ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w09 9/1 18 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ගිවිසුම් පෙට්ටිය කියන්නේ මොකක්ද?
    බයිබලයෙන් උත්තර
  • යේසුස්ගේ සහෝදරයාගෙන් ඉගෙනගමු
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ප්‍රේරිතයන්ව තෝරාගැනීම
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
තව තොරතුරු
2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w09 9/1 18 පි.

ඔබ දැන සිටියාද?

ගිවිසුම් පෙට්ටියට සිදු වුණේ කුමක්ද?

ගිවිසුම් පෙට්ටිය සාදා තිබුණේ රන් ආලේපිත ලීවලිනුයි. දෙවි විසින් මෝසෙස්ට ලබා දුන් නීතිය ඇතුළත් ගල් පුවරු දෙක එහි දමා තිබුණා. එම ගිවිසුම් පෙට්ටියෙන් සංකේතවත් වුණේ යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් අතර සිටින බවයි. (නික්මයාම 25:22) ඊශ්‍රායෙල්වරුන් පාළුකරයේ සිටි කාලයේදී ගිවිසුම් පෙට්ටිය සම්මුඛ වීමේ කූඩාරමේ අතිශුද්ධස්ථානයේ තබා තිබුණා. (නික්මයාම 26:33) නමුත් පසු කාලයේදී එය තබා තිබුණේ සලමොන් රජ සෑදූ දේවමාලිගාවේ අතිශුද්ධස්ථානය තුළයි.—1 රාජාවලිය 6:19.

ගිවිසුම් පෙට්ටිය ගැන බයිබලයේ අවසන් වතාවට සඳහන් වන්නේ යොෂියා රජ ක්‍රිස්තු පූර්ව 642දී එය නැවතත් දේවමාලිගාවට ගෙනා අවස්ථාවේදීයි. (2 ලේකම් 35:3) සමහරවිට යොෂියා රජුට පෙර පාලනය කළ මනස්සේ රජ දේවමාලිගාවට නමස්කාරය සඳහා රූපයක් ගෙනෙමින් ගිවිසුම් පෙට්ටිය එම ස්ථානයෙන් ඉවත් කරන්න ඇති. එමනිසා යොෂියා රජට එය නැවතත් දේවමාලිගාවට ගෙනෙන්න සිදු වුණා විය හැකියි. එසේත් නැත්නම් යොෂියා රජ දේවමාලිගාව අලුත්වැඩියා කළ කාලයේදී ආරක්ෂාව පිණිස එය වෙනත් ස්ථානයක තබා නැවතත් දේවමාලිගාව තුළට ගෙන ආවා විය හැකියි. (2 ලේකම් 33:1, 2, 7; 34:1, 8-11) කොහොමවුණත් එම සිද්ධියෙන් පසුව ගිවිසුම් පෙට්ටිය ගැන කිසිම දෙයක් බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. ක්‍රිස්තු පූර්ව 607දී බැබිලෝනිවරුන් යෙරුසලම වටලා දේවමාලිගාවෙන් පැහැරගත් දේවල් අතරවත් ගිවිසුම් පෙට්ටිය තිබූ බව සඳහන් වෙන්නේ නැහැ.—2 රාජාවලිය 25:13-17.

සෙරුබ්බාබෙල් නැවත ගොඩනැඟූ දේවමාලිගාවට ගිවිසුම් පෙට්ටිය රැගෙන ආ බවක් බයිබලයේ සඳහන් නොවන අතර පරණ ගිවිසුම් පෙට්ටිය වෙනුවට අලුත් ගිවිසුම් පෙට්ටියක් සෑදූ බවට සඳහනක්ද නැහැ.—එස්රා 1:7-11.

යාකොබ් යන නම ඇති පුද්ගලයන් කීදෙනෙක් ගැන බයිබලයේ සඳහන් වෙනවාද?

යාකොබ් නම් ලත් පුද්ගලයන් හතරදෙනෙකු ගැන බයිබලයේ සඳහන් වෙනවා. යේසුස්ගේ ගෝලයෙකු වූ යූදස්ගේ (යූදස් ඉස්කාරියොත් නොවේ) පියා ඉන් එක් අයෙක්. ඔහු ගැන වැඩි තොරතුරු බයිබලයේ සඳහන් වී නැහැ.—ලූක් 6:16; ක්‍රියා 1:13.

බයිබලයේ සඳහන් තවත් යාකොබ් කෙනෙක් වන්නේ සෙබදීගේ පුතායි. ඔහු යොහන්ගේ සහෝදරයා වූ අතර ඔවුන් දෙදෙනාම යේසුස්ගේ ගෝලයන් වුණා. (මතෙව් 10:2) සමහරවිට ඔහු මරියාගේ සහෝදරිය වූ සලෝමිගේ පුතෙක් විය හැකියි. (මතෙව් 27:55, 56; මාක් 15:40, 41; යොහන් 19:25 බලන්න.) එසේවූවා නම් ඔහු යේසුස්ගේ ඥාති සහෝදරයෙක් වෙනවා. ඔහු ධීවරයෙක් වූ අතර ඔහුත් ඔහුගේ සහෝදරයාත් පේතෘස් සහ අන්දෘ සමඟ හවුල් වී ධීවර කර්මාන්තයේ නියැලුණා.—මාක් 1:16-19; ලූක් 5:7-10.

අල්ෆෙවුස්ටද යාකොබ් කියා පුතෙක් සිටියා. ඔහු යේසුස්ගේ ගෝලයෙක්. (මාක් 3:16-18) බයිබලයේ ඔහුව “කුඩා යාකොබ්” ලෙසත් හඳුන්වා තිබෙනවා. (මාක් 15:40) සමහරවිට ඔහුව එලෙස හඳුන්වා තිබෙන්නේ ඔහුගේ පෙනුම කුඩා නිසා හෝ ඔහු සෙබදීගේ පුත් යාකොබ්ට වඩා බාල වූ නිසා විය හැකියි.

යේසුස්ගේ සහ යූද්ගේ සහෝදරයා වූ යාකොබ් ගැනත් බයිබලයේ සඳහන් වෙනවා. (මාක් 6:3; ගලාති 1:19) යේසුස් පොළොවේ සිටි කාලයේදී යාකොබ් ඔහුගේ ගෝලයෙක් ලෙස කටයුතු කළේ නැහැ. (මතෙව් 12:46-50; යොහන් 7:5) කෙසේවෙතත් ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දිනයට පෙර ඔහු තම මව වූ මරියා සමඟත් තම සහෝදරයන් සහ යේසුස්ගේ ගෝලයන් සමඟත් එක් වී උඩුමහල් කාමරයක දෙවිට යාච්ඤා කළ බව බයිබලයේ පෙන්නුම් කරනවා. (ක්‍රියා 1:13, 14) පසු කාලයේදී ඔහු ක්‍රිස්තියානි සභාවේ වගකීම් ඉසිලූ අතර ඔහුගේ නමින් බයිබලයේ පොතක්ද ලිව්වා.—ක්‍රියා 12:17; යාකොබ් 1:1.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න