ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w11 3/1 16-17 පි.
  • යේසුස් ක්‍රිස්තුස් කවුද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් ක්‍රිස්තුස් කවුද?
  • 2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • යේසුස් ක්‍රිස්තුස් කවුද?
    සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!
  • දෙවියන් මිනිසුන්ට දීපු වටිනාම තෑග්ග
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • යේසුස් ක්‍රිස්තුස් කියන්නේ කවුද?
    දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
  • දෙවියන් යේසුස්ව මේ පොළොවට එව්වේ ඇයි?
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w11 3/1 16-17 පි.

බයිබලයෙන් පිළිතුරු සොයමු

යේසුස් ක්‍රිස්තුස් කවුද?

මෙම ලිපිය සකස් කර තිබෙන්නේ ප්‍රශ්නෝත්තර ක්‍රමයටයි. ප්‍රශ්නවලට අදාළ පිළිතුරු බයිබලයෙන් සොයාගත හැකි ආකාරය මෙහි පෙන්වා දෙනවා. එම පිළිතුරු ගැන ඔබ සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් සිටිනවා.

1. යේසුස් ක්‍රිස්තුස් කවුද?

යේසුස් ක්‍රිස්තුස් කියන්නේ යෙහෝවා දෙවි අන් සෑම දෙයක්ම නිර්මාණය කිරීමට කලින් නිර්මාණය කළ තැනැත්තාටයි. පොළොවට පැමිණීමට කලින් යේසුස් බොහෝ කාලයක් පුරා ස්වර්ගයේ ජීවත් වුණා. (යොහන් 8:23) යෙහෝවා දෙවි සෑම දෙයක්ම නිර්මාණය කිරීම සඳහා යේසුස්ව හවුල් කරගත්තා. බයිබලයේ ඔහුව දෙවිගේ ‘එකම පුත්‍රයා’ ලෙසත් හඳුන්වා තිබෙනවා. යෙහෝවා දෙවිගේ පණිවිඩ ප්‍රකාශ කිරීමට ඔහු හවුල් වූ නිසා “‘වචනය’ නමැති තැනැත්තා” ලෙසත් ඔහුව හඳුන්වා තිබෙනවා.—යොහන් 1:1-3, 14; හිතෝපදේශ 8:22, 23, 30; කොලොස්සි 1:15, 16 කියවන්න.

2. යේසුස් පොළොවට පැමිණියේ ඇයි?

යෙහෝවා දෙවි යේසුස්ව මරියා නම් යුදෙව් කන්‍යාවගේ ගර්භාශයේ වැඩෙන්න සැලැස්සූවා. (ලූක් 1:30-35) එලෙස යේසුස්ව පොළොවට එවීමට ප්‍රධාන හේතු තුනක් තිබුණා. (1) දෙවි පිළිබඳ සත්‍යය මිනිසුන්ට කියා දීමට. (2) දෙවිගේ කැමැත්ත කිරීම සම්බන්ධයෙන් කදිම ආදර්ශයක් තැබීමට. (3) තම පරිපූර්ණ ජීවිතය “පූජා” කිරීමට.—මතෙව් 20:28; යොහන් 18:37 කියවන්න.

3. ජීවිත පූජාවක් අවශ්‍ය වුණේ ඇයි?

දෙවි මිනිසුන්ව නිර්මාණය කළේ මහලු වී මිය යන්න නොවෙයි. යෙහෝවා දෙවි මුල්ම මිනිසා වූ ආදම්ට පැවසුවේ ඔහු දෙවිට අකීකරු වුණොත් මරණය අද්දකින බවයි. කනගාටුදායක ලෙස ඔහු දෙවිට අකීකරු වූ නිසා මහලු වී මිය ගියා. (උත්පත්ති 2:16, 17; 5:5) එලෙස ඔහුගෙන් පැවතෙන මුළු මිනිස් වර්ගයාටම පාපයත් මරණයත් ‘උරුම’ වුණා. ඉන් මිනිසුන්ව ගලවාගැනීමට ආදම්ගේ ජීවිතය හා සමාන පරිපූර්ණ ජීවිතයක් වන්දියක් ලෙස පූජා කළ යුතු වුණා.—රෝම 5:12; 6:23 කියවන්න.

4. යේසුස් මිය ගියේ ඇයි?

කිසිම මිනිසෙකුට තමන්ගේ ජීවිතය වන්දියක් ලෙස දී අන් අයව පාපයෙන් ගලවාගන්න බැහැ. ඊට හේතුව සියලුම මිනිසුන්ට පව්කාර ස්වභාවය උරුම වී තිබීමයි.—ගීතාවලිය 49:7-9 කියවන්න.

යේසුස්ට කිසි ලෙසකින්වත් පව්කාර ස්වභාවය උරුම වී නොතිබුණු නිසා ඔහු මිය ගියේ පාපය නිසා නොවෙයි. දෙවි ඔහුව පොළොවට එව්වේ මිනිස් වර්ගයා වෙනුවෙන් ඔහුගේ ජීවිතය පූජා කිරීමටයි. එයින් යෙහෝවා දෙවිට මිනිසුන් කෙරෙහි තිබෙන මහත් ප්‍රේමය පැහැදිලි වෙනවා. එමෙන්ම යේසුස්ද ඔහුගේ ජීවිතය කැමැත්තෙන්ම පූජා කිරීමෙන් අපට ඔහු කොතරම් ප්‍රේම කරනවාද කියා පෙන්නුවා.—යොහන් 3:16; රෝම 5:18, 19 කියවන්න.

5. යේසුස් දැන් කරමින් සිටින්නේ කුමක්ද?

යේසුස් පොළොව මත සිටියදී අසනීප වී සිටි අයව සුව කිරීමෙන් මිය ගිය අයට නැවත ජීවිතය දීමෙන් සහ විපත්වලින් මිනිසුන්ව ගැලවීමෙන් පෙන්නුම් කළේ ඉදිරියේදී ඔහු කරන්න යන්නේ කුමක්ද කියායි. (ලූක් 18:35-42; යොහන් 5:28, 29) යේසුස් මිය ගිය පසුව යෙහෝවා දෙවි ඔහුව ස්වර්ගයේ ජීවත් විය හැකි පුද්ගලයෙක් ලෙස නැවත නැඟිට්ටෙව්වා. (1 පේතෘස් 3:18) ඉන්පසු දෙවි ඔහුට රජකම භාර දෙන තුරු යේසුස් දෙවිගේ දකුණු පැත්තේ ඉඳගෙන සිටියා. (හෙබ්‍රෙව් 10:12, 13) දැන් ඔහු ස්වර්ගයේ රජකම් කරන අතර ඔහුගේ අනුගාමිකයන් ඔහු පැවසූ ශුභාරංචිය ලොව පුරා දේශනා කරමින් සිටිනවා.—දානියෙල් 7:13, 14; මතෙව් 24:14 කියවන්න.

ළඟදීම යේසුස් පොළොව මත සිදු වන සියලුම දුෂ්ටකම්වලට නිමාවක් ගෙනෙනවා. ඉන්පසුව යේසුස් කෙරෙහි විශ්වාසය තබන සියලුදෙනාටම පාරාදීස පොළොවක් මත සදාකල් ජීවත් වීමට අවස්ථාව ලැබෙනවා.—ගීතාවලිය 37:9-11 කියවන්න.

වැඩි විස්තර සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 4වන පරිච්ඡේදය බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න