ලෝකාන්තිමය ගැන මෙතරම් බියක් මන්ද?
“ළඟදීම [යම්] ආකාරයක ලෝක ව්‍යාප්ත සමාජ බිඳවැටීමක් සිදු වෙයි කියා ක්‍රිස්තියානි මූලධර්මවාදීන් දශක ගණනාවක් පුරා ප්‍රකාශ කරමින් සිටිනවා” යයි ආගමික ලේඛකයෙකු වූ ඩේමියන් තොම්සන් ටයිම් සඟරාවේ ප්‍රකාශ කරනවා. “මෙම සිදුවීම් වැළ ගැන බැරෑරුම් ලෙස කල්පනා කරනවා පමණක් නොව නමුත් මේ දේවල් සමච්චලයට ලක් කළ අය වන පරිගණක ක්‍රමලේඛකයන්, ව්‍යාපාර ලෝකයේ ලොක්කන් හා දේශපාලනඥයන් පවා ඒ ගැන කතා කරන එක දැන් එම මූලධර්මවාදීන්ට පුදුමයක්.” වසර 2000දී ලෝක ව්‍යාප්තව සිදු වන පරිගණක ක්‍රියා විරහිත වීමක් සම්බන්ධයෙන් ඇති භය “කවදාවත් සහස්‍රය පිළිබඳ විශ්වාසය ඇති අය වෙයි කියා සිතන්න බැරි ලෞකිකත්වයේ ගිලී සිටින අයව දැන් සහස්ර වාර්ෂිකයන් බවට පත් කර තිබෙනවා” කියා ඔහු ස්ථිර වශයෙන් පවසනවා. මෙවැනි අය “මහත් සංත්රාසයන්, ආණ්ඩු බිඳවැටීම, ආහාරවලට පොර කෑම, ඉතා උස් ගොඩනැඟිලිවල අහස් යාත්‍රා හැපීම” වැනි විපත්ති සිදු වෙයි කියා භය වෙනවා.
බොහෝවිට “ලෝකාන්තිමය” ගැන බිහිසුණු අදහස් පතුරුවන කුඩා ආගමික කණ්ඩායම් කීපයක් තැතිගන්වන ක්‍රියාකලාපයන්වල යෙදීමෙන් පොදු කාංසාව තවත් වැඩි කරනවා. වර්ෂ 1999 ජනවාරිවලදී, ල ෆිගේරෝ නමැති දිනපතා පළ වන ප්‍රංශ පුවත්පතේ “යෙරුසලම හා එළිදරව්වේ අනතුරු ඇඟවීම” යන මැයෙන් යුත් ලිපියක මෙසේ පැවසුවා: “‘සහස්ර වාර්ෂිකයන්’ සියයකට වැඩිදෙනෙක් ඔලීව කන්දේ හෝ ඒ අසලට වී හෝ යේසුගේ පරූසියා (පැමිණ සිටීම) නැත්නම් එළිදරව් වීම බලා සිටීවි කියා [ඉශ්රායෙල්හි] ආරක්ෂක සේවාවන් තක්සේරු කරනවා.”
