ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w10 5/1 13 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දෙවිගේ කුලුඳුල් පුත්‍රයාට ප්‍රශංසාව දෙන්න!
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • ආගමික නායකයන්ව හෙළාදකියි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w10 5/1 13 පි.

ඔබ දැන සිටියාද?

අතීතයේදී කලුඳුල් පුත්‍රයෙකුට ලැබුණු වරප්‍රසාද සහ වගකීම් මොනවාද?

▪ අතීතයේදී දෙවිගේ සේවකයන් තම කුලුඳුල් පුත්‍රයාට පවුල තුළ මූලික ස්ථානයක් ලබා දුන්නා. පවුලේ පියා මිය ගියායින් පසු පියාගේ වගකීම් දැරීමට සිදු වුණේ පවුලේ කුලුඳුල් පුත්‍රයාටයි. ඒ නිසා ඔහු පවුලේ සාමාජිකයන්ගේ අවශ්‍යතා බලා කියා ගනිමින් මූලිකත්වය ගෙන කටයුතු කළා. නමස්කාරය හා සම්බන්ධ කාරණාවලදීත් ඔහු පවුලේ අය වෙනුවෙන් මූලිකත්වය ගෙන කටයුතු කළා. සාමාන්‍යයෙන් පවුලේ සෑම පිරිමි දරුවෙකුටම පවුලේ උරුමයෙන් කොටසක් ලැබුණත් කුලුඳුල් පුත්‍රයාට ඒ හා සමාන දෙගුණයක් ලැබුණා.

කුලුඳුල් දරුවෙකුට අවශ්‍ය නම් ඔහුගේ කුලුඳුල්කම වෙන කෙනෙකුට පවරන්නත් හැකියාව තිබුණා. උදාහරණයකට ඒසව් ඔහුගේ කුලුඳුල්කම ඔහුගේ බාල සහෝදරයාට වික්කා. (උත්පත්ති 25:30-34) එමෙන්ම තමන්ගේ කුලුඳුල් පුත්‍රයා වූ රූබෙන් කළ බරපතල වරදක් නිසා යාකොබ් ඔහුගේ කුලුඳුල්කම යෝසෙප්ට පැවරුවා. (1 ලේකම් 5:1) අතීතයේදී පුරුෂයෙකුට ස්ත්‍රීන් කිහිපදෙනෙකුව විවාහ කරගැනීමට නිදහස තිබුණා. ඒ භාර්යාවන් අතරින් ඔහු එක් භාර්යාවකට වැඩියෙන්ම ප්‍රිය කළත් මෝසෙස්ගේ නීතියේ සඳහන් ආකාරයට ඔහුට දාව ලැබෙන මුල්ම දරුවාට කුලුඳුලා ලෙස හිමි විය යුතු වරප්‍රසාද ලබා දිය යුතු වුණා.—ද්විතීය කතාව 21:15-17.

නීතිය පිටපත් කරන්නන් සහ පරිසිවරුන් ‘කුඩා පෙට්ටිවලට ශුද්ධ ලියවිල්ලේ කොටස් දමා’ ඒවා නළල්වල පැළඳගත්තේ ඇයි?

▪ නීතිය පිටපත් කරන්නන්ව සහ පරිසිවරුන්ව යේසුස් හෙළා දැක්කා. එයට හේතුව වූයේ ඔවුන් “තම ආරක්ෂාවට කුඩා පෙට්ටි සාදා ශුද්ධ ලියවිල්ලේ කොටස් ඒවාට දමා ඒවා තම නළල්වල” පැළඳගැනීමයි. (මතෙව් 23:2, 5) ඔවුන් එලෙස පැළඳූ පෙට්ටි සත්ව හම්වලින් සෑදූ සමචතුරස්‍රාකාර හෝ සෘජුකෝණාස්‍රාකාර ඒවා වුණා. ඔවුන් ඒවා නළල් මත පළඳිනවාට අමතරව ඒවා තම හදවතට කිට්ටුව තිබෙන සේ අතේ ඉහළින්ද බැඳගත්තා. එම පෙට්ටි තුළ ශුද්ධ ලියවිල්ලෙන් උපුටාගත් කොටස් තිබුණා. ඒ ආගමික නායකයන් එලෙස කටයුතු කළේ දෙවි ඊශ්‍රායෙල්වරුන්ට පවසා තිබූ මේ දෙය ඔවුන් වරදවා වටහාගත් නිසයි. ‘අද ඔබට කියා දෙන මේ වචන හොඳින් සිතේ තබාගන්න. ඒවා සිහිවටනයක් ලෙස ඔබේ අතෙත් නළලෙත් බැඳගන්න.’ (ද්විතීය කතාව 6:6-8) එම සම්ප්‍රදාය ඇරඹුණේ කුමන කාලයේද කියා නිශ්චිතවම සඳහන් කරන්න බැහැ. කොහොමවුණත් බොහෝ විශාරදයන් පවසන්නේ එය ක්‍රිස්තු පූර්ව දෙවන හෝ තුන්වන සියවසේදී ඇරඹුණු සම්ප්‍රදායක් කියායි.

යේසුස් එම සම්ප්‍රදාය හෙළා දැකීමට මූලික හේතු දෙකක් තිබුණා. එක් හේතුවක් වූයේ එමගින් තමන් ආගම දහමට ළැදි අය බව මවාපෑමට නීතිය පිටපත් කරන්නන් සහ පරිසිවරුන් උත්සාහ දැරීමයි. එමෙන්ම ඔවුන් එලෙස පැළදූ පෙට්ටි හැඳින්වීමට භාවිත කළ ග්‍රීක වචනයේ “ආරක්ෂාව” යන අදහසද ගැබ් වෙන බව ඇතැම් මූලාශ්‍රවල සඳහන් වෙනවා. ඒ නිසා එය අනුගමනය කිරීමෙන් තමන්ට ආරක්ෂාවක් ලැබෙනවා කියා ඔවුන් සිතුවා. යේසුස් එය හෙළා දැකීමට දෙවන හේතුව වූයේ එයයි.

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න