ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w02 3/1 30 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ‘ඔබේ පියාණන් දයාවන්තයි’
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “ඔහුගේ සියලු මාර්ග යුක්තිසහගතය”
    යෙහෝවාට ළං වන්න
  • යෙහෝවාව අනුකරණය කරන්න—යුක්තිය හා ධර්මිෂ්ඨකම පවත්වන්න
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා ‘දයාවෙන් පිරුණු’ දෙවි කෙනෙක්
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w02 3/1 30 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

යෙහෝවාගේ දයාව නිසා ඔහුගේ යුක්තිය ලිහිල් වේයයි කීම නිවැරදිද?

මෙම ප්‍රකාශනය භාවිත කර ඇතත් එසේ කීමෙන් වැළකීම සුදුසුයි. මන්ද යෙහෝවාගේ දයාව හේතුවෙන් යුක්තිය ලිහිල් වන බව හෝ පාලනය වන බව ඉන් අඟවන බැවිනි. එය යුක්තිය දැඩි ගුණාංගයක් බවත් ඔහුගේ දයාව ඊට වඩා උතුම් බවත් පැවසීමක් වැන්න. මෙය වැරදි අදහසකි.

නව ලෝක පරිවර්තනයේ (සිංහලෙන් නොමැත) යොදා ඇති “යුක්තිය” යන වචනය පරිවර්තනය කර තිබෙන හෙබ්‍රෙව් වචනයට “විනිශ්චය” යන අදහසද තිබිය හැක. යුක්තිය සහ ධර්මිෂ්ඨකම අතර සමීප සම්බන්ධතාවක් තිබේ. කෙසේවෙතත්, යුක්තිය තුළ නීතිය හා බැඳි යමක් නිතැතින්ම ගැබ්ව තිබේ. එහෙත් ධර්මිෂ්ඨකම තුළ එවැනි අදහසක් ගැබ් වී නැත. නිසි දඬුවම දීම යෙහෝවාගේ යුක්තියට ඇතුළත් බව සැබෑවක් වන නමුත් සුදුස්සන්ට මිදීම ලබා දීමද ඊට ඇතුළත් විය හැක. (උත්පත්ති 18:20-32; යෙසායා 56:1; මලාකී 4:2) මෙබැවින්, යෙහෝවාගේ යුක්තිය දැඩි හෝ ලිහිල් කිරීමට අවශ්‍ය දෙයක් ලෙස නොසැලකිය යුතුය.

දයාව යන හෙබ්‍රෙව් වචනය සංයමයකින් යුතුව විනිශ්චය දීමටද යොමු දැක්විය හැක. එමෙන්ම අසරණ වූ තැනැත්තාට සහනයක් දෙමින් දයානුකම්පාව ක්‍රියාවෙන් පෙන්වීම සඳහාද යොමු දැක්වීමට පිළිවන.—ද්විතීය කථාව 10:18; ලූක් 10:28-37.

යෙහෝවා යුක්තියේ හා දයාවේ දෙවි කෙනෙකි. (නික්මයාම 34:6, 7; ද්විතීය කථාව 32:4, NW; ගීතාවලිය 145:9) ඔහුගේ යුක්තිය හා දයාව යන ගුණාංග දෙකම පරිපූර්ණව තිබෙන අතර ගැටීමකින් තොරව ක්‍රියා කරයි. (ගීතාවලිය 116:5; හොෂෙයා 2:19, NW) මෙම ගුණාංග දෙක ක්‍රියාත්මක වන්නේ එකිනෙක අතර පූර්ණ සම්බන්ධතාවක් ඇතිවය. වෙනත් වචනවලින් පවසනවා නම් ඒවා ක්‍රියාත්මක වන්නේ අනුපූරකයන් ලෙසය. මෙබැවින්, යෙහෝවාගේ දයාව නිසා යුක්තිය ලිහිල් වේයයි අප පවසනවා නම් ඔහුගේ යුක්තිය නිසා දයාවද ලිහිල් වී තිබේයයි පැවසීමටද අපට සිදු වනු ඇත.

යෙසායා මෙසේ පුරෝකථනය කළේය. ‘යෙහෝවා නුඹලාට කරුණා කරන්ට බලා සිටින්නේය, නුඹලාට අනුකම්පා කරන්ට [දයාව පෙන්වන්න, NW] නැඟිටින්නේය. මක්නිසාද යෙහෝවා විනිශ්චයේ [යුක්තියේ, නිව් ඉංග්ලිෂ් බයිබල්] දෙවි කෙනෙක්ය.’ (යෙසායා 30:18) යෙසායා මෙහිදී පෙන්වන්නේ යෙහෝවා තම දයාව නිසා තම යුක්තිය ලිහිල් කරන බව හෝ යුක්තිය ඉටු කිරීමෙන් වැළකී සිටින බව හෝ නොව නමුත් යෙහෝවාගේ යුක්තිය දයාවේ ක්‍රියාවන්වලට පොලඹවන බවය. යෙහෝවා දයාව පෙන්වන්නේ ඔහු යුක්තිසහගත මෙන්ම ප්‍රේමනීය වන නිසාය.

බයිබලය ලියූ ලේඛකයෙකු වන යාකොබ් “දයාව වනාහි විනිශ්චයට විරුද්ධව ජය නාද කරන්නේය” කියා ලියූ බව ඇත්තයි. (යාකොබ් 2:13ආ) කෙසේනමුදු, එහි පාඨ සම්බන්ධයේදී යාකොබ් පවසන්නේ යෙහෝවාගේ දයාව ගැන නොව දයාව පෙන්වන ක්‍රිස්තියානීන් ගැනය. උදාහරණයක් වශයෙන් දක්වතොත්, එහි පවසන්නේ පීඩා විඳින හා දිළිඳු අය කෙරෙහි දක්වන දයාව ගැනය. (යාකොබ් 1:27; 2:1-9) එවැනි දයාවන්තයන්ව විනිශ්චය සඳහා පැමිණෙවූ විට යෙහෝවා ඔවුන්ගේ ක්‍රියාකලාපය කෙරෙහි සැලකිලිමත් වී, ඔහුගේ පුත්‍රයාගේ පූජාවේ පදනම මත දයාවන්ත ලෙස ඔවුන්ට සමාව දෙන්නේය. මේ අනුව, දැඩි විනිශ්චයක් ලැබීමට තිබූ ඉඩ කඩ අහුරමින් ඔවුන්ගේ දයාවන්ත ක්‍රියාකලාපය ජයගනී.—හිතෝපදේශ 14:21; මතෙව් 5:7; 6:12; 7:2.

මෙබැවින්, යෙහෝවාගේ යුක්තිය දයාවෙන් ලිහිල් කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවායයි කියමින් ඔහුගේ යුක්තිය දයාවෙන් ලිහිල් වෙනවායයි පැවසීම වරදකි. යෙහෝවා මෙම ගුණාංග දෙක විදහාපෙන්වන්නේ පරිපූර්ණ සමබරතාවකිනි. මෙම ගුණාංග දෙක එකිනෙක සමබර කරගන්නා අතර, ප්‍රේමය හා ප්‍රඥාව වැනි යෙහෝවාගේ වෙනත් ගුණාංගද සමබර කරයි. එමෙන්ම එම ගුණාංගවලින් මෙම ගුණාංග දෙකද සමබර වේ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න