ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w17 දෙසැම්බර් 14 පි.-15 පි. 8 ¶
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • ඔබේ උරුමය අහිමි කරගන්න එපා!
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබ දැන සිටියාද?
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උරුමය ලැබුණේ යාකොබ්ට
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • යාකොබ් සහ ඒසව් සමාදාන වෙලා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
තව තොරතුරු
2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w17 දෙසැම්බර් 14 පි.-15 පි. 8 ¶
කුලුඳුලාට හිමි අයිතිය යාකොබ් ඒසව්ගෙන් ලබාගත්තා

යාකොබ්ට ගැලවුම්කරුගේ පෙළපතට ඇතුළත් වෙන්න පුළුවන් වුණේ කුලුඳුලාට හිමි අයිතිය ඒසව්ගෙන් ලබාගත්ත නිසාද?

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ගැලවුම්කරුගේ පෙළපතට ඇතුළත් වුණේ කුලුඳුලාට හිමි අයිතිය තිබුණ අය විතරද?

ඒ වගේ අදහසක් අපේ ප්‍රකාශනවල සමහර අවස්ථාවලදී පළ වෙලා තියෙනවා. හෙබ්‍රෙව් 12:16 කියන දේ ඒ අදහසට එකඟයි වගේ හිතෙන්න පුළුවන්. එතන කියනවා “පරිශුද්ධ දේවල් අගය නොකරපු” ඒසව්, “තමාට හිමි අයිතිවාසිකම් එක කෑම වේලක් වෙනුවෙන් අහිමි කරගත්තා” කියලා. පේන විදිහට ඒ බයිබල් පදයෙන් අදහස් වෙන්නේ කුලුඳුලාට හිමි අයිතිය යාකොබ්ට ලැබුණ නිසා ගැලවුම්කරුගේ පෙළපතට ඇතුළත් වෙන්න එයාට අවස්ථාව ලැබුණා කියලා.—මතෙ. 1:2, 16; ලූක් 3:23, 34.

ගැලවුම්කරුගේ පෙළපතට ඇතුළත් වුණේ කුලුඳුල් පුතාලා විතරක් නෙමෙයි කියලා බයිබලේ තියෙන තොරතුරු තවත් හොඳින් සලකා බලද්දී පැහැදිලි වෙනවා. උදාහරණ කීපයක් බලමු.

යාකොබ්ට ලෙයාගෙන් ලැබුණ පළවෙනි පුතා ඒ කියන්නේ කුලුඳුල් පුතා රූබෙන්. යෝසෙප් කියන්නේ යාකොබ්ට රාකෙල්ගෙන් ලැබුණ පළවෙනි පුතා. රූබෙන් කරපු වැරදි දෙයක් නිසා කුලුඳුලාට හිමි අයිතිය රූබෙන්ගෙන් අයින් කරලා යෝසෙප්ට දුන්නා. (උත්. 29:31-35; 30:22-25; 35:22-26; 49:22-26; 1 ලේක. 5:1, 2) එතකොට ගැලවුම්කරුගේ පෙළපත ආවේ යෝසෙප්ගෙන්ද? නැහැ. රූබෙන්වත් යෝසෙප්වත් ගැලවුම්කරුගේ පෙළපතට ඇතුළත් වුණේ නැහැ. ගැලවුම්කරුගේ පෙළපත ආවේ ලෙයාගේ හතරවෙනි පුතා වුණ යූදාගෙන්.—උත්. 49:10.

ලූක් 3:32 ගැලවුම්කරුගේ පෙළපතට අයිති පුද්ගලයන් හයදෙනෙක් ගැන සඳහන් වෙනවා. පේන විදිහට පස්දෙනෙක්ම කුලුඳුලන්. උදාහරණෙකට බෝවස්ගේ පුතා ඕබෙද් සහ ඕබෙද්ගේ පුතා යෙස්සේ කුලුඳුලන්.—රූත් 4:17, 20-22; 1 ලේක. 2:10-12.

ඒත් යෙස්සේගේ පුතා වුණ දාවිත් කුලුඳුල් දරුවා නෙමෙයි. එයා පවුලේ අටවෙනි පුතා. ඒත් ගැලවුම්කරු ආවේ එයාගේ පෙළපතින්. (1 සාමු. 16:10, 11; 17:12; මතෙ. 1:5, 6) එයාගෙන් පස්සේ ගැලවුම්කරුගේ පෙළපතට අයිති වුණේ සලමොන්. එයාත් කුලුඳුල් පුතා නෙමෙයි.—2 සාමු. 3:2-5.

ඒ තොරතුරුවලින් අදහස් වෙන්නේ නැහැ කුලුඳුල් දරුවෙක් වෙන එක විශේෂ දෙයක් නෙමෙයි කියලා. ඒ කාලේ කුලුඳුල් පුතාට පවුලේ ලොකු ගෞරවයක් හිමි වුණා. ගොඩක් වෙලාවට පියාගෙන් පස්සේ පවුලේ මූලිකයා වුණේ එයායි. ඒ විතරක් නෙමෙයි හැම දේකින්ම දෙගුණයක් එයාට උරුමයක් විදිහට ලැබුණා.—උත්. 43:33; ද්වි. 21:17; යොෂු. 17:1.

