සේවා පාසැල
අරමුණ: දක්ෂ ලෙස ශුභාරංචිය දේශනා කිරීමට හා ඉගැන්වීමට ප්‍රචාරකයන්ව පුහුණු කිරීම.
කාලය: සතිපතා දිගටම.
ස්ථානය: නමස්කාර මධ්‍යස්ථානය.
සුදුසුකම්: නොකඩවා රැස්වීම් පැමිණෙන, බයිබලයේ ඇති ඉගැන්වීම් පිළිගෙන ඒ අනුව ජීවත් වන අය වීම.
ඇතුළත් වීම: සේවා පාසැල මෙහෙයවන සහෝදරයාගෙන් විමසන්න.
ස්නායුවලට හා මාංස පේෂිවලට බලපාන දරුණු රෝගයකින් පෙළෙන ෂැරන්: “ගැඹුරට ගවේෂණය කරන්නත් තර්කානුකූලව කරුණු ඉදිරිපත් කරන්නත් සේවා පාසැල මට උදව් වෙලා තියෙනවා. මං ගැනම හිත හිතා ඉන්නැතුව අනිත් අයව දෙවිට ළං කරන්නත් පාසැලෙන් ඉගෙනගත්තා.”
දිගු කාලයක් පුරා සංචාරක සේවයේ යෙදෙන ආනි: “පොඩි කාලෙ ඉඳලා ගොත ගහපු හින්දා මං හිටියේ හරිම ලැජ්ජාවෙන්. කෙනෙකුගේ මූණ බලලා කතා කළෙත් නැහැ. මට හිතුණේ මගෙන් කිසි වැඩක් නැහැ කියලයි. ඒත් සේවා පාසැලෙන් දෙවි මාව පුහුණු කළා. හුස්ම හරි විදිහට පාලනය කරන ක්‍රම මං ඉගෙනගත්තා. සභාවෙදිත් දේවසේවෙදිත් දෙවිට ප්‍රශංසා කරන්න හැකියාව ලැබුණු එක ගැන අද මං ගොඩක් සතුටු වෙනවා.”
නවක බෙතෙල් සේවකයන් සඳහා පාසැල
අරමුණ: නවක සාමාජිකයන්ට බෙතෙල් සේවය සාර්ථකව ඉටු කිරීමට උපකාර කිරීම.
කාලය: සතියකට විනාඩි 45 බැගින් සති 16ක්.
ස්ථානය: බෙතෙල් නිවස.
සුදුසුකම්: බෙතෙල් පවුලේ ස්ථිර සාමාජිකයෙක් හෝ අවුරුද්දකට නැත්නම් ඊට වැඩි කාලයකට බෙතෙල්හි සේවය කිරීමට අනුමැතිය ලත් තාවකාලික ස්වේච්ඡා සේවකයෙක් වීම.
ඇතුළත් වීම: නවක බෙතෙල් සාමාජිකයන්ව අනිවාර්යයෙන්ම ඇතුළත් කරයි.
දිමෙත්‍රියස් 1980 ගණන්වල ඊට සහභාගි වූ කෙනෙක්: “පෞද්ගලික අධ්‍යයනය කරන්නත් හොඳ පුරුදු ඇති කරගන්නත් බෙතෙල් ජීවිතේ මෙච්චර දුරක් එන්නත් ඒ පාසැල මට උදව් වුණා. උගන්වපු අයගෙනුත්, උගන්වපු දේවල් වගේම දුන්න ප්‍රායෝගික යෝජනාවලිනුත් දෙවි කොච්චර ප්‍රේමණීයද, මං බෙතෙල් එකේ ඉන්නවාට ඔහු කොච්චර කැමතිද කියලා තේරුම්ගත්තා.”
කේට්ලින් මෙහෙම කියනවා: “යෙහෝවා දෙවි කැමති විදිහට දේවල් කරන එක තමයි වැදගත්ම දේ කියලා මං ඉගෙනගත්තා. දෙවි කෙරෙහිත් ඔහුගේ ගෘහය වගේම ඔහුගේ සංවිධානය කෙරෙහිත් මගේ ආදරය තව වැඩි වුණා.”
පත් කළ සහෝදරයන් සඳහා පාසැල
අරමුණ: සංචාරක සේවකයන්ට, වැඩිමහල්ලන්ට හා සහායක සේවකයන්ට භාර දී ඇති වගකීම් නිසි ලෙස ඉටු කිරීම සඳහා පුහුණු කිරීම. (ක්‍රියා 20:28) දැන් දැන් සභාවන් මුහුණ දෙන විශේෂ අභියෝග හා බලපෑම් ගැන දැනුවත් කිරීම. පාලක මණ්ඩලයේ තීරණය මත මෙම පාසැල වර්ෂ කිහිපයකට වරක් පැවැත්වෙයි.
