ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w08 12/1 8 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • වඩු කාර්මිකයෙක් වූ යේසුස්
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අපි වැඩ කරන්න ඕන ඇයි?
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • යොහන් යේසුස්ව බව්තීස්ම කරයි
    මගේ බයිබල් කතන්දර පොත
  • “ක්‍රිස්තුස්ගේ මනස” තේරුම්ගැනීම
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w08 12/1 8 පි.

ඔබ දැන සිටියාද?

වඩු කාර්මිකයෙකු ලෙස යේසුස්ගේ කාර්යභාරයට කුමක් ඇතුළත් වන්න ඇද්ද?

යේසුස්ව රැකබලා ගත් පියා වූ යෝසෙප් වඩු කාර්මිකයෙක්. ඒ නිසා යේසුස් ඔහුගෙන් වඩු වැඩ ඉගෙනගත්තා. වයස ‘අවුරුදු තිහේදී පමණ’ යේසුස් ඔහුගේ දේශනා සේවය ආරම්භ කරන විට බොහෝ අය ඔහුව “වඩුවාගේ පුතා” ලෙස හඳුන්වනවාට අමතරව ඔහුවත් වඩුවෙක් ලෙස හැඳින්වූවා.—ලූක් 3:23; මතෙව් 13:55; මාක් 6:3.

යේසුස් ජීවත් වූ ගමේ ලීවලින් තැනූ නගුල්වලට සහ වියගස්වලට ලොකු ඉල්ලුමක් තිබෙන්න ඇති. එමෙන්ම වඩුවන් තැනූ භාණ්ඩවලට මේස, පුටු, බංකු, පෙට්ටගම් වැනි ගෘහ භාණ්ඩ ඇතුළත් වුණා. ඊට අමතරව ඔවුන් දොර ජනෙල්, ලී අගුලු, පරාල වැනි දේවල් සෑදූ නිසා ඉදි කිරීමේ වැඩකටයුතුවලත් හවුල් වුණා.

යොහන් බව්තීස්ත එක් උපමාවක පොරොවක් ගැන සඳහන් කළා. සමහරවිට යේසුස් ඇතුළු වෙනත් වඩුවන් ඒ කාලයේදී ගස් කැපීමට පොරොව භාවිත කරන්න ඇති. (මතෙව් 3:10) ගසක් කැපීමෙන් අනතුරුව එය කොටන් ලෙස හෝ සම්පූර්ණ කඳක් ලෙස වඩුමඩුවට ගෙන යනු ලබනවා. මෙවැනි කාර්යයක් කිරීම සඳහා හොඳ කාය ශක්තියක් අවශ්‍යයි. අතීතයේදී වඩුවන් භාවිත කළ තවත් උපකරණ ගැන බයිබල් ලේඛකයෙක් වූ යෙසායාද මෙසේ සඳහන් කළා. “වඩුවා ලීය මනියි. ඉන්පසු රතු පාට හුණු කෑල්ලකින් ලීය ලකුණු කරයි. ඔහු ආයුධයකින් ලීය කපා කවකටුවකින් තවත් ලකුණක් ගසයි.” (යෙසායා 44:13, නව ලොව පරිවර්තනය) අතීතයේදී ගල්මිටි, කියත් සහ ඇණ යොදාගත් බව පුරාවිද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. (නික්මයාම 21:6; යෙසායා 10:15; යෙරෙමියා 10:4) මේ අනුව යේසුස්ද එවැනි ආයුධ භාවිත කරන්න ඇති කියා සිතන්න පුළුවන්.

යේසුස් සඳහන් කළ “බැංකුකරුවන්” කවුරුන්ද? ඔවුන්ගේ රාජකාරිය වූයේ කුමක්ද?

ස්වාමියා දුන් මුදලින් කිසි ලාභයක් උපයා නොගත් දාසයෙකු ගැන යේසුස් උපමාවක සඳහන් කළා. එම දාසයාට ස්වාමියා පැවසූ දෙය සලකා බලන්න. “ඔබ මාගේ රිදී මුදල් බැංකුකරුවන්ට දී තැන්පත් කරන්න යුතුව තිබුණේය. එවිට මා ආ කල, මා සන්තක දේ පොලියත් සමඟ මට ලැබෙන්න තිබුණේය.”—මතෙව් 25:27.

යේසුස්ගේ කාලයේදී අද දින තිබෙනවා හා සමාන බැංකු තිබුණේ නැහැ. නමුත් බැංකුවල සිදු වෙනවා හා සමාන ක්‍රියාවලියක් අතීතයේදීත් සිදු වුණා. එය සිදු කළේ බැංකුකරුවන් ලෙස හැඳින්වූ අය විසිනුයි. ඔවුන් ණයට මුදල් දී ඊට පොලියක් අය කළ අතර වෙනත් අය තමන් ළඟ තැන්පත් කළ මුදල්වලට පොලියක්ද ගෙවනු ලැබුවා. එක් ප්‍රසිද්ධ ශබ්දකෝෂයක සඳහන් කර තිබුණේ පොලියට ණය දීම ක්‍රිස්තු පූර්ව සතරවන සියවසේදී ග්‍රීසියේ සාමාන්‍ය දෙයක් ලෙස පැවති බවයි. එමෙන්ම රෝමවරුන් පාලනය කළ කාලයේදී වාර්ෂික පොලී අනුපාතය සියයට හතරත් හයත් අතර පැවති බව එහි තවදුරටත් සඳහන් වුණා.—එම ශබ්දකෝෂය The Anchor Bible Dictionary.

මෝසෙස් මාර්ගයෙන් දෙවි ලබා දුන් නීතියේ දිලිඳු අයට ණය ලබා දීමේදී පොලී අය කිරීම වැරදි බව සඳහන් කර තිබුණා. (නික්මයාම 22:25) නමුත් යේසුස්ගේ උපමාවෙන් අපට පැහැදිලි වන්නේ “බැංකුකරුවන්” ළඟ මුදල් තැන්පත් කර ඉන් පොලියක් ලබාගැනීම අතීතයේ සාමාන්‍ය දෙයක්ව පැවති බවයි. යේසුස් මෙහිදී යොදාගෙන තිබෙන්නේ ඔහුට සවන් දුන් අයට හොඳින් හුරු පුරුදු දෙයක් බව පැහැදිලියි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න