ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w09 11/1 4 පි.
  • 1. අමරණීය ආත්මය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 1. අමරණීය ආත්මය
  • 2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • කෙනෙක් මැරෙද්දී අමරණීය දෙයක් සිරුරෙන් පිට වෙනවාද?
    බයිබලයෙන් උත්තර
  • මරණයෙන් පසු ජීවිතයක් ඇද්ද?
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මැරුණාට පස්සේ මොනවද වෙන්නේ?
    2015 පිබිදෙව්!
  • මරණින් පසු ජීවිතයක්—බයිබලය පවසන්නේ කුමක්ද?
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w09 11/1 4 පි.

1. අමරණීය ආත්මය

ඉගැන්වීම ඇරඹුණේ කෙසේද?

එක් විශ්වකෝෂයක මෙසේ සඳහන් වෙනවා. “ග්‍රීක දර්ශනවාදී අදහස් දැරූ ක්‍රිස්තියානීන් අමරණීය ආත්මයක් තිබෙන බව විශ්වාස කළා. ඔවුන් සිතුවේ දරුවෙකු පිළිසිඳ ගන්නා අවස්ථාවේදීම දෙවි ඒ දරුවා තුළට ආත්මයක් ඇතුළත් කරන බවයි.”—ද නිව් එන්සයික්ලෝපීඩියා බ්‍රිටැනිකා (1988), 11වන වෙළුම, 25වන පිටුව.

බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද?

‘මිය ගිය අය කිසිවක් නොදනිති. මිනිස් ලොවෙහි සිදු වන කිසි දෙයකට ඔවුන් සහභාගි නොවනු ඇත.’—දේශනාකාරයා 9:5, 6, නව අනුවාදය.

දෙවි මුල් මිනිසාව නිර්මාණය කළ ආකාරය ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ස්වාමිවූ දෙවි භූමියේ දූවිල්ලෙන් මනුෂ්‍යයා සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම හෙළූවේය. එවිට මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණයක් විය.”—උත්පත්ති 2:7, පැරණි අනුවාදය.

මුල් මිනිසා වූ ආදම්ව දෙවි නිර්මාණය කළ අවස්ථාවේදී දෙවි ඔහු තුළට අමරණීය ආත්මයක් ඇතුළත් කළ බවක් ඉහත බයිබල් පදයෙහි සඳහන් වෙන්නේ නැහැ. එහි සඳහන් වන්නේ දෙවි ආදම්ට ජීවනයේ හුස්ම දුන් බවයි. නමුත් ඇතැම් බයිබල් පරිවර්තනවල “ජීවනයේ හුස්ම” “ආත්මය” ලෙස පරිවර්තනය කර තිබෙනවා. ඒත් ජීවනයේ හුස්ම කියන්නේ අමරණීය ආත්මයකට නොවේ. එය මිනිසුන්ව ජීවත් කරවන බලයයි. එය නැති වුණොත් මිනිසෙකුට තවදුරටත් පවතින්න බැහැ. ඉන් අපට පැහැදිලි වන්නේ අමරණීය ආත්මයක් නැති බවයි.—ගීතාවලිය 104:29; යෝබ් 34:14, 15.

අමරණීය ආත්මය නමැති ඉගැන්වීම නිසා මෙම ප්‍රශ්නය මතු වී තිබෙනවා. මරණින් පසු දුෂ්ටයන්ගේ ආත්මවලට සිදු වන්නේ කුමක්ද? මෙම ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් ඔවුන් නරකාදිය නමැති ඉගැන්වීම හඳුන්වා දුන්නා.

මෙම බයිබල් පද කියවා බලන්න. උත්පත්ති 7:22; දේශනාකාරයා 3:19

නිවැරදි ඉගැන්වීම:

අමරණීය ආත්මයක් නැහැ

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න