ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w98 1/15 13-18 පි.
  • දෙවි සමඟ ගමන් කරමින් සිටින්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවි සමඟ ගමන් කරමින් සිටින්න
  • 1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • නොවෙනස් වන ජීවන මාර්ගයක්
  • ආත්ම-විශ්වාසයේ මලපත ප්‍රතික්ෂේප කරන්න
  • මිනිසාට ඇති භයට ඔබව පාලනය කිරීමට ඉඩ නොදෙන්න
  • උපදෙස් සුළු කිරීමෙන් වළකින්න
  • ජීවිතයේ කනස්සලු වීම් සමඟ සාර්ථකව කටයුතු කිරීම
  • පෙනීමෙන් නොව ඇදහිල්ලෙන් ජීවත් වෙමු
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සැබෑ දෙවියන්වහන්සේට භයවීමේ ප්‍රයෝජන
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවාගේ මාර්ගයේ දිගටම ගමන් කරමින් සිටින්න
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවි සමඟ ඇවිදීම—මුල් පියවර
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w98 1/15 13-18 පි.

දෙවි සමඟ ගමන් කරමින් සිටින්න

“ආත්මයෙන් ගමන් කරමින් සිටින්න; එවිට ඔබ කොහෙත්ම මාංසයේ ආශාවන් ලුහුබඳින්න යන්නේ නැත.”—ගලාති 5:16, NW.

1. (අ) ඒනොක් දෙවි සමඟ ගමන් කළේ කිනම් තත්වයන් යටතේද? එමෙන්ම කොපමණ කලකටද? (ආ) නෝවා දෙවි සමඟ ගමන් කළේ කොපමණ කලකටද? එමෙන්ම කිනම් බරපතළ වගකීමක් ඔහුට තිබුණාද?

ඒනොක් “සැබෑ දෙවි සමඟ ගමන් කරමින් සිටියා” කියා බයිබලය අපට කියනවා. ඔහු වටා සිටි මිනිසුන්ගේ කම්පිත කරවන කතා සහ අභක්තික හැසිරීම මධ්‍යයෙහි, වයස අවුරුදු 365න් දිවි කෙළවර වන තුරු ඔහු දෙවි සමඟ නොනවත්වාම ගමන් කළා. (උත්පත්ති 5:23, 24, NW; යූද් 14, 15) නෝවාත් “සැබෑ දෙවි සමඟ ගමන් කළේය.” ඔහු එසේ කළේ, තම පවුල ඇති දැඩි කරමින්, කැරලිකාර දේවදූතයන් සහ ඔවුන්ගේ සාහසික පැවතෙන්නන්ගේ බලපෑමෙන් යුත් ලෝකයකට මුහුණ දෙමින් සහ ඉපැරණි කාලවල මුහුදු ගිය කිසිම නැවකට වඩා ලොකු, විශාල නැවක් සෑදීමට අයත් සියලු වැඩකටයුතු බලාකියා ගන්නා අතරේදීයි. ජලගැල්මෙන් පසුවත්, බාබෙල්හිදී කැරලිකාරකම යෙහෝවාට එරෙහිව හිස එසවූ විටත් නෝවා දෙවි සමඟ ගමන් කළා. ඇත්තෙන්ම, වයස අවුරුදු 950ක් වී මියයන තුරු නෝවා දෙවි සමඟ අන්තිමය දක්වාම ගමන් කළා.—උත්පත්ති 6:9, NW; 9:29.

2. ‘දෙවි සමඟ ගමන් කිරීම’ යන්නෙහි අර්ථය කුමක්ද?

2 මෙම මිනිසුන් දෙවි සමඟ ‘ගමන් කළා’ කියා කියද්දී, බයිබලය මෙම වචනය පාවිච්චි කරන්නේ, වාක්‍යාලංකාරයක් හැටියටයි. එයින් අදහස් කරන්නේ, ඒනොක් සහ නෝවා දෙවි කෙරෙහි ශක්තිමත් ඇදහිල්ලක සාක්ෂි සපයන ආකාරයෙන් තමන්ව හසුරුවාගත්තා යන්නයි. යෙහෝවා ඔවුන්ට අණ කළ ලෙස කළ අතර, මනුෂ්‍යවර්ගයා සමඟ දෙවිගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඔවුන් දැන සිටි දෙයට එකඟව ඔවුන්ගේ ජීවිත පාලනය කළා. (2 ලේකම් 7:17 සසඳන්න.) දෙවි කළ කී දේවල් සම්බන්ධයෙන් ඔවුන් මනසෙන් එකඟතාව පළ කළා විතරක් නෙවෙයි, නමුත් ඔහුට අවශ්‍ය සෑම දෙයක් සම්බන්ධයෙන්ම ඔවුන් ක්‍රියා කළා—ඒවායින් කිහිපයක් විතරක් නෙවෙයි, නමුත් අසම්පූර්ණ මනුෂ්‍යයන් හැටියට ඔවුන්ට කළ හැකි උපරිමයෙන් ඔවුන් එසේ කළා. තවදුරටත්, උදාහරණයක් හැටියට නෝවා දෙවි අණ කළ විදිහටම කළා. (උත්පත්ති 6:22) නෝවා මඟ පෙන්වීම දෙන්න පෙරාතුව ගමන් කරමින් සිටියේවත්, පසෙකට වී නොසැලකිලිමත්ව ගාටමින් සිටියේවත් නැහැ. යෙහෝවාගේ සමීපකම භුක්ති විඳි කෙනෙකු හැටියට දෙවිට අපහසුවකින් තොරව යාච්ඤා කරමින්, දිව්‍ය මඟ පෙන්වීම ආදරයෙන් රැකබලා ගනිමින්, නෝවා දෙවි සමඟ ගමන් කළා. ඔබත් එසේ කරනවාද?

