ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w11 1/15 7-8 පි.
  • නිම්නයක දෙවිගේ නම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිම්නයක දෙවිගේ නම
  • 2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ‘දෙවිගේ කඳු දෙක අතරේ තියෙන නිම්නයේ’ දිගටම ඉන්න
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • වැලිකතරේ ගෙවන දිවිය
    2006 පිබිදෙව්!
  • ඔබ දැන සිටියාද?
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවා දෙවි දෙන ආරක්ෂාව
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w11 1/15 7-8 පි.

නිම්නයක දෙවිගේ නම

ශාන්ත මොරිට්ස් නගරය පිහිටා තිබෙන්නේ ස්විට්සර්ලන්තයේ එන්ගාඩින් නිම්නයෙයි. බොහෝ අය නිවාඩුවක් ගත කිරීම සඳහා මේ අලංකාර නගරයට පැමිණෙනවා. මෙම රමණීය නිම්නය පිහිටා තිබෙන්නේ ස්විට්සර්ලන්තයේ ගිනිකොන දෙසට වෙන්න ඉතාලි දේශ සීමාවට ආසන්නයේ පිහිටි හිමවලින් වැසුණු ඇල්ප්ස් කඳුවැටිය අතරෙයි. ශාන්ත මොරිට්ස් නගරය මෙම නිම්නයේ අලංකාර එක ස්ථානයක් පමණයි. ස්විට්සර්ලන්තයේ ජාතික වනෝද්‍යානය පිහිටා තිබෙන්නේද මේ නිම්නයෙයි. විවිධ තුරුලතා හා සත්වයන්ගෙන් ගහන මේ වනෝද්‍යානය දකින ඕනෑම කෙනෙකුට ඒවායේ නිර්මාතෘ සිහි වෙන්නේ නිතැතින්මයි. (ගීතා. 148:7-10) ඒ විතරක් නොවෙයි 17වන සියවසේ මැදභාගයේ ස්විට්සර්ලන්තයේ ජනප්‍රියව තිබූ සම්ප්‍රදායක සාක්ෂි තවමත් මේ ප්‍රදේශයේ දක්නට තිබෙනවා. ඉන් දෙවිට ප්‍රශංසාව ලැබී තිබෙනවා.

එන්ගාඩින් නිම්නයේ සාදා තිබෙන බොහෝ නිවෙස්වල ප්‍රධාන දොරට ඉහළින් දෙවිගේ නම සඳහන් කර තිබෙනවා දැකගන්න පුළුවන්. නිවසේ ඉදිරිපස ඇති බිත්තියේ විවිධ අලංකාරවත් වැකි සඳහන් කිරීම සියවස් ගණනාවකට පෙර මේ ප්‍රදේශයේ සම්ප්‍රදායක්ව පැවතුණා. සමහර අය එවැනි වැකි තීන්තවලින් සටහන් කළා. තවත් අය නිවස කපරාරු කරන විට එම වැකි ලිව්වා. වෙනත් අය ගල්වල කොටා ඒවා බිත්තියේ සවි කළා. බිවා යන නමින් හඳුන්වන ගමේ තිබෙන නිවසක ඡායාරූපයක් මෙහි දක්වා තිබෙනවා. එම පුවරුවේ සඳහන් වැකිය වන්නේ “සියල්ලේ ආරම්භය හා අවසානය යෙහෝවා දෙවියි. යෙහෝවා දෙවිට සියල්ල කළ හැකියි. වර්ෂ 1715” කියායි. එම පුවරුවේ දෙවිගේ නම දෙවතාවක් සඳහන් කර තිබීම විශේෂත්වයක්.

මාඩුලින් නම් ගමේ ඊටත් වඩා පැරණි පුවරුවක් තිබෙනවා. එහි සඳහන් වන්නේ මෙසේයි. “ගීතාවලිය 127. යෙහෝවා දෙවි ගෘහය ගොඩනඟන්නේ නැත්නම් ගොඩනඟන්නන්ගේ වෙහෙස නිෂ්ඵල වනු ඇත. ලුසියස් රූමේඩියස්. වර්ෂ 1654.”

මේ නිම්නයේ ජනයා අතර දෙවිගේ නම මේ තරම් ජනප්‍රිය වුණේ කොහොමද? රෙපරමාදු ආගම් ව්‍යාප්ත වීම ආරම්භ වූ කාලයේ රොමාන්ෂ් භාෂාවෙන් බයිබලය මුද්‍රණය කළා. එන්ගාඩින්වල ජනයා කතා කළ එම භාෂාවට ලතින් ආභාසයක් තිබෙනවා. ඇත්තටම රොමාන්ෂ් භාෂාවට පරිවර්තනය කළ මුල්ම ප්‍රකාශනය බයිබලයයි. බයිබලය කියවීම ඔවුන්ට මොන තරම් බලපෑමක් ඇති කළාද කියනවා නම් ඔවුන් නිවෙස්වල ඔවුන්ගේ නම් සඳහන් කරන විට බයිබල් පද, විශේෂයෙන්ම දෙවිගේ නම සඳහන් පද ඊට ඇතුළත් කළා.

දෙවිගේ නම එම නිවෙස්වල සලකුණු කර සියවස් ගණනාවක් ගත වී තිබුණත් තවමත් බොහෝදෙනාට දෙවිගේ නම දැනගන්නත් ඒ තුළින් ඔහුට ප්‍රශංසා කරන්නත් ඒ පුවරු නිසා හැකි වී තිබෙනවා. මේ නිම්නයේ සිටින ජනයාට ශ්‍රේෂ්ඨ දෙවි යෙහෝවා ගැන ඉගෙනගැනීම සඳහා තවත් ගොඩනැඟිල්ලකට එනම් බිවාවල තිබෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවට පැමිණිය හැකියි.

[7වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© Stähli Rolf A/​age fotostock

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න