ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w10 7/1 28 පි.
  • දෙවිට ආරම්භයක් තිබුණාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවිට ආරම්භයක් තිබුණාද?
  • 2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • දෙවියන්ව නිර්මාණය කළේ කවුද?
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සදාකාල රජාණන්ට ප්‍රශංසා කරන්න!
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවි සමඟ ඇවිදීම—සදාකාලය දෘෂ්ටියේ තබාගෙන
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අපිට දෙවියන්ව දැන හඳුන ගන්න පුළුවන්ද?
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w10 7/1 28 පි.

පාඨකයන් අසයි

දෙවිට ආරම්භයක් තිබුණාද?

▪ එම ප්‍රශ්නයට බයිබලයේ පැහැදිලි පිළිතුරක් දී තිබෙනවා. නමුත් බොහෝ අය සිතන්නේ එම ප්‍රශ්නයට පිළිතුරු සෙවීම ඉතා අසීරු කාර්යයක් කියායි. ඒ වුණත් අපි එම ප්‍රශ්නයට පිළිතුරු සෙවීම නතර කළ යුතුද? නැහැ.

බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. යෙහෝවා දෙවිගේ “ප්‍රඥාවත් දැනුමත් කොතරම් පුළුල්ද! ඔහු දේවල් තීරණය කරන ආකාරය සහ ඔහු අනුගමනය කරන ක්‍රියාමාර්ග තේරුම්ගැනීම කොතරම් අමාරුද!” (රෝම 11:33) ඉන් පැහැදිලි වෙන්නේ දෙවි හා සම්බන්ධ ඇතැම් කාරණා අවබෝධ කරගැනීමට මිනිසුන්ට හැකියාවක් නොමැති බවයි. උදාහරණයකට දෙමාපියන් කටයුතු කරන ආකාරය වටහාගැනීමට බිළිඳෙකුට හැකියාවක් නැහැ. ඒ හා සමානව දෙවිසම්බන්ධ ඇතැම් කාරණා වටහාගැනීමට අපටත් හැකියාවක් නැහැ. දෙවිට ආරම්භයක් තිබුණාද නැද්ද යන්නත් ඒ හා සමාන එක් කාරණයක් පමණයි. කොහොමවුණත් ඒ සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් වන දේ නිවැරදියි කියා අපට නිසැක විය හැකියි. එයට හේතුව බයිබලයේ සඳහන් වන්නේ දෙවිගේ වචනය වීමයි. ‘දෙවි පවසන දේ සත්‍යයයි’ කියා යේසුස් පැවසූ දෙයින් එය තහවුරු වෙනවා.—යොහන් 17:17.

බයිබලයේ සඳහන් වෙන්නේ යෙහෝවා දෙවිට ‘පටන්ගැන්මක්වත් අවසානයක්වත් නැහැ’ කියායි. (ගීතාවලිය 90:2) එමෙන්ම ඔහු ‘සදහටම ජීවත් වෙනවා’ කියාත් එහි සඳහන් වෙනවා. (එළිදරව් 4:10) ඒ අනුව දෙවිව කිසිම කෙනෙක් නිර්මාණය නොකළ බවත් දෙවිට අවසානයක් නැති බවත් ඉන් පැහැදිලි වෙනවා.

සමහර සංකල්ප තේරුම්ගැනීමට අපට හැකියාවක් නැහැ. නමුත් අපි ඒවා පිළිගන්නවා. උදාහරණයකට ඍණ ඉලක්කම් පටන්ගන්නේ කොතැනින්ද කියාවත් ධන ඉලක්කම් අවසන් වන්නේ කොතැනින්ද කියාවත් අප දන්නේ නැහැ. දෙවිට පටන්ගැන්මක් තිබුණාද නැද්ද යන කාරණයත් ඒ හා සමානයි.

ඒ අනුව යෙහෝවා දෙවිව “සදාකාලික රජ්ජුරුවන්” ලෙස බයිබලයේ හඳුන්වා තිබීම කොතරම් යෝග්‍යද! (1 තිමෝති 1:17) යේසුස් ඇතුළු දසදහස් ගණන් දේවදූතයන් සහ පොළොවේ සිටින මිනිසුන් යන සියලුදෙනාවම දෙවි නිර්මාණය කළ නිසා ඔවුන්ට ආරම්භයක් තිබුණා කියා පැවසිය හැකියි. (කොලොස්සි 1:15, 16) නමුත් දෙවිව කිසිම කෙනෙක් නිර්මාණය කළේ නැහැ. දෙවිව යම් කෙනෙක් නිර්මාණය කළා කියා සිතීමෙන් අවසානයක් නැති ප්‍රශ්න රැසක් මතු වෙනවා. එනම් දෙවිව නිර්මාණය කළ කෙනාව නිර්මාණය කළේ කවුද, ඒ කෙනාව නිර්මාණය කළේ කවුද යන ප්‍රශ්නය දිගින් දිගටම ඇති වෙනවා. ඇත්තෙන්ම දෙවිව කිසිම කෙනෙක් නිර්මාණය කළේ නැහැ. ‘දෙවිට පටන්ගැන්මක්වත් අවසානයක්වත් නැති’ නිසා ඔහු සදහටම ජීවත් වෙනවා.—ගීතාවලිය 90:2; යූද් 25.

දෙවි සදාකාලයෙන් සදාකාලයට පැවතෙන කෙනෙක් නිසා ඔහු අපට දී තිබෙන පොරොන්දු කෙරෙහි අපට නිසැකකමක් ඇතුව සිටිය හැකියි. අපි අද ජීවත් වෙන්නේ සීමිත කාලයකට පමණයි. නමුත් දෙවිව හඳුන්වා තිබෙන්නේ ‘පරම්පරාවක් පරම්පරාවක් පාසා අපට සිටින වාසස්ථානයක්’ ලෙසයි. ඒ නිසා පුරාණයේදී මෙන් අදත් මතු අනාගතයේදීත් ඔහු තම සේවකයන් වෙනුවෙන් ප්‍රේමණීය පියෙක් ලෙස කටයුතු කරනවා. එය දැනගැනීම මොන තරම් සහනයක්ද!—ගීතාවලිය 90:1.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න