ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w08 6/1 27 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • බයිබලය ගැන තියෙන විශ්වාසය ශක්තිමත් කරන අනාවැකියක්
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවා තීර්හි උඩඟුකම කෙලසයි
    යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන I
  • විශ්වාස කළ හැකි පොතක්—5වන කොටස
    2011 පිබිදෙව්!
2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w08 6/1 27 පි.

ඔබ දැන සිටියාද?

යේසුස් ‘තමාවම දෙවිගේ පුත්‍රයා බවට පත් කරගත්තා’ යන චෝදනාව ඇසීමෙන් පිලාත් භය වුණේ ඇයි?—යොහන් 19:7.

ජූලියස් සීසර් මිය ගිය පසු රෝමයේ සෙනෙට් සභාව විසින් ඔහුව දෙවි කෙනෙකු ලෙස පත් කළා. පසු කාලයේදී ජූලියස් සීසර් දරුකමට හදාගත් ඔක්ටේවියන් රජු ලෙස පත් වුණා. ඒ නිසා ඔක්ටේවියන්ව “දෙවිගේ පුත්‍රයා” ලෙස හැඳින්නුවා. එය පාලකයන්ට ලබා දෙන ශුද්ධ පදවියක් වුණා. රෝමයේ තිබූ දේවස්ථාන, ප්‍රතිමා සහ කාසිවල සටහන් කර තිබූ දේවල් එය තහවුරු කරනවා. යේසුස් තමන්වම “දෙවිගේ පුත්‍රයා” කියා පවසන බවට චෝදනා කළ යුදෙව්වන්ට වුවමනා වුණේ යේසුස් එම නිල නාමය ගැනීමට උත්සාහ කිරීමෙන් අධිරාජ්‍යයට විරුද්ධව කැරලිගසන බව පෙන්වන්නයි.

යේසුස්ට එම චෝදනාව පැමිණි කාලයේදී “දෙවිගේ පුත්‍රයා” යන පදවිය දරමින් සිටියේ ටයිබීරියස් රජුයි. තමන්ට විරුද්ධ වන ඕනෑම කෙනෙක්ව මැරීම සම්බන්ධයෙන් ඔහු ප්‍රසිද්ධව සිටියා. පිලාත් යේසුස්ව මරණයට තීන්දු කළේ නැත්නම් එය ටයිබීරියස්ට විරුද්ධ වීමක් බව මිනිසුන් කියා සිටිද්දී පිලාත් ‘භය වුණා.’ මෙසේ යුදෙව්වන්ගේ පීඩනයට අසු වූ ඔහු යේසුස්ව මැරීමට අවසර දුන්නා.—යොහන් 19:8, 12-16.

බැබිලෝනිවරුන් අතින් තීර් නගරය විනාශ වී තිබුණත් එය නැවතත් විනාශ වන බවට සෙකරියා අනාවැකි පැවසුවේ ඇයි?

පුරාණ තීර් දේශය පිහිටා තිබුණේ මධ්‍යධරණී මුහුදු තීරයෙයි. මේ දේශයට ඒ අසල පිහිටා තිබූ දූපතක්ද අයත් වුණා.

තීර් වැසියන් යම් කාලයකදී ඊශ්‍රායෙල්වරුන් සමඟ මිත්‍රව සිටියා. නමුත් ඔවුන් දියුණු වූ පසු යෙහෝවා දෙවිට එරෙහි වී දේවමාලිගාවේ තිබූ රන් රිදී පැහැරගත් අතර ඊශ්‍රායෙල්වරුන්ගෙන් සමහරුන්ව වහලුන් ලෙස විකුණනු ලැබුවා. (යෝවෙල් 3:4-6) ඒ නිසා බැබිලෝනියේ රජු වන නෙබුකද්නෙෂර් අතින් තීර් නගරය විනාශ වන බව යෙහෝවා දෙවි අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් හෙළි කළා. ක්‍රිස්තු පූර්ව 607දී නෙබුකද්නෙෂර්ගේ හමුදාව යෙරුසලම විනාශ කර පසුව ගොඩබිමේ තිබූ තීර් නගරයත් විනාශ කර දැමුවා.—යෙසායා 23:13, 14; යෙරෙමියා 27:2-7; එසකියෙල් 28:1-19.

පරාජය වූ තීර් වැසියන් තමන්ගේ වස්තුවත් රැගෙන ඔවුන්ට අයත්ව තිබූ දූපතට පලා ගියා. ඉන් වසර 100කට පමණ පසුව තීර් දේශය නැවතත් විනාශ වෙන බවට යෙහෝවා දෙවි අනාගතවක්තෘ සෙකරියා මාර්ගයෙන් මෙසේ පැවසුවා. “ඔවුන්ට තිබෙන මේ සෑම දෙයක්ම යෙහෝවා දෙවි විනාශ කර දමන්නේය. ඔවුන්ගේ හමුදාවට මුහුදේදී පහර දී ඔවුන්ව සම්පූර්ණයෙන්ම පරාජයට පත් කරන්නේය. මුළු නගරයම ගින්නෙන් දවා දමන්නේය.”—සෙකරියා 9:3, 4, නව ලොව පරිවර්තනය.

සෙකරියා පැවසූ ලෙසම ක්‍රි.පූ. 332දී මහ ඇලෙක්සැන්ඩර් අතින් තීර්හි දූපත විනාශ වුණා. එය වටලෑම සඳහා ඇලෙක්සැන්ඩර් ගොඩබිම් නගරයේ සිට දූපත දක්වා මාර්ගයක් තැනුවා. ඒ සඳහා ඔහු විනාශ වී ගිය ගොඩබිම් නගරයේ ලී සහ ගල් උපයෝගී කරගත්තා. මෙම විනාශය ගැන එසකියෙල්ද අනාවැකි පවසා තිබුණා.—එසකියෙල් 26:4, 12.

[27වන පිටුවේ පින්තූරය]

“තීර් වටලෑම”

[හිමිකම් විස්තර]

Drawing by Andre Castaigne (1898-1899)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න