කාලය: පසුගිය වර්ෂවලදී සංචාරක සේවකයන් සඳහා දින දෙකක් හෝ දෙකහමාරක්, වැඩිමහල්ලන් සඳහා දින එකහමාරක් හා සහායක සේවකයන් සඳහා දිනයක් බැගින් මෙම පාසැල පවත්වා තිබෙනවා.
ස්ථානය: නමස්කාර මධ්‍යස්ථානයක් හෝ සමුළු ශාලාවක්.
සුදුසුකම්: සංචාරක සේවකයෙක්, වැඩිමහල්ලෙක් හෝ සහායක සේවකයෙක් වීම.
ඇතුළත් වීම: වැඩිමහල්ලන්ට සහ සහායක සේවකයන්ට චාරිකා සේවක ආරාධනා කරයි. සංචාරක සේවකයන්ට ශාඛා කාර්යාලය මගින් ආරාධනා කරයි.
“ඒක කෙටි පාසැලක් වුණත් ‘පුරුෂයන් මෙන්’ දෙවිට සේවය කරන්න මට අලුත් පණක් ලැබුණා. අලුත් වැඩිමහල්ලන් වගේම පරණ අයත් රැළ දිරිගන්වන්න, එකමුතුව වැඩ කරන්න ඉගෙනගත්තා.”—ක්වින් (පහළ).
“අපේ විශ්වාසය ශක්තිමත් කරගන්නත් භයානක දේවල් ගැන අනතුරු අඟවන්නත් රැළ බලාගන්න ප්‍රායෝගික උපදෙස් ලබාගන්නත් මේක නියම පුහුණුවක්. මේ වගේ පාසැලක් ලෑස්ති කරලා තියෙන එකෙන් යෙහෝවා දෙවි අපිට ගොඩක් ආදරෙයි කියලා පේනවා.”—මයිකල්.
පුරෝගාමි පාසැල
අරමුණ: “දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කරන්න” පුරෝගාමීන්ට උපකාර කිරීම.—2 තිමෝ. 4:5.
කාලය: සති දෙකයි.
ස්ථානය: තීරණය කරන්නේ ශාඛා කාර්යාලයෙන්. බොහෝවිට නමස්කාර මධ්‍යස්ථානයක්.
සුදුසුකම්: අඩුම තරමින් අවුරුද්දක්වත් ස්ථාවර පුරෝගාමි සේවයේ යෙදී තිබීම.
ඇතුළත් වීම: සුදුසුකම් ලබන පුරෝගාමීන්ව අනිවාර්යයෙන්ම කැඳවයි. චාරිකා සේවක ඔවුන්ට දන්වයි.
“ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න පාසැල මට උදව් වුණා. බයිබලය අධ්‍යයනය කරන විදිහ, උගන්වන විදිහ, බයිබලේ වඩාත් දක්ෂ විදිහට පාවිච්චි කරන විදිහ ඉගෙනගත්තා. අන් අයට උපකාර කරන්නත් වැඩිමහල්ලන්ට සහයෝගය දෙන්න වගේම සභාවේ දියුණුවට අත දෙන්නත් මට දැන් පුළුවන්.”—ලිලී (දකුණේ).
දෙවතාවක් පාසැලට සහභාගි වූ බ්‍රෙන්ඩා: “සීයට සීයක් නමස්කාර කටයුතුවලට අවධානය දෙන්න මට පුළුවන් වුණා. දෙවි හරියි කියා හිතන දේ වඩා හොඳින් වටහාගන්නත් අනිත් අයට උදව් කරන්නත් මාව පුහුණු කළා. පාසැල දෙවිගෙන්ම ලැබුණු තෑග්ගක්!”
වැඩිමහල්ලන් සඳහා පාසැල
අරමුණ: දෙවි පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාගෙන ඔහුට ළං වෙන්නත් සභා වගකීම් ඉටු කරන්නත් වැඩිමහල්ලන්ට උපකාර කිරීම.
කාලය: දින පහයි.
ස්ථානය: තීරණය කරන්නේ ශාඛා කාර්යාලයයි. බොහෝවිට නමස්කාර මධ්‍යස්ථානයක් හෝ සමුළු ශාලාවක්.
