ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w12 11/1 16-17 පි.
  • ලෝකෙටම එක පාලකයෙක් අවශ්‍යමද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලෝකෙටම එක පාලකයෙක් අවශ්‍යමද?
  • 2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • පැනයට පිළිතුර බයිබලයෙන්
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේවරාජ්‍යය කියන්නේ මොකද්ද?
    සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!
  • දේවරාජ්‍යයේ රජු කවුද?
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
තව තොරතුරු
2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w12 11/1 16-17 පි.

බයිබලයෙන් පිළිතුරු සොයමු

ලෝකෙටම එක පාලකයෙක් අවශ්‍යමද?

මෙම ලිපිය සකස් කර තිබෙන්නේ ප්‍රශ්නෝත්තර ක්‍රමයටයි. ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීමට උපකාරවත් වන බයිබල් පදද මෙහි සඳහන් කර තිබෙනවා. මෙම ලිපියේ සඳහන් තොරතුරු ගැන ඔබ සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් සිටිනවා.

1. මුළු ලෝකයටම එක පාලකයෙක් ඉන්න ඕනේ ඇයි?

ලෝකෙ පුරාම ඉන්න මිනිස්සු විවිධ ප්‍රශ්න නිසා දුක් විඳිනවා. සමහර රටවල ඉන්න මිනිස්සු ගොඩක් දුප්පත්. තවත් රටවල ඉන්න අයට ඕනෑවටත් වඩා දේවල් තියෙනවා. මුළු ලෝකෙම එක ආණ්ඩුවක් යටතේ පාලනය වුණොත් නම් ඒ ප්‍රශ්න විසඳෙයි.—දේශනාකාරයා 4:1; 8:9 කියවන්න.

2. ලෝකෙම පාලනය කරන්න පුළුවන් කාටද?

කිසිම මිනිසෙකුට නම් ඒක කරන්න බැහැ. සාමාන්‍යයෙන් මිනිසුන්ට බලය ලැබෙද්දී ඒ අයගේ දූෂිත ක්‍රියාවනුත් වැඩි වෙනවා. මිනිස්සු හැමෝම ප්‍රිය කරන කෙනෙක් මේ පොළොවේ නැහැ. ඒ නිසා ලෝකය පාලනය කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවාද කියලා හිතන්නවත් මිනිස්සු කැමති නැහැ.—හිතෝපදේශ 29:2; යෙරෙමියා 10:23 කියවන්න.

හැබැයි යේසුස් නම් එහෙම කෙනෙක් නෙවෙයි. (ලූක් 1:32, 33) යේසුස් මේ පොළොවේ ජීවත් වුණු කාලේදී මිනිසුන්ට දෙවි ගැන කියලා දුන්නා, ලෙඩ වෙලා හිටිය අයව සුව කළා, පොඩි දරුවන් එක්ක කාලය ගත කළා. (මාක් 1:40-42; 6:34; 10:13-16) යේසුස්ට මිනිසුන් ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා යේසුස් තමයි මුළු ලෝකෙම පාලනය කරන්න සුදුසුම කෙනා.—යොහන් 1:14 කියවන්න.

3. ලෝකෙම පාලනය කරන්න එක පාලකයෙක්ට පුළුවන්ද?

ඔව්. අනාගතයේදී යේසුස් මේ පොළොව පාලනය කරන්නේ ස්වර්ගයේ ඉඳලා. (දානියෙල් 7:13, 14) රටක පාලකයෙක් ඒ රටේ හැම නගරයකටම යන්න ඕනේ නැහැ. ඒ නිසා පොළොව පාලනය කරන්න යේසුස්ටත් මේ පොළොවටම එන්න ඕනේ නැහැ.—මතෙව් 8:5-9, 13 කියවන්න.

යේසුස්ව පාලකයා විදිහට පිළිගන්නේ යහපතට ප්‍රිය කරන මිනිස්සු විතරයි. යේසුස්ව පාලකයා විදිහට පිළිගන්නේ නැති අයව යෙහෝවා දෙවි විනාශ කරලා දානවා.—මතෙව් 25:31-33, 46 කියවන්න.

4. යේසුස්ගේ පාලන කාලයේදී වෙන්නේ මොනවාද?

එඬේරෙක් බැටළුවන්ව ගාලට එකතු කරනවා වගේ යේසුස් ලෝකෙ පුරාම ඉන්න මෘදු ගුණැති මිනිස්සුන්ව එකතු කරගන්නවා. (යොහන්10:16; 13:34) ඒ අය කැමැත්තෙන්ම යේසුස්ට කීකරු වෙනවා. (ගීතාවලිය 72:8; මතෙව් 4:19, 20) ලෝකෙ පුරාම විසිරිලා ඉන්න ඒ අය, දැනටමත් ස්වර්ගයේ රජකම් කරන යේසුස් අනාගතයේදී පොළොව පාලනය කරනවා කියලා මිනිස්සුන්ට දැනුම් දෙනවා.—මතෙව් 24:14 කියවන්න.

ළඟදීම යේසුස් මේ ලෝකයේ තියෙන මිනිස් ආණ්ඩු සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. තමන් එක්ක හවුලේ පාලනය කරන්න යේසුස් මිනිසුන් අතරින් කුඩා කණ්ඩායමක් තෝරගන්නවා. (දානියෙල් 2:44; 7:27) යේසුස් මේ පොළොව පාලනය කරද්දී යෙහෝවා දෙවි ගැන තවත් තොරතුරු කියලා දෙයි. ක්‍රමානුකූලව මුළු පොළොවම පාරාදීසයක් කරයි.—යෙසායා 11:3, 9; මතෙව් 19:28 කියවන්න.

වැඩි විස්තර සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 8වන පරිච්ඡේදය බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න