නොවෙනස් වන ජීවන මාර්ගයක්

3. කැප වූ සහ බව්තීස්ම වූ දෙවිගේ සියලුම සේවකයන්ට ඉතාමත්ම වැදගත් කුමක්ද?

3 ජනයා දෙවි සමඟ ගමන් කරනවා දැකීම හද උණුසුම් කරවන්නක්. ඔවුන් යෙහෝවාගේ කැමැත්තට එකඟව ඒකාන්ත පියවර ගන්නා විට, දෙවිව සතුටු කිරීමට නැතුවම බැරි ඇදහිල්ලේ සාක්ෂි සපයනවා. (හෙබ්‍රෙව් 11:6) පසුගිය අවුරුදු පහ පුරා, සෑම අවුරුද්දකම 3,20,000කට වඩා වැඩිදෙනෙකුගේ සාමාන්‍යයක් යෙහෝවාට තමන්ව කැප කර, වතුර බව්තීස්මයෙන් තමන්වම ඉදිරිපත් කිරීම ගැන අප මොනතරම් ප්‍රීති වුණාද! නමුත් ඔවුන් මෙන්ම අප සියලුදෙනාත් දෙවි සමඟ නොකඩවා ගමන් කිරීම වැදගත්.—මතෙව් 24:13; එළිදරව් 2:10.

4. ඔවුන් යම් ඇදහිල්ලක් පෙන්නුවත්, මිසරය හැර ගිය බොහෝ ඉශ්‍රායෙල්වරු පොරොන්දු දේශයට ඇතුල් නොවූයේ මන්ද?

4 මෝසෙස්ගේ දවසේදී, මිසරයේ සිටි ඉශ්‍රායෙල් පවුලකට පාස්කුව පැවැත්වීමට සහ උළුවහු කණුවල සහ උඩ පඩිකඳන්වල ලේ ගෑමට ඇදහිල්ල අවශ්‍ය කළා. (නික්මයාම 12:1-28) කෙසේවෙතත්, ඵාරාවෝගේ යුධ හමුදාව රතුමුහුද අසලදී තමුන් පිටුපසින් එනවා දුටු විට බොහෝදෙනෙකුගේ ඇදහිල්ල සැලුණා. (නික්මයාම 14:9-12) වියළි මුහුදු පත්ල මතින් ආරක්ෂා සහිතව ගමන් කරද්දීත්, රළ නැඟ එන දිය පහර මිසර හමුදාව සමූලඝාතනය කරද්දීත්, ඔවුන් නැවතත් ‘යෙහෝවාගේ වචන විශ්වාස’ කළ බව ගීතාවලිය 106:12 පෙන්වනවා. කෙසේවෙතත්, ටික කාලයකට පසු කාන්තාරයේදී, ඉශ්‍රායෙල්වරුන් බොන වතුර, කෑම සහ අධීක්ෂණය ගැන මැසිවිලි කියන්න පටන්ගත්තා. පොරොන්දු දේශයෙන් නැවත පැමිණි ඔත්තුකාරයන් 12දෙනාගෙන් දසදෙනෙකුගේ නිෂේධාත්මක වාර්තාව ඔවුන්ව බියට පත් කළා. එවන් තත්වයන් යටතේ, ගීතාවලිය 106:24 කියන විදිහට, ‘ඔවුන් දෙවිගේ වචනය විශ්වාස කළේ නැහැ.’ ඔවුන්ට නැවතත් මිසරයට යන්න අවශ්‍ය වුණා. (ගණන් කථාව 14:1-4) ඔවුන්ට යම් ඇදහිල්ලක් තිබුණා නම්, එය පෙන්නුම් කළේ දිව්‍ය බලයේ යම් අපූර්ව විදහාපෙන්වීමක් දුටු විට පමණයි. ඔවුන් දෙවි සමඟ දිගටම ගමන් කළේ නැහැ. ප්‍රතිඵලයක් හැටියට එම ඉශ්‍රායෙල්වරුන් පොරොන්දු දේශයට ඇතුල් වුණේ නැහැ.—ගීතාවලිය 95:10, 11.