වර්ෂ 1998 බ්‍රිටෑනිකා වාර්ෂික පොත (ඉංග්‍රීසියෙන්) තුළ “ලෝකාන්තිමයේ නිකායන්” ගැන විශේෂ වාර්තාවක් අඩංගුයි. එහි දිවි නසාගැනීමේ නිකායන් ගැන සඳහන් කරනවා; ඒවා අතර හෙවන්ස් ගේට් (ස්වර්ගයේ දොරටුව), පීපල්ස් ටෙම්පල් (ජනයාගේ දේවමාළිගාව) හා දි ඔඩර් ඔෆ් ද සෝල ටෙම්පල් (සූර්ය දේවාලයේ නිකාය) මෙන්ම 1995 ටෝකියෝවල උමං මාර්ගයකදී මාරාන්තික විෂ වායු ප්‍රහාරයක් දියත් කර, 12දෙනෙකු මරණයට පත් කරමින් දහස් ගණනකට අනතුරු පැමිණෙවූ ඕම් ෂින්රික්යෝ (පරම සත්‍යය) වැනි නිකායන් ගැනද සඳහන් වෙනවා. මේ වාර්තාව සම්බන්ධයෙන් සංක්ෂිප්ත අදහසක් දක්වමින්, චිකාගෝ විශ්වවිද්‍යාලයේ ආගම පිළිබඳ මහාචාර්යවරයෙකු වූ මාටින් ඊ. මාටි මෙසේ ලිව්වා: “දිනදර්ශනය 2000ට හැරවීමත් සමඟම බොහෝ අදහස් ගලා ඒවි. ඒ විතරක් නොවෙයි නොයෙක් ආකාරයේ අනාවැකි සහ ව්‍යාපාරයන්ද බිහිවීමට ඉඩ තිබෙනවා. ඒවායින් සමහරක් අනතුරුදායක වෙන්නත් පුළුවන්. ඒ කාලය උදාසීනව මුහුණ දිය යුතු කාලයක් නොවේවි.”
ලෝකාන්තිමය පිළිබඳ බියේ සුල මුල
බයිබලයේ අන්තිම පොතේ නම එළිදරව් වන අතර එය ලියනු ලැබුවේ පො.යු. පළමු සියවසේ අගභාගයේදීයි. මෙම පොතේ බොහෝ අනාවැකි තිබෙන අතර, සංකේත භාෂාවෙන් බොහෝ දේවල් ලියා තිබෙනවා. කෙසේනමුත්, බයිබලයේ එළිදරව් පොත ලිවීමට බොහෝ කලකට පෙර “ලෝකාන්තිමය” පිළිබඳ සංකල්පය ඇති පොත් පත් පළ කර තිබුණා. මෙම පොත් පත්වල සංකේත භාවිතයෙන් ඉදිරිපත් කළ මිථ්‍යාදෘෂ්ටික අදහස් පුරාණ පර්සියාවට මෙන්ම ඊටත් ඔබ්බට දිව යනවා. මේ හේතුවෙන්, “[ලෝකාන්තිමය පිළිබඳ මෙම යුදෙව්] පොත් පත්වල අන්තර්ගත මිථ්‍යාදෘෂ්ටික දේවලින් වැඩි හරියක් පැහැදිලිවම බබිලෝනියානු ගුප්ත අදහස්” බව යුදෙව් විශ්වකෝෂය (ඉංග්‍රීසියෙන්) පවසනවා.
ලෝකාන්තිමය පිළිබඳ යුදෙව් පොත් පත්, පො.යු.පෙ. දෙවන සියවසේ මුල පටන් පො.යු. දෙවන සියවසේ අවසානය දක්වා හුඟක් ජනප්‍රිය වුණා. මෙම පොත් පත් ලියවුණේ ඇයි කියා පැහැදිලි කරමින් එක් බයිබල් විශාරදයෙක් මෙසේ සඳහන් කළා: “යුදෙව්වන් සෑම කාලයක්ම යුග දෙකකට බෙදුවා. එක පැත්තකින්, සම්පූර්ණයෙන්ම නරක එකක් වූ මෙම වත්මන් යුගය තිබුණා . . . එබැවින්, යුදෙව්වන් සුපුරුදු පරිදි දේවල නිමාවක් එන තුරු බලා සිටියා. අනිත් පැත්තෙන්, සාමය, සෞභාග්‍යය හා ධර්මිෂ්ඨකම තිබෙන දෙවිගේ රන් යුගය වන සම්පූර්ණයෙන්ම යහපත් වූ පැමිණෙන්න තිබෙන යුගයත් තිබුණා . . . මෙම වත්මන් යුගය පැමිණෙන්න තිබුණ යුගය බවට පත් වන්නේ කෙසේද? එම වෙනස සිදු කිරීමට මනුෂ්‍ය බලයකට කෙදිනකවත් නොහැකි බව විශ්වාස කළ නිසා, යුදෙව්වන් දෙවිගේ මැදිහත් වීමක් සිදු වන තෙක් බලා සිටියා. . . . පැමිණෙන්න තිබෙන දෙවිගේ දවස ස්වාමීන්ගේ දවස ලෙසින් හැඳින්වූ අතර එය ත්‍රස්ත කරවන, විනාශ කරන හා විනිශ්චය කිරීමේ දරුණු කාලයක් වීමට තිබුණා; නව යුගය බිහි කිරීමේදී ඇති වෙන විලිරුදාවන් වනු ඇත්තේ ඒවායි. ලෝකාන්තිමය පිළිබඳ හැම පොත පතකම මේ සිද්ධීන් ගැන පවසනවා.”
