ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w08 5/1 24 පි.
  • අපේ දුක දැනෙන කෙනෙක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපේ දුක දැනෙන කෙනෙක්
  • 2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මිලියන ගණන් මළවුන් යළි ජීවත් වනු ඇත
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සහනය ගෙන දෙන බලාපොරොත්තුවක්
    ඔබ ආදරය කළ කෙනෙක් මිය ගිය විට
  • යේසුස් හෙළූ කඳුළු කියා දෙන පාඩම්
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w08 5/1 24 පි.

දෙවිට ළං වෙන්න

අපේ දුක දැනෙන කෙනෙක්

යොහන් 11:33-35

ඔබට අන් අයගේ දුක දැනෙනවාද? අන් අයගේ දුක දැනීම සම්බන්ධයෙන් හොඳම ආදර්ශය තබා තිබෙන්නේ යෙහෝවා දෙවියි. තමන්ගේ කැමැත්ත කරන හැම කෙනෙකුගේම වේදනාව ඔහුට දැනෙනවා. ඒ ගැන අපට ස්ථිර විය හැක්කේ කෙසේද? ඒ සඳහා යේසුස් මිහිපිට සිටියදී කළ කී දේවල් වෙත අවධානය යොමු කරමු. (යොහන් 5:19) එමගින් යෙහෝවා දෙවිට අනුන්ගේ වේදනාව මොන තරම් හොඳින් දැනෙනවාද කියා අපට තේරුම්ගත හැකියි. උදාහරණයකට යොහන් 11:33-35හි සඳහන් විස්තරය සලකා බලන්න.

තම මිත්‍ර ලාසරුස් මිය ගිය විට යේසුස් ලාසරුස්ගේ ගමට ගියා. ඒ අවස්ථාවේ ලාසරුස්ගේ සහෝදරියන් වූ මරියා සහ මාර්තා සිටියේ දැඩි ශෝකයකින්. යේසුස් ඔවුන්ට බෙහෙවින් ප්‍රේම කළා. (යොහන් 11:5) ඔහු ප්‍රතිචාරය දැක්වූ ආකාරය බයිබලයේ සඳහන් වෙන්නේ මෙලෙසයි. “යේසුස්, ඇයද [මරියා] ඇය සමඟ පැමිණි යුදෙව්වරුද හඬමින් සිටිනවා දැක, මහත් සේ සුසුම්ලා කැලඹී, ‘ඔබ ඔහුව තැන්පත් කර තිබෙන්නේ කොතැනද’ කියා ඇසීය. ‘ස්වාමිනි, ඇවිත් බලන්න’ යයි ඔවුහු ඔහුට කීවෝය. යේසුස් කඳුළු සැලුවේය.” (යොහන් 11:33-35) මිය ගොස් සිටි ලාසරුස්ව යේසුස් නැවත නැඟිටුවන්න සූදානමින් සිටිද්දිත් ඔහු හැඬුවේ ඇයි? (යොහන් 11:41-44) යේසුස්ගේ හැඟීම්වලට බලපෑ වෙනත් දෙයකුත් තිබුණාද?

ඉහත උපුටා දැක්වූ වදන්වලට යළි අවධානය යොමු කරන්න. මරියා සහ ඇය සමඟ සිටි අය හඬමින් සිටිනවා දැක යේසුස් ‘මහත් සේ සුසුම්ලා කැලඹුණු’ බව එහි සඳහන් වෙනවා. මේ අදහස දැක්වෙන මුල් ග්‍රීක වචනවලින් අඟවන්නේ ඔහුට ප්‍රබල හැඟීම් ඇති වුණ බවයි.a යේසුස් දුටු දෙයින් ඔහුට ලොකු වේදනාවක් දැනුණු නිසයි ඔහුගේ ඇස්වල කඳුළු පිරුණේ. අනුන්ගේ දුක ඔහුටත් දැනුණු බව එයින් පැහැදිලි වෙනවා. ඔබ ආදරේ කරන කෙනෙක් අඬද්දී ඔබටත් ඇඬී තිබෙනවාද?—රෝම 12:15.

යේසුස්ට අන් අයගේ දුක දැනුණු ආකාරයෙන් ඔහුගේ පියාණන් වූ යෙහෝවා දෙවිට හැඟෙන ආකාරයත්, ඔහුගේ ගුණාංග ගැනත් දැනගත හැකියි. තම පියාණන්ගේ ගුණාංග හොඳින් විදහා පෑ නිසා “මාව දැක ඇති තැනැත්තා පියාණන්වද දැක තිබේ” කියා පැවසීමට යේසුස්ට හැකි වුණා. (යොහන් 14:9) ‘යේසුස් කඳුළු සැලුව’ බව අප කියවද්දී යෙහෝවා දෙවිටත් තමන්ට නමස්කාර කරන හැම කෙනෙකුගේම වේදනාව දැනෙන බවට නිසැකකමක් තබාගත හැකියි. බයිබලය ලියූ වෙනත් ලේඛකයන්ද ඒ බව ස්ථිර කරනවා. (යෙසායා 63:9; සෙකරියා 2:8) යෙහෝවා දෙවිට අනුන්ගේ වේදනාව මොන තරම් හොඳින් දැනෙනවාද!

අපි අධෛර්යයට පත් වී සිටින විට හෝ කලකිරී සිටින විට අපේ තත්වය තේරුම්ගෙන ඒ දුක බෙදාගත හැකි කෙනෙක් වෙත යෑමට අපි පෙලඹෙනවා. එසේනම් අපේ දුක දැනෙන අපි වේදනා විඳීමට හේතුව දන්න දෙවිට අපි ඊටත් වඩා කොපමණ වැඩියෙන් ළං විය යුතුද?—ගීතාවලිය 56:8.

[පාදසටහන]

a “කඳුළු සැලුවා” ලෙසින් පරිවර්තනය කර ඇති ග්‍රීක වචනය බොහෝවිට යොමු දක්වන්නේ “හෙමින් සීරුවේ හැඬුවා” යන්නටයි. නමුත් මරියා සහ අන් අය හැඬූ ආකාරය විස්තර කිරීමට යොදාගෙන ඇති ග්‍රීක වචනයෙන් “කෑගසමින් හැඬුවා” යන්න අර්ථවත් විය හැකියි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න