ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w09 11/1 18 පි.
  • පාරාදීසය අහිමි වෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාරාදීසය අහිමි වෙයි
  • 2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • නොසැලුණු දානියෙල්
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් වරදට හසු නොවෙයි
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සොදොම් සහ ගොමෝරා නගරවල විනාශය
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ලාසරුස්ට නැවත ජීවිතය ලැබෙයි
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w09 11/1 18 පි.

යොවුන් ඔබට

පාරාදීසය අහිමි වෙයි

මඟ පෙන්වීම්: නිස්කලංක තැනක් තෝරාගන්න. බයිබල් කොටස කියවා ඔබත් ඒ සිද්ධියේ සිටිනවා කියා සිතින් මවාගන්න. ඔවුන්ට හැඟුණු ආකාරය තේරුම්ගැනීමට උත්සාහ කරමින් ඔවුන් කියන දේවලට හොඳින් අවධානය දෙන්න.

සිතින් මවාගන්න.—උත්පත්ති 3:1-24 දක්වා කියවන්න.

සර්පයෙකුව යොදාගෙන යක්ෂයා ඒව සමඟ කතා කළ අවස්ථාවේදී ඇය ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

․․․․․

උත්පත්ති 3:7-10 දක්වා සඳහන් වන ආකාරයට ආදම් සහ ඒව හිතාමතාම පව් කළ විට ඔවුන් දෙදෙනාට ඒ ගැන කුමක් හැඟෙන්න ඇද්ද?

․․․․․

උත්පත්ති 3:22-24 දක්වා සඳහන් වන ආකාරයට ආදම්ව සහ ඒවව ඒදන් උයනෙන් පිට කළ අවස්ථාව ඔබ විස්තර කරන්නේ කෙසේද?

․․․․․

තවත් ගැඹුරට සිතන්න.

වැරදි දේවල් දෙස බැලීමෙන් ඒවට සිදු වුණේ කුමක්ද? (උත්පත්ති 3:6 කියවන්න.)

․․․․․

තහනම් ගසේ ‘පල කෑම හොඳයි’ කියා ඒවට හැඟුණේ ඇයි? (උත්පත්ති 3:4, 5 කියවන්න.)

․․․․․

ආදම්, ඒව සමඟ හවුල් වී තහනම් ගසේ පල කෑමට පෙලඹුණේ ඇයි? (උත්පත්ති 3:6 කියවන්න.)

․․․․․

මුල් මිනිස් යුවළ කළ පාපය සියලුම ස්වාමිපුරුෂයන් භාර්යාවන්ට සලකන ආකාරයට බලපෑවේ කෙසේද? (උත්පත්ති 3:16 කියවන්න.)

․․․․․

ආදම් සහ ඒවගේ පව්කාර තත්වය ඔවුන් දෙදෙනා අතර තිබුණු බැඳීමට අහිතකර ලෙස බලපෑ බව පෙනී යන්නේ කුමකින්ද? (උත්පත්ති 3:12 කියවන්න.)

․․․․․

යෙහෝවා දෙවි ඔහුගේ අරමුණට බාධාවක් ඇති නොවීම සඳහා ගැටලුව විසඳුවේ කෙසේද? (උත්පත්ති 3:15 කියවන්න.)

․․․․․

අදාළ කරගන්න.—ඉගෙනගත් දේ පහත ලියන්න.

හිතුමතේට වැඩ කිරීමේ ඇති අනතුර.

․․․․․

වැරදි ආශාවන් ඇති වීමට අප බලන දේවල් හේතු විය හැකි ආකාරය.

․․․․․

අප කරන වැරදිවලට අන් අයට දොස් තැබීම.

․․․․․

සලකා බැලූ කොටසින් ඔබේ සිතට වැඩියෙන්ම කාවැදුණේ කුමන දේවල්ද? ඒ ඇයි?

․․․․․

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න