5. දෙවන කොරින්ති 13:5 සහ හිතෝපදේශ 3:5, 6 දෙවි සමඟ ගමන් කිරීම යන්නට නෑකම් කියන්නේ කෙසේද?

5 බයිබලය අපට මෙසේ අවවාද කරනවා: “නුඹලා ඇදහිල්ලෙහි සිටිනවාද කියා නුඹලාම පරීක්ෂාකර බලන්න; නුඹලාවම සෝදිසිකර බලන්න.” (2 කොරින්ති 13:5) “ඇදහිල්ලෙහි සිටිනවා” කීමෙන් අදහස් කරන්නේ, ක්‍රිස්තියානි විශ්වාසයන් සමූහයකට ඇලී සිටීමයි. සාර්ථක වීමට නම්, අපගේ ජීවිතයේ සියලුම දවස්වලදී දෙවි සමඟ ගමන් කිරීම වැදගත්. දෙවි සමඟ ගමන් කිරීම සඳහා, අප ඇදහිල්ලේ ගුණය ක්‍රියාත්මක කිරීම සහ යෙහෝවා කෙරෙහි පූර්ණ ලෙස විශ්වාසය තැබීම අවශ්‍යයි. (හිතෝපදේශ 3:5, 6) එසේ කිරීමට අසමත් වන අයව හසු කරගැනීමට පුළුවන් උගුල් සහ මලපත් අසංඛ්‍යාත ප්‍රමාණයක් තිබෙනවා. මින් සමහරක් මොනවාද?

ආත්ම-විශ්වාසයේ මලපත ප්‍රතික්ෂේප කරන්න

6. වේශ්‍යාකම සහ කාමමිථ්‍යාචාරය ගැන සියලුම ක්‍රිස්තියානීන් දන්නේ කුමක්ද? එමෙන්ම මෙම පාප ගැන ඔවුන්ට හැඟෙන්නේ කෙසේද?

6 බයිබලය පාඩම් කර ඇති, යෙහෝවාට තම ජීවිතය කැප කර ඇති සහ බව්තීස්ම වී සිටින සෑම කෙනෙක්ම දන්නවා දෙවිගේ වචනය වේශ්‍යාකම සහ කාමමිථ්‍යාචාරය හෙළා දකින බව. (1 තෙසලෝනික 4:1-3; හෙබ්‍රෙව් 13:4) එවැනි අය එම හෙළාදැකීම හරියි කියා එකඟ වෙනවා. ඔවුන්ගේ අභිප්‍රාය වන්නේ ඊට එකඟව ජීවත් වීමයි. එහෙත්, ලිංගික දුරාචාරය සාතන්ගේ ඉතාම බලපෑමෙන් යුත් මලපතක් ලෙස දිගටම පවතිනවා. ඇයි?

7. මෝවබ් සමභූමිවලදී, වැරදියි කියා ඔවුන් දැනගෙන සිටි හැසිරීමෙහි ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් නියැලුණේ මන්ද?

7 එවැනි ලිංගික දුරාචාරයක යෙදෙන අය එසේ කිරීමට මුලින්ම සැලසුම් කළේ නැති වෙන්න පුළුවන්. සමහරවිට මෙය මෝවබ් සමභූමිවල සිටි ඉශ්‍රායෙල් සම්බන්ධයෙන්ද සැබෑවක් වුණා. කාන්තාරයේ ජීවිතයෙන් වෙහෙසට පත් ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ට මෝවබ් සහ මිදියන් ස්ත්‍රීන්ව මිත්‍රශීලී සහ ආගන්තුක සත්කාරශීලී අය මෙන් මුලින්ම පෙනෙන්න ඇති. නමුත් යෙහෝවාට නොව බාල්ට සේවය කරන සෙනඟ සමඟ ඇසුරු කිරීමට වූ ආරාධනය ඉශ්‍රායෙල්වරු පිළිගැනීමෙන්, මෙන්ම ඔවුන්ගේ තරුණ දූවරුන්ට (ප්‍රසිද්ධ පවුල්වලින් පවා) ඔවුන් හා විවාහ නොවූ පුරුෂයන් සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වන්න ඉඩහැරීමෙන් සිදු වුණේ කුමක්ද? ඉශ්‍රායෙල් කඳවුරේ සිටි මනුෂ්‍යයන් එවැනි ඇසුර හොඳ දෙයක් ලෙස සලකන්න පටන්ගත් විට, වැරදියි කියා ඔවුන් දැන සිටි දේවල් කරන්න ඔවුන් පෙලඹුණා, එමෙන්ම ඊට ඔවුන්ගේ ජීවිතවලින් වන්දි ගෙවන්න සිදු වුණා.—ගණන් කථාව 22:1; 25:1-15; 31:16; එළිදරව් 2:14.

