෙස සම්මාදම් කරන්න බැහැයි කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් ඒක එහෙම නෙවෙයි. (ලූක් 21:1-4 සසඳන්න.) එදිනෙදා අවශ්‍යතා පිරිමසාගැනීමට ගොවිතැන් කිරීම තම වෘත්තිය කරගෙන සිටින ඝානාවේ සමහර සාක්ෂිකරුවන්, ඔවුන්ගේ ඉඩමේ කොටසකින් ලබන ආදායම දෙවිගේ රාජ්‍ය කටයුතුවලට අනුබල දීම සඳහා පාවිච්චි කරනවා. ඉඩමේ පලදාව විකුණුවාම මුදල් පාවිච්චි කරන්නේ සම්පූර්ණයෙන්ම ඒ අරමුණ සඳහායි. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රාදේශීය රාජ්‍ය ශාලාවට සම්මාදම් කිරීම මීට ඇතුළත් වෙනවා.
ජාන් මධ්‍යම අප්‍රිකාවේ ජීවත් වන පුරෝගාමී සේවිකාවක්. තමාගේ අංශභාග රෝගී පුරුෂයාව සහ තමන් යටතේ සිටින දරුවන් හතරදෙනෙකුව රැකබලා ගැනීම සඳහා ඇය පාන් විකුණනවා. ඇය සහභාගි වෙන සභාව අයිති රාජ්‍ය ශාලාවට බංකු අවශ්‍ය වූ විට, ගෙදර තිබුණු සියලුම මුදල් සම්මාදම් සඳහා යොදන්න ජාන්ගේ පවුලේ අය තීරණය කළා. ගෙදර කිසිම මුදලක් ඉතිරි වුණේ නැහැ. කොහොම වුණත් ඊළඟ දවසේ, දිගු කාලීන ණයක් තිබුණු කෙනෙක් බලාපොරොත්තු නොවුණු විදිහට ඒ ණය ගෙව්වා. ඒ මුදල් ආයේ හම්බ වෙයි කියන බලාපොරොත්තුව ඔවුන්ට නැති වෙලයි තිබුණේ!
ජාන් ප්‍රීතිමත්; ඒ වගේම මුදල් ගැන අනවශ්‍ය විදිහට කරදර වෙන්නේ නැහැ. “මම මගේ තත්වය යෙහෝවාට යාච්ඤාවෙන් කියල, ක්ෂේත්‍ර සේවයේ යනවා. මේ දේවල පිළිවෙළේ වඩා හොඳ කාලයන් සඳහා වැඩි බලාපොරොත්තු නැහැ කියල අපි දන්නවා. ඒත්, යෙහෝවා අපේ අවශ්‍යතා සපයනවා කියල අපි තේරුම් අරං තියෙනවා.”
කඩිසරබව පෙන්වීම
එකිනෙකාට ඇති ඔවුන්ගේ ප්‍රේමයෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හඳුනාගනු ලබනවා. (යොහන් 13:35) මුදල් තියෙන අය අවශ්‍යතාව ඇති ඔවුන්ගේ සෙසු ක්‍රිස්තියානීන්ට උදව් කරනවා. බොහෝවිට මෙය තෑග්ගක් හැටියට නැත්නම් සමහරවිට රැකියාවකින් උපකාරයක් හැටියට පැමිණෙනවා.
කොංගෝහි ජීවත් වන මාක් ලාදුරු රෝගයෙන් පෙළෙනවා. එය ඔහුගේ අත් පාවල ඇඟිලි විරූපී කර තියෙනවා. එමනිසා ඇවිදින්න ඔහු කිහිලි කරු පාවිච්චි කරනවා. යෙහෝවාට සේවය කරන්න මාක් තීරණය කළාම, ඔහු ඔහුගේ ජීවිතයේ බොහෝ වෙනස්කම් කරන්න පටන්ගත්තා. ඔහු කලින් කළා වගේ කෑම ඉල්ල ඉල්ල හිඟමනේ යනවා වෙනුවට, ඔහුට අවශ්‍ය දේවල් වගා කරන්න පටන්ගත්තා. ඒ වගේම ඔහු මෝඩ ගල් සාදා වික්කා.