හැබැයි කුලුඳුලාට හිමි අයිතිය වෙන කෙනෙක්ට පවරන්නත් හැකියාව තිබුණා. උදාහරණෙකට ආබ්‍රහම් එයාගේ කුලුඳුලා වුණ ඉෂ්මායෙල්ව ගෙදරින් පිටත් කරලා කුලුඳුලාට හිමි අයිතිය ඊසාක්ට දුන්නා. (උත්. 21:14-21; 22:2) යාකොබ් යෝසෙප්ට දුන්නෙත් රූබෙන්ට තිබුණ කුලුඳුල් අයිතියයි.

අපි හෙබ්‍රෙව් 12:16 ආයෙත් බලමු. එතන මෙහෙම කියනවා. ‘වේශ්‍යාකමේ යෙදෙන කිසිවෙකුවත් කුලුඳුලා වශයෙන් තමාට හිමි අයිතිවාසිකම් එක කෑම වේලක් වෙනුවෙන් අහිමි කරගත් ඒසව් හා සමානව පරිශුද්ධ දේවල් අගය නොකරන කිසිවෙකුවත් ඔබ අතරේ නොසිටිය යුතුයි.’ ඒ බයිබල් පදයෙන් කියන්න හදන පණිවිඩේ මොකක්ද?

පාවුල් එතන කතා කරන්නේ ගැලවුම්කරුගේ පෙළපත ගැන නෙමෙයි. එයා ඊට ටිකකට කලින් කතා කළේ දෙවිගේ කැමැත්තට එකඟව දේවල් කරන එකේ වැදගත්කම ගැනයි. “ඔබේ පාදවලට ඍජු මාවත් සාදාගන්න” කියලා එයා කිව්වා. එහෙම කළොත් විතරයි ‘දෙවිගේ මහත් කරුණාව අහිමි කරගන්නේ නැතුව’ ඉන්න පුළුවන් වෙන්නේ. ඒත් වේශ්‍යාකමේ යෙදෙමින් තමන්ගෙම ආශාවන් පිනවගන්න ගියොත් දෙවිගේ කරුණාව අහිමි වෙනවා. (හෙබ්‍රෙ. 12:12-16) ඒසව්ට වුණෙත් ඒ දේමයි. එයා ‘පරිශුද්ධ දේවල්’ අගය කළේ නැහැ. එයා මුල් තැන දුන්නේ තමන්ගේ ආශාවන්ට විතරයි.

සමහර අවස්ථාවලදී පවුල වෙනුවෙන් පූජා ඔප්පු කරන්න ඒසව්ට අවස්ථාව ලැබෙන්න ඇති. (උත්. 8:20, 21; 12:7, 8; යෝබ් 1:4, 5) හැබැයි එයාගේ ආශාවන් පිනවගන්න ගිය නිසා ඒ හැම වරප්‍රසාදයක්ම එයා නැති කරගත්තා. ආබ්‍රහම්ගෙන් පැවතෙන අයට දුක් විඳින්න වෙනවා කියලා දෙවි කලින්ම කියලා තිබුණ දෙයින් බේරෙන්නත් සමහරවිට එයාට ඕන වෙන්න ඇති. (උත්. 15:13) දෙවිට නමස්කාර නොකරපු ස්ත්‍රීන්ව විවාහ කරගත්ත ඒකෙනුත් එයා පෙන්නුවේ එයා පරිශුද්ධ දේවල් අගය නොකරපු, තමන්ගේ ආශාවන්ට විතරක් මුල් තැන දුන්න කෙනෙක් කියලයි. (උත්. 26:34, 35) ඒත් යාකොබ් ඒසව්ට වඩා කොච්චර වෙනස්ද! එයා තීරණය කළේ දෙවිට නමස්කාර කරන කෙනෙක් එක්ක විතරක් විවාහ වෙන්නයි.—උත්. 28:6, 7; 29:10-12, 18.

මරියා සහ යෝසෙප් බිලිඳු යේසුස් ඉන්න ගවඔරුව ළඟ

අපි බලපු කාරණාවලින් ගැලවුම්කරුගේ පෙළපත ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද? සමහර අවස්ථාවලදී ඒ පෙළපත ගෙන යන්න අවස්ථාව කුලුඳුලාට ලැබුණා. ඒත් හැම තිස්සෙම එහෙම වුණේ නැහැ. ඒ කාරණය යුදෙව්වරුනුත් තේරුම් අරන් හිටියා. ඒ නිසයි ගැලවුම්කරු පැමිණෙන්නේ යෙස්සේගේ බාල පුතා වුණ දාවිත්ගේ පෙළපතින් කියලා එයාලා පිළිගත්තේ.—මතෙ. 22:42.

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න