8. අපගේ දවසේදී, ක්‍රිස්තියානියෙකුව ලිංගික දුරාචාරයට කුමක් මගින් මඟ පෙන්විය හැකිද?

8 අද දවසේත් පුද්ගලයෙකුව ඒ හා සමාන තත්වයකට වැටෙන්න හේතු විය හැක්කේ කුමක්ද? ලිංගික දුරාචාරයේ බරපතළකම ඔහු දන්නවා විය හැකි වුණත්, ඔහු ආත්ම-විශ්වාසයේ අනතුරු අගය කරන්නේ නැත්නම්, වැරදි කිරීමට වූ පෙලඹවීම මගින් ඔහුගේ තර්කණය යටපත් කරන තත්වයකට පත්වීමට ඔහු ඔහුවම ඉඩහරිනවා.—හිතෝපදේශ 7:6-9, 21, 22; 14:16.

9. ලිංගික දුරාචාරයට එරෙහිව අපව ආරක්ෂා කරන්න කිනම් ශුද්ධ ලියවිලි අනතුරු ඇඟවීම්වලට හැකිද?

9 ඍජු ලෙස ගතහොත්, දේවවචනය අපට අනතුරු අඟවන්නේ නරක සමාගම අපව දූෂ්‍ය නොකරන තරමට අප ශක්තිමත් යන සිතුවිල්ලෙන් නොරැවටෙන්න කියායි. දුරාචාරමය පුද්ගලයන්ගේ ජීවිත පිළිබඳව ප්‍රචාරය කරන රූපවාහිනී වැඩසටහන් සහ දුරාචාර ආශාවන්වලට පොලඹවන සඟරා බැලීම ඊට අයත් වෙනවා. (1 කොරින්ති 10:11, 12; 15:33) වැරදි තත්වයන් යටතේ සෙසු විශ්වාසිකයන් සමඟ ඇසුරු කිරීම පවා බරපතළ ගැටලුවලට මඟ පාදන්න පුළුවන්. ස්ත්‍රීපුරුෂත්වය අතර ආකර්ෂණය ප්‍රබලයි. යෙහෝවාගේ සංවිධානය එම නිසයි, පවුලේ සාමාජිකයෙකු හෝ තමාගේ විවාහක කලත්‍රයා නොවන විරුද්ධ ලිංගයේ කෙනෙකු සමඟ තනිව සහ අන් අයගේ නිරීක්ෂණයෙන් තොර තැන්වල සිටීමට විරුද්ධව ප්‍රේමනීය ලෙස සැලකිලිමත්ව අවවාද කරන්නේ. දෙවි සමඟ දිගටම ගමන් කිරීම සඳහා, ආත්ම-විශ්වාසයේ මලපත අප හෙළා දැකිය යුතු අතර, ඔහු අපට දෙනු ලබන අනතුරු ඇඟවීමේ උපදෙස්වලට එකඟව සිටිය යුතුයි.—ගීතාවලිය 85:8.

මිනිසාට ඇති භයට ඔබව පාලනය කිරීමට ඉඩ නොදෙන්න

10. “මනුෂ්‍යයාට භයවීම” මලපතක් ඇටවීමක් වන්නේ කෙසේද?

10 හිතෝපදේශ 29:25 තවත් අනතුරක් හඳුනාගෙන ඇති අතර, එය මෙසේ කියනවා: “මනුෂ්‍යයාට භයවීම මලපතක්ය.” බොහෝවිට දඩයක්කරුවෙකු දමන මලපත වන්නේ, බෙල්ල වටේ දමා අදින තොණ්ඩුවක් හෝ සතෙකුගේ කකුල් පටලවන ලණු ආදියයි. (යෝබ් 18:8-11) ඒ හා සමානව මනුෂ්‍යයන්ට භයවීම නිදහසේ කතා කිරීමට සහ දෙවිට ප්‍රසන්න ආකාරයකින් තමාව හසුරුවාගැනීමට පුද්ගලයෙකුට ඇති හැකියාව හිර කළ හැකියි. අන් අයව සතුටු කිරීමට ඇති ආශාව සාමාන්‍ය දෙයක් වුණත්, අන් අය සිතන ආකාරය ගැන අනුකම්පා විරහිත ලෙස නොසලකා හැරීමක් ක්‍රිස්තියානි දෙයක් නොවෙයි. ඒ වෙනුවට සමබරතාවක් අවශ්‍යයි. අනිත් මිනිසුන් දැක්විය හැකි ප්‍රතික්‍රියාව ගැන සලකා, පුද්ගලයෙක් දෙවි තහනම් කරන දේ හෝ දෙවිගේ වචනය ආඥා කරන දේ කිරීමෙන් වළකින විට එම තැනැත්තා මලපතට හසු වී සිටිනවා.