මාක්ට ශාරීරික විකලතා තියෙද්දීත්, ඔහු නොකඩවාම කඩිසරව වැඩ කෙරුවා. කල් යත්ම ඔහු ඉඩම් කෑල්ලක් මිල දී ගෙන එහි සරල නිවහනක් ගොඩනැඟුවා. අදදින, මාක් සභාවේ වැඩිමහල්ලෙක් හැටියට සේවය කරන අතර, ඔහු ජීවත් වන නගර වැසියන්ගෙන් හොඳින් ගෞරවය ලබනවා. දැන් ඔහු අනිකුත් අවශ්‍යතා ඇති අයට උපකාර කරනවා.
ඇත්තවශයෙන්ම, බොහෝ ප්‍රදේශවල රැකියාවක් හොයාගන්න කොහොමටවත් බැහැ. මධ්‍යම අප්‍රිකාවේ වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලයක සේවය කරන එක් ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් මෙහෙම ලිව්වා: “මෙහි සිටින බොහෝදෙනෙකුට රැකියා නැහැ. සමහර අය තමන්ගේම රැකියාවන් කරන්න උත්සාහ කළත් එය දුෂ්කරයි. ඉතින් ඔවුන් කරන ඕනෑම දෙයක් නිසා දුක් විඳිනවා නම්, ඔවුන් පුරෝගාමී දේවසේවකයන් හැටියට ද්‍රව්‍යමය කැප කිරීම් කරනවා කියා සමහරු හිතනවා. එසේ කිරීමෙන්, සුළු එසේත් නැත්නම් කොහෙත්ම ගෙවීමක් නොකෙරෙන රැකියාවක් ඇතුව සිටිනවාට වඩා ඔවුන්ට බහුල ලෙස ආශීර්වාද ලැබී තිබෙන බව බොහෝදෙනෙක් සොයාගෙන තිබෙනවා.”
යෙහෝවා ඔහුගේ සෙනඟව පෝෂණය කරනවා
යේසුස් ක්‍රිස්තුස් තමන් ගැනම මෙහෙම කිව්වා: “සිවලුන්ට බෙනත් ආකාශයේ පක්ෂීන්ට කූඩුත් තිබේ; නුමුත් මනුෂ්‍ය පුත්‍රයාට හිස තබන්ට තැනක් නැත.” (ලූක් 9:58) ඒ හා සමානව ප්‍රේරිත පාවුල් මෙහෙම ලිව්වා: ‘මේ පැය දක්වාම ක්ෂුධාවද පිපාසායද විඳ, වස්ත්‍ර නැතුව, පහර ලැබ, නියම වාසස්ථානයක් නැතුව සිටිමු.’—1 කොරින්ති 4:11.
ඔවුන්ගේ දේවසේවය වඩා සම්පූර්ණ ලෙස ලුහුබඳින්න පුළුවන් වන විදිහට යේසුස් සහ පාවුල් යන දෙදෙනාම සීමිත ආර්ථික ජීවන මාර්ගයක් තෝරාගත්තා. අද දවසේ සිටින ක්‍රිස්තියානීන් බොහෝදෙනෙක් දිළිඳුයි; ඔවුන්ට වෙන විකල්පයක් නැහැ. ඒ කොහොම වුණත්, ඔවුන් ඔවුන්ගේ ජීවිතවලට බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න අතර, ජ්වලිත ලෙස දෙවිට සේවය කරන්න මං සොයනවා. යේසුගේ සහතික වීමෙහි සැබෑකම ඔවුන් අද්දකිද්දී, යෙහෝවා ඔවුන්ට මහත් සේ ප්‍රේම කරන බව ඔවුන් දන්නවා. “නුමුත් පළමුකොට [ඔහුගේ] රාජ්‍යයද [ඔහුගේ] ධර්මිෂ්ඨකමද සොයන්න; මේ සියල්ලත් [ද්‍රව්‍යමය දේවල්] නුඹලාට දෙනුලබන්නේය.” (මතෙව් 6:25-33) එපමණක් නෙවෙයි, “[යෙහෝවාගේ] ආශීර්වාදය පොහොසත්කම ලබාදෙ[න]” බවට දෙවිගේ මේ දුප්පත් සේවකයන්ට සාක්ෂි තියෙනවා.—හිතෝපදේශ 10:22.