ලෝකාන්තිමය ගැන භයවීමට පදනමක් තිබෙනවාද?
‘සර්වපරාක්‍රම වූ දෙවිගේ මහත් දවස’ නැතහොත් අර්මගෙදොන් ගැන බයිබලයේ එළිදරව් පොතේ කතා කරනවා; එහිදී දුෂ්ටයන්ව විනාශ කිරීමටත්, ඉන්පසු පැමිණෙන (සමහරවිට සහස්‍රය යනුවෙන් හඳුන්වන) දහස් අවුරුදු පාලන සමයේදී සාතන්ව පාතාලයේ බැඳ තැබීමටත්, ක්‍රිස්තුස් මනුෂ්‍යවර්ගයාව විනිශ්චය කිරීමටත් යනවා. (එළිදරව් 16:14, 16; 20:1-4) මධ්‍යකාලීන යුගයේදී, සමහරු මේ අනාවැකි වරදවා තේරුම්ගත්තා; එසේ වුණේ, සහස්‍රය පටන්ගත්තේ ක්‍රිස්තුස්ගේ උපතේදී බවත් ඉන්පසුව අවසාන විනිශ්චය පැමිණෙනු ඇති බවත් කතෝලික “සාන්තුවරයෙක්” වූ ඔගස්ටින් (පො.යු. 354-430) පවසා තිබූ නිසායි. පෙනෙනාකාරයට ඔගස්ටින් කාලය වෙත අවධානය යොමු කළේ සුළුවෙන් වන නමුත් වසර 1000 පැමිණි විට බිය සැක වැඩි වුණා. මධ්‍යකාලීන යුගයේ ලෝකාන්තිමය ගැන ඇති වූ බිය පැතිර තිබුණ ප්‍රමාණය ගැන ඉතිහාසඥයන් එකඟ වන්නේ නැහැ. එය කෙතරම් දුරකට පැතිර ගොස් තිබුණත්, එය ඇත්තෙන්ම පදනම් විරහිත භයක් වුණා.
එලෙසම අදදිනත්, වසර 2000 හෝ 2001 භයංකර ලෝකාන්තිමයක් ගෙන එයි යන ආගමික හා ලෞකික බියක් පවතිනවා. නමුත් මෙවැනි බියකට පදනමක් තිබෙනවාද? එමෙන්ම බයිබලයේ එළිදරව් පොතේ අඩංගු පණිවිඩය අපව බියගැන්විය යුතු යමක්ද, එහෙමත් නැත්නම් එය අප තුළ බලාපොරොත්තු ජනිත කරවිය යුතු යමක්ද? කරුණාකර දිගටම කියවගෙන යන්න.
[4වන පිටුවේ පින්තූරය]
මධ්‍යකාලීන යුගයේ ලෝකාන්තිමය ගැන ඇති වූ බිය පදනම් විරහිත බවට ඔප්පු වුණා
[හිමිකම් විස්තර]
© Cliché Bibliothèque Nationale de France, Paris
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Maya/Sipa Press