11. (අ) මනුෂ්‍යයන්ට භයවීම මගින් කෙනෙකුව පාලනය වීමට එරෙහිව ඇති ආරක්ෂාව කුමක්ද? (ආ) මනුෂ්‍යයන්ට භයවීම සමඟ පොරබැදුවාවූ තම සේවකයන්ට යෙහෝවා උපකාර කර ඇත්තේ කෙසේද?

11 එවැනි මලපතකට එරෙහිව ආරක්ෂා වීම රැඳෙන්නේ, කෙනෙකුගේ සහජ නැඹුරුවාවෙහි නොව, නමුත් ‘යෙහෝවා කෙරෙහි විශ්වාස කිරීම’ මතයි. (හිතෝපදේශ 29:25ආ) දෙවි කෙරෙහි විශ්වාසය තැබීමෙන්, ස්වභාවයෙන්ම ලජ්ජාශීලී පුද්ගලයෙකු පවා එඩිතර සහ ස්ථිරසාර බව ඔප්පු කරන්න පුළුවන්. සාතන්ගේ මේ දේවල පිළිවෙළේ පීඩනවලින් අප වටව සිටින තාක් කල්, මිනිසාට භයවීමේ මලපතට හසුවීමට එරෙහිව අප ආරක්ෂා වීම අවශ්‍යයි. එඩිතර සේවයක් පිළිබඳ වාර්තාවක් ප්‍රොපේත එලියාට තිබුණත්, යෙසෙබෙල් ඔහුව මරණ බවට තර්ජන කරද්දී, ඔහු භයින් පලා ගියා. (1 රාජාවලිය 19:2-18) පීඩනය යටතේ, ප්‍රේරිත පේතෘස් යේසුස් ක්‍රිස්තුස්ව දැනගෙන සිටින බව ප්‍රතික්ෂේප කළ අතර, අවුරුදු ගණනාවකට පසුව ඇදහිල්ලට පටහැනි ආකාරයෙන් තමන්ව හැසිරවීමට පොලඹවන්න භයට ඉඩහැරියා. (මාර්ක් 14:66-71; ගලාති 2:11, 12) කෙසේවෙතත්, එලියා සහ පේතෘස් යන දෙදෙනාම ආත්මික උපකාරය පිළිගත් අතර, යෙහෝවා කෙරෙහි විශ්වාසය ඇතුව, දිගටම දෙවිට පිළිගත හැකි ආකාරයට සේවය කළා.

12. දෙවිව සතුටු කිරීම සඳහා මනුෂ්‍යයන්ට භයවීමෙන් වැළකී සිටීමට උපකාර ලැබී ඇත්තේ කෙසේද කියා පෙන්වන්නේ කිනම් නවීන දින ආදර්ශද?

12 අපගේ දවසේ සිටින බොහෝ යෙහෝවාගේ සේවකයන්, භයවීමේ මලපතට හසුවීමෙන් ජයගැනීමට ඉගෙනගෙන තිබෙනවා. ගයනාවේ නහඹර සාක්ෂිකාරියක් මෙසේ පිළිගත්තා: “පාසැලේදී තුල්‍ය පීඩනයට එරෙහි සටන ප්‍රබලයි.” නමුත් ඇය මෙසේ එකතු කරනවා: “යෙහෝවා කෙරෙහි මගේ ඇදහිල්ලත් ඒ වගේමයි.” ඇගේ ගුරුතුමා ඇගේ ඇදහිල්ල සම්බන්ධයෙන් මුළු පන්තියම ඉදිරියේ සමච්චල් කරද්දී, ඇය නිහඬව යෙහෝවාට යාච්ඤා කළා. පසුව ඇය ගුරුතුමාට පෞද්ගලිකව උපායශීලී සාක්ෂියක් දුන්නා. බෙනින්හි පිහිටි තම ගමට යන අතරතුරේදී, යෙහෝවාගේ අවශ්‍යතාවන් ගැන ඉගෙනගනිමින් සිටි තරුණ මිනිසෙක්, තම පියා තමන්ට සාදා දුන් රූපය ඉවත් කිරීමේ අධිෂ්ඨානයෙන් සිටියා. පිළිමයට පණ නැති බව ඔහු දැන සිටි අතර, ඒ වගේම ඔහු එයට භය වුණේ නැහැ; නමුත් කෝපයට පත් වන ගම්වැසියන් ඔහු මරන්න සොයාවි යන්න ගැන ඔහු දැන සිටියා. ඔහු යෙහෝවාට යාච්ඤා කළ අතර, එදා රෑ කැලයට ගෙන ගොස් එම රූපය නැති කර දැමුවා. (විනිශ්චයකාරයා 6:27-31 සසඳන්න.) ඩොමිනිකන් ජනරජයේ ස්ත්‍රියක් යෙහෝවාට සේවය කරන්න පටන්ගනිද්දී, යෙහෝවා හෝ ඔහු අතර තේරීමක් කරන ලෙස ඇගේ පුරුෂයා ඈට අණ කළා. මේ මිනිසා ඇයව දික්කසාද කරන බවට තර්ජනය කළා. භය ඇගේ ඇදහිල්ල නැති කරන්න යනවාද? ඇය මෙසේ පිළිතුරු දුන්නා: “එය අශීලාචාර දෙයකට සම්බන්ධ වුණා නම්, මම ලැජ්ජාවට පත් වෙන්න යනවා; නමුත් යෙහෝවා දෙවිට සේවය කිරීම ගැන මම ලැජ්ජා වන්නේ නැහැ!” ඇය දෙවි සමඟ ගමන් කරමින් සිටි අතර, කාලයාගේ ඇවෑමෙන් දෙවිගේ කැමැත්ත කිරීමට ඇය සමඟ ඇගේ පුරුෂයාත් එක්කහු වුණා. අපේ ස්වර්ගීය පියා කෙරෙහි පූර්ණ විශ්වාසය ඇතුව, යෙහෝවාව සතුටු කරන්න අප දන්නා දේ කිරීමෙන් අපව වළක්වන්න මනුෂ්‍යයන්ට භයවීමට ඉඩහැරීමෙන් වළකින්න අපටත් පුළුවන්.

