ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w11 10/1 10 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ඔබ දෙවිගේ ගෘහයේ ඇත්තාවූ සාරවත් ඔලීව ගසක්ද?
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • රන්වන් පැහැයෙන් යුත් අගනා තෙලක්
    2008 පිබිදෙව්!
  • ප්‍රීතිවන්න!—පැස් තෙලින් ඉතිරී ඇත
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් දේවමාලිගාව පවිත්‍ර කළා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w11 10/1 10 පි.

ඔබ දැන සිටියාද?

යෙරුසලමේ තිබූ දේවමාලිගාවේ මුදල් මාරු කරන අය සිටියේ ඇයි?

▪ දේවමාලිගාව තුළ බරපතළ වැරදි ක්‍රියාවක් සිදු වෙන බව යේසුස් දුටු විට ඔහු කළ දේ ගැන බයිබලයේ මෙසේ වාර්තා වෙනවා. “යේසුස් දේවමාලිගාවට ඇතුල් වී, එහි විකුණමින්ද මිල දී ගනිමින්ද සිටි සියල්ලන්ව එතැනින් පිටතට එළවා දමා මුදල් මාරු කරන්නන්ගේ මේසද පරෙවියන් විකුණමින් සිටි අයගේ බංකුද පෙරළා දමා, ‘“මාගේ ගෘහය යාච්ඤා ගෘහයක් ලෙස හඳුන්වනු ලබන්නේය” කියා ලියා තිබුණත් ඔබ එය කොල්ලකාරයන්ගේ ගුහාවක් කරනවා’ කියා ඔවුන්ට කීවේය.”—මතෙව් 21:12, 13.

ඒ කාලයේදී විවිධ රටවල සිටි යුදෙව්වන් හා යුදෙව් ආගමට හැරුණු අය යෙරුසලමේ දේවමාලිගාවට පැමිණි විට ඔවුන්ගේ රටේ භාවිත කරන කාසි රැගෙන ආවා. නමුත් දේවමාලිගාවේ වාර්ෂික බද්ද ගෙවීම, පූජා කිරීමට සතුන්ව මිල දී ගැනීම සහ සම්මාදම් කිරීම සඳහා යෙරුසලමේ භාවිත කළ කාසි ඔවුන්ට අවශ්‍ය වුණා. දේවමාලිගාවේ සිටි මුදල් මාරු කරන්නන් ඔවුන්ගේ කාසි ලබාගෙන යෙරුසලමේ භාවිත කළ කාසි ඔවුන්ට දුන්නා. ඒ සඳහා යම් ගාස්තුවක්ද අය කළා. උත්සව කාලයේදී මුදල් මාරු කරන අය දේවමාලිගාවේ වෙනත් ජාතීන්ට වෙන් කර තිබූ කොටසේ බංකු සහ මේස තබාගෙන ඔවුන්ගේ ව්‍යාපාරය කරගෙන ගියා.

ඔවුන් දේවමාලිගාව “කොල්ලකාරයන්ගේ ගුහාවක්” කරනවා කියා යේසුස් පැවසීමෙන් පැහැදිලි වෙන්නේ ඔවුන් මුදල් මාරු කර දීම සඳහා විශාල මුදලක් අය කළ බවයි.

පුරාණයේදීත් ඔලීව ගස් ඉතා වටිනා ගස් වර්ගයක් ලෙස සැලකුවේ ඇයි?

▪ පුරාණයේ සිටි ඊශ්‍රායෙල් සෙනඟ තමාට කීකරු වුණොත් ඔවුන්ට ආශීර්වාද කරන බවට යෙහෝවා දෙවි පොරොන්දු වී තිබුණා. එම ආශීර්වාද අතරට මිදිවතු හා ඔලීවවතුද අයත් වුණා. (ද්විතීය කතාව 6:10, 11) වර්තමානයේදීත් ඔලීව ගස් ඉතා වටිනා ගස් වර්ගයක් ලෙස සැලකෙනවා. වසර සිය ගණනක් පුරා විශාල පලදාවක් ලබා දෙන ඔලීව ගස්වලට එතරම් සාත්තු කිරීමට අවශ්‍ය නැහැ. ගල් සහිත පොළොවක වුණත් සරුවට වැඩෙන මෙම ගස දැඩි නියඟවලටද ඔරොත්තු දෙනවා. ගස කපා දැමුවත් කඳේ ඉතුරු කොටසින් යළිත් රිකිලි හටගන්නවා.

පුරාණයේදී ඔලීව ගසේ කොළ සහ පොතු ඖෂධයක් ලෙස යොදාගත් අතර උණ රෝගීන්ට එය ලබා දුන්නා. ගසේ පරණ අතුවලින් වෑස්සෙන මැලියම්, සුවඳ විලවුන් සෑදීම සඳහා යොදාගත්තා. ඒ සියල්ලට වඩා විශේෂ තැනක් හිමි වුණේ ඔලීව ගෙඩි සහ ඉන් ලබාගන්නා තෙල්වලටයි.

සාමාන්‍යයෙන් ඉදුණු ඔලීව ගෙඩියක් තෙල්වලින් පිරී තිබෙනවා. හොඳින් වැඩුණු ඔලීව ගසකින් වාර්ෂිකව තෙල් ලීටර් 57ක් පමණ ලබාගත හැකියි. ඔලීව තෙල් උත්සව අවස්ථාවලදී හා ආගමික මෙහෙයන්වලදී පහන් දැල්වීම සඳහා යොදාගත්තා. ඒ වගේම සම පැහැපත් කිරීම සඳහාත් හිසේ ගැල්වීම සඳහාත් එය භාවිත කළා. තුවාල සහ තැලීම් සුව කිරීමටත් එය ප්‍රයෝජනවත් වුණා.—නික්මයාම 27:20; ලෙවී කතාව 2:1-7; 8:1-12; රූත් 3:3; ලූක් 10:33, 34.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න