[පාදසටහන]
a මේ ලිපියේ විකල්ප නම් පාවිච්චි කර ඇත.
[6වන පිටුවේ කොටුව]
‘වචනය පිළිපදින්නෝ’ කව්ද?
වර්ෂ 1994දී කළ ඡන්ද විමසුමකට අනුව, අමෙරිකානුවන්ගෙන් 96%ක් “දෙවි කෙරෙහි හෝ විශ්වනීය ආත්මයක් කෙරෙහි විශ්වාස” කරනවා. “පොළොව මත සිටින කිසිම ජාතියකට වඩා, එක්සත් ජනපදයේ ජනගහනය සම්බන්ධයෙන් ගත් කල ඔවුන් සඳහා ඇති පල්ලි සංඛ්‍යාව වැඩියි” කියා යූ.එස්.නියූස් ඇන්ඩ් ව’ල්ඩ් රිපෝට් පවසනවා. මෙවන් ශාන්ත දාන්ත පෙනුමක් හමුවේ, පළපුරුදු ඡන්ද සංවිධායක ජෝජ් ගැලප්, කනිෂ්ඨ පවසන්නේ මෙසේයි: “මුළුමනින්ම පැහැදිලි කාරණය මේකයි; බොහෝ අමෙරිකානුවන් තමන් විශ්වාස කරන්නේ මොනවාද නැත්නම් විශ්වාස කරන්නේ ඇයි කියා දන්නේ නැහැ.”
බොහෝ මිනිසුන්ගේ ආගමික විශ්වාසයන් සහ ඔවුන්ගේ ක්‍රියාවන් අතර විශාල පරතරයක් ඇති බව සංඛ්‍යා ලේඛන පවා පැහැදිලි කරනවා. උදාහරණයක් වශයෙන්, “සමාජ විද්‍යාඥයන් පවසන අන්දමට, රටේ ආගමික විශ්වාසයන් සහ පිළිවෙත් ඉතා ප්රබලව පවතින ප්රදේශවලම තමයි, සමහර දරුණුම අපරාධයනුත් සිද්ධ වෙන්නේ” කියා ලේඛක ජෙෆ්රි ෂෙල’ පවසනවා.
මෙය පුදුමයට පත් කළ යුතු නැහැ. ඒ ඇයි? මන්දයත්, පළමු සියවස තරම් දුරාතීතයේදී, ‘ඔව්හු දෙවි දැනගෙන සිටින බව කියා සිටියත් තමුන්ගේ ක්‍රියාවලින් ඔහුව නාඳුනන බව ප්‍රකාශ කරන’ අයගෙන් පරෙස්සම් වෙන්න කියා ප්‍රේරිත පාවුල් සහකාර ක්‍රිස්තියානීන්ට අනතුරු ඇඟෙව්වා. (තීතස් 1:16) ඊට අමතරව, “දේවභක්තියේ වේශය දරන නුමුත්, එහි බලය බොරු බව ඔප්පු කරන අය” සිටීම “අන්තිම දවස්වල” ගතිලක්ෂණයක් වන බව පාවුල් තරුණ තිමෝතිට කියා සිටියා.—2 තිමෝති 3:1, 5, NW.
කෙසේවෙතත්, “ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න” යන යේසුස් ක්‍රිස්තුස්ගේ ආඥාව අනුගමනය කරන්න සැබෑ ක්‍රිස්තියානීන් ඔවුන්ගේ උපරිමය කරනවා. (මතෙව් 28:19) මේ ආකාරයෙන් ඔවුන්, ‘වචනය අසන්නෝ පමණක් නොවී එය පිළිපදින්නෝ බවට පත් වෙනවා.’—යාකොබ් 1:22.
[7වන පිටුවේ පින්තූරය]
ලොව වටා සිටින මිනිසුන් බයිබල් පාඩමේ වටිනාකම දන්නවා