උපදෙස් සුළු කිරීමෙන් වළකින්න

13. පළමුවන තිමෝති 6:9හි අනතුරු අඟවා ඇත්තේ කිනම් මලපත ගැනද?

13 දඩයක්කාරයන් පාවිච්චි කරන සමහර මලපත් සාදා තිබෙන්නේ, යම් ස්ථානයක් පසු කර යන ඕනෑම සතෙකු අල්ලාගැනීමට වූවත්, අනිත් මලපත්, ආකර්ෂණීය ඇමකින් සතුන්ව රවටා පොලඹවාගනියි. බොහෝ මිනිසුන්ට ධනය ඒ හා සමානයි. (මතෙව් 13:22) පළමුවන තිමෝති 6:8, 9හි [NW] බයිබලය අපට දිරිගන්වන්නේ කෑම ඇඳීම අපට ඇත්නම් එයින් සෑහීමට පත් වෙන්න කියායි. ඉන්පසු එය මෙසේ අනතුරු අඟවනවා: “ධනවත් වීමට අදිටන් කරන අය, පරීක්ෂාවකට සහ මලපතකට මෙන්ම තේරුමක් නැති, වේදනාකාරි ආශාවන් රැසකට හසු වෙති; මින් මනුෂ්‍යයන්ව විනාශයට සහ නාස්තියට ඇද වට්ටවයි.”

14. (අ) කෑම ඇඳීම ඇතුව සිටීමෙන් සෑහීමට පත්වීමට වූ උපදේශය හෘදයට ගැනීමෙන් පුද්ගලයෙකුව වළක්වන්නේ කුමක්ද? (ආ) පළමුවන තිමෝති 6:9හි වාර්තා කර ඇති අනතුරු ඇඟවීම සුළු කරන්න ධනය පිළිබඳ වැරදි නිර්වචනයක් හේතු විය හැක්කේ කෙසේද? (ඇ) මලපත මඟ බලා සිටින ලෙස “ඇස්වල තෘෂ්ණාව” සමහරුන්ව අන්ධ කර ඇත්තේ කිනම් ආකාරයෙන්ද?