සුදුසුකම්: වැඩිමහල්ලෙක් වීම.
ඇතුළත් වීම: ආරාධනා කරන්නේ ශාඛා කාර්යාලයයි
ඇමරිකාවේ පැවැත්වූ 92වෙනි පන්තියේ සිටි සමහරෙකුගේ අදහස්:
“මග් අඩුපාඩු මොනවද කියලා තේරුම්ගන්නත් දෙවිගේ රැළ වඩා හොඳින් රැකබලා ගන්නත් පාසැල පුදුම විදිහට උදව් වුණා.”
“බයිබල් පද යොදාගෙන අනිත් අයව දිරිගන්වන්නේ කොහොමද කියලා මං ඉගෙනගත්තා.”
“ලැබුණු පුහුණුව මගේ ජීවිත කාලෙටම ප්‍රයෝජනවත්.”
සංචාරක සේවකයන් සහ ඔවුන්ගේ භාර්යාවන් සඳහා පාසැල
අරමුණ: දෙවිගේ ඉගැන්වීම් ගැන ‘කතා කිරීමට හා ඉගැන්වීමට මහත් වෙහෙසක් දරන’ චාරිකා හා දිස්ත්‍රික් සේවකයන්ට වඩාත් බලපෑමෙන් යුතුව සේවය කිරීමට උපකාර කිරීම.—1 තිමෝ. 5:17; 1 පේතෘ. 5:2, 3.
කාලය: මාස දෙකයි.
ස්ථානය: ශාඛා කාර්යාලය මගින් තීරණය කරයි.
සුදුසුකම්: චාරිකා හෝ දිස්ත්‍රික් සේවකයෙක් විය යුතුයි.
ඇතුළත් වීම: සංචාරක සේවකයන්ට හා ඔවුන්ගේ භාර්යාවන්ට ශාඛා කාර්යාලය මගින් ආරාධනා කරයි.
වර්ෂ 1999දී පැවැත්වූ පළවෙනි පන්තියට සහභාගි වූ ජොයෙල්: “යේසුස් සංවිධානය මෙහෙයවන විදිහ තවත් හොඳින් වටහාගත්තා. සහෝදරයන්ව දිරිගන්වන්නත් එක්සත්කම රැකගන්න එයාලට උදව් කරන්නත් ඕනෙ කියලා පෙන්නලා දුන්නා. විටින් විට සහෝදරයන්ට උපදෙස් හා අවවාද දෙන්න සිද්ධ වුණත් අපේ මූලික අරමුණ වෙන්න ඕනෙ දෙවි එයාලට ආදරේ බව මතක් කරලා දෙන එකයි කියලා අපිට කාවැද්දුවා.”
තනිකඩ සහෝදරයන් සඳහා බයිබල් පාසැල
අරමුණ: තනිකඩ වැඩිමහල්ලන්ව හා සහායක සේවකයන්ව අමතර වගකීම් සඳහා පුහුණු කිරීම. ඔවුන්ගෙන් වැඩිදෙනෙකුව තමන්ගේ රටේ අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක සේවය කිරීමට පත් කරයි. වෙනත් රටකට ගොස් සේවය කිරීමට කැමැත්ත පළ කර ඇති කිහිපදෙනෙකුට ඒ සඳහා අවස්ථාව ලැබිය හැකියි. තවත් සමහරෙකුව දුර ඈත ප්‍රදේශවල සභාවන් පටන්ගැනීමට තාවකාලික විශේෂ පුරෝගාමීන් ලෙස පත් කරයි.
කාලය: මාස දෙකයි.
ස්ථානය: තීරණය කරන්නේ ශාඛා කාර්යාලයෙන්. බොහෝවිට නමස්කාර මධ්‍යස්ථානයක් හෝ සමුළු ශාලාවක්.
සුදුසුකම්: අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක සේවය කිරීමට කැමති අවුරුදු 23ත් 62ත් අතර හොඳ ශරීර සෞඛ්‍යයකින් පසු වන තනිකඩ සහෝදරයෙක් වීම. (මාක් 10:29, 30) ස්ථාවර පුරෝගාමියෙක් ලෙස අවුරුදු දෙකක්වත් සේවය කර තිබීම හා එක දිගට අවුරුදු දෙකක් පුරා වැඩිමහල්ලෙක් හෝ සහායක සේවකයෙක් ලෙස සේවය කර තිබීම.
