ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w06 1/15 31 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ගිවිසුම් පෙට්ටිය කියන්නේ මොකක්ද?
    බයිබලයෙන් උත්තර
  • “ස්වර්ග ශස්‍යයෙන්” ප්‍රයෝජන ගැනීම
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පොරොන්දුව කඩ කළා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • ආරොන්ගේ සැරයටියේ මල් පිපෙයි
    මගේ බයිබල් කතන්දර පොත
තව තොරතුරු
2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w06 1/15 31 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ගිවිසුම් පෙට්ටියේ තිබුණේ ගල්ලෑලි දෙක පමණද? නැත්නම් එහි තවත් දේවල් තිබුණාද?

ක්‍රිස්තු පූර්ව 1026දී සලමොන් දේවමාලිගාව කැප කළ අවස්ථාව වන විට ගිවිසුම් පෙට්ටියේ තිබුණු දේවල් ගැන මෙසේ සඳහන් වෙනවා. “ඊශ්‍රායෙල් පුත්‍රයන් ඊජිප්තුවෙන් ආ කලද යෙහෝවා ඔවුන් සමඟ ගිවිසුමක් කළ කලද මෝසෙස් විසින් හොරෙබ්හිදී එහි තිබූ ලෑලි දෙක මිස ගිවිසුම් පෙට්ටියේ කිසිවක් නොතිබුණේය.” (2 ලේකම් 5:10) නමුත් ඊට කලින් ගිවිසුම් පෙට්ටියේ තිබුණේ ගල්ලෑලි දෙක විතරක් නෙවෙයි.

“ඊශ්‍රායෙල් පුත්‍රයෝ ඊජිප්තු දේශයෙන් ගිය තුන්වෙනි මස” ඔවුන් සීනයි පාළුකරයට පැමිණියා. (නික්මයාම 19:1, 2) එහිදී මෝසෙස් සීනයි කන්දට ගොස් දෙවි දුන් නීති අඩංගු ගල්ලෑලි දෙක රැගෙන ආවා. මේ ගැන ඔහු මෙසේ පවසනවා. “මම හැරී කන්දෙන් බැස මා විසින් සෑදූ පෙට්ටිය තුළ ලෑලි තැබීමි; යෙහෝවා මට අණ කළ ලෙස ඒවා එහි තිබේ.” (ද්විතීය කතාව 10:5) දෙවිගේ නීති අඩංගු ගල්ලෑලි දෙක තබන්න ගිවිසුම් පෙට්ටියක් සාදන්න කියා යෙහෝවා මෝසෙස්ට අණ කළ අතර මුලින්ම සෑදූ මෙම පෙට්ටිය පාවිච්චි කළේ තාවකාලිකවයි. (ද්විතීය කතාව 10:1) නීති අඩංගු ගල්ලෑලි දෙක තැබීමට ගිවිසුම් පෙට්ටිය සාදනු ලැබුවේ ක්‍රි.පූ. 1513 අගභාගයේදීයි.

ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් ගලවාගෙන ආවාට පස්සේ ඔවුන් කෑම ගැන කොඳුරන්න පටන්ගත් අතර යෙහෝවා ඔවුන්ට මන්නා සපයා දුන්නා. (නික්මයාම 12:17, 18; 16:1-5) ඒ අවස්ථාවේදී මෝසෙස් ආරොන්ට මෙසේ පැවසුවා. “භාජනයක් රැගෙන මන්නාවලින් ඕමෙරයක් පුරවා ඔබගේ පරම්පරාවන් උදෙසා පරෙස්සමෙන් තිබෙන පිණිස යෙහෝවා ඉදිරියෙහි ඒක තබන්න.” එම වාර්තාවේ තවදුරටත් මෙසේ පවසා තිබෙනවා. “යෙහෝවා මෝසෙස්ට ආඥා කළ ලෙස ආරොන් ඒක පරෙස්සමෙන් තිබෙන පිණිස සාක්ෂිය [එනම් ගිවිසුම් පෙට්ටිය] ඉදිරියෙහි තැබීය.” (නික්මයාම 16:33, 34) ආරොන් ඒ අවස්ථාවේදී භාජනයකට මන්නා එකතු කළා. නමුත් මන්නා තැන්පත් කිරීම සඳහා මෝසෙස් ගිවිසුම් පෙට්ටිය සාදා ගල්ලෑලි දෙක ඒ පෙට්ටියේ තැන්පත් කරන තුරු බලා සිටින්න වුණා. මෙයින් පෙනී යන්නේ ගිවිසුම් පෙට්ටියේ මන්නා භාජනයක්ද තැන්පත් කළ බවයි.

මන්නා පමණක් නොව ආරොන්ගේ සැරයටියද ගිවිසුම් පෙට්ටියේ තැබුවා. කලින් පැවසූ පරිදි ගිවිසුම් පෙට්ටිය සාදා නිම කරනු ලැබුවේ ක්‍රි.පූ. 1513 අවසාන භාගයේදීයි. මීට බොහෝ කලකට පසුව සිදු වූ කෝරාගේ සහ ඔහුට එකතු වූ මිනිසුන්ගේ කැරැල්ලෙන් අනතුරුව ආරොන්ගේ සැරයටියද එහි තැන්පත් කරනු ලැබුවා. මෙලෙස ආරොන්ගේ සැරයටිය ගිවිසුම් පෙට්ටියේ තැන්පත් කරනු ලැබුවේ එය සාදා බොහෝ කාලයකට පසුවයි. ‘ගිවිසුම් පෙට්ටියේ මන්නා දැමූ රන් භාජනයද, දළු දැමූ ආරොන්ගේ සැරයටියද, ගිවිසුමේ ගල් පුවරුද තිබූ’ බව පාවුල් සඳහන් කරනවා.—හෙබ්‍රෙව් 9:4.

මන්නා කියන්නේ ඊශ්‍රායෙලිතයන් අවුරුදු 40ක් පාළුකරයේ ගමන් කළ කාලයේදී දෙවි ඔවුන්ට ප්‍රේමණීය ලෙස සැපයූ ආහාරයක්. නමුත් ඔවුන් පොරොන්දු ‘දේශයෙහි ධාන්‍ය’ ආහාරයට ගන්න පටන්ගත්තාට පස්සේ මන්නා තවදුරටත් ලබා දුන්නේ නැහැ. (යෝෂුවා 5:11, 12) ආරොන්ගේ සැරයටිය ගිවිසුම් පෙට්ටියේ තබා තිබුණේ කැරලිකාර සෙනඟට ලකුණක් හැටියටයි. මෙයින් පැහැදිලි වන්නේ ඔවුන්ගේ ගමන අවසාන වන තෙක් මෙම සැරයටිය ගිවිසුම් පෙට්ටියේ තිබූ බවයි. මේ අනුව අපට නිගමනය කළ හැක්කේ ඊශ්‍රායෙල්වරුන් පොරොන්දු දේශයට ඇතුල් වුණාට පසුව හා සලමොන් දේවමාලිගාව කැප කිරීමට පෙර ගිවිසුම් පෙට්ටියෙන් මන්නා තිබුණු රත්තරන් භාජනය හා ආරොන්ගේ සැරයටිය ඉවත් කර තිබූ බවයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න