14 මෙම අනතුරු ඇඟවීම තිබියදීත්, එම උපදේශය ඔවුන් අදාළ කරගන්නේ නැති නිසා බොහෝදෙනෙක් මලපතට හසු වෙනවා. ඇයි? එයට හේතුව “කෑම ඇඳීම” ඇතුව සිටීමෙන් සෑහීමට පත් වෙන්න කියා බයිබලය අපෙන් බලවත් ලෙස ඉල්ලා සිටින්නාවූ ජීවන-රටාවකට වඩා වැඩි යමකට ඇලී සිටීමේ අටියෙන් උඩඟුකම ඔවුන්ව පෙලඹවීම වෙන්න බැරිද? ධනය විග්‍රහ කරද්දී, ඔවුන් ඉතා ධනවත් මිනිසුන්ගේ උරුමයන් ගෙනහැර පාමින් සමහරවිට බයිබලයේ අනතුරු ඇඟවීම සුළු කරනවාද? ධනවත් වීමට අදිටන් කරගෙන සිටීම සහ කෑම ඇඳීම ඇතුව සිටීමෙන් සෑහීමට පත්වීම අතර වෙනස බයිබලය සරලවම දක්වනවා. (හෙබ්‍රෙව් 13:5 සසඳන්න.) “ඇස්වල තෘෂ්ණාව”—ආත්මික දේවල් ලුහුබැඳීම පූජා කරමින් ඔවුන් දකින දේ අයිති කරගැනීමට ඇති ආශාව—සැබෑ නමස්කාරයේ අවශ්‍යතා දෙවන ස්ථානයට තල්ලු කරන්න හේතු වෙනවාද? (1 යොහන් 2:15-17; හග්ගයි 1:2-8) බයිබල් උපදේශය හෘදයට ගෙන ඔවුන්ගේ ජීවිතයන්හි ප්‍රමුඛතම දෙය යෙහෝවාගේ සේවය කරගනිමින් දෙවි සමඟ ගමන් කරන අය මොනතරම් සන්තෝෂවත්ද!

ජීවිතයේ කනස්සලු වීම් සමඟ සාර්ථකව කටයුතු කිරීම

15. තේරුම්ගත හැකි ලෙස යෙහෝවාගේ සෙනඟගෙන් බොහෝදෙනෙකුට කිනම් තත්වයන් කනස්සල්ලට හේතු වී තිබෙනවාද? එමෙන්ම අප එවැනි පීඩනයක් යටතේ සිටිද්දී, කිනම් මලපත් සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරි විය යුතුද?

15 ධනය ලබාගැනීමට ඇති අධිෂ්ඨානයට වඩා පොදු දෙය නම්, ජීවිතයේ අවශ්‍යතා ලබාගැනීම සඳහා කනස්සල්ල සහිත සැලකිල්ලක් දැක්වීමයි. යෙහෝවාගේ සේවකයන්ගෙන් වැඩි ප්‍රමාණයක් ජීවත් වන්නේ, සුළු වශයෙන් ධනය උරුම කරගෙනයි. සාමාන්‍ය ඇඳුම් පැළඳුම්, ඔවුන්ගේ පවුලට රාත්‍රියට නිදාගන්න තැනක් සහ දෛනිකව කෑමට යමක් යනාදිය සඳහා ඔවුන් පැය ගණනාවක් වෙහෙසී වැඩ කරනවා. තවත් සමහර අය ඔවුන් හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ලෙඩවීම හෝ මහලු වීම නිසා ගැටලු සමඟ පොරබදමින් සිටිනවා. ඔවුන්ගේ ජීවිතයේ ආත්මික අවශ්‍යතා ආත්මික අවශ්‍යතා ඇහිරවන්න මෙම තත්වයන්ට ඉඩහරින එක කොතරම් පහසුද!—මතෙව් 13:22.

16. ජීවිතයේ පීඩන සමඟ කටයුතු කිරීමට යෙහෝවා අපට උපකාර කරන්නේ කෙසේද?

16 මෙසියානු රාජ්‍යය යටතේ අද්දකින්න යන සහනය ගැන ප්‍රේමනීය ලෙස යෙහෝවා අපට කියනවා. (ගීතාවලිය 72:1-4, 16; යෙසායා 25:7, 8) අපේ ප්‍රමුඛතා පිළිවෙළින් තබාගන්නා ආකාරය ගැන අපට උපදෙස් දීමෙන් දැන් අපේ ජීවිතයේ පීඩන සමඟ කටයුතු කරන්නත් ඔහු අපට උපකාර කරනවා. (මතෙව් 4:4; 6:25-34) ඔහුගේ අතීත කාලයේ සිටි සේවකයන්ට උපකාර කළේ කොහොමද කියා වාර්තා කර තැබීමෙන්, යෙහෝවා අපේ බිය සැක දුරු කරවනවා. (යෙරෙමියා 37:21; යාකොබ් 5:11) පැමිණිය හැකි ඕනෑම පීඩාවක් හමුවේ ඔහු, ඔහුගේ දැනුමෙන් අපව ශක්තිමත් කරන අතර, තමන්ට පක්ෂපාත සේවකයන්ට ඇති ඔහුගේ ප්‍රේමය වෙනස් වෙන්නේ නැහැ. (රෝම 8:35-39) යෙහෝවා කෙරෙහි විශ්වාසය තබා ඇති අයට ඔහු මෙසේ ප්‍රකාශ කරනවා: “මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමි.”—හෙබ්‍රෙව් 13:5.

17. උග්‍ර පීඩා අද්දකිද්දී යම් තැනැත්තන්ට දෙවි සමඟ ගමන් කිරීමට හැකි වූ ආකාරය පිළිබඳ උදාහරණ කිහිපයක් දෙන්න.