ඇතුළත් වීම: සුදුසුකම් ඇති අයට වැඩි විස්තර දැනගැනීම සඳහා දෙදින චාරිකා සමුළුවේදී රැස්වීමක් පවත්වයි.
ඇමරිකාවේ 23වෙනි පන්තියට සහභාගි වූ රික්: “පාසැලට සම්පූර්ණ අවධානය දුන්නු හින්දා අවශ්‍ය වෙනස්කම් කරගන්න දෙවි මට ගොඩක් උදව් කළා. දෙවි අපිට පැවරුමක් භාර දෙද්දී ඒක හරියට ඉටු කරන්න අවශ්‍ය උපකාරත් දෙනවා. මං ගැන හිතන්නැතුව දෙවිගේ කැමැත්ත ගැන හිතුවම ඔහු මාව ශක්තිමත් කරනවා කියලත් මං ඉගෙනගත්තා.”
ජර්මනියේ ආන්ඩ්රෙයාස්: “මගේ පැවරුම වඩා හොඳින් ඉටු කරන්න ඒ පුහුණුව උදව් වුණා. සාකච්ඡා කරපු බයිබල් චරිතවලින් ඉගෙනගත්තේ යෙහෝවා දෙවිටත් සහෝදරයන්ටත් සේවය කරද්දී නියම සතුට ලබාගන්න පුළුවන් කියලයි. දෙවි ඔහුගේ සෙනඟව සංවිධානය කරලා තියෙන විදිහ ඇත්තටම ආශ්චර්යයක්.”
විවාහක යුවළයන් සඳහා බයිබල් පාසැල
අරමුණ: දෙවිගේ සංවිධානයේ කටයුතුවලට වැඩිපුර හවුල් කරගැනීම සඳහා විශේෂ පුහුණුවක් ලබා දීම. වැඩිදෙනෙකුව තමන්ගේ රටේ අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක සේවය කිරීමට පත් කරයි. වෙනත් රටකට ගොස් සේවය කිරීමට කැමති අයට සමහරවිට ඒ අවස්ථාව ලබා දෙයි. තවත් අයව දුර ඈත ප්‍රදේශවල සභාවන් පටන්ගැනීමට තාවකාලික විශේෂ පුරෝගාමීන් ලෙස පත් කරයි.
කාලය: මාස දෙකයි.
ස්ථානය: දැනට පවත්වන්නේ එක්සත් ජනපදයෙයි. වර්ෂ 2012 සැප්තැම්බර් සිට තෝරාගත් වෙනත් රටවලත් එය පවත්වයි. බොහෝවිට නමස්කාර මධ්‍යස්ථානයක හෝ සමුළු ශාලාවක.
සුදුසුකම්: අවශ්‍යතාව වැඩි ප්‍රදේශයකට “මම යන්න කැමතියි. මාව යවන්න” යන ආකල්පය ඇති, අවුරුදු 25ත් 50ත් අතර හොඳ ශරීර සෞඛ්‍යයකින් පසු වන විවාහක යුවළක් වීම. (යෙසා. 6:8) ඒ වගේම විවාහ වී අඩුම තරමින් අවුරුදු දෙකක්වත් ගත වී තිබීම. යුවළක් ලෙස අඩුම තරමින් අවුරුදු දෙකක් පුරා එක දිගට පූර්ණකාලීන සේවයේ හවුල් වී තිබීම හා ස්වාමිපුරුෂයා අඩුම තරමින් අවුරුදු දෙකක් පුරා වැඩිමහල්ලෙක් හෝ සහායක සේවකයෙක් ලෙස සේවය කර තිබීම.
ඇතුළත් වීම: සහභාගි වීමට කැමති අය සඳහා තුන්දින සමුළුවේදී රැස්වීමක් පවත්වයි. ඔබේ සමුළුවේදී එම රැස්වීම පවත්වන්නේ නැත්නම් ඒ ගැන තොරතුරු ලබාගැනීමට ශාඛා කාර්යාලයට ලියා දැනගන්න.
“මාස දෙකක් පුරා අපිට ලැබුණු පුහුණුව නම් කියලා වැඩක් නැහැ. සරල සමබර ජීවිතයක් ගත කරන්නත් කාලය ඥානවන්තව පාවිච්චි කරන්නත් අපි අධිෂ්ඨානයක් ගත්තා.”—වර්ෂ 2011 පැවැත්වූ පළවෙනි පන්තියේ සිටි එරික් හා කොරීනා (පහළ).
