යොවුන් ඔබට
නොසැලුණු දානියෙල්
මඟ පෙන්වීම්: නිස්කලංක තැනක් තෝරාගන්න. බයිබල් කොටස කියවා ඔබත් ඒ සිද්ධියේ සිටිනවා කියා සිතින් මවාගන්න. ඔවුන්ට හැඟුණු ආකාරය තේරුම්ගැනීමට උත්සාහ කරමින් ඔවුන් කියන දේවලට හොඳින් අවධානය දෙන්න.
සිතින් මවාගන්න.—දානියෙල් 6:1-28 දක්වා කියවන්න.
ඔබ සිතන ආකාරයට දාරියුස් රජු කෙබඳු පුද්ගලයෙක්ද? ඔහුට මොන වගේ පෙනුමක් තිබෙන්න ඇද්ද? ඒ අවස්ථාවේදී ඔහු කතා කරන්න ඇත්තේ කෙසේද? (දානියෙල් 6:14, 16, 18-20 කියවන්න.)
․․․․․
සිංහ ගුහාව මොන වගේ තිබෙන්න ඇද්ද? එහි සිටි සිංහයන් ගැන ඔබට හැඟෙන්නේ කුමක්ද?
․․․․․
දානියෙල්ව සිංහ ගුහාවට දැමූ විට සිදු වන්න ඇත්තේ කුමක්ද?
․․․․․
තවත් ගැඹුරට සිතන්න.
දාරියුස් රජුගේ නිලධාරීන් දානියෙල්ට ඊර්ෂ්‍යා කළේ ඇයි? (දානියෙල් 6:3 කියවන්න.)
․․․․․
කිසිවෙකුටවත් නොපෙනෙන සේ යාච්ඤා කිරීමට හැකියාව තිබියදීත් දානියෙල් ප්‍රසිද්ධියේම යාච්ඤා කළේ ඇයි? (දානියෙල් 6:10, 11 කියවන්න.)
․․․․․
යාච්ඤාව සම්බන්ධයෙන් නිලධාරීන් ගෙනා යෝජනාව දාරියුස් රජ අනුමත කරන්න ඇත්තේ ඇයි? (දානියෙල් 6:7 කියවන්න.)
․․․․․
අදාළ කරගන්න.—ඉගෙනගත් දේ පහත ලියන්න.
පීඩා මැද නිර්භීතව ක්‍රියා කිරීම.
․․․․․
යාච්ඤා කිරීමේ වැදගත්කම.
․․․․․
දෙවි තමාගේ පක්ෂපාත සේවකයන්ට දක්වන සැලකිල්ල.
․․․․․
මේ කොටසින් ඔබේ සිතට වැඩියෙන්ම කාවැදුණේ කුමක්ද? ඒ ඇයි?
․․․․․