ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w12 10/1 3-4 පි.
  • අත යට ගනු දෙනු හැම තැනම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අත යට ගනු දෙනු හැම තැනම
  • 2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • දූෂණයෙන් තොර ලොවක් පිළිබඳ පොරොන්දුව
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේවවචනය නමැති කඩුවෙන් අල්ලස් දූෂණයට එරෙහිව සටන් කිරීම
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වංචා, දූෂණ නැති ආණ්ඩුවක් එයිද?
    තවත් ලිපි
  • අල්ලස් දූෂණය රජයන්නේ ඇයි?
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w12 10/1 3-4 පි.

අත යට ගනු දෙනු හැම තැනම

“අපේ ආයතනය රජයේ ආයතනයකින් කොන්ත්‍රාත් ගන්නවා. හැබැයි සල්ලි හම්බ වෙන්න මාස දෙක තුනක්වත් යනවා. මේ ළඟදී රජයේ නිලධාරියෙක් මට කෝල් කරලා කිව්වා කීයක් හරි දුන්නොත් අපේ මුදල් ඉක්මනට ලැබෙන්න සලස්වන්නං කියලා.”—ජෝන්.a

යම් කාර්යයක් කරගැනීමට ගිය අවස්ථාවකදී ඔබෙනුත් කවුරුන් හෝ අල්ලසක් ඉල්ලා තිබෙනවාද? සමහරවිට ඉහත සඳහන් කළ ආකාරයෙන්ම නොවුණත් වෙනත් ආකාරයේ දූෂිත ක්‍රියාවක් නිසා ඔබත් පීඩා විඳ ඇති.

අල්ලස් හා දූෂණය ගැන සොයා බලන එක් ආයතනයක් 2009 වසරේදී කළ සමීක්ෂණයකින් හෙළි වුණේ “අල්ලස් හා දූෂණය සිදු නොවන රටක් නැති තරම්” කියායි.b එම ආයතනයම 2011දී රටවල් 183ක් යොදාගෙන කළ සමීක්ෂණයකින් එය තවත් තහවුරු වුණා. ඉන් හෙළි වුණේ එම රටවල් අතරින් වැඩි ප්‍රමාණයක අල්ලස් හා දූෂණය බහුල බවයි.—එම ආයතනය, Transparency International.

“දූෂණය යනු වග කිව යුතු නිලධාරීන් ඔවුන් සතු බලතල තමන්ගේ පෞද්ගලික වාසි තකා නීති විරෝධී අන්දමින් යොදාගැනීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගෙන් සේවය ලබන අය බොහෝ දුක් පීඩා විඳිනවා.”—TRANSPARENCY INTERNATIONAL

එවැනි අත යට ගනු දෙනු නිසා සමහර අවස්ථාවලදී ඉතා භයානක ප්‍රතිඵල අත් වෙනවා. උදාහරණයකට එක් සඟරාවක සඳහන් වුණේ 2010දී හයිටි දූපතේ සිදු වූ භූමිකම්පාවෙන් මිය ගිය ජීවිතවලට “අල්ලස් හා දූෂණයත් නොසැලකිල්ලත් හේතු වුණා” කියායි. “ගොඩනැඟිලි ඉදි කිරීමේදී වග කිව යුතු රජයේ නිලධාරීන් තමන්ගේ මඩිය තර කරගැනීමේ අරමුණින් නියම ප්‍රමිතියට අනුව ඒවා ඉදි කර නැහැ” කියාත් එහි සඳහන් වුණා.—Time.

අද ලොව පුරා සිදු වන අල්ලස් හා දූෂණයට නිමාවක් ලැබෙයි කියා බලාපොරොත්තු වෙන්න බැරිද? ඊට පිළිතුර දැනගැනීමට කලින් අල්ලස් හා දූෂණය බහුල ලෙස සිදු වීමට හේතු තුනක් ගැන අපි බලමු.

a නම වෙනස් කර ඇත.

b එම සමීක්ෂණය කර තිබෙන්නේ රජයේ ආයතන මගින් සිදු කරන වංචනික දේවල් ගැනයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න