ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w04 4/1 29 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • බාල් වන්දනාව ඉශ්‍රායෙලිතයන්ගේ හද හා බැඳි ගැටුමක්
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබ දැන සිටියාද?
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔහු සැබෑ දෙවිට පක්ෂව සිටියා
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවියන්වහන්සේ සෑම ආකාරයේ නමස්කාරයක්ම අනුමත කරනසේක්ද?
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w04 4/1 29 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

වේශ්‍යාකම් කිරීම නිසා ඊශ්‍රායෙල්වරුන් 23,000ක් එක දවසකදී වැටුණු බව 1 කොරින්ති 10:8හි පවසන නමුත්, ගණන් කථාව 25:9හි එම සංඛ්‍යාව 24,000ක්යයි සඳහන් කරන්නේ මන්ද?

මෙම පද දෙකෙහි දී ඇති සංඛ්‍යාවන් වෙනස් වීමට හේතු විය හැකි සාධක කිහිපයක් තිබේ. සරලම හේතුව නම්, නියම සංඛ්‍යාව 23,000ත් 24,000ත් අතර සංඛ්‍යාවක් විය හැකි වීමයි. එය එසේ වූයේ නම්, ඒ සංඛ්‍යාව ආසන්න වශයෙන් පූර්ණ සංඛ්‍යාවක් ලෙස දැක්වීමේ අරමුණින් මේ සංඛ්‍යා දෙකම යොදා ගත හැකි වනු ඇත.

තවත් හේතුවක් සලකා බලන්න. ප්‍රේරිත පාවුල්, ෂිට්ටිම්හිදී ඊශ්‍රායෙල්වරුන් කළ දේ පිළිබඳව වාර්තාව සඳහන් කළේ සල්ලාල ජීවිත ගත කළ මිනිසුන් සිටි නිසා අපකීර්තියට ලක්ව තිබූ ඉපැරණි කොරින්තියේ විසූ ක්‍රිස්තියානීන්හට අනතුරු ඇඟවීමේ පාඩමක් ලෙසය. ඔහු ලීවේ මෙසේයි. “ඔවුන්ගෙන් සමහරුන් වේශ්‍යාකම් කළාක් මෙන් අපත් වේශ්‍යාකමෙහි නියැලී නොසිටිය යුතුය. එසේ කිරීමෙන්, ඔවුන්ගෙන් විසිතුන්දහසක් එක දවසෙහිම වැටුණෝය.” වේශ්‍යාකම් කිරීම නිසා පමණක් යෙහෝවා අතින් මැරුම් කෑ අයගේ සංඛ්‍යාව 23,000ක්යයි පාවුල් සඳහන් කළේය.—1 කොරින්ති 10:8, NW.

එහෙත්, ගණන් කථාව 25වන පරිච්ඡේදයේ අපට කියන්නේ “ඊශ්‍රායෙල් බාල්පෙයෝර්ට බැඳුණේ විය. යෙහෝවාගේ උදහස ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව ඇවුළුණේය” කියාය. එවිට යෙහෝවා මෝසෙස්ට අණ කළේ ‘සෙනඟගේ සියලු නායකයන්ව’ ඝාතනය කිරීමටයි. අනතුරුව එම අණ ක්‍රියාත්මක කරන ලෙසට මෝසෙස් විනිශ්චයකරුවන්ට නියම කළේය. අන්තිමේදී, පීනෙහාස්, මිදියන් ජාතික ස්ත්‍රියෙකුව කඳවුර තුළට ගෙන ආ ඊශ්‍රායෙලිතයාව මරණයට පත් කිරීමට විගස ක්‍රියා කිරීමත් සමඟම, “වසංගතය නැවතුණේය.” එම වාර්තාව අවසන් වෙන්නේ මෙම ප්‍රකාශය සමඟිනි. “වසංගතයෙන් මැරුණු අය විසිහතරදහසක්ය.”—ගණන් කථාව 25:1-9.

ගණන් කථාවේ සඳහන් සංඛ්‍යාවට, විනිශ්චයකරුවන් විසින් මරණයට පත් කරන ලද “සෙනඟගේ සියලු නායකයන්” සහ යෙහෝවා විසින්ම මරණයට පත් කරන ලද සෙනඟ ඇතුළත් වූ බවක් පෙනෙන්ට තිබේ. විනිශ්චයකරුවන් මරණයට පත් කළ සෙනඟගේ නායකයන් දහසක් පමණ සිටියා විය හැකි නිසා, මිය ගිය මුළු සංඛ්‍යාව 24,000ක් වේ. සෙනඟගේ මෙම නායකයන් හෝ සෙනඟව වරදට පෙලඹූ කල්ලි නායකයන් වේශ්‍යාකම් කළා වේවා, මිථ්‍යා උත්සවවලට සහභාගි වුණා වේවා, එසේ කළ අයට කැමැත්ත දුන්නා වේවා, ඔවුහුද ‘බාල්පෙයෝර්ට බැඳීමේ’ වරදට වරදකරුවෝ වූහ.

‘බැඳීම’ යන වචනය සම්බන්ධව එක් බයිබලීය ආශ්‍රේය ග්‍රන්ථයක විස්තර කරන්නේ, එයින් “යමෙකු යම් පුද්ගලයෙකුට ඇලී සිටීම” යන අදහස ගත හැකි බවය. ඊශ්‍රායෙලිතයන් වනාහි යෙහෝවාට කැප වූ සෙනඟක් විය. නමුත් ඔවුන් ‘බාල්පෙයෝර්ට බැඳුණු’ කල, ඔවුහු දෙවි සමඟ තිබූ කැප වූ සම්බන්ධය බිඳගත්තෝය. ඒ සිද්ධියට වසර 700කට පමණ පසුව, අනාගතවක්තෘ හොෂෙයා තුළින් යෙහෝවා ඊශ්‍රායෙලිතයන් ගැන පැවසුවේ මෙසේයි. “ඔවුහු බාල්පෙයෝර්ට අවුත්, නින්දිතයාට කැප වී තමුන්ගේ ඒ ප්‍රේමවන්තයා මෙන් පිළිකුල් වූවෝය.” (හොෂෙයා 9:10) එසේ කළ සියලු දෙනාම විනාශය කැඳවන දිව්‍ය විනිශ්චයක් ලැබීමට සුදුසු වූහ. මේ අනුව, මෝසෙස් ඊශ්‍රායෙල් පුත්‍රයන්ට මතක් කළේ මෙසේයි. “බාල්පෙයෝර් නිසා යෙහෝවා කළ දෙය ඔබගේ ඇස්වලින් දුටුවහුය. මක්නිසාද බාල්පෙයෝර් පස්සේ ගිය සියලු මනුෂ්‍යයන් ඔබේ දෙවි වූ යෙහෝවා ඔබ අතරෙන් විනාශ කළේය.”—ද්විතීය කථාව 4:3.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න