ගිලියද් මුරටැඹ බයිබල් පාසැල
අරමුණ: මිෂනාරි සේවය, සංචාරක සේවය හෝ බෙතෙල් සේවය සඳහා පුහුණු කිරීම. ක්ෂේත්රයේ වගේම ශාඛා කාර්යාලයේ වැඩකටයුතු වඩාත් හොඳින් සංවිධානය කිරීමට පුහුණුවක් දෙයි.
කාලය: මාස පහයි.
ස්ථානය: නිව් යෝර්ක් නගරයේ පැටසන්හි පිහිටි වොච් ටවර් අධ්‍යාපනික මධ්‍යස්ථානය.
සුදුසුකම්: විශේෂ පූර්ණකාලීන සේවයේ යෙදෙමින් සිටින යුවළක් වීම. එම පූර්ණකාලීන සේවයට ඇතුළත් වන්නේ කලින් ගිලියද් පාසැලට සහභාගි නොවූ මිෂනාරිවරුන්, විශේෂ පුරෝගාමීන්, සංචාරක සේවකයන් හා බෙතෙල් සේවකයන්. ඔවුන් අඩුම තරමින් අවුරුදු තුනක් පුරා එක දිගට එම සේවයේ හවුල් වී තිබීම. ඔවුන් ඉංග්‍රීසි භාෂාව හොඳින් කතා කිරීමටත් කියවීමටත් ලිවීමටත් දැනගෙන සිටිය යුතුයි.
ඇතුළත් වීම: අයදුම්පත් ලබා දෙන්නේ කාටද කියා ශාඛා කාර්යාල කමිටුව තීරණය කරයි.
දැන් අප්‍රිකාවේ සේවය කරන ඇමරිකාවේ ලේඩ් හා මොනීක්: “ලෝකයේ ඕනෑම රටකට ගිහිල්ලා ඕනෑම තත්වයක් යටතේ අපේ සහෝදරයන් එක්ක සේවය කරන්න පාසැලෙන් අපිව පුහුණු කළා.”—ලේඩ්.
“දෙවිගේ වචනයෙන් මං ඉගෙනගත්තු දේවල් අදාළ කරගන්නකොට මට ලොකු සතුටක් දැනෙනවා. ඒ සතුට අද්දකිනකොට දෙවි මට කොච්චර ආදරේද කියලා මට වැඩියෙන් දැනෙනවා.”—මොනීක්.
ශාඛා කමිටු සාමාජිකයන් සහ ඔවුන්ගේ භාර්යාවන් සඳහා පාසැල
අරමුණ: බෙතෙල්වලට, සභාවලට, දිස්ත්‍රික් හා චාරිකාවලට අදාළ සියලුම කාර්යයන් අධීක්ෂණය කිරීමට පුහුණුවක් ලබා දීම. ඒ වගේම පරිවර්තන, මුද්‍රණ හා පොත් පත් බෙදාහැරීමේ කටයුතු ගැනත් දැනුවත් කරයි.
කාලය: මාස දෙකයි.
ස්ථානය: නිව් යෝර්ක් නගරයේ පැටසන්හි පිහිටි වොච් ටවර් අධ්‍යාපනික මධ්‍යස්ථානය.
සුදුසුකම්: ශාඛා කමිටුවක හෝ ශාඛා කමිටුවක් නැති රටක වැඩ අධීක්ෂණය කරන කමිටුවක සාමාජිකයෙක් වීම.
ඇතුළත් වීම: සුදුසුකම් තිබෙන සහෝදරයන්ට සහ ඔවුන්ගේ භාර්යාවන්ට පාලක මණ්ඩලය ආරාධනා කරයි.
නයිජීරියාවේ සේවය කරන ලොවෙල් හා කාරා 25වෙනි පන්තියට සහභාගි වූ යුවළක්. “කොච්චර වැඩ තිබුණත් වැදගත්ම දේ දෙවිව සතුටු කිරීම කියලා මං ඉගෙනගත්තා. යෙහෝවා දෙවි අපිට ආදරේ කරන විදිහටම අපිත් අනිත් අයට ආදරේ කරන්න ඕනෙයි කියලත් පාසැලෙන් කාවැද්දුවා.”—ලොවෙල්.
“මග් හිතට තදින් කාවැදුණු දෙයක් තමයි සරලව පැහැදිලි කරන්න බැරි දෙයක් අනිත් අයට උගන්වන්න කලින් මං ඒ ගැන හොඳට අධ්‍යයනය කරන්න ඕනෙ කියන එක.”—කාරා.