ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w07 6/15 31 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සර්පයාගේ වංශය—අනාවරණය වන්නේ කෙසේද?
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඒවව රැවටීමට යක්ෂයා සර්පයෙකුව යොදාගත්තේ ඇයි?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බයිබලයේ උදාර තේමාව
    එළිදරව්වේ—අවසන් ඉටුවීම අත ළඟයි!
තව තොරතුරු
2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w07 6/15 31 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ඒවට කතා කළ සර්පයාට පාද තිබුණාද?

උත්පත්ති 3:14හි සඳහන් වන පරිදි යෙහෝවා දෙවි ඒදන් උයනේදී ඒවව නොමඟ යැවූ සර්පයාට මෙසේ පැවසුවා. “ඔබ මේක කළ බැවින් සියලු මෘගයන්ටත් වනයෙහි සියලු සත්වයන්ටත් වඩා ඔබ ශාපලද්දෙකි; ඔබ බඩගා යමින් ඔබේ ජීවිතයේ සියලු දවස්හි ධූලි කන්නෙහිය.” ඒවව නොමඟ යැවීමට යක්ෂයා යොදාගත් ඒ සර්පයාට, කලින් පාද තිබූ බව බයිබලයේ සඳහන් වන්නේ නැහැ. එහෙත් ඉහත බයිබල් පදයෙන් එවැනි දෙයක් අඟවන බව සමහරුන් සිතිය හැකි වුණත් ඒ සර්පයාට ශාප කිරීමට කලින් පාද තිබුණා කියා නිගමනය කිරීමට අපට නොහැකියි. මීට හේතු කිහිපයක් දැන් අපි සලකා බලමු.

තම අරමුණ ඉටු කරගැනීමට පහත් සතෙකු වූ ඒ සර්පයාව යොදාගත්තේ නොපෙනෙන පුද්ගලයෙකු වන යක්ෂයායි. මේ නිසා යෙහෝවා දෙවි එසේ දඬුවම් පමුණුවමින් ඇත්තෙන්ම හෙළා දැක්කේ ඒ සර්පයාව නොව යක්ෂයාවයි. බයිබලයේ යක්ෂයාව “බොරුවේ පියා” හා “මුල් සර්පයා” කියා විස්තර කර තිබෙනවා. (යොහන් 8:44; එළිදරව් 20:2) යක්ෂයාව එසේ හඳුන්වන්නේ දෙවිගේ ආඥාවට අකීකරු වීමට ඒවව පොලඹවාගැනීම සඳහා ඇයට කතා කිරීමට සර්පයෙකුව යොදාගත් නිසා විය හැකියි.

දෙවි මැවූ සර්පයන්ට නම් තබන්න ඇත්තේ ආදම් කියා සිතිය හැකියි. ඔහු එසේ කළේ යක්ෂයා ඒවව රැවටීම සඳහා සර්පයෙකුව යොදාගැනීමට කලිනුයි. ඒවව නොමඟ යැවීම සම්බන්ධයෙන් සිතන්න හැකියාවක් නැති සර්පයෙකුට දොස් පැවරිය නොහැකියි. යක්ෂයා ඔහුගේ අරමුණු ඉටු කරගැනීමට තමන්ව යොදාගනිමින් සිටිනවා කියා ඒ සර්පයා දැනගෙන හිටියේ නැහැ. එමෙන්ම යක්ෂයාත්, ආදම් සහ ඒවත් දෙවිට අකීකරු වූ විට දෙවි ඔවුන්ට දුන් දඬුවම ගැන තේරුම්ගැනීමට ඒ සර්පයාට හැකියාවක් තිබුණෙත් නැහැ.

එසේනම් ඒ සර්පයා දූවිල්ලෙහි බඩගා යන බවක් ගැන දෙවි පැවසුවේ ඇයි? සාමාන්‍යයෙන් සර්පයෙක් බඩගා යන අතර ක්ෂණිකව දිව එළියට දමන්නේ හරියට දූවිලි ලෙව කන්නාක් මෙනුයි. සර්පයෙකුගේ ස්වාභාවික හැසිරීම් රටාව යක්ෂයාව හෙළා දැමූ පහත් තත්වය විස්තර කිරීමට දෙවි යොදාගැනීම මොන තරම් උචිතද! කලින් උසස් තත්වයක සිටි දේවදූතයෙකු වූ යක්ෂයාව පහත් තත්වයකට දමා තිබෙනවා. බයිබලය එය විස්තර කරන්නේ ටාටරස් කියායි.—2 පේතෘස් 2:4.

සාමාන්‍යයෙන් සර්පයෙකුට මිනිසෙකුගේ විලුඹ තුවාල කළ හැකියි. ඒ හා සමානව පහත් තත්වයක සිටින යක්ෂයාද දෙවිගේ ‘වංශයේ විලුඹ පොඩි කරන’ බව බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 3:15) එම වංශයේ ප්‍රධාන තැනැත්තා වන්නේ යේසුස්. ඔහු සාතන්ගේ නියෝජිතයන් අතින් දුක් වේදනා විඳ මිය ගියත් ඒ ටික කලකට පමණයි. නමුත් යේසුස් ඔහුගේ අභිෂේක ලත් සහායකයන් සමඟ එක්ව අනාගතයේ දවසක සර්පයාට සමාන කර තිබෙන යක්ෂයාගේ හිස සම්පූර්ණයෙන්ම පොඩි කර දමනවා. (රෝම 16:20) අපි සලකා බැලූ කරුණුවලින් පෙනී යන්නේ දෙවි සර්පයාට කළ ශාප කිරීම ඇත්තෙන්ම අදාළ වන්නේ යක්ෂයාට බවයි. එමෙන්ම නොපෙනෙන “පුරාණ සර්පයා” වන යක්ෂයා වැටී සිටින පහත් තත්වයත් ඔහුට අත් වන අවසන් විනාශයත් එම ශාපයෙන් කදිමට විස්තර කෙරෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න