17 මේ දැනුමෙන් ශක්තිමත් වී, සැබෑ ක්‍රිස්තියානීන් ලෝකයේ මාර්ගවලට හැරී යනවා වෙනුවට දෙවි සමඟ ගමන් කරමින් සිටිනවා. සමහර ප්‍රදේශවල දුප්පත් ජනයා අතර පවතින පොදු ලෞකික දර්ශනයක් වන්නේ, තමන්ගේ පවුල්වලට සැපයීම සඳහා වැඩියෙන් තිබෙන අයගෙන් ගැනීම සොරකම නොවේ යන්නයි. නමුත් ඇදහිල්ලෙන් ගමන් කරන අය එම අදහස ප්‍රතික්ෂේප කරනවා. සියල්ලටම වඩා ඉහළින් දෙවිගේ අනුමැතිය ඔවුන් අගය කරන අතර, ඔවුන්ගේ අවංක හැසිරීම සඳහා විපාකය උදෙසා ඔහු දෙස බලනවා. (හිතෝපදේශ 30:8, 9; 1 කොරින්ති 10:13; හෙබ්‍රෙව් 13:18) ඉන්දියාවේ සිටින වැන්දඹුවකට වැඩ කිරීමට ඇති කැමැත්ත හා මුසු වූ තත්වයන්ට මුහුණ දීම, පොරබැදීම සඳහා ඇයට උපකාර කළා. ඇගේ තත්වය ගැන නොරුස්නා ගතියක් ඇති කරගන්නවා වෙනුවට, දෙවිගේ රාජ්‍යය සහ ඔහුගේ ධර්මිෂ්ඨකම මුල් තැනට දැමුවොත් යෙහෝවා ඇගේ උත්සාහයන්ට ආශීර්වාද කරන බවටත්, ඇගේ සහ ඇගේ පුත්‍රයාගේ අවශ්‍යතා ලබා දෙන බවටත් යන කාරණය ගැන ඈ සාවධානව සිටියා. (මතෙව් 6:33, 34) ඔවුන් අද්දැකිය හැකි පීඩා නොසලකා, යෙහෝවා ඔවුන්ගේ සරණය සහ බලකොටුව බව ලොව වටා දහස් ගණනක්දෙනා නිරූපණය කර තිබෙනවා. (ගීතාවලිය 91:2) ඔබ සම්බන්ධයෙන් එය සැබෑවක්ද?

18. සාතන්ගේ ලෝකයේ මලපත්වලින් වැළකීමට යතුර කුමක්ද?

18 අපි මේ දේවල පිළිවෙළෙහි ජීවත් වන තාක් කල්, වැළකී සිටීම සඳහා මලපත් තිබෙන්න යනවා. (1 යොහන් 5:19) බයිබලය මේවා හඳුන්වා දෙන අතර, ඒවායෙන් වළකින්නේ කෙසේද කියා අපට පෙන්වනවා. යෙහෝවාට සැබෑවටම ප්‍රේම කරන අයට සහ ඔහුව අප්‍රසන්න කිරීම සඳහා හිතකර භයක් ඇති අයට එවැනි මලපත් සමඟ සාර්ථක ලෙස කටයුතු කරන්න පුළුවන්. ඔවුන් “ආත්මයෙන් ගමන් කරමින්” සිටිනවා නම්, ලෝකයේ මාර්ගවලට යටත් වෙන්න යන්නේ නැහැ. (ගලාති 5:16, NW, 17-25) යෙහෝවා සමඟ සම්බන්ධයක් වටා තමන්ගේ ජීවිත සැබෑවටම ගොඩනඟන අය ඉදිරියෙහි, දෙවි සමඟ ගමන් කිරීම සහ සදාකාලයටම ඔහු සමඟ සමීපකම භුක්ති විඳීමේ මහත් අපේක්ෂාව තිබෙනවා.—ගීතාවලිය 25:14.

ඔබේ අදහස් මොනවාද?

◻ ආත්ම-විශ්වාසය මලපතක් විය හැක්කේ කෙසේද?

◻ මනුෂ්‍යයන්ට භයවීමෙන් පාලනය වීමට එරෙහිව අපව ආරක්ෂා කරගන්න පුළුවන් කුමකටද?

◻ ධනය ලුහුබැඳීමෙහි අනතුරු සම්බන්ධ උපදේශය අදාළ කරගැනීමට අපොහොසත් වීම සඳහා කුමක් හේතු විය හැකිද?

◻ ජීවිතය පිළිබඳ කනස්සල්ලේ මලපතට හසුවීමෙන් වැළකීමට අපට කුමක් හැකි කරවයිද?

[16, 17වන පිටුවල පින්තූරය]

බොහෝදෙනෙක් ජීවිත කාලය පුරා දෙවි සමඟ ගමන් කරමින් සිටිනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න