ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w08 11/1 14-15 පි.
  • විවෘත ආරාධනයක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • විවෘත ආරාධනයක්!
  • 2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ශාඛා කාර්යාලයක් තියෙන්නේ ඇයි?
    දේවකැමැත්ත කරන්න සංවිධානය වුණු සෙනඟක්!
  • මුරටැඹ අධ්‍යාපනික මධ්‍යස්ථානය කැප කිරීම—යෙහෝවාට උත්සවයක්
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේශනා සේවෙට උදව් වෙන ගොඩනැඟිලි
    ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
  • දෙවියන්ට සේවය කරලා මම අද්දකින සතුට
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w08 11/1 14-15 පි.

විවෘත ආරාධනයක්!

දකුණු අප්‍රිකාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය හිටා තිබෙන්නේ ජොහැන්නස්බර්ග් අසල තිබෙන මොගලේ නරගයේයි. ඒ අසලින් යන එන බොහෝ අය එහි “සිදු වෙන්නේ මොනවාද” කියා දැනගැනීමට ආශාවෙන් සිටි නිසා එම ශාඛා කාර්යාලය මහජනයා වෙනුවෙන් විවෘතව තැබීමට සාක්ෂිකරුවන් තීරණය කළා. ඔවුන් ඒ සඳහා 2007 ඔක්තෝබර් 12 සහ 13 යන දින දෙක යොදාගත්තා. මෙවැනි දෙයක් කිරීමේ අරමුණ වූයේ සාක්ෂිකරුවන් ගැන පැතිරී තිබූ කටකතාවල සත්‍යතාවක් නැති බව පෙන්වීමට සහ යේසුස් දුන් අණට කීකරු වන බව පෙන්වීමයි.—මතෙව් 28:19, 20.

එය නැරඹීමට අසල්වාසීන් සහ ව්‍යාපාරික ගනුදෙනුකරුවන් ඇතුළු ඔවුන්ගේ පවුල්වල අයට ආරාධනා කරනු ලැබුවා. ප්‍රතිඵලයක් ලෙස 500කට අධික පිරිසක් එහි පැමිණියා. ඒ සියලුදෙනාවම සාදරයෙන් පිළිගනු ලැබුවා.

මෙහිදී බොහෝදෙනාගේ අවධානයට ලක් වුණේ ශාඛා කාර්යාලයේ පිහිටා තිබූ මුද්‍රණාලයයි. එහි පැයකට සඟරා 90,000ක් මුද්‍රණය වෙනවා. මුද්‍රණය කරන ලද පිටු පොත් ආකාරයට සැකසෙන ආකාරය අමුත්තන්ගේ සිත්ගත්තා. එමෙන්ම ටොන් 14කට වඩා වැඩි ප්‍රකාශන ප්‍රමාණයක් පෙට්ටිවලට අසුරා බෙදාහරින විශාල ස්ථානය දැකීමෙනුත් නරඹන්නන් පුදුම වුණා. විවිධ අංශවල වැඩකටයුතු සිදු වන ආකාරය පහදා දී තිබුණේ රූප සටහන්, ආකෘති හා පින්තූර වැනි දෑ යොදාගෙනයි. උදාහරණයකට එක් අංශයක අතීතයේ සිට වර්තමානය දක්වා මුද්‍රණ තාක්ෂණයේ සිදු වී තිබෙන දියුණුව, රූප සටහන් හා පින්තූර යොදාගෙන පෙන්වා තිබුණා. තවත් අංශයක ශාඛා කාර්යාලයේ වැඩකටයුතු ස්වාභාවික පරිසරයට හානි නොවන සේ සිදු වෙන්නේ කෙසේද කියා පෙන්නුම් කර තිබුණා. එහිදී මුද්‍රණාලයේ යන්ත්‍රවලින් පිටවන අහිතකර වායූන් පරිසරයට මුදාහැරීම වැළැක්වීම සඳහා යොදා තිබූ පිළියම් සහ කඩදාසි කැපීමෙන් නිකුත් වන කුඩු එක් කරගැනීමට යොදාගන්නා විශේෂිත වූ යන්ත්‍ර පෙන්වනු ලැබුවා.

මෙම ශාඛා කාර්යාලයේ සේවය කරන ස්වේච්ඡා සේවකයන් 700දෙනා ගැන එක් පුවත්පතක මෙසේ සඳහන් වුණා. “මෙහි වැඩ කරන අය යෙහෝවා දෙවිට සේවය කරන්න තම ජීවිත කැප කර තිබෙනවා.” එමෙන්ම “ශාඛා කාර්යාලය පුරාම තිබෙන පිරිසිදුකම සහ මුද්‍රණාලයේ කටයුතු නිසි වේලාවට සිදුවීම ගැනත්” ප්‍රශංසාත්මක වදන් පළ වුණා. කලින් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට විරුද්ධත්වය පෑ පුද්ගලයෙක් මෙම ස්ථානය නැරඹීමෙන් පසු ශාඛා කාර්යාලයට එවූ ලිපියක මෙසේ සඳහන් කර තිබුණා. “මගේ සුබ පැතුම්. මේ වගේ අද්දැකීමක් මම කවදාවත් ලබලා නැහැ.”

ශාඛා කාර්යාලය නැරඹීමට පැමිණි බොහෝදෙනා ඔවුන්ගේ අගය පළ කළා. එමෙන්ම අප්‍රිකානු රටවල් 18කට භාෂා 151කින් බයිබලය ආශ්‍රිත පොත් පත් මුද්‍රණය කිරීම ගැන ඔවුන් පුදුම වුණා. ලොව පුරා රටවල් බොහොමයක යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාල පිහිටා තිබෙන අතර ඒවා නැරඹීම සඳහා සතියේ දිනවල අවස්ථාව තිබෙනවා. ඔබේ රටේ තිබෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය නැරඹීමට කැමති නම් ඒ සඳහා අවශ්‍ය තොරතුරු එම ශාඛා කාර්යාලයෙන් දැනගන්න.

[14වන පිටුවේ පින්තූරය]

අමුත්තන් ශාඛා කාර්යාලයට ඇතුල් වෙමින්

[14වන පිටුවේ පින්තූරය]

ආරාධනා පත්‍රය

[15වන පිටුවේ පින්තූර]

දකුණු අප්‍රිකාවේ පිහිටා තිබෙන ශාඛා කාර්යාලය

[15වන පිටුවේ පින්තූරය]

මුද්‍රණාලය

[15වන පිටුවේ පින්තූරය]

පොත්වල පිටු අමුණන ස්ථානය

[15වන පිටුවේ පින්තූරය]

පොත් පෙට්ටිවලට අසුරන